Showing all 3 results
Price
දේශපාලන - Political, සිංහල-Sinhala
The Conspiracy – Gotabaya Rajapaksha

මේ පොත පෙර මුදල් ගෙවීම් සදහා පමනක් ලබා දෙන බව කරුනිකව සලකන්න. එබැවින් පහත අප ආයතනයේ ගිනුම් අංකයට මුදල් බැරකර recipt පත අපට inbox කරන්න. ඉන් පසු ඔබේ ඇනවුම සකස් කිරීම සිදු වේ.
Rasakatha (Pvt) Ltd,
Sampath Bank
Borella Super Branch 021810005561
කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය | Kalpana lokawadaya sahithya kala ha makswadaya

ධනවාදය ලෝක ශ්‍රම විභජනයක් හා ලෝක වෙළඳ පොළක් මතු නො ව සත්තකින් ම ලෝක සාහිත්‍යයක් හා කලාවක් ද නිපදවීය. ඒ සමඟ ම මේ ලෝක එකමුතුව ධනවාදය යටතේ තම ප්‍රතිපක්ෂය සමඟ යෙදී සිටින මාරක අරගලයක් ලෙසින් විනා ග්‍රහණය කළ තො හැකි ය. ම්ලේච්ඡතම මට්ටම් කරා උත්සන්න කරනු ලබන ජාතික පීඩනය, වෙළඳ හා ආයෝජන බිම් සදහා අධිරාජ්‍යවාදීන් අතර සිදු වන කුරිරු තරග හා යුද්ධ, කම්කරු පන්තිය හා ගොවි ජනතාව තම නිෂ්පාදිතයේ ප්‍රතිඵල වලින් බලාත්කාරයෙන් ඈත් කර තැබීම හා අනෙක් අතට පුද්ගලයාගේ නිදහස මෙම සමස්තයෙන් පරිබාහිරය යන මායාව නිපදවීම සරච්චන්ද්‍ර නො දක්නා ඒ අනෙක් පැත්ත යි. මානුෂික අවශ්‍යතාවල, හැකියාව හා රුචිකත්වවල විශ්ව ව්‍යාපී භාවය සාක්ෂාත් වීමට මේ දෙවනු කී සියල්ල බාධකව සිටී. ඒ නිසාම විශ්ව රුචිකත්වය මෙකී භේදයන්ට හා බන්ධනයන්ට එරෙහි අරගලයක් ලෙස මිස වෙනත් ආකාරයකට ග්‍රහණය කළ නො හැකි ය. එසේ නම් මේ යුගයේ සාහිත්‍ය – කලාවන් අගය කිරීමේ මිම්ම බවට පත් වන්නේ මෙම ප්‍රතිවිරෝධය ජය ගැනීමටත් එමගින් මානුෂික පරිපූර්ණත්වය හා සුසංවාදය සාක්ෂාත් කර ගැනීමටත් මිනිස් වර්ගයාට පවත්නා උවමනාව හා ඒ සඳහා ඔවුන් ම දරන ප්‍රයත්තය නො වේ ද? මෙලෙසින් ලෝක විප්ලවය මේ සාහිත්‍ය – කලාවන් විචාරය කිරීමේත් ඒවා ම මිනිසා සඳහා උපුටා ගැනීමේත් එක ම මානය බවට පත් නො වන්නේ ද?
ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය | Janadipathi Dhurayen Ma Nerapime Kumanthranaya – Gotabaya Rajapaksha

2019 නොවැම්බර් මාසයේදී තමන් ජනාධිපති ලෙස තේරී පත්වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය හා දේශීය පාර්ශ්ව තමන් බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනාවරණය කර තිබේ.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනාධිපතිධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමින් එළිදක්වන මෙම කෘතියෙන් ඒ කරුණු හෙළි කරණ බවයි.
ඔහු පවසන්නේ, තමන් ජනාධිපතිධූරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය, නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාරී බල හුවමාරු පමණක් අත්විද තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක්කර ඇති බවයි.
එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිශේදනාත්මක ආනිසංස ඇති කරන කාරණයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මෙහි අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳව සෘජු අත්දැකීමක් බව ඔහු සඳහන් කරයි
මේ පොත පෙර මුදල් ගෙවීම් සදහා පමනක් ලබා දෙන බව කරුනිකව සලකන්න. එබැවින් පහත අප ආයතනයේ ගිනුම් අංකයට මුදල් බැරකර recipt පත අපට inbox කරන්න. ඉන් පසු ඔබේ ඇනවුම සකස් කිරීම සිදු වේ.
Rasakatha (Pvt) Ltd,
Sampath Bank
Borella Super Branch 021810005561