Showing 25–43 of 43 results
Price
Average rating
කවි - Poetry, සිංහල-Sinhala
බයෝ කරපු ඒ ලෙවල් 2 | Bio Karapu AL 2

එක පැත්තකට සිද්ධ වෙත ප්‍රතික‍්‍රියාවක සිමාකාරී ප්‍රතික‍්‍රියකය එක තැනකදි ඉවර වුණා එතතිං ප්‍රතික‍්‍රියාවක් නැවතුණා!
” ආදරේ කියන්නෙ සමතුලිතතාවයක්! එහෙම නැත්තං ප්‍රතිවර්ත්‍ය ප්‍රතික‍්‍රියාවක්!”
මම කොයිතරම් කිව්වත් ඔයාට ආදරේ කියන්නෙ.
එක පැත්තකට සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා!
බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya

කවි ලියවුණේ ම
මට ඔබව තදින් බදා වැලඳ
සිපගන්න ම සිතූන දිනවල ය.
”මේ දැන් දකින්න ඕනමයි” කියන… දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.
නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම
හීනයක දවටා
හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය
කප්පරක් ස්වයංවාරණ තිබ්බත්
හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්,
හුඟක් කවි ලියවුණේ ම
නුඔව ම ඇවැසියි කියා හිත
මුරණ්ඩු ම වුණ දවසට ය.
බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක් | Bodleyata Siliti Parasathu Maleka Peththak

”ආදරය නම්,
තනිය ඉසිලීම ය.
පෘථිවිය තරම් බර තනිකම,
තනිව ඉසිලීම ය.
………
………”
ආදරය නම්,
බලා සිටිනා බව
නො කියා සිටීම ය.
දරා සිටිනා බව
සඟවා ගැනීම ය.”
මං කැමති නිල් අහසට | Man kamathi nil ahasata

පාට පාට හීන උලපු
නෙක නෙක හැඟුම් ඔබපු
හීන පිරුණු සාප්පුවක අයිතිකාරියක්..
කළු පැහැයට ඇලුම් කරපු
කළු වැඩි තැන් අතින් මකපු
එහිම සොඳුරු පාට සොයන පාටකාරියක්.
දඩබ්බරම හිතක් දරපු
මුරණ්ඩු සිතුවිලි වපුරපු
ඒ අස්වනු නෙලන්න යන
හීනකාරියක්
මල් පිපෙන හිරොෂිමා | Mal Pipena Hiroshima

අපිට මේ ලොවේ තියෙන සියුම් ඉසියුම් දේවල් දකින්න විඳින්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ඒ අතරින් මා හිතන විදියට සොඳුරු දෙය තමයි කවියෙකුගේ හෘදයාංගම ඇස් බැල්ම කියන්නේ. හොඳ කවියක් නිතරම අපි නොදකිනා තෙවෙනි මානයකට අපව ගෙන ගොස් අපගේ ආත්මයේ මෙතුවක් අපට අසුනොවී ඇති තැන් අවදි කිරීමට සමත් වෙනවා. ඩිෂාන් චතුරංග කියන්නේ කවිය තුළින් අපව එවැනි තැනකට ඔසවා තැබිය හැකි තුරුණු කවියෙක් බව ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහයෙන්ම ඔප්පු කර තිබෙනවා. ඔහුට කවි ඇසුරේ දුර ගමනක් ඇති බවට මග සලකුණු මෙම කෘතියෙන් මම අත්වින්දෙමි. කවිය අවියක් කොට සමාජය අවදි කිරීමට ඔහුට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා සහෘදයකු ලෙස මම ඉත සිතින් පතමි.
– ඉලක්ෂ ජයවර්ධන
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ | Masa nimakala hadawathak wikineemata thibe

දැන්වීමයි !
ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක්
ස්නේහයේ කටු ඇනී ලේ ගැලු සිදුරු වුණු හදවතක්
අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ
මගදි හමු වූ වෙදැදුරෙක් මෙය පිළිසකර කර තිබේ…
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ
මහ සිහිනයක මිහිරි කරදර | Maha Sihinayaka Mihiri Karadara

වචන මාධූර්යයට සපුරා වසඟ නොවන අර්ථ පෞරුෂයකින් හෙබි ලියනගේ අමරකීර්තිගේ කවි මග මේ මොහොතේ සිංහල කවියේ ‘ප්‍රධාන ධාරාව’ යයි සම්මත කවි මගට නිශ්චිතවම වෙනස් ඉසව්වක විහිද යන්නකි. තේමාත්මක මානයේ සහ සංරචන විධිය යන දෙකෙහිම ඒ වෙනස කැපී පෙනෙයි. කවියට උචිත යැයි ‘ප්‍රධාන ධාරාව’ තුළ සම්මත තේමා සහ සංරචන විධි යන දෙකම අනුගමනය නොකරන කවි ඔහුගේ කවි අතර සුලබය. තමන්ගේම තානයකට තමන්ගේම වේගයකින් ගලා යන දොළ පහරක් සේ ඔහුගේ කවිය දශක දෙකකට අධික කාලයක් තිස්සේ නිහඬව පාඩුවේ ගලා යනු දැකිය හැක්කේ කවිය සම්බන්ධයෙන් වන සීමිත නිර්වචන අමතක කොට ඒ දෙස විමසිල්ලෙන් බලා සිටින තවත් කවි සිතකට පමණි. ‘එකමත් එක පිටරටක’, ‘හමුවෙද අපේ වෙණ තත’, ‘හෙවණැල්ල වී පවතිමි’ සහ ‘මහ සිහිනයක මිහිරි කරදර’ යන ග්‍රන්ථ නාමවල පවා ඒ අනන්‍ය ගමන නිරූපණය වෙයි.
ඉහත අනන්‍යතා ලකුණද ඔහුගේ කවියට විෂය වන තේමා විහිදෙන පුළුල් පරාසයද, එකවර සටහන් කිරීම සඳහා මේ කාව්‍ය ඛණ්ඩ පමණක් වුව සෑහෙයි:
‘එක කඳුළකට විතර ඉස්සර
උනිද ඔබ කෙතෙක් ලස්සන’ (එකමත් එක පිටරටක)
‘ආදි මිනිසා කවර දෙස වුව ඊය හැදුවෙද
ඒත් සමගම වෙණ තනා ඇත
මිතුර කෝ ඒ අපේ වෙණ තත
ඊ වැකුණ හද සනසවන තත
අපට හමුවෙද යළිත් ඒ තත’ (හමු වෙද අපේ වෙණ තත)
කුමුද පිපෙනා තැනක පිපුම්කාරක කවුද
පුෂ්පකාරක කවුද කුමුද ඔබ දන්නවද (මහ සිහිනයක් මිහිරි කරදර)
අමරකීර්ති හෝ එවැනි වෙනත් කවියෙකුගේ කවි මග ගැන තබන සටහනකදී අවධාරණය කළ යුත්තක් වන්නේ කලා ශානරවල සීමා මායිම් නිර්ණය පිළිබඳ අනවශ්‍ය ලෙස අනම්‍ය වීමද, ශානරයක් තුළ මතු විය හැකි විවිධත්වය සමතලා කොට බැහැර කිරීමට ඉක්මන් වීමද යන දෙකරුණම අදාළ කලාංගයේ ප්‍රගමනයට දැඩි සේ බාධා පමුණුවන බවය.
-ප්‍රභාත් ජයසිංහ.
මිහිරි මිදි අතු | Mihiri Midi Athu

ජුලි 21 වෙනිදා නිකුත් වේ.
කුහුඹුවන් මිලියනයකින් සැදි
පස් ගොඩැල්ලක් ජනපදයක් වෙන කොට,
මී වදේ මාළිගාවක් කරගෙන
මී මැස්සියක් රැජිණක් වෙන කොට
මක්වෙනවද Darling
නොගැළපෙන දෙන්නෙක්
ගැළපෙන්න හදනකොට?
එහෙම තමයි ලෝකය
විචිත්‍රවත් වෙන්නෙ
අපි කාට කාටහරි
ආදරේ කරන කොට
මේ මගේ හදවත | Me mage Hadawatha

ඉතින්,
රිදුම් සෑහෙන තියේ
මටත් මෙහි හිතවත
ඔබ ඔහොම කියවන්නේ
මේ මගේ හදවත
රිදෙනවා නම් කියන්න | Ridenawa nam kiyanna

තියුණු කටු ඇත
තවම තැන තැන
රිදෙනවා නම් කියන්න
බිඳුණු හිත මත
ඇවිද යන විට
සීරුවට අඩි තියන්න
රූපාවතරණ | Rupawatharana

ජීවිතයේ ඔබට සිටිනා සැබෑ ම හිතවතුන් කවුද යැ යි හඳුනා ගැනීමට නම්, ඔබට යම් කරදරයක් සිදු විය යුතු බවත්,එවිට ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ හිනවතුන් පමණක් බවත් සමහරු කියනු ඇත. ඒත් එහෙම නැත. මම ඊට තරමක් විරුද්ධ වෙමි!
ඔබට සිටිනා සැබෑ හිතවතුන් හඳුනා ගන්නට නම්, ඔබ ජීවිතයේ සාර්ථක වීමට පටන් ගත යුතු ය. එහෙම සාර්ථක වෙද්දී පෙර සේ ම ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ ම හිතවතුන් ය. කරදරයක දී නම් ඔබට අනුකම්පාව හෝ ලැඛෙනු ඇත. ඒත් ඔබ යම්කිසි සාර්ථකත්වයකට පත් වෙද්දී ළඟ හිඳි බොහෝ අය එහෙම ම රැඳී ඉන්නේ නැත. ඔබව වට්ටන්නට උපරිම උත්සාහ දරා ඒ බැරි ම තැන ඔබෙන් වෙන් ව ඈතට යනු ඇත.
ඒ ලබනා සාර්ථකත්වය වෙනුවෙන් ඔබ, හදවන ඇතුළාන්නයෙන් කොයි තරම් පීඩනයක සහ දරුණු සටනක නිරත වෙනවා ද යන්න ගැන හරියට ම දන්නේ ඔබ ම පමණක් ය. ඒත් කොයි තරම් අමාරු අවස්ථා වල දී වුව, නිදහස් සිනහවකින් සමාජයට මුහුණ දෙන මිනිසෙකු වන්න! ඔබට එහෙම සිනහ විය හැකි නම්, ඔබ තරම් ශක්තිවන්න මිනිසෙකු ලෝකයේ නවත් නො ඉපැදෙනු ඇත!
මේ ලෝකයේ ඇති දරුණු ම සහ බලවත් ම අවිය සිනහව පමණක් බව කියමි.
නෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ
තනි වීම වුව ප්‍රේමය ම බව
යළි යළිත් මේ අදත් පවසමි
මතක අමතක කරන්නට බැරි
බැවින් නිහඬව බිම බලා ගමි
අතීතේ මතකය දරාගෙන
නුඹව සිහි කර යළි හිනා වෙමි
තවත් රිදවිලි මොටද, එබැවින්
මෙහෙම මෙතැන ම මග නතර වෙමි.
වැස්සක වෙස් අරන් | Wassaka Wes Aran

නයෝමි අමරසිංහ අප විහාරස්ථ දායක පවුලක සාමාජිකාවකි. ඇය කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකාවක ලෙස ද නිලයෙන් නියෝජ්‍ය ලේකම් තනතුර ද දරන්නීය. ඇයගේ විවිධ නිර්මාණ විවිධ අවස්ථාවල අපගේ නෙත ගැටී ඇත. ඇයට කවි බසත් මෙන්ම අත්දැකීම් නවමු ලෙස සිය නිර්මාණයන් හරහා අප වෙත සමීප කිරීමට හැකියාව ඇති බව අපට නිරීක්ෂණය වී ඇත. ඇය සමාජය කෙරෙහි දක්වන සංවේදිතාව තුළින් ඇය ස්පර්ශ කරන සමාජ දේහයේ නා නා විධ ද දුක්ඛාන්ත, සුඛාන්ත සංසිද්ධීන් මැදි සිතින් ස්පර්ශ කොට එහි සාරාර්ථයන් සිය නිර්මාණ හරහා අපට පිළිගන්වන ලේඛිකාවක වනු දැකීම අපගේ පැතුමයි.
බටුවන්ගල රාහුල හිමි
වේදනාව මත වැහි බිඳු | RAINDROPS ON THE PAIN

හෘදයේ ගැඹුරුතම තැන් ඉඳුල් කෙරූ ඔබ ගැන වූ සියලු රෝමාන්තික මිථ්‍යාවන් තවමත් තදින් සිපගනිමි, ඉඳහිට මෙවුල්දම් බිඳිමි.
සමාන්තර විශ්වයක අපි තවම පෙම් කරනවා ඇති| Samanthara wishwayaka api thawama pem karanawa athi

දුවෙක්ට මේ ලෝකෙ වෙන්නෝන නරකම දේ
මොකද්ද කියලා මං හැමවෙලාවෙම හිතුවා
රෙඩියෝ චැනල්වල පත්තරාතර
ඒවාට නිදසුන් ටොන් ගණන් තිබ්බා
කර්ණ කඨෝර අත්වලට තනිව මැදිවීම
නපුරු රුදු පිරිමි ඇස්වලට රැයක නතුවීම
ඒවායේ පුනා පුනා හැමදාම කිව්වා
කෙල්ලෙකුට වෙන්නෝන නරකම දේ – ඒක
කාලයක් මං එහෙම හිතුවා
අත්දැකීම් නම් ගංඟාවෙ රළ අතර වැදෙමින්
ජීවිතේ පාරුව තව දුරක් ඇදුනා
ලඟින් සිටි පෙම්වතා නොකියාම පිටුපෑම
ප්‍රාණසම ස්වාමියා ජීවිතේ මඟින් හැරයාම
කෙල්ලෙක්ට වෙන්නෝන නරකම දේ වෙන්නැති
මං එහෙමත් සමහරදාක හිතුවා
ජීවිතේ හුඟක් දේවල්වලට පස්සෙත්
යුවතියක් මගේ දිවියට ආවා
තාත්තා හිටියනම් අද මෙහෙම වෙන්නෑ
දිනක් අඬනතර ඈ – මට කිව්වා
ඒ වචන පහේ ටොන්ගණන් බර
ඒ මොහොතෙ පවා මට දැනුනා
චිත්‍රපටියක නිමාවට කලින් වීරයාගේ නික්මීම
චිත්‍රපටියේ අවසානයට කොයිතරම් තදින් බලපානවද
අන්තිමේ දරුණු ලෙස මට හිතුනා
දුවෙක්ට මේ ලෝකෙ වෙන්නෝන නරකම දේ
මොකද්ද කියන එකට උත්තරය
හිතවතුනි, අවසානෙ මට ලැබුනා.!!
|තරිඳු අවිශ්ක ලියනගේ
සොඳුර එහෙමයි ප්‍රේමය | Sondura Ehemai Premaya

ගිහින් එන්නම් නොකියම
සඳක් බැස ගිය පසුවද
මල් පිපේනම් හද තුළ
සොඳුර එහෙමයි ප්‍රේමය
සෝඩා ඕන නෑ | Soda ona na

ස්තූතියි ඒ කියන්නෙ ආදරෙයි | Sthuthi E kiyanne Aadarei

යම් තැනක අතරමං වුණේ නම් පිටු අස්සේ
හංඟාගෙන හිටි මතක තමා ඔය හිත් මැස්සේ
මේ කවිය ලිව්වේම මං පොතේ පිටි පස්සේ
අවසානේ ඉඩ තියලා කඳුලකට ඇස් අස්සේ
හදිසියෙම හෝ හෙමි හෙමින් | Hadisiyema ho hemi hemin

ජුලි 21 වෙනිදා නිකුත් වේ.
වර්ෂා දියට ඇති ප්‍රේමය
හද තෙමාලන මෘදු කැල්මය
හරිත නිම්නමය අරණක
වසඟ වූ ඇස් බැල්මය
මුහුදු වෙරළත නෙත් පියන්
ජීවිතය විදාලන ඇල්මය
හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න | Hikmaweema Pinisa Me Daduwama Iwasanna

තම විමුක්තිය සොයා යන මිනිසුන් පසුපසින් පමණක් නො ව ඉදිරිපසින් ද කරදර කඩා පාත් වන්නේ, ඔවුන් ව පරීක්ෂා කිරීමට මෙහි; තම ගමන ගැන විශ්වාසවන්තයා එවැනි බාධක ගණන් නො ගෙන ඒවාට කෙළින් මුහුණ දෙමින් ඉදිරියට ම යයි. එවිට බාධක ලෙස පෙනී සිටින රකුසන් ඔහු නහය අබිසයදී ම මාවතින් ඉවත් ව පළා යයි. නිර්භය මිනිසා හමුවේ නපුර දණනමයි. ලෝකය එවන් නිර්භීත මිනිසාට උදව් කරයි; ආරක්ෂා කරයි; තම අරමුණ ජය ගැනීමට මග පෙන්වයි.