

මගේ කතාව ඉන්ද්‍ර නූයි | Mage kathawa Indra Nooyi
- Book Author : Swarnakanthi Rajapaksha
- Book Publisher : Sarasavi Publishers
මගේ ජීවිතය විසින් එක සේ ප්‍රබලව ඉල්ලා සිටිනු ලබන වටිනා සම්පත් දෙකක් තිබෙනවා. එනම්, මගේ පවුල සහ මගේ රැකියාවයි. ඉන්දියාවේ මදුරාසියේ මධ්‍යම පාන්තික හින්දු පවුලක උපත ලබා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ද වරම් ලද මට අමෙරිකා එක්සත් ජනපදයේ දී පශ්චාත් උපාධි සහිතව සුදුසුකම් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබුණා. අවංකව අනලස්ව කටයුතු කිරීම මා ලද ජන්ම ගුණයක්. ජීවයෙන් සහ ශුභවාදයෙන් සපිරි පෙප්සිකො ආයතනය තුළට පිය නැගූ එම සුබ මොහොතේ මගේ මුළු හදමඬල ප්‍රමෝදයෙන් පිරී ගියා. එය මගේ ජයබිම බව මට දැනුණේ නිරායාසයෙන්.
මා ජීවිතයේ සාක්ෂාත් කළ සියල්ල මල් වට්ටියක තබා මට පුදදෙනු ලැබූ පූජාවක් නම් නොවෙයි. ඒ වනාහි මා බොහෝ බුද්ධිමත්ව, ඉවසිලිවන්තව, කැපවීමෙන් කටයුතු කිරීමෙන් සොයා සපයා ගත් දැයි. එය කඳුළ සුසුම මැදින් අනන්ත බැමි කඩා ගෙන ඉදිරියට පැමිණීමට ශක්තිය ධෛර්යය වඩාගත් සාමාන්‍ය ගැහැනියක ලද ජයග්‍රහණයයි. ඒ සඳහා මට අත හිත දුන් සියලු දෙනාටම මගේ ආදර ගෞරවය සදා හිමියි.
MY LIFE IN FULL by INDRA NOOYI
මගේ කතාව ඉන්ද්‍ර නූයී
පෙප්සිකෝ හිටපු සභාපති සහ ප්‍රධාන විධායක
පරිවර්තනය ස්වර්ණකාන්ති රාජපක්‍ෂ
Description
Related Books
Me,Diviya Methanin Nawathimi. Sarath Wijesuriya|මේ,දිවිය මෙතනින් නවතමි. සරත් විජේසුරිය

ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය – ARTHIKA KULI GATHAKAYEKUGE PAPOCHCHARANAYA

ජය ගතිමි ජීවිතය | Jaya Gathimi Jeewithaya

මගේ කතාව | Mage Kathawa

Customer Reviews
More Like This













Reviews
Clear filtersThere are no reviews yet.