Showing 1–24 of 54 results
Price
ඉතිහාසය - History
Demala Eelam Aragalayata Wisaduma Kumakda|දෙමළ ඊළාම අරගලයට විසඳුම කුමක්ද රෝහණ විජේවීර
රු500.00
මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් පිළිබඳ සමාජය තුළ මතුව ඇති කතිකාව ප්‍රබල වී තිබේ. සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම්, ජාතික සමගිය මූලික කරගත් පුළුල් බහුන ව්‍යාපාරයක්, ජනතා ව්‍යාපාරයක් සඳහාද කතිකාවක් විවිධ වමේ හා ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ සහ සංවිධාන අතර පවතී.
සිංහල දෙමළ ජනතාවන් අතර තිබූ විරසකය ඇත්තේ ක්‍රමිකව අඩු වී යමිනි. මෙම තත්වය ජාතික ගැටලුවට ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ විසඳුමක් ලබාදීමටත් රට බෙදීමේ අනතුර තුරන් කිරීමටන් හැකි වාසිදායක තත්වයක් බිහිකර තිබේ. එම වගකීම පැවරි තිබෙන්නේ වමේ හා ප්‍රගතිශීලී බලවේගයන් මතය.
එබැවින් ලංකාවේ පැවති හා තවමත් පවතින ජාතික ගැටලුවේ නන්‍යායික පසුබිමත් එය පසුකර ආ එක් එක් ඓතිහාසික තත්වය තුළ එය සමාජයට කළ බලපෑමත් පිළිබඳ මෙම කෘතියේ අඩංගු දැනුම හා උගැන්වීම් ජාතික ගැටලුව නිවැරදිව විසඳා ගැනීම සඳහාන් නව ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහාන් තවමත් වැදගත් වේ.
Horowpothane Palaweni Diyaro | හොරොව්පතානේ පලවෙනි ඩීයාරෝ

වවුනියාව කච්චේරියත් , නගරයත් කඩිගුලක් සේ කැළඹී ඇත. සිංහල ප්‍රදේශ වලින් පහර කා පැමිණි තුවාල කරුවන්ගෙන් හා අනෙකුත් අයගෙන් ප්‍රදේශය පිරී ඉතිරී ගොසිනි. ඔවුන් ගේ දර්ශනය නැරඹීමට අසීරුය. මේ මිනිසුන්ගේ හිත් තුළ පිළිසිඳගන්නා වෛරය කෙසේ නම් පිස දමන්නද..?” මෙම පාප කර්මයේ පල විපාක නුදුරු අනාගතයේ දී ම සියලු ම සිංහල මිනිසුන්ටත් මුළු රටටත් විදීමට සිදුවනු ඇතැයි” යන අදහස් මගේ සිතට නැගෙයි.
“බලන්න යාල්දේවි කෝච්චියෙ බුෆේ එකේ වැඩ කරන සිංහලයෙකුයි, කෝච්චියෙ ගමන් කළ දෙමළ මගියෙකු යි අතරෙ ඇති වුණ පෞද්ගලික රන්ඩුවක් ගියපු දුර. මේ පටං ගත්තා විතරයි. අවසානය කොහොම වෙයිද කියලා කියන්ඩ බැහැ ”
දෙමළ ජාතික මිතුරන් පිරිස රැගෙන අපි වවුනියාව කච්චේරියෙන්, බස් නැවතුම්පොළට පැමිණෙමු. එහි යාපනය බලා යන බස් රථ කිපයක් නවතා ඇත. මමත්, සරතුත් අපගේ පිරිසට ආයුබෝවන් කියමින් ඔවුන් එකිනෙකා බසටය නංවමු.ඒ සියල්ලෝම වැලපෙති. ඔවුන්ගේ දෑත්වලින් අපගේ දෑත් තරයේ වැළඳ ගනිති. ඔවුන්ගේ දෙකම්මුල් ඔස්සේ රූරා ගලනා කඳුළු අප දෙදෙනා ගේ දෑත් මතට වැටේ. ඒවායින් දැනෙනුයේ මිනිස්කමේ උණුසුමයි.
Ithihasaye Awasanaya | ඉතිහාසයේ අවසානය

Lankawa Bedi Giya Jathiyak | ලංකාව බෙදී ගිය ජාතියක්

මහාචාර්ය බී.එච් ෆාමර් ගේ මේ කුඩා ග්‍රන්ථය වර්ගය, කුලය හා ආගම සමඟ එකට බැඳී තිබෙන අද දක්වා විසඳා ගැනීමට අසමත් වී ඇති ලංකාවේ ජාතික අර්බුදය ගැන ලියවුන පළමු පොත සේම ඒ ගැන ලියවී තිබෙන පොත් අතරින් හොඳම පොත ලෙස ද සැලකිය හැකිය. ඔහු විජයගේ සිට යටත් විජිත යුගය දක්වාත් ඉන්පසු 1956 දක්වාත් ඉතිහාසයේ ගමන් මග ගැන කරන විශ්ලේෂණය විශිෂ්ටය.
Niyatha Wiwaranaya | නියත විවරණය

Nonimi Aragalayaka Mathaka Gini Pupuru | නොනිමි අරගලයක මතක ගිනි පුපුරු

අපි තෙවැනි බිම්බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහ හඬින් පුපුරා ගියේය. නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යාමට හැකි ප්‍රමාණයේ කුහරයකි. හිරගෙදර හා අවට වෙඩි හඬවලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිරගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරාවන් මැද එල්ල වෙමින් තිබුණි. පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට කරන වෙඩි තැබීමට ගුවන් භටයෝ වෙඩි සිය දහස් ගණකින් පිළිතුරු දෙති. අපට තිබුණු එකම වාසිය බේස්ලයින් පාරේ තිබූ සන්නද්ධ රථය ක්‍රියාත්මක නොවීමය. ඒ වෙනුවෙන්ම අපේ හොඳම වෙඩික්කරුවෙකු යොදවා තිබිණ. ඔහු වෙස්ලි විදුහල ඇතුලේ සිට නොකඩවාම වෙඩි තබමින් ප්‍රහාරක ගුවන් භටයා සන්නද්ධ රථයට ඇතුළුවීම වළක්වමින් සිටියේය. ඒ වගකීම හරියටම ඉටු කළේ ලයනල් රණසිංහය.
බෝම්බයෙන් පුපුරා ගිය කුහරය අසලම අට්ටාලයේ සිටි භටයා වෙඩි තබද්දීම ඉණිමඟ දිගේ උඩට ගමන් කළ උපාලි දිවි නොතකා පෙට්‍රල් බෝම්බයක් රැගෙන අට්ටාලයට කිට්ටු වෙද්දී සෝමෙ ඉතා හැඟුම් බර ලෙස “උපාලි බලාගෙන මූ වෙඩි තියාවි උඩටම යන්න එපා” යි කීවේය. ඒ අතර තාප්පය අසල උන් අපි සැවොම ගිනි අවිය බිමට දා යටත් වෙන ලෙස ගුවන් භටයාට කෑගසමින් සිටියෙමු. ඉණිමග දිගේ උඩට ගිය උපාලි පැටුල් බෝම්බය විසිකිරීමට පෙර ගුවන් භටයා අවියත් සමගම අට්ටාලයෙන් බිමට පැන පලා ගියේය. ඈතින් පිහිටි අට්ටාලවල සිටි ගුවන් භටයන් වෙඩි තබා ගනිමින් සිටින්නේ පිටත සිටි අපේ කණ්ඩායම් දෙක සමඟය. එහෙත් දැන් ආසන්න අනතුරු අවසානය. අපි ආසියාවේ විශාලතම හිරගෙය බිඳ වාර්තාවක් තැබීමට සුදානම් වෙමින් සිටියෙමු.
Padu Aba | පඩු අබා

පෙරවදන
ඉතිහාසය කියන්නේ මානව ශිෂ්ටාචාරයේ උරුමය. ඒක අතීත උරුමයක් නෙමෙයි අනාගත උරුමයක්.
නමුත් සනීභූත මේ ඉතිහාසය ලියැවී ඇති තැන්වලින් පෙළින් පෙළ කණින්න වෙනවා. ඒ වගේම නටඹුන්ව ඇති බිම් පෙදෙස් සළකුණු හොයමින් තව තවත් කණින්න වෙනවා. පාවිච්චි වෙන බස ඇතුළෙන් වදනින් වදන කණින්න වෙනවා චර්යා ජනශ්‍රැති ඇතුළෙන් තේරුම් හොයමින් තණින්න වෙනවා. ඉතිහාසය සැබවින් දිගහැරෙන්නේ මේ සියලු මංපෙත් එකට කණින කල පමණයි.
ඒ වගේම ඒ කැණීමේදී අපේ දෘදෘෂ්ඨිවාදයන් ඇතුළෙනුත් කණින්න
සිද්ධ වෙනවා. අපි දරණ මතිමතාන්තර අතර ගැටෙමින් කණින්න
සිද්ධ වෙනවා. අපේ වර්තමානය ඇතුළෙන් ගැඹුරට කණින්න සිද්ධ
වෙනවා.
ඉතිහාසය කියන්නෙ අතීතය නෙමෙයි. අනාගතයෙ ඉඳන් අතීතය කියවන ආකාරයයි.
අවාසනාවට ලංකාවේ අපිට මුණ ගැහෙන්නේ අතීතකාමීව අතීතය මතම වැළලෙන ඉතිහාස කියවීමක්. ඒ වෙනුවට අපි වර්තමානයේ දරණ අදහස්වල ඉතිහාසය සොයාගෙන ගියොත් අපිට මුණගැහෙනවා අනාගතය දක්වා වැටෙන ඉතිහාසයේ මාවතක්.
අපිට කියා දුන් රේඛීය ඉතිහාසයේ බොහෝ මංපෙත් වහලා දාලා තියෙනවා. සමහර විට මහාවංශයේ ලියවුණු තැන් පවා වසන් කරමින් ඉතිහාස කියවීම කරනවා. ඒ හැම වසන් කිරීමක් පිටුපසම දේශපාලනයක් තියෙනවා.
අපි අපේ පැරණි ඉතිහාසය කියවීමේදී ඒ රජවරුන්, බිසෝවරුන්, යක්ෂ, නාග, රාක්ෂ ආදී මිනිසුන් ආලය කළ හැටි, ශෘංගාරය විඳි හැටි, හැගීම් මත මෙහෙයවුණු හැටි අමතක කරනවා. ප්‍රකට ඉතිහාස සියවීමේදී අපිට මුණගැහෙන්නේ සෙ රණය කළ අතීතයක කාඩ්බෝඩ් මිනිස්සු.
නමුත් ශෘංගාර වංශයක කතාවක් වූ අපේ ඉතිහාසයෙන් සෙක්ස් ඉවත් වෙන්නේ අහම්බ මග හැරීමක් නිසා නෙමෙයි. ඒ වික්ටෝරියානු සහ ඉනුත් ඔබ්බට බ්‍රාහ්මණ දෘෂ්ටිවාදයන් කරන බලපෑමේ තරම කිසයි. අපි ඒ අභීත මිනිස්සුන්ගේ ජීවිත අපේ සදාචාරයෙන් කප්පාදු කරනවා.
සුජිත් අක්කරවත්ත එක ඉතිහාසයේ පරිච්ඡේද අතර ඇවිදින්න.
බුද්ධ ඉඩක් ලැබෙන්නෙ චරිත දිසානායක පටන් ගත්ත ව්‍යාපෘතියක්
හින්ද, ඒ ව්‍යාපෘතිය අතරමග නතර වෙනවා. ඒත් සුජිත් ඒ කියපු
ඉතිහාස කථා දිගින් දිගටම මට මතක් වෙනවා, ඒ ඉතිහාසයේ ඇතැම් පරිච්ඡේද සුජිත් එයාගෙ පොත්වල ලියනවා,
අපේ ජාන වංශයේ ඉතිහාසය පිළිවෙලින් සටහන් තැබූ ග්‍රන්ථයක් ගැටියෙන් අපිට උරුම වෙලා තියෙන මනා වංශය සුජින්ගේ අපූර්ව ඒක ශාස්ත්‍රීය, සාහිත්‍යමය හෝ විධිමත් එකක් කරනවා වෙනුවට කයිවාරුවක නිදහස ඇතුව, සීමා බැමි නැතුව, දිගින් දිගට කරගෙන යන වීඩියෝ පච්ජේද විදිහට සටහන් තැබීම ආරම්භ වෙන්නේ ඒ ආශාව නිසයි.
මේ පරිච්ඡේද අතර අපිට විවිධ රජවරුන් මුණගැහෙනවා. ද රජවරුන් විසින් කළ සුවිශේෂ දේ ඇසුරින් ඔවුන්ගේ සුවිශේෂ සිතීම මුණගැහෙනවා. ඒ දේවල් වර්තමානයේ අපි අත්විඳින තත්ව සමග අපූර්ව විදිහට සමපාත වෙනවා. මේ නිසා අපි තීරණය කළා මේ රජවරුන්ගේ පරිච්ඡේදයන් වෙන වෙනම් පොත් හැටියෙනුත් පළ කරන්න, වීඩියෝවක් නොබැලෙන අය අතරත් කතාබහ ඇති කරන්න.
මෙහි පළමු වෑයම විදිහට පණ්ඩුකාභය නොහොත් පඬුඅබා සිද්ධ වෙන්නෙ එහෙමයි. පණ්ඩුකාභය විසින් නිර්මාණය කළ අනුරාධපුර රාජ්‍යය අපි නැවත නැවත හැදෑරිය යුතු එකක්. විවිධත්වයට ඒ රාජයේ ඇතුලෙ දුන් ඉඩ විශ්මිතයි. කිසිවෙක් පිටමං නොවන රාජ්‍යයක් සියල්ලන් ඇතුළත් වෙන රාජ්‍යයක් පණ්ඩුකාභයට නිර්මාණය කරත්ත
අවශ්‍ය වෙනවා. එයා කාමයේ හැසිරෙනු පිණිස රාග දොවොලක් තනනවා. එහි විවෘතව එළි මහනේ රති කෙළියේ යෙදෙනවා. ලිංගයන් සහ යෝනි වන්දනාමාන කරනවා.
සියලු තොටමුන හරහා ලෝකයට විවෘත වෙළඳ පොලක් නිර්මාණය කරනවා බටහිර ග්‍රීසියෙන් පවා අපේ නගර සභාවලට නියෝජිතයන් පත් වෙනවා. අනුරාධපුරය ලෝක නගරයක් ලෙස නිර්මාණය කරනවා.
සිංහ. ශාක්‍ය, යක්ෂ සියලු ජාන මුහුව තැනෙන පඬු අබා ලංකා ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් වෙනවා.
අපි අද අනුරාධපුරය කියලා දකින්නෙ පණ්ඩුකාභය විසින් නිර්මාණය කළ සියලු මිනිසුන්, සංස්කෘතීන් එකට මුහුවුණු. මේ මහා ගෝලීය නගරය නෙමෙයි. ඒ ලොතික නගරය යටපත් කරමින් ඉදිවුණු, ඒ මහා මිනිස් සංස්කෘතිය පූජා නගරයක් දක්වා පටු කළ වියළි නගරයක්. ඉතින් සුජිත් අක්කරවත්ත එක්ක අපි ඇත්තටම් කරන්නේ අනුරාධපුරයේ මේ ලෞකික නගරය යළි කැණීමක්.
චින්තන ධර්මදාස
Sanskruthika Deshabhimanaya saha Samaja Prathisanskarana | සංස්කෘතික දේශාභිමානය සහ සමාජ ප්‍රතිසංස්කරණ

Shreshta Octobar Viplawaya Newatha Kiyaweemak|ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය නැවත කියවීමක්
රු350.00
soviet diviyaka mathaka suwada 2nd book|සෝවියට් දිවියක මතක සුවඳ දෙවන කොටස
රු550.00
Sri Lankawe Aparadha Nithiya | ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය | තැත්කිරීම අනුබල දීම හා පොදු චේතනාව

Wiwarana sahitha Wihara Asna hewath Nampotha | විවරණ සහිත විහාර අස්න හෙවත් නම්පොත

අලුත් ශ්රී ලංකාවේ ජාතික වංශ කතාව / aluth sri lankawe jathika wansha katha

ඇඩොල්ෆ් හිට්ලර් | Adolf Hitler

අවසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශ්වයේ යුද ජයග්‍රහණයත් උත්සවාකාරයෙන් වාර්තා කළේය. ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපා විය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු වූ අයද වූහ. සිය දිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය දක්වාම ඔහුගේ සේවය අත් නොහැර ගිය කාර්යාලයීය ලේකම්වරියක් සඳහන් කරයි. කෙසේ වුව ඒ තත්ත්වය ගොඩනැගෙන්නේ සිය සේනාධිනායකයන්ගේ පසුගාමී හැසිරීම් සහ පාවාදීම් හමුවේය යන්න හිට්ලර්ගේම පිළිගැනීම විය. ඉරණම විසින් තමාගේ ගමන තීන්දු කොට ඇතැයි ජර්මානු ආඥාදායකයා සිය කාර්යාලයීය ලේකම්වරිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
උඩරට ගිවිසුම්පත සහ ශ්රී වික්‍රම රාජසිංහ චරිතය / udarata giwisumpatha saha sri wickrama rajasinghe charithaya
