

හොඳ බිරිඳ | Honda Birinda
- Book Language : Sinhala
- Page Count : 172
- Book Author : Thanuja Lumbini Thabawita
- Book Publisher : Sayura Publishers
සුසා අයියාගේ ප්‍රොෆයිල් පික්චර් එකේ ඉන්නේ සුසා සහ මනෝරිය. කවර් ෆොටෝ එකට දා ඇත්තේ මනෝරි සහ සුසා අයියා පහන් වැටක පහන් පත්තු කරන ෆොටෝ එකක් ය. පින්ඩ් පෝස්ට් එකට දා ඇත්තේ මනෝරි ට ඩෙංගු හැදුන වෙලාවක සුසා අයියා ඇපල් ජූස් පොවන ෆොටෝ එකක් ය. ඒකට සසර ගනුදෙනු ඉවරවනතෙක් ඔබව විතරක් පතන්නම් යනුවෙන් කැප්ෂන් දා ඇත .
හැබැයි සුසා අයියා අපේ ගෘප් එකේ ” සුපුන්සරාට ඔයා හිනාවෙනකොට පේන ඩිම්පල් දැක්කම මට ඔයාව ගිලින්න හිතෙනවා” යැයි කියා ඇත.
අයන්තිකාගේ හබී රට ගිය කාලයේ ” ජීවිතේ පාලුයි නේද නංගියා” කියා අසා තිබුණාලුය.
සඳලේකාටද සුසා අයියා ” ම්ම්ම්ම් මොකද කරන්නෙ දොයි නැද්ද තාම” යැයි රෑට රෑට මැසේජ් එවන බව ඈ කීවාය.
කංචි අක්කා දවසක් අපිට කිව්වෙ සුසා අයියා තලවතුගොඩ ස්පා එකක සිට එළියට එනවා දැක්කා කියාය.
ඒත් මනෝරි නම් කියන්නේ සුසා අයියා එයාගේ ජීවිතෙන් බාගයක් කියාය . ආදරේ දෙන්නේ එයාට විතරක් යැයි කියාය. ඒ නිසා සුසා අයියා වටේටම ආදරේ බෙදන ඒවා කියා අපි මනෝරිගේ ජීවිතේ බාගයක් විනාස කරන්නේ නෑය.
Description
Related Books
චිත්‍රාල් | Chithral

චොකොහොලික් හීන | Chocoholic Heena

මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

Customer Reviews
More Like This













Reviews
Clear filtersThere are no reviews yet.