


නූතන විද්වතුන් අතර ගැඹුරු හා පුළුල් සංවාදයට ලක්වූ මාතෘකාවක් වන ' සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය පිළිබඳ නවතම විවරණයක් මෙම කෘතියේ අඩංගු වේ. සහාත්ව රාජ්‍ය ආදී බෞද්ධ ආණ්ඩුක්‍රම සංකල්පයක්ය යන වඩාත්ම නවත මතයක් මෙම කෘතිය තුළින් එහි කතුවර බන්දුපාල ගුරුගේ මහතා ඉදිරිපත් කරයි. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව තුළදී සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය කරළියට රැගෙන ආවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසිනි. ඉන් අනතුරුව මෙම සංකල්පය සඳහා බිහි වූ වඩාත්ම විචාරාත්මක කෘතිය මෙය වේ. මනුෂ්‍යයාගේ මනස කෙළවරක් නැති ධන තෘෂ්ණාවෙන් අවුල්කර අහේතුකව ඔවුනොවුන් මරා ගන්නා ශෝකාන්තය කෙළවර කර ගැනීමේ මග පැදි ඇත්තේ, සිය සභ්‍යත්ව රාජ්‍යය තුළිනැයි යන මතය කතුවරයා විසින් වඩාත් විද්‍යාත්මක හා දාර්ශනික පසු බිමක් සහිතව පුළුල් විමසුමකට හසු කරයි.
Read this book? Sign in to share a review with other readers.