


Aravind Adiga The White Tiger අරවින්ද් අඩිගා ගේ White Tiger කෘතිය සිංහලට පරිවර්තනය වීම වැදගත් සිද්ධියකි. වික්‍රම් සෙත් සහ ආර්. කේ. නාරායන් වැනි සම්ප්‍රදායික ඉන්දියානු කතුවරුන් දුටු සමාජ ජීවිතයට වඩා වෙනස් සමාජ අත්දැකීමක් අරවින්ද් අඩිගා පාඨකයා වෙත ගෙන ඒ. ඉන්දියාව ගැන සඳහන් කරන CNN වැනි ජාත්‍යන්තර නාලිකාවන් එය හඳුන්වා දෙන්නේ ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය බවය. එය දිලිසෙන ඉන්දියාවක්’ කරන බවට ඉන්දීය පාලක පංතිය ඡන්ද කාලයට පොරොන්දු දේ. නමුත් සමාජ යථාර්ථය ඊට වඩා වෙනස්ය. දිලිසෙන ඉන්දියාවේ ඡන්ද මංකොල්ලකෑම සෑම මැතිවරණයකදීම සිදු වීම සාමාන්‍ය සිද්ධියකි. සමාජයේ සෑම අංශයක්ම ප්රජාතන්ත්ර විරෝධි ක්‍රියාවන්ගෙන් ගහන ය. ඉඩම්වල අයිතිය ඉඩම් හිමියන් අත තවමත් පවතී. ජනගහනයෙන් වැඩිදෙනා හිඟන තත්යෙන් ජීවත් වෙති. නමුත් ඉන්දීය සුපිරි පංතිය රාජ්‍ය දේපල කොල්ල කමින්, අල්ලස් මාර්ගයෙන්, ගෙවිය යුතු බදු පැහැරහරිමින් සුවසේ ජීවත් වන්නේ ඔවුන්ගේ තරු පහේ හෝටල්වල ය. විශාල වශයෙන් ගොඩනැගිලි ඉදිව් ජාත්‍යන්තර කොම්පැනි දිල්ලිය බැංගලෝරය වැනි ප්‍රදේශවලට පැමිණේ. මෙම ඉන්දියාවේ වෙසෙන එක් දුප්පත් පුද්ගලයෙක් තම ජීවිතය සාර්ථක කරගෙන පෝසත් වන්නේ කෙසේදැයි අඩිගා පෙන්වන්නේ උපහාසය හා උත්ප්රාසය පදනම් වූ විචිත්‍ර කතාවකිනි. අරවින්ද අගාගේ White Tiger නම් කෘතියේ අන්තර්ගතය මෙබඳු වීම ඔබ ලබන උත්කෘෂ්ටවත් අත්දැකීමකි.
Read this book? Sign in to share a review with other readers.