Padu Aba | පඩු අබා
.
.
Padu Aba | පඩු අබා

Padu Aba | පඩු අබා

රු357.00

Pages : 52
Language : Sinhala

පෙරවදන

ඉතිහාසය කියන්නේ මානව ශිෂ්ටාචාරයේ උරුමය. ඒක අතීත උරුමයක් නෙමෙයි අනාගත උරුමයක්.

නමුත් සනීභූත මේ ඉතිහාසය ලියැවී ඇති තැන්වලින් පෙළින් පෙළ කණින්න වෙනවා. ඒ වගේම නටඹුන්ව ඇති බිම් පෙදෙස් සළකුණු හොයමින් තව තවත් කණින්න වෙනවා. පාවිච්චි වෙන බස ඇතුළෙන් වදනින් වදන කණින්න වෙනවා චර්යා ජනශ්‍රැති ඇතුළෙන් තේරුම් හොයමින් තණින්න වෙනවා. ඉතිහාසය සැබවින් දිගහැරෙන්නේ මේ සියලු මංපෙත් එකට කණින කල පමණයි.

ඒ වගේම ඒ කැණීමේදී අපේ දෘදෘෂ්ඨිවාදයන් ඇතුළෙනුත් කණින්න

සිද්ධ වෙනවා. අපි දරණ මතිමතාන්තර අතර ගැටෙමින් කණින්න

සිද්ධ වෙනවා. අපේ වර්තමානය ඇතුළෙන් ගැඹුරට කණින්න සිද්ධ

වෙනවා.

ඉතිහාසය කියන්නෙ අතීතය නෙමෙයි. අනාගතයෙ ඉඳන් අතීතය කියවන ආකාරයයි.

අවාසනාවට ලංකාවේ අපිට මුණ ගැහෙන්නේ අතීතකාමීව අතීතය මතම වැළලෙන ඉතිහාස කියවීමක්. ඒ වෙනුවට අපි වර්තමානයේ දරණ අදහස්වල ඉතිහාසය සොයාගෙන ගියොත් අපිට මුණගැහෙනවා අනාගතය දක්වා වැටෙන ඉතිහාසයේ මාවතක්.

අපිට කියා දුන් රේඛීය ඉතිහාසයේ බොහෝ මංපෙත් වහලා දාලා තියෙනවා. සමහර විට මහාවංශයේ ලියවුණු තැන් පවා වසන් කරමින් ඉතිහාස කියවීම කරනවා. ඒ හැම වසන් කිරීමක් පිටුපසම දේශපාලනයක් තියෙනවා.

අපි අපේ පැරණි ඉතිහාසය කියවීමේදී ඒ රජවරුන්, බිසෝවරුන්, යක්ෂ, නාග, රාක්ෂ ආදී මිනිසුන් ආලය කළ හැටි, ශෘංගාරය විඳි හැටි, හැගීම් මත මෙහෙයවුණු හැටි අමතක කරනවා. ප්‍රකට ඉතිහාස සියවීමේදී අපිට මුණගැහෙන්නේ සෙ රණය කළ අතීතයක කාඩ්බෝඩ් මිනිස්සු.

නමුත් ශෘංගාර වංශයක කතාවක් වූ අපේ ඉතිහාසයෙන් සෙක්ස් ඉවත් වෙන්නේ අහම්බ මග හැරීමක් නිසා නෙමෙයි. ඒ වික්ටෝරියානු සහ ඉනුත් ඔබ්බට බ්‍රාහ්මණ දෘෂ්ටිවාදයන් කරන බලපෑමේ තරම කිසයි. අපි ඒ අභීත මිනිස්සුන්ගේ ජීවිත අපේ සදාචාරයෙන් කප්පාදු කරනවා.

සුජිත් අක්කරවත්ත එක ඉතිහාසයේ පරිච්ඡේද අතර ඇවිදින්න.

බුද්ධ ඉඩක් ලැබෙන්නෙ චරිත දිසානායක පටන් ගත්ත ව්‍යාපෘතියක්

හින්ද, ඒ ව්‍යාපෘතිය අතරමග නතර වෙනවා. ඒත් සුජිත් ඒ කියපු

ඉතිහාස කථා දිගින් දිගටම මට මතක් වෙනවා, ඒ ඉතිහාසයේ ඇතැම් පරිච්ඡේද සුජිත් එයාගෙ පොත්වල ලියනවා,

අපේ ජාන වංශයේ ඉතිහාසය පිළිවෙලින් සටහන් තැබූ ග්‍රන්ථයක් ගැටියෙන් අපිට උරුම වෙලා තියෙන මනා වංශය සුජින්ගේ අපූර්ව ඒක ශාස්ත්‍රීය, සාහිත්‍යමය හෝ විධිමත් එකක් කරනවා වෙනුවට කයිවාරුවක නිදහස ඇතුව, සීමා බැමි නැතුව, දිගින් දිගට කරගෙන යන වීඩියෝ පච්ජේද විදිහට සටහන් තැබීම ආරම්භ වෙන්නේ ඒ ආශාව නිසයි.

මේ පරිච්ඡේද අතර අපිට විවිධ රජවරුන් මුණගැහෙනවා. ද රජවරුන් විසින් කළ සුවිශේෂ දේ ඇසුරින් ඔවුන්ගේ සුවිශේෂ සිතීම මුණගැහෙනවා. ඒ දේවල් වර්තමානයේ අපි අත්විඳින තත්ව සමග අපූර්ව විදිහට සමපාත වෙනවා. මේ නිසා අපි තීරණය කළා මේ රජවරුන්ගේ පරිච්ඡේදයන් වෙන වෙනම් පොත් හැටියෙනුත් පළ කරන්න, වීඩියෝවක් නොබැලෙන අය අතරත් කතාබහ ඇති කරන්න.

මෙහි පළමු වෑයම විදිහට පණ්ඩුකාභය නොහොත් පඬුඅබා සිද්ධ වෙන්නෙ එහෙමයි. පණ්ඩුකාභය විසින් නිර්මාණය කළ අනුරාධපුර රාජ්‍යය අපි නැවත නැවත හැදෑරිය යුතු එකක්. විවිධත්වයට ඒ රාජයේ ඇතුලෙ දුන් ඉඩ විශ්මිතයි. කිසිවෙක් පිටමං නොවන රාජ්‍යයක් සියල්ලන් ඇතුළත් වෙන රාජ්‍යයක් පණ්ඩුකාභයට නිර්මාණය කරත්ත

අවශ්‍ය වෙනවා. එයා කාමයේ හැසිරෙනු පිණිස රාග දොවොලක් තනනවා. එහි විවෘතව එළි මහනේ රති කෙළියේ යෙදෙනවා. ලිංගයන් සහ යෝනි වන්දනාමාන කරනවා.

සියලු තොටමුන හරහා ලෝකයට විවෘත වෙළඳ පොලක් නිර්මාණය කරනවා බටහිර ග්‍රීසියෙන් පවා අපේ නගර සභාවලට නියෝජිතයන් පත් වෙනවා. අනුරාධපුරය ලෝක නගරයක් ලෙස නිර්මාණය කරනවා.

සිංහ. ශාක්‍ය, යක්ෂ සියලු ජාන මුහුව තැනෙන පඬු අබා ලංකා ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් වෙනවා.

අපි අද අනුරාධපුරය කියලා දකින්නෙ පණ්ඩුකාභය විසින් නිර්මාණය කළ සියලු මිනිසුන්, සංස්කෘතීන් එකට මුහුවුණු. මේ මහා ගෝලීය නගරය නෙමෙයි. ඒ ලොතික නගරය යටපත් කරමින් ඉදිවුණු, ඒ මහා මිනිස් සංස්කෘතිය පූජා නගරයක් දක්වා පටු කළ වියළි නගරයක්. ඉතින් සුජිත් අක්කරවත්ත එක්ක අපි ඇත්තටම් කරන්නේ අනුරාධපුරයේ මේ ලෞකික නගරය යළි කැණීමක්.

චින්තන ධර්මදාස

Out of stock

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
{{ reviewsTotal }} Review
{{ reviewsTotal }} Reviews
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}

Related Books

Scroll to Top

This is Our WhatsApp link

Click or Scan it to contact with us.

0777 728 727

click here