Showing 1–24 of 59 results

කවි - Poetry

Aththatama api track panapu ganu | ඇත්තටම අපි Track පැනපු ගෑනු

රු450.00
or 3 X රු150.00 with

මිනිස්සු stress වුනාම එක එක දේවල් කරනවා. එක එක විදිහට හැසිරෙනවා. සමහරු අඬනවා, නිදියනවා, අසීමිතව කෑම කනවා… ඔය වගේ විවිධ දේවල් කරලා stress එක නැති කර ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට මගේ ඔලුව පිරෙනවා. කරන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ. ඒ වෙලාවට හිතට එන දේවල් හිතේ හැටියට ලියනවා. ඉස්සර මම, මම නෙමේ වගේ ලිව්වා. ඊට පස්සේ මම, මම විදිහටම ලිව්වා. ජීවිතේ සමහර කාල එනවා අපිට අපිව තනිවම දරාගන්න වෙන. ඒක ලේසි නෑ. මොකක් හරි ක්‍රමයක් අල්ල ගන්න ඕනා අපේ හිතට නිදහසක් සැහැල්ලුවක් ඇතිවෙන. මම අල්ල ගත්ත ක්‍රමය ඔහේ ලියන එක. හිතට එන දේවල් ඒ වෙලාවෙම phone එක අතට අරන් facebook එකේ කොටනවා. ඒ කියන්නෙ, මම ට්‍රැක් පැන්න වෙලාවට කළේ බුකියේ ලියන එක. මොකද ඇත්තටම මම ට්‍රැක් පැනපු ගෑනියෙක්,

Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්

රු400.00
or 3 X රු133.33 with

මට ඕනෙ දැං ඔයා එක්ක ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීලා
අල්ලන්න වගේ දුවගෙන එන්න

අපිට ඒ ගමං පුලුවන් කංකාල පේෂියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ ගැන කියවන්න
අපේ ආදරෙත් ඒ වගේ නේද කියලා කොඳුරන්න

ඉතිං ඉක්මනට කියන්න මට ඔයා එතවද නැද්ද යන්න

Bio karapu AL special offer Book pack

රු3,755.00
or 3 X රු1,251.67 with

බයෝ කරපු ඒලේවල් – 20%  වට්ටම සමග මිල රු. 400/=

රහසින් වත් පවු නොකළ සේක – 10% වට්ටම සමග මිල රු.1350/=

මැණිකේ – 10% වට්ටම සමග මිල රු. 315/=

දඩබ්බරයා – 15% වට්ටම සමග මිල රු. 340/=

කන්දක් සේමා – 10% වට්ටම සමග මිල රු. 1350/=

පොත් 5ම වට්ටම් සමග මිල රු. 3755/=

Chennai Hadu | චෙන්නයි හාදු

රු480.00
or 3 X රු160.00 with

මේ කාව්‍ය සංග්‍රහය ගැඹුරු ප්‍රතිභා ශක්තියක් සිංහල කවිය වෙත ගෙන එයි. ඒ කවි ශක්තිය තල කිහිපයක ප්‍රකාශයට පත් වේ. සිංහල භාෂාවේ විවිධ ප්‍රස්තරවලට පිවිස, ඒවා තම කවියෙහි ජීවන අවස්ථාව සූවනය කිරීමට හරියට හරියන්නට භාවිතා කිරීමේ සියුම් භාෂා සංවේදීතාව එක් තලයකි. සම්භාව්‍ය සිංහල කාව්‍ය භාෂාවද , තරුණ පරම්පරාව අතර ප්‍රචලිත නාගරික ජන වහර ද කිවිඳිය එක තරම් බුහුටිකම් පා හසුරුවයි.

ලියනගේ අමරකීර්ති

Gini Wadunu Sithala Kavi

රු106.25
or 3 X රු35.42 with

සටනට එළැඹි සිත

කාලයේ ගංතෙර අසල
ශේෂව තිබේ
දිවියක් දිරාපත් වූ
අඛණ්ඩව පහර දෙන
ගෝනුස්සන් ලෙස රුදුරු
කැළඹී අතීත මතක
ගෙනෙයි හදට නොනැවතී
මරණයේ වේදනාව…
”ගියේ මියෙන්නට නොවෙද
නොමැරී ආවේ කිමද ?”
මළ කඳක් සේ බර වී යයි
සටනට එළැඹි සිත
කූඩුව තුළදීම
හරස් ප්‍රශ්න වලින්..

Glasiyarayaka Premaya | ග්ලැසියරයක ප්‍රේමය

රු510.00
or 3 X රු170.00 with

කවිය යනු කුමක් දැයි ග්ලැසියරයකින් අසමි

ප්‍රේමය යනු දියව යෑම ම ය. ඇතැමෙක් ප්‍රේමය වෙනුවෙන් දියව යන අතර ඇතැමෙක් ප්‍රේමය විසින් දියකර හැරෙති. ග්ලැසියරයක් වී විසීම ද, ප්‍රේමයේ උණුසුම විදීම ද කිසි ලෙසකින් වත් එකවර කළ හැක්කක් නොවේ. හිරුට පෙම් බැඳි කල හිරුගේ උණුහුමින් දියව යන ග්ලැසියරයක් සයුරට පෙම් බැඳි කල සයුර වෙනුවෙන් දියව යා යුතු ය. කවිය ද එවැන්නකැයි මට සිතේ. සිතෙහි කැටිව ගිය සිතුවිලි දියව කවියක්ව ගලාගෙන යන්නේ එකවෙහි තෙත අතගා බලන එහි සිහිලස විඳින කවරෙකු හෝ කෙරෙහි වූ ප්‍රේමය නිසා විය යුතු ය.

එකී මානව ප්‍රේමයත්, කවියක් නොවූ කවි සිතුවිල්ලත් කවියකුගේ සිතක එකවිට පැවතිය හැකි යැයි මා සිතන්නේ නැත. ප්‍රේමය පලවා හැර එකී සුන්දර සිතිවිල්ල තනිව ම විඳගැනීමට තරම් ආත්මාර්ථකාමී විය යුතු ය. නැතිනම් ප්‍රේමයට ඔහේ ඉන්නට ඉඩහැර සිතිවිල්ලට කවියක්ව ගලා යන්නට ඉඩ හළ යුතු ය. ගලාගෙන ගොස් කවියක සිහිල අයදින තවත් සිතක් සිසිල් කිරීමට ඉඩ දිය යුතු ය. එසේ නම් තමා තුළ රුවාගෙන ලොවෙන් සඟවා තනිව විඳගත හැකිව තිබූ සිතුවිල්ලක් අනෙකා වෙනුවෙන් මුදාහැරීමේ මූලික ම හේතුව ප්‍රේමය විය යුතු ය.

*ප්‍රේමය යනු දියව යෑම ය. කවිය යනු ද දියව යෑම ය. එනම් කවිය යනු අන් කිසිවක් ම නොව, කවිය යනු ප්‍රේමය ය.

Heethala Hee thala / හීතල හී තල

රු722.50
or 3 X රු240.83 with

සඟවාන තිත ඉකි බිඳුම් දියඹ ඈතක වෑවෙන සාගර රැලිද කෙතරම් වෙරළක් නොදැක ඉහිරෙන

ඔබෙන් මං මේ අහන්නෙ,

ECHO, ECG වලට අහු නොවෙන කැක්කුම් නියෙන්නට බැරිද? පිරිමින්නෙ පප්පුවල අරරැලි වගේ තනි වුණා!

Indigo Mandige | ඉන්දිගෝ මංදිගේ

රු467.50
or 3 X රු155.83 with

ඉන්දිගෝ මංදිගේ, ලක්මිණි අමරසිංහ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. එය විවිධ තේමාවන්ගෙන් විරචිත කවි හතළිහකින් යුක්තය. කවිය යනු පරිකල්පනයේ විශ්මයයි. භාෂාත්මක රමණයේ සුරතාන්තයයි. එකී සුරතාන්ත ප්‍රීතියක්
පාඨකයාට පිරිනැමීම වූ කලී වෙහෙසකර රමණයක අගස්බතය. කවියා සංජානනය කරන ලෝකය අපූර්වත්වයෙන් යළි ප්‍රතිනිර්මාණය කළ යුතු ය. පාඨකයා භාවමය සුරතාන්තයට පත් වනුයේ එකී අපූර්වත්වය නිසාවෙනි. ලක්මිණි ඒ සඳහා වෙහෙසෙනු පෙනේ තව නිරීක්ෂණ භාත්වික රමණයක මෙහෙයවනු පෙනේ. එය එක රැයක යහන්ගත වීමකින් ලබාගත හැකි සුරතාන්තයක් නොවන බව ඇත්තකි. එහෙත් ඊට දරන පරිකල්පනමය සූදානම අගය කළ යුතු ය. ඇයගේ ඇතැම් කවි අප එකී සුරතාන්ත ප්‍රීතිය සමීපයට කැඳවයි. කාලය, යනු එවැනි කවියකි. රමණයේ හදිසිය වළකා එය සන්සුන් සුරතාන්තයකට පාඨකයා යොමු කරයි.

‘ගිහින් එන ටිකට මා
හිස් කරමින් ය
ඔබ
මතකය ම
පෙරාගත්
මගේ දිවි බඳුන’

රවී සිරිවර්ධන

Lilac – English

රු765.00
or 3 X රු255.00 with

Although

She shows up

as an iron the strongest

a women is just a shop full of roses

Lilac – English

රු765.00
or 3 X රු255.00 with

Although

She shows up

as an iron the strongest

a women is just a shop full of roses

MATA MATHAKA MAMA – මට මතක මම

රු1,080.00
or 3 X රු360.00 with

මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු.

Naa Naa | නා නා

රු621.00
or 3 X රු207.00 with

මොහොතින් මොහොත

නා නා වෙනස් වීම් වලට භාජනය වන, නා නා පරිමාණයේ ජීවිත කෑළි,

නා නා තැන්වලින්,

නා නා මාත්‍රාවන්ගෙන්,

නා නා ලෙසින් අල්ලගෙන,

නා නා තැන්වල එල්ලගෙන,

නා නා චරිත අසබඩ නැවතෙමින්, නා නා වෙසින් විඳින, විඳවන,

නා නා ව්ද, හදවතේ සාක්ෂි කොටස්,

“නානා“ ලෙසින් පුස්ථක ගතකිරීමට,

නා නා හේතූන් තිබුණද,

නා නා පරාස වල දෙනෙත් හිමි, නුඹට අවැසි ලෙස,

නා නා අයුරින්

“නානා“

නුඹේ කරගෙන විඳීම හෝ විඳවීම දැන් අයිති ඔබටයි..

Nadunana Mandakini | නාදුනන මන්දාකිනි

රු425.00
or 3 X රු141.67 with

A Poetry Collection by VINYA MENIKE JAYASEKARA

උපහැරණ ද රූපක ද බහුල අර්ථාලංකාර මෙන් ම සමත අනුප්‍රාස ලෙළෙන ශලහොර මැණින් ඉල්ලමත් වින්යා මැණිනේ සන්තකයේ පවතී.

තවනාර අලංකාර පවතින්නේ වන නමුදු ගැඹුරුතර කවිය නිරායාසයෙන් ම, අවශ්‍යයෙන් ම සංයමය ද ඖචින්‍ය ද ප්‍රාර්ථනා කරයි වින්යා මැණිනේ කෙමෙන් වළැඹෙමින් සිටින්නේ එකී ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරනන්හට පේවෙන කාවක්කාර ජීවන අඩවියන් වෙන ය

වින්යාගේ කාව්‍ය වින්‍යාසය ගොඩනැංවෙන පරම අවකාශය සත්යනගනව පවනින්නේ වෙයි. ඇගේ පරිනල්පන ලෝකය යනු ගල්ෆ් සිතුවමන රේඛා වර්ණ හැඩගලුව වැහිරි හොයා දෙන ලාංකේය ජීවිතය මෙන් ම ගැඹුරු ජීවය මතත්තයන් මත ස්ථානගන වීමට වීර්යය වැඩීමයි.

“සන්තාප නැවරුණු 

හැම තනුවකම

හැම ස්වරයකම

ඇසි ඔබේ විල්ලුදමය හඬ 

මහා හිස් බවකි ජීවිතය..

මෙකී මහා හිස් බවෙන් මිදී, යථාර්ථය වෙත සේන්දු විය හැකි නාර්තික ආනුභූතික නිමේශ ගවේෂණයෙහි යෙදෙන වින්යාගේ නාකරණය වගානී නව්ය හා මනුෂ්‍ය පැවැත්ම අතර පවතින මහානාර්ය සම්බන්ධයේ පිළිබිඹුවකි.

මංජුල වෙඩිවර්ධන

Padma Thatakaya , Part 1 | පද්ම තටාකය , 1 කොටස

රු400.00
or 3 X රු133.33 with
පද්ම තටාකය නමින් කාණ්ඩ දෙකක් වශයෙන් පළවන මෙම කෘතිය රාවයේ කවි පිටුවේ පළ වූ කවි ආශ්‍රයෙන් රත්න ශ්‍රී විජේසිංහ සංස්කරණය කළ මහා කාව්‍ය කෘතියක් ලෙස සැලකිය හැකි ය.

Padma Thatakaya , Part 2 | පද්ම තටාකය , 2 කොටස

රු450.00
or 3 X රු150.00 with
පද්ම තටාකය නමින් කාණ්ඩ දෙකක් වශයෙන් පළවන මෙම කෘතිය රාවයේ කවි පිටුවේ පළ වූ කවි ආශ්‍රයෙන් රත්න ශ්‍රී විජේසිංහ සංස්කරණය කළ මහා කාව්‍ය කෘතියක් ලෙස සැලකිය හැකි ය.

Pathme Palathen Hirikada Hamagena | පත්මේ පළාතෙන් හිරිකඩ හමාගෙන

රු225.00
or 3 X රු75.00 with

පත් මේ පළාතෙන් හිරිකඩ හමාගෙන මිදුලේ වැටෙයි තෙත කඩමළු ඉරිගෙන

වැටකේ මලේ ගඟ පතුලට නැමීගෙන මැණිකේ නිදිද බලපන් හිත හදාගෙන

දුනුකේ මලයි මයෙ සක්විති විමානේ සුවඳේ ඉන්ට බෑ ගඟබඩ තුලානේ

දෙයියෝ අරන් ගිය දෝතළු පරාණේ කන්දේ පිපීයන් හඳ නැති කලාවේ

වැටකේ මලේ ගඟ පතුලට නැමීගෙන මැණිකේ නිදිද බලපන් හිත හදාගෙන