Showing 1–24 of 46 results

කවි - Poetry, සිංහල-Sinhala

Bio Karapu AL 3 | බයෝ කරපු ඒලෙවල් 3

රු425.00
or 3 X රු141.67 with

සරසුලක් කම්පනය කර තබා ධ්වනිමාන පෙට්ටියක් මත සේතු එහෙ මෙහෙ කරන විටදි ආරෝහකය විසි වී යා හැක

ප්‍රාස්තාරික ක්‍රමයකට ගොස් ඔබට සංඛ්‍යාතය සොයා ගත හැක

කම්පනය වෙද්දි හදවත නොතබන්න හිතවත ජීවිතේ ආදරේ කම්බිය මත

ඔබට නොපෙනෙන තැනකට ළඟා වෙනු බැරි දුරකට කලු කුහරයක පතුළට ජීවිතේ විසි විය හැක!

Chérie Chérie – SWEETHEART

රු640.00
or 3 X රු213.33 with

Chérie Chérie SWEETHEART

මම හිටියෙ නිර්වාණය ලබන්න
ඔන්න මෙන්න කියලා
ඒ වගේ සැහැල්ලුවක්
ඒ වගේ තෘප්තියක
ඒ වගේ සතුටක්
මට මීට කලින් දැනිලා තිබුණේ නෑ.
ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට
මාව දෝරෙ ගලනවා
මම සැනසෙනවා
මම පාවෙනවා
මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා

LOVEමය වැහි බිංදු

රු468.00
or 3 X රු156.00 with

රාගය,
ප්‍රේමයෙන් අගුල් දමමින්
සමහරු “නිදාගත්තෙම” හීනවල..
ඒත් බැඳීමක,
සුන්දරම තැන් රැඳුනෙනම්
වල් වැදුනු හැඟීම් වල..
ප්‍රේමය,
පිවිතුරුයිළු, තොරව රාගයෙන්,
අනේ උන් දන්න කෙහෙල්මල..
මැණික,
සිද්ධාර්ථටත් තිබුණා හැඟීම්
නැත්තං කොහෙන්ද රාහුල…

Rasakatha New Books Collection

රු4,875.00
or 3 X රු1,625.00 with

අකැප ප්‍රේම සජ්ඣායනා | Akapa prema sajjayana

රු552.50
or 3 X රු184.17 with

හමුවුණ හැම ප්‍රේමයක්ම නොදැණුන බව නොකියමි

දැණුන එකම ප්‍රේමය ඔබ වගත් නොකියමි

නමුදු හදවත හොඳින් ගැහුණ දිනවල දැණූන සියලු අයවලුන්ට වඩා…

හදවත මැරී ඇති සමයක හමු වී නැවත ප්‍රේමය පැළ කළ ඔබට ජීවිතය යැයි කියමි….

අඩුම තරමේ අපි හමුවුණා | At least we met

රු600.00
or 3 X රු200.00 with

ජුලි 21 වෙනිදා නිකුත් වේ.

 

උහුලන්න බැරි තරම්
ප්‍රේමයෙන් පිරුණත්
අහසකින් පවා
තාරුකා අතහැරේ…

අබ්දුල් වෙන්න කලින් | Abdul wenna kalin

රු850.00
or 3 X රු283.33 with

අපිට පස්සෙන් පියාඹන උං
ආයෙ හිරවිය යුතුද කොටුවල
තටු කපපු දුක අපි වගේ උං
ආයෙමත් ලිය යුතුද පිටුවල

ගොරව ගොරවා බලං ඉන්නවා
තමයි වටේම අඳුරු කරුවල
එහෙව් විටකදි ගින්දරක් මිස
එලිය මදි දුර ඈත තරුවල

ආකිමිඩිස් සිය දිවි නසා ගනී | Akimidis siya diwi nasa gani

රු600.00
or 3 X රු200.00 with

වැරද්දක් දැක්කාම බකන් නිලන් ඉන්නෙ නැතිව මකලා නිවැරදි කළා.

අන්තිමට පෑන් පැන්සල් ඉතිරි වුණා..

මකන හැමදාම අතුරුදහන් වුණා…..

ආදරෙයි උතුරන්න | Aadarei Uthuranna

රු600.00
or 3 X රු200.00 with

අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන් ආදරේයි උතුරන්න

හමා යන සුලගකින් මගේ නම විමසන්න
තබා ගිය පනිවුඩෙන් ආදරෙද පවසන්න

ආරිය සිංහබාහුගේ මරණය | Ariya Sinhabhahuge Maranaya

රු495.00
or 3 X රු165.00 with

මනුෂ්‍ය සමාජය සමග යම් සංකීර්ණ භාෂාමය හා ආඛ්‍යානමය සම්භාෂණයක යෙදෙමින් සමාජය, ජීවිතය හා පැවැත්ම පිළිබඳ සියුම් අර්ථ ජනිත කිරීමෙහි කැමැති ලේඛක ලේඛිකාවන් කෙටිකතාව සලකන්නේ නිර්මාණ ශක්තියේ ප්‍රාබල්‍යය අනුව හැඩගැසී ඕනෑම මොහොතක අලුත් මුහුණුවරකින් මතුවිය හැකි සාහිත්‍ය විධියක් ලෙසය. කෙටිකතාවට දරාගත නොහැකි අදහසක්, තේමාවක්, චරිතයක් හෝ අන්තර්ගතයක් නැත. එහෙත් එය එසේ වන්නේ කෙටිකතාකරුවා දීප්තිමත් අදහස් ඇති තියුණු සිතන්නෙකු වන අතරම කතා කීමෙහි ශිල්පය හා කලාව බුහුට් ලෙස භාවිත කරන ව්‍යූහමය පරිකල්පන ශක්තිය ඇත්තෙකුද වන විටය. ප්‍රින්ස් සේනාධීර අපගේ පැවැන්මෙහි ගැඹුරුම ස්ථාන දකින නිරීක්ෂණ ශක්තියත්, ඒ ස්ථාන ගැන ගැඹුරු සිතිවිලි සිතන බුද්ධිමත්කමත්, පැවැත්ම ගැන නිරීක්ෂණ සහ සිතිවිලි කතා කලාව සමග මුසු කරන ප්‍රතිභා ශක්තියත් ඇති කෙටිකතාකරුවෙකි. කියන දෙය සහ කියන විධිය යන දෙක අතර අර්ථකාරක අන්තර්ක්‍රියාව තම කතා තුළ පිහිටුවන්නට සමත් රචකයෙකි. කෙටිකතා කලාව සමග ජීවිත කාලයක් පොරබදන්නට ඇති කැමැත්තද ඔහුට ඇති බව පෙනෙන්නේ අර සියලූ ගුණ අතින් වර්ධනය වන ගමනක සිය තෙවන කතා සංග්‍රහය දක්වාම ඔහු පැමිණ ඇති බැවිනි.

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

රු600.00
or 3 X රු200.00 with

ප්‍රේමයේ ඉරිතැළුම් වලට
සොයාගෙන නෑ සැත්කම්
නමුදු සදහට නුඹේ නමටයි
මේ පපුවේ වත්කම්
කාලයා විසින් විසඳාවි
රිදුම් දෙන සංසාර ගෙත්තම්
මම මක්කරන්නද
අපිට අපි හිමි නැත්නම්

හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න
මම බලාගෙන ඉන්නම්

ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද | Attatama Api Rata Kanne Monawa d

රු540.00
or 3 X රු180.00 with

ඉන්නයි තිබුණෙ  අපිට එක ගේක

කාටවත් නොකියම

පිංතූර නොමැතිව

එහෙනං සූට්කේසය අඬියට

එන්නෙ නෑ ලොකු මඟුල් පින්තූරය

ඉතිං මට සමාවෙන්න | Ithin Mata Samawenna

රු850.00
or 3 X රු283.33 with

බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන! ” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්න

ඉඳුදුන්න නැමුණු තැන | Indudunna Namunu Thana

රු495.00
or 3 X රු165.00 with

ඉඳු දුන්න නැමුණු තැන

අහස් ගඟ පසු කරන
මන්දාර පව් ඔබෙන්
ඉඳු දුන්න නැමෙන තැන
සුන්දරම තැන මෙතැන

නැඟ ගතිමි එහි තුඩට
නැරඹුයෙමි තරු ආර
සෙවූයෙමි ජීවිතය
ඔබේ ඇස් ප්‍රදීප්තව
අහසේ දිදුලනා’යුර

යශෝධාවට වඩා
යශෝධා ඒ ඔබය
දරා අත අහර පැස
විඳ දරා රිදුම් පෙළ
ඔබ හිඳී….
සයනයේ පාමුලක
විපිලිසර වතැතිව

නමුදු අප අතර දැන්
අවපස සඳ නැඟේ
ඒ අඩුව අතැරලා
ඉරු සඳුට හිස නමමු
එදාටත් වඩා අද
තැවුල් ගත් කුමරියනි.

ඒත් මං ආදරෙයි | Eth Man Aadarei

රු850.00
or 3 X රු283.33 with

කවදාහරි දාවසකදි මේ මගුල් කියවලා

ඔයාටත් හිතුනොතින් මම පිස්සෙකැයි කියා

අද වගෙම එදාටත් තියම් කවියක ලියා

පිස්සෙකුගේ ආදරේ තාම දන්නෑ ඔයා ”

ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa

රු600.00
or 3 X රු200.00 with

බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්..

මොන ගඟ මැද්දෙත් තියනවා හබල් නැති ඔරුවක්..

කියාපන් ” අම්මෙ මට ඔළුවේ කැක්කුමයි ” වගේ දෙබසක්..

ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්.

ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්..

” අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමාන පදයක්..”

කඩා වැටෙන තරුවක් | Kada watena Tharuwak

රු425.00
or 3 X රු141.67 with

හැර ගිය නමුත් බඹරුන් මල් පැණිද ගෙන
මලකට සතුටු වන්නට හැක සුවඳ ගැන
කවියෙකු උරන වන්නේ නැත කිසිම දින
කවියක තවර ගත්තා මිස අහිමි පෙම

කළු පැහැති කුඩා පොත | Kalu pahathi kuda potha

රු738.00
or 3 X රු246.00 with

මේ කවි ලියා අවසන් කර
එයම ලියූ කළු පෑනෙන්
ඝන කළුවර රෑ අහසෙහි
කළු පැහැයෙන් තිතක් තබා
එයින් අසමි

සුවිසල් වූ විශ්වය මැද
කළු පැහැති කුඩා තිත
තරම්වත් වේද මම?

කාල රේඛාව | Kala Rekhawa

රු600.00
or 3 X රු200.00 with

ජුලි 21 වෙනිදා නිකුත් වේ.

පෙම්වත : පෙම්පත් එවා සුළඟේ ගිය පසු
ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම
පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන
දෑත මුහුණේ ඔබාගෙන
පැරණි දල සේයා පට මතක, මතක් කරමින්
ගස්ස ගස්සා පටු උරහිස්
හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?

පිළිතුරක් දෙන්න නොවෙහෙසන ඔබ පවා
ආතතියෙන් පුරවන්න
“ඒ පෙම්පත් මා ලියුවේ නොවේ”
කියන්නට නොපැකිලෙන ඔබ පවා තිගැස්වන්න

හඬන්නද මම?
ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී

කොට කවි ශතකය | Kota Kawi Shathakaya

රු510.00
or 3 X රු170.00 with

ලියන කොට

බීපු කොට

ලිවර් එක

දිය කරයි..

 

ලියන කොට

ඇද්ද කොට

පපුව උඩ

හිර කරයි..

 

කොට කවි ලියන්නට

වින්ද දුක

දිග කවිම ලිව්ව නම්

ඉවරයි…

දිමි ගොටුවක නිරුවත් වෙමි | Dimi gotuwaka niruwath wemi

රු510.00
or 3 X රු170.00 with

මුගටි පවුලකි ඇදෙන මිටි පඳුරු යට  එබෙන

ගසක බෙන කළුවරක ළපටි කිචි බිචි  වදන

වඳුරු බුකු බුකු නැඟෙන රිකිලි අතැඟිලි වනන

නලඟනකි තුරු වියන හරිත සළුපිලි අදින

 

වසු පැටව් බුරුල්ලෙන් මීරි කිරි උරා බොන

අසමෝදගම් සුවඳ මා ළයට හාදු දෙන

රසඳුනකි වලිකුකුළු රැඟුම් ගෙමිදුලට එන

මට මොට ද දිවිසැරිය මෙවන් රස නොමැති තැන

නිවෙමි, නැතිනම් මියෙමි | Niwemi, Nathinam Miyemi

රු600.00
or 3 X රු200.00 with

පෙබරවාරි 11 වෙනිදා නිකුත් වේ.

 

සියුම් පපුවක් තිබේ නම්
හිස තියා නිවෙන්න
එහෙව් පපුවක් කොහෙද
නුඹේ ලඟ හැරෙන්න

නිවෙන්නට නුඹ නොමැති වූවොත්
දැවී යනවා ඇරෙන්න
විසඳුමක් වෙන දන්නේ නෑ මං
දැවෙන මගෙ හිත නිවන්න

එහෙම නැතිනම් හැකිය මට
මතක සයුරේ ගිලෙන්න
නිවෙන්නට නොව එවිට වෙන්නේ
අකාලේ ගිලී මියෙන්න

පිරිමි හිත් | Pirimi Hith

රු441.00
or 3 X රු147.00 with

කවිය පළමුව අපූර්ව විය යුතුය. තම සංවේදනාවන් රසිකයා සහානුභූතියට පත් වන ලෙස අපූර්ව ලෙස ඉදිරිපත් විය යුතුය. එසේම එම අපූර්වත්වය අනුභූතිය වසා නැගී සිටින ලෙස, සංවේදීතාව ඕලාරික අනුවේදනියත්වයක් හෝ භාවාතිෂයත්වයක් නොවනා ලෙසින් සංයතව, සංගතව ඉදිරිපත් විය යුතුය. අර්ථ, ශබ්ද, රූප රසයක් ඉස්මතු වන සේ සංකල්ප රූපිකව ඉදිරිපත් කිරීමද එසේම අවියෝජනීය වන්නේය.

අකලංකගේ ‘පිරිමි හිත් මෙම ලක්ෂණ ඔහුටම ආවේණික සියත් බවකින්, අල්පෝක්තික බවකින් යුතුව අනු දකිමින් ලියවුණු කවි එකතුවකි. විද්‍යාවේ වියලි, රූක්ෂ, ගාඩ පාරිභාෂික යෙදුම් හා සංකල්ප ඔහු කාව්‍ය සංකල්ප බවට පත් කරනා ආකාරය, රූපිකයන් බවට පත් කරන ආකාරය අපූරුය.

කේ. කේ. සමන් කුමාර