



Osho : Handuna nogath Obama Wu Sugandaya | ඕෂෝ : හඳුනා නොගත් ඔබම වූ සුගන්ධය
- Book Author : OSHO
- Book Publisher : Seri Publication
දිගෙන් දිහම් උසින් වැඩෙන මහ සද්දක් මෙන්, හිමාලයක් මෙන් ශිඝ්රයෙන් වර්ධනය වන මමායනයේ, තෘෂ්ණාවේ සැඩපහර ඔස්සේ ලෝක විනාශයේ මුවදොර කරා ගසාගෙන යමින් සිටින බොහෝ මිනිසුන් අතරේ කිහිප දෙනෙක් පමණක් ඒ ප්රවාහය මැද මඳක් නතර වී උඩුගං බලා පිහිනීමේ උත්සාහයක යෙදී සිටින බවක් පෙනීම සතුටකි. විශ්වය අතැඹුලක් කෙරෙන මා හැඟි ආධ්යාත්මික පාඩම සාක්ෂාත් කර ගැනීමට උත්සුක වන ඒ පිරිසේ අතිමහත් බහුතරය ඕෂෝ සංවාද කෙරෙහි සංවේදී වූවන් යැයි මට සිතෙයි.
ඕෂෝ – ප්රඥා පාරමිතා හෘද සූත්රය’ සිංහල බසට පරිවර්තනය කර ඇත්තේ තවමත් මා දැක නැති කුමුදු කුමාරි ය. අහඹු ලෙස මට ලැබුණු ඇගේ මේ අත්පිටපත. (‘හඳුනා නොගත් ඔබිම් වූ සුගන්ධය ) උනන්දුවෙන් කියවීමේ උත්තේජනයක් මා තුළ ජනිත වූයේ පොත මුද්රණයේදී කුමුදු කුමාරි යන කෙටි නම් හැරුණු විට වෙනත් නිලනාම, පදවි නාම ( ඉතා අඩු තරමින් වාසගම හෝ) පොතේ පළ නොවිය යුතුය යන්න ඇගේ අදහස වූ නිසාය. නම වෙනුවෙන්. නම් කෙටූ සම්මානයක් වෙනුවෙන් අවි ගැටෙන හඬ ඇසෙන පරිසරයක ජීවත් වෙමින් එවැනි ඉල්ලීමක් කළ හැකි පුද්ගලයන්, කොතරම් දුර්ලභ ද යන විමතියෙන් යුතුව ය, මා මේ අත්පිටපත කියවීම අරවේ. අත්පිටපතේ අවසානය දක්වාම බලවත් උද්යෝගයකින් හා වින්දහය කළේ තෑගී කඳුළ විගායනයේ ප්රහර්ෂය පිළිබඳ චිත්තාකර්ෂණීය බවයි.
බුදුන් වහන්සේ විසින්, ශාරිපුත්ත තෙරණුවන්ට දේශනා කරන ලද කෙටි සූත්රයක් දීර්ඝ විමර්ශනයකට ලක් කෙරෙන මෙය, පාඨකයා තුළ ද ප්රීති ප්රාමෝද්යයක් ජනිත කරනු ඇතැයි මම සිතමි.
Description
Related Books
Wiwarana sahitha Wihara Asna hewath Nampotha | විවරණ සහිත විහාර අස්න හෙවත් නම්පොත

අර්ධ/ arda

Customer Reviews
More Like This












Reviews
Clear filtersThere are no reviews yet.