මහ සිහිනයක මිහිරි කරදර | Maha Sihinayaka Mihiri Karadara

SKU 9786246625375 Category

වචන මාධූර්යයට සපුරා වසඟ නොවන අර්ථ පෞරුෂයකින් හෙබි ලියනගේ අමරකීර්තිගේ කවි මග මේ මොහොතේ සිංහල කවියේ ‘ප්‍රධාන ධාරාව’ යයි සම්මත කවි මගට නිශ්චිතවම වෙනස් ඉසව්වක විහිද යන්නකි. තේමාත්මක මානයේ සහ සංරචන විධිය යන දෙකෙහිම ඒ වෙනස කැපී පෙනෙයි. කවියට උචිත යැයි ‘ප්‍රධාන ධාරාව’ තුළ සම්මත තේමා සහ සංරචන විධි යන දෙකම අනුගමනය නොකරන කවි ඔහුගේ කවි අතර සුලබය. තමන්ගේම තානයකට තමන්ගේම වේගයකින් ගලා යන දොළ පහරක් සේ ඔහුගේ කවිය දශක දෙකකට අධික කාලයක් තිස්සේ නිහඬව පාඩුවේ ගලා යනු දැකිය හැක්කේ කවිය සම්බන්ධයෙන් වන සීමිත නිර්වචන අමතක කොට ඒ දෙස විමසිල්ලෙන් බලා සිටින තවත් කවි සිතකට පමණි. ‘එකමත් එක පිටරටක’, ‘හමුවෙද අපේ වෙණ තත’, ‘හෙවණැල්ල වී පවතිමි’ සහ ‘මහ සිහිනයක මිහිරි කරදර’ යන ග්‍රන්ථ නාමවල පවා ඒ අනන්‍ය ගමන නිරූපණය වෙයි.
ඉහත අනන්‍යතා ලකුණද ඔහුගේ කවියට විෂය වන තේමා විහිදෙන පුළුල් පරාසයද, එකවර සටහන් කිරීම සඳහා මේ කාව්‍ය ඛණ්ඩ පමණක් වුව සෑහෙයි:
‘එක කඳුළකට විතර ඉස්සර
උනිද ඔබ කෙතෙක් ලස්සන’ (එකමත් එක පිටරටක)

‘ආදි මිනිසා කවර දෙස වුව ඊය හැදුවෙද
ඒත් සමගම වෙණ තනා ඇත
මිතුර කෝ ඒ අපේ වෙණ තත
ඊ වැකුණ හද සනසවන තත
අපට හමුවෙද යළිත් ඒ තත’ (හමු වෙද අපේ වෙණ තත)

කුමුද පිපෙනා තැනක පිපුම්කාරක කවුද
පුෂ්පකාරක කවුද කුමුද ඔබ දන්නවද (මහ සිහිනයක් මිහිරි කරදර)

අමරකීර්ති හෝ එවැනි වෙනත් කවියෙකුගේ කවි මග ගැන තබන සටහනකදී අවධාරණය කළ යුත්තක් වන්නේ කලා ශානරවල සීමා මායිම් නිර්ණය පිළිබඳ අනවශ්‍ය ලෙස අනම්‍ය වීමද, ශානරයක් තුළ මතු විය හැකි විවිධත්වය සමතලා කොට බැහැර කිරීමට ඉක්මන් වීමද යන දෙකරුණම අදාළ කලාංගයේ ප්‍රගමනයට දැඩි සේ බාධා පමුණුවන බවය.

-ප්‍රභාත් ජයසිංහ.

රු585.00

or 3 X රු195.00 with

or 3 X රු 195.00 with Koko Koko

Description

Related Books

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

රු600.00
or 3 installments of රු200.00 with

ඉඳුදුන්න නැමුණු තැන | Indudunna Namunu Thana

රු495.00
or 3 installments of රු165.00 with

පොප්කෝන් | Popcorn

රු637.50
or 3 installments of රු212.50 with

රූපාවතරණ | Rupawatharana

රු552.50
or 3 installments of රු184.17 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “මහ සිහිනයක මිහිරි කරදර | Maha Sihinayaka Mihiri Karadara”

Your email address will not be published. Required fields are marked *