


The Black Panther Barbara Cartland පෙර භවයේදී ද පෙම් කළෙමි පරිවර්තනය එල් එස් එස් පතිරත්න ග්වෙන්ඩොලින් ෂයක් ආර්යාව සර් ෆිලිප් චැලේ ප්‍රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිදු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි. යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කීපයක් ඇතුළත සිදු වූ සර් ෆිලිප්ගේ එකම ආදරවන්තියගේ මරණය ග්වෙන්ඩොට්රින්ගේ උපත සමඟ කිසියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් එය ග්වෙන්ඩොලීන්ගේ කිසියම් පරිකල්පනයක් පමණක්ද? මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප්‍රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්තරය තුළින් සොයාගත හැකිය.
Read this book? Sign in to share a review with other readers.