



අතිපූජ්‍ය දලයි ලාමා මාහිමි හෘදයාංගම උපදේශ | Herdayangama Upadesha
- Book Language : Sinhala
- Page Count : 153
- Book Author : මණ්ඩාවල පඤ්ඤාවංස හිමි
- Book Publisher : Seri Publication
හෘදයංගම උපදේශ’ නමින් මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසින් සිංහලට නගන ලද පූජනීය දලයි ලාමා මාහිමියන්ගේ මේ වටිනා උපදේශ ග්‍රන්ථය ප්රංස බසින් එළිදුටු, උන්වහන්සේගේ තවත් එක් කෘතියකි. මෙය දාර්ශනික ග්රන්ථයක් නොවේ. එහෙත් බුද්ධිමතුන්ටත්, සාමාන්‍ය පාඨක ජනතාවටත් එක සේ ප්‍රයෝජනවත් වන මෙය බොදු, කිතුනු, හින්දු, මුස්ලිම් ආගමික බෙදීමකින් තොර ව, අනේකවිධ දෝමනස්සයන්ගෙන් සිත නිරවුල් කොට, සැහැල්ලු ලෙස දිවි ගෙවන්නට හැම දෙනාට ම මග කියාදෙන මාහැඟි ග්රන්ථයකි.
බෞද්ධ හා බෞද්ධ නොවන ලෝකයේ විවිධ රටවල ජනතාවගේ අති මහත් ගෞරවයට පාත්‍ර වී සිටින අති පූජ්‍ය දැලයි ලාමා මාහිමියන් වහන්සේ, පුද්ගල ජීවිතය, පැවැත්ම හා මරණය සම්බන්ධයෙන් ලෝකයේ විවිධ පුද්ගලයන් නඟන, නොයෙක් ප්‍රශ්න වලට සිනහමුසු මුහුණින් යුතුව පිළිතුරු දෙති. ඔබ අතට පත් වන මෙම කෘතිය සැකසී ඇත්තේ ද එසේ උන්වහන්සේ වෙත නගන ලද විවිධ ප්‍රශ්න වලට සැපයුණු පිළිතුරු අනුසාරයෙනි. මෙහි එන විග්රහයන් බෞද්ධ දෘෂ්ටිය මත පදනම් ව නව ලෝකයේ ජීවන ගැටලු මැනවින් තෝරුමි ගනිමින් චතුමා විසින් සපයන ලද ඒවා ය. ප්‍රීතියෙන් යුතු ට මධ්‍යම ප්‍රතිපදාව තුළ හිඳිමින් ලෝක වාසීන්ගේ අනේකවිධ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට එතුමන් තුළ ඇති අපුරු හැකියාව නිසා ම බටහිර ලෝකයේ පමණක් නොව ලතින් අමරිකානු රටවලත්, ඉන්දියාට ප්රමුඛ පෙරදිග රටවලත් උන්වහන්සේගේ හඬ නින්නාද දෙමින් පවතී.
Description
Related Books
THE LOST WORLD | සැගවුණු ලෝකය

Customer Reviews
More Like This

Reviews
Clear filtersThere are no reviews yet.