Showing the single result

චරිතාපදාන සහ ස්වයං චරිතාපදාන - Biographies and Autobiographies

ජසින්ඩා | Jacinda

රු765.00
or 3 X රු255.00 with

ජසින්ඩා ආර්ඩන් ලෝකයේ රාජ්‍ය නායක නායිකාවන් මෙන්ම ලෝක ප්‍රජාව අතරේ සහ ලෝක නායකයින්ගේ කතාබහට ලක් වූ චරිතයකි. ඇය නවසීලන්තයේ 40 වැනි අගමැති ධූරය හෙබවූවාය. ලෝකය පුරා පැතිරී ගිය කොවිඩ් වසංගතය නවසීලන්තයේ පැතිරී ගිය අවස්ථාවේදී එය රට තුළ පැතිරී යෑමට නොදී පාලනය කර ගැනීමට ඇය දක්ෂ වූවාය. ඇය ඒ සඳහා යොදා ගනු ලැබූ ක්‍රම වේදය සෑම රටකටම ආදර්ශයක් වූවාක් මෙන්ම වසංගතය නිසා ඇති වු අභියෝග වලට ඇය මුහුණ දුන් ආකාරය කාගෙත් පුදුමයට ලක් විය.

මෙම ග්‍රන්ථයෙන් හුවා දක්වා ඇත්තේ ජසින්ඩා, යහපත් ලෙස රට පාලනය කරමින්, රටේ ජනතාවගේ ආදරය දිනාගත් ආකාරය සහ නවසීලන්තය යහපත් රටක් කරන්නට ඇය විසින් ගනු ලැබූ උත්සාහය පිළිබඳ කතාවයි. ඈ සිය ආත්ම ශක්තිය තුළින් රටට කළ දේ බොහෝය. එය මෙම ග්‍රන්ථයේ දවෙන සිද්ධින් වලින් පෙනී යයි.