



Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය
- Book Author : Charitha Prawardhi Bandara, Chathuri Damayanthi
- Book Publisher : Kathroo Prakashana, කතෘ ප්‍රකාශන
බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.
——————————
ඕල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන වෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ. කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට. ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – වෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවී!
Description
Related Books
Customer Reviews
2 reviews for Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය
Clear filtersMore Like This











Janani Wijayabandara –
Janani Wijayabandara
E,3/3 police quarters Angunukolapalessa in Hambanthota District
0760396248
Verified owner randayaidunil002 (verified owner) –
Really nice story. i suggest to read this