Showing 1–24 of 34 results
Price
Average rating
කවි - Poetry, සිංහල-Sinhala
Bio Karapu AL 3 | බයෝ කරපු ඒලෙවල් 3

සරසුලක් කම්පනය කර තබා ධ්වනිමාන පෙට්ටියක් මත සේතු එහෙ මෙහෙ කරන විටදි ආරෝහකය විසි වී යා හැක
ප්‍රාස්තාරික ක්‍රමයකට ගොස් ඔබට සංඛ්‍යාතය සොයා ගත හැක
කම්පනය වෙද්දි හදවත නොතබන්න හිතවත ජීවිතේ ආදරේ කම්බිය මත
ඔබට නොපෙනෙන තැනකට ළඟා වෙනු බැරි දුරකට කලු කුහරයක පතුළට ජීවිතේ විසි විය හැක!
Chérie Chérie – SWEETHEART

Chérie Chérie SWEETHEART
මම හිටියෙ නිර්වාණය ලබන්න
ඔන්න මෙන්න කියලා
ඒ වගේ සැහැල්ලුවක්
ඒ වගේ තෘප්තියක
ඒ වගේ සතුටක්
මට මීට කලින් දැනිලා තිබුණේ නෑ.
ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට
මාව දෝරෙ ගලනවා
මම සැනසෙනවා
මම පාවෙනවා
මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා
LOVEමය වැහි බිංදු

රාගය,
ප්‍රේමයෙන් අගුල් දමමින්
සමහරු “නිදාගත්තෙම” හීනවල..
ඒත් බැඳීමක,
සුන්දරම තැන් රැඳුනෙනම්
වල් වැදුනු හැඟීම් වල..
ප්‍රේමය,
පිවිතුරුයිළු, තොරව රාගයෙන්,
අනේ උන් දන්න කෙහෙල්මල..
මැණික,
සිද්ධාර්ථටත් තිබුණා හැඟීම්
නැත්තං කොහෙන්ද රාහුල…
අකැප ප්‍රේම සජ්ඣායනා | Akapa prema sajjayana

හමුවුණ හැම ප්‍රේමයක්ම නොදැණුන බව නොකියමි
දැණුන එකම ප්‍රේමය ඔබ වගත් නොකියමි
නමුදු හදවත හොඳින් ගැහුණ දිනවල දැණූන සියලු අයවලුන්ට වඩා…
හදවත මැරී ඇති සමයක හමු වී නැවත ප්‍රේමය පැළ කළ ඔබට ජීවිතය යැයි කියමි….
අඩුම තරමේ අපි හමුවුණා | At least we met

ජුලි 21 වෙනිදා නිකුත් වේ.
උහුලන්න බැරි තරම්
ප්‍රේමයෙන් පිරුණත්
අහසකින් පවා
තාරුකා අතහැරේ…
ආකිමිඩිස් සිය දිවි නසා ගනී | Akimidis siya diwi nasa gani

වැරද්දක් දැක්කාම බකන් නිලන් ඉන්නෙ නැතිව මකලා නිවැරදි කළා.
අන්තිමට පෑන් පැන්සල් ඉතිරි වුණා..
මකන හැමදාම අතුරුදහන් වුණා…..
ආදරෙයි උතුරන්න | Aadarei Uthuranna

අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන් ආදරේයි උතුරන්න
හමා යන සුලගකින් මගේ නම විමසන්න
තබා ගිය පනිවුඩෙන් ආදරෙද පවසන්න
ආරිය සිංහබාහුගේ මරණය | Ariya Sinhabhahuge Maranaya

මනුෂ්‍ය සමාජය සමග යම් සංකීර්ණ භාෂාමය හා ආඛ්‍යානමය සම්භාෂණයක යෙදෙමින් සමාජය, ජීවිතය හා පැවැත්ම පිළිබඳ සියුම් අර්ථ ජනිත කිරීමෙහි කැමැති ලේඛක ලේඛිකාවන් කෙටිකතාව සලකන්නේ නිර්මාණ ශක්තියේ ප්‍රාබල්‍යය අනුව හැඩගැසී ඕනෑම මොහොතක අලුත් මුහුණුවරකින් මතුවිය හැකි සාහිත්‍ය විධියක් ලෙසය. කෙටිකතාවට දරාගත නොහැකි අදහසක්, තේමාවක්, චරිතයක් හෝ අන්තර්ගතයක් නැත. එහෙත් එය එසේ වන්නේ කෙටිකතාකරුවා දීප්තිමත් අදහස් ඇති තියුණු සිතන්නෙකු වන අතරම කතා කීමෙහි ශිල්පය හා කලාව බුහුට් ලෙස භාවිත කරන ව්‍යූහමය පරිකල්පන ශක්තිය ඇත්තෙකුද වන විටය. ප්‍රින්ස් සේනාධීර අපගේ පැවැන්මෙහි ගැඹුරුම ස්ථාන දකින නිරීක්ෂණ ශක්තියත්, ඒ ස්ථාන ගැන ගැඹුරු සිතිවිලි සිතන බුද්ධිමත්කමත්, පැවැත්ම ගැන නිරීක්ෂණ සහ සිතිවිලි කතා කලාව සමග මුසු කරන ප්‍රතිභා ශක්තියත් ඇති කෙටිකතාකරුවෙකි. කියන දෙය සහ කියන විධිය යන දෙක අතර අර්ථකාරක අන්තර්ක්‍රියාව තම කතා තුළ පිහිටුවන්නට සමත් රචකයෙකි. කෙටිකතා කලාව සමග ජීවිත කාලයක් පොරබදන්නට ඇති කැමැත්තද ඔහුට ඇති බව පෙනෙන්නේ අර සියලූ ගුණ අතින් වර්ධනය වන ගමනක සිය තෙවන කතා සංග්‍රහය දක්වාම ඔහු පැමිණ ඇති බැවිනි.
ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

ප්‍රේමයේ ඉරිතැළුම් වලට
සොයාගෙන නෑ සැත්කම්
නමුදු සදහට නුඹේ නමටයි
මේ පපුවේ වත්කම්
කාලයා විසින් විසඳාවි
රිදුම් දෙන සංසාර ගෙත්තම්
මම මක්කරන්නද
අපිට අපි හිමි නැත්නම්
හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න
මම බලාගෙන ඉන්නම්
ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද | Attatama Api Rata Kanne Monawa d

ඉන්නයි තිබුණෙ අපිට එක ගේක
කාටවත් නොකියම
පිංතූර නොමැතිව
එහෙනං සූට්කේසය අඬියට
එන්නෙ නෑ ලොකු මඟුල් පින්තූරය
ඉතිං මට සමාවෙන්න | Ithin Mata Samawenna

බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන! ” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්න
ඉඳුදුන්න නැමුණු තැන | Indudunna Namunu Thana

ඉඳු දුන්න නැමුණු තැන
අහස් ගඟ පසු කරන
මන්දාර පව් ඔබෙන්
ඉඳු දුන්න නැමෙන තැන
සුන්දරම තැන මෙතැන
නැඟ ගතිමි එහි තුඩට
නැරඹුයෙමි තරු ආර
සෙවූයෙමි ජීවිතය
ඔබේ ඇස් ප්‍රදීප්තව
අහසේ දිදුලනා’යුර
යශෝධාවට වඩා
යශෝධා ඒ ඔබය
දරා අත අහර පැස
විඳ දරා රිදුම් පෙළ
ඔබ හිඳී….
සයනයේ පාමුලක
විපිලිසර වතැතිව
නමුදු අප අතර දැන්
අවපස සඳ නැඟේ
ඒ අඩුව අතැරලා
ඉරු සඳුට හිස නමමු
එදාටත් වඩා අද
තැවුල් ගත් කුමරියනි.
ඒත් මං ආදරෙයි | Eth Man Aadarei

කවදාහරි දාවසකදි මේ මගුල් කියවලා
ඔයාටත් හිතුනොතින් මම පිස්සෙකැයි කියා
අද වගෙම එදාටත් තියම් කවියක ලියා
පිස්සෙකුගේ ආදරේ තාම දන්නෑ ඔයා ”
ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa

බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්..
මොන ගඟ මැද්දෙත් තියනවා හබල් නැති ඔරුවක්..
කියාපන් ” අම්මෙ මට ඔළුවේ කැක්කුමයි ” වගේ දෙබසක්..
ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්.
ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්..
” අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමාන පදයක්..”
කඩා වැටෙන තරුවක් | Kada watena Tharuwak

හැර ගිය නමුත් බඹරුන් මල් පැණිද ගෙන
මලකට සතුටු වන්නට හැක සුවඳ ගැන
කවියෙකු උරන වන්නේ නැත කිසිම දින
කවියක තවර ගත්තා මිස අහිමි පෙම
කළු පැහැති කුඩා පොත | Kalu pahathi kuda potha

මේ කවි ලියා අවසන් කර
එයම ලියූ කළු පෑනෙන්
ඝන කළුවර රෑ අහසෙහි
කළු පැහැයෙන් තිතක් තබා
එයින් අසමි
සුවිසල් වූ විශ්වය මැද
කළු පැහැති කුඩා තිත
තරම්වත් වේද මම?
කාල රේඛාව | Kala Rekhawa

ජුලි 21 වෙනිදා නිකුත් වේ.
පෙම්වත : පෙම්පත් එවා සුළඟේ ගිය පසු
ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම
පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන
දෑත මුහුණේ ඔබාගෙන
පැරණි දල සේයා පට මතක, මතක් කරමින්
ගස්ස ගස්සා පටු උරහිස්
හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?
පිළිතුරක් දෙන්න නොවෙහෙසන ඔබ පවා
ආතතියෙන් පුරවන්න
“ඒ පෙම්පත් මා ලියුවේ නොවේ”
කියන්නට නොපැකිලෙන ඔබ පවා තිගැස්වන්න
හඬන්නද මම?
ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී
කොට කවි ශතකය | Kota Kawi Shathakaya

ලියන කොට
බීපු කොට
ලිවර් එක
දිය කරයි..
ලියන කොට
ඇද්ද කොට
පපුව උඩ
හිර කරයි..
කොට කවි ලියන්නට
වින්ද දුක
දිග කවිම ලිව්ව නම්
ඉවරයි…
පිරිමි හිත් | Pirimi Hith

කවිය පළමුව අපූර්ව විය යුතුය. තම සංවේදනාවන් රසිකයා සහානුභූතියට පත් වන ලෙස අපූර්ව ලෙස ඉදිරිපත් විය යුතුය. එසේම එම අපූර්වත්වය අනුභූතිය වසා නැගී සිටින ලෙස, සංවේදීතාව ඕලාරික අනුවේදනියත්වයක් හෝ භාවාතිෂයත්වයක් නොවනා ලෙසින් සංයතව, සංගතව ඉදිරිපත් විය යුතුය. අර්ථ, ශබ්ද, රූප රසයක් ඉස්මතු වන සේ සංකල්ප රූපිකව ඉදිරිපත් කිරීමද එසේම අවියෝජනීය වන්නේය.
අකලංකගේ ‘පිරිමි හිත් මෙම ලක්ෂණ ඔහුටම ආවේණික සියත් බවකින්, අල්පෝක්තික බවකින් යුතුව අනු දකිමින් ලියවුණු කවි එකතුවකි. විද්‍යාවේ වියලි, රූක්ෂ, ගාඩ පාරිභාෂික යෙදුම් හා සංකල්ප ඔහු කාව්‍ය සංකල්ප බවට පත් කරනා ආකාරය, රූපිකයන් බවට පත් කරන ආකාරය අපූරුය.
කේ. කේ. සමන් කුමාර
පොප්කෝන් | Popcorn

වටකුරු සිහින ඉකිලන හතරැස් කොටුව
පටපණු කෝෂ වෙත යති පුරඟන කැටුව
ඇට නැති සුරත් පල වළඳා බලි නැටුව කටු ඉඹුලකට නැග අවපස හඳ දුටුව
ටොපියක රසය විලි ලන පැණි කුහුඹු සිත
හපයකි සාරවිට රාගික දිවිය මත
ඇප නැති නඩුය ඉකිලන පපු කුහර වෙත
ලොතරැයි උඩින් බබළන මහ වෙහෙර කොත
ප්‍රේමයේ ගිම්හානයට පසු | After the Summer of Love

නුඹ නික්ම ගියායින් පසුව වස්සානය පැමිණියාද
නොමැතිනම්
වස්සානය පැමිණෙන වග දැනී
නුඹ නික්ම ගියාදැයි නොදන්නෙමි..
බයෝ කරපු ඒ ලෙවල් 2 | Bio Karapu AL 2

එක පැත්තකට සිද්ධ වෙත ප්‍රතික‍්‍රියාවක සිමාකාරී ප්‍රතික‍්‍රියකය එක තැනකදි ඉවර වුණා එතතිං ප්‍රතික‍්‍රියාවක් නැවතුණා!
” ආදරේ කියන්නෙ සමතුලිතතාවයක්! එහෙම නැත්තං ප්‍රතිවර්ත්‍ය ප්‍රතික‍්‍රියාවක්!”
මම කොයිතරම් කිව්වත් ඔයාට ආදරේ කියන්නෙ.
එක පැත්තකට සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා!
බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya

කවි ලියවුණේ ම
මට ඔබව තදින් බදා වැලඳ
සිපගන්න ම සිතූන දිනවල ය.
”මේ දැන් දකින්න ඕනමයි” කියන… දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.
නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම
හීනයක දවටා
හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය
කප්පරක් ස්වයංවාරණ තිබ්බත්
හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්,
හුඟක් කවි ලියවුණේ ම
නුඔව ම ඇවැසියි කියා හිත
මුරණ්ඩු ම වුණ දවසට ය.
බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක් | Bodleyata Siliti Parasathu Maleka Peththak

”ආදරය නම්,
තනිය ඉසිලීම ය.
පෘථිවිය තරම් බර තනිකම,
තනිව ඉසිලීම ය.
………
………”
ආදරය නම්,
බලා සිටිනා බව
නො කියා සිටීම ය.
දරා සිටිනා බව
සඟවා ගැනීම ය.”