


ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණ ය. සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරීම ය. සීමා මායිම් කිසිවක් නැතිව සිත් අබතුරින් සැරීම ය. ඒ අතර කාලය නම් මායාමය සත්තාව අප වටා ද, අප වසා ද, අප තුළ ද, අප අරමුණුකොට ද සරන්නේ ය. ඉදින් අපි සියල්ලෝ දැන හෝ නොදැන මහා සැරිසරක සරන්නෝ වෙමු. කොහොමත් සරන එකේ, නොදැනුවත්ව නොව දැනගෙනම සැරුවාම වඩා හොඳ නොවේද? එසේ නම්, අනුන්ගේ සැරිසැරුම් කියවීමේත්, තමන්ගේ ම සැරිසැරුම් ලියා තැබීමේත් අරුත එයම වන්නට බැරිද?
Read this book? Sign in to share a review with other readers.