Price
Average rating
දේශපාලන - Political
MICHELLE OBAMA – මිෂෙල් ඔබමා

ඇමරිකානු කළු රැජින හෙවත් මිෂෙල් ඔබාමා හුදෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ බිරිඳගේ කතාව නොවේ. ඇය නිතීඥවරියකි. ආදරණිය දියණියකි, මවකි, ධෛර්ය සහ ශක්තිය දුන් බිරිඳකි.
ඇය කියවීමෙන් ගැහැණියකට අභියෝගයන්ට, විවේචනයන්ට මුහුණ දෙන ආකාරයත්, තම වෘත්තීය ජීවිතය සමගම පවුල් ජීවිතය ද පවුල් ජීවිතය සමග දේශපාලනය කටයුතු ද සමබර කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳ කදිම ආදර්ශක් ලබා ගත හැක.
Muthu Wisi Kireema | මුතු විසි කිරීම | Casting Pearls

මුතු විසිකිරීම – ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය හා සම්බන්ද ස්ත්රීන්ගේ ප්රථම අරගලය පිළිබඳ විස්තරයකි. සර්වජන ඡන්දබලය පිළිබඳව උණුසුම් වාද විවාද සිදු වූ මෙන්ම ශ්රීමත් පොන්නම්බලම් රාමනාදන් ස්ත්රීන්ට ඡන්ද අයිතිය ලබාදීම ඌරන් ඉදිරියේ මුතු විසිකිරීමක් හා සමාන යැයි ප්රකාශ කරන ලද 1920 දශකය යනු දේශපාලන ප්රබෝධයක් හා සමාජ විපර්යාසයන් සිදු වූ කාල පරිච්ඡේදයකි. ස්ත්රී ඡන්දබල සංගමයේ පුරෝගාමී ස්ත්රීහු සියලුම ආධානග්රාහින්ට අභියෝග කළ අතර ස්ත්රීහු ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය, මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතිය සහ ව්යවස්ථාදායකයේ අසුන් ගැනීමේ අයිතිය වැනි ස්ත්රීන්ගේ මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව ඉදිරියට පැමිණියහ. ඩේසි බණ්ඩාරනායක ආර්යාව, වෛද්ය නල්ලම්මා සත්ය වාගීස්වර අයියර්, ෆ්ලොරින්ඩා විජේකෝන්, ඇග්නස් ද සිල්වා, වෛද්ය මේරි රත්නම්, නෙලී ගුණසේකර සහ ලීලාවතී අසරප්පා ඇතුලු සියළුම ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් උද්යෝගිමත් ස්ත්රීහු බොහොමයක් මෙම ව්යාපාරයට නායකත්වය දුන්හ. ඔවුන් මුහුණ දුන් විරෝධය විකාරරූපී බවකින් හා නිස්සාරත්වයෙන් යුක්ත වූ අතර එම විවේචන පාලනය කරගැනීමටත් ඒවාට තියුණු පිළිතුරු දීමටත් ප්රතිසංස්කරණවාදීනියන්ට හොඳින් හැකිවිය. සර්වජන ඡන්ද අයිතිය සහ ස්ත්රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ප්රජාතන්ත්රවාදයේ අත්යවශ්ය අංගයක් යැයි විශ්වාස කළ ලිබරල් හා ප්රගතිශීලී පිරිමින්ගේ සහායද ඔවුන්ට ලැබුණි. 1932 වන විට රාජ්ය මන්ත්රණ සභාවේ ස්ත්රීන් දෙදෙනෙක් විය. ඔවුන් ඇඩලීන් මොලමුරේ සහ තේසුම් සරවනමුත්තු ය. මෙම කෘතිය ශ්රී ලංකාවේ ස්ත්රී ඉතිහාසය ලේඛනගත කිරීමට වැදගත් එකතු කිරීමක් වනු ඇත.
ස්ත්රීවාදී ගැටලු පිළිබඳව බෙහෙවින් ලිපි ලේඛන ලියා ඇති මාලතී ද අල්විස් මානව විද්යාඥවරියකි.
කුමාරි ජයවර්ධන දේශපාලන විද්යාඥවරියකි. කම්කරු ව්යාපාරය, සමාජ පංති, ජනවාර්ගිකත්වය සහ ස්ත්රීවාදය යන ක්ෂේත්රවලට අදාලව ලිපි ලේඛන ප්රකාශයට පත් කර ඇත.
Nawaya Sagawunu Kathawa | නවය සැගවුණු කතාව

මේ ඔබ අතට පත්වන සුවිශේෂ කෘතියෙන් අද්‍යතන ලෝකයෙහි ක්‍රියාත්මක වන දේශපාලන සහ ආර්ථික තර්කනය පමණක් නොව 20 වන සියවස මැද භාගයේදී ආරම්භ වූ මානව සමාජ පරිණාමය පිළිබඳ තර්කනය තුළ ශ්‍රී ලංකාව ඇතුළු අලුත නිදහස ලද රටවල වර්තමානය අවබෝධකර ගැනීම සඳහාත් අනාගත ඉරණම් කෙරෙහි පර්යාලෝකනයක් ඇති කර ගැනීම සඳහාත් මාහැඟි ප්‍රවේශයක් සපයයි. මීට වසරකට පෙර ශ්‍රී ලංකාව තුළ දිග හැරුණ සිද්ධිය පාදකව සහ මූලාශ්‍රව එය සමාජ පරිණාමීය සහ ව්‍යූහාත්මක සන්දර්භයක තබමින් සිදු කොට ඇති විග්‍රහය ශ්‍රී ලංකේය මෑත කාලීන දේශපාලන චින්තනය තුළ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව අපගේ හැඟීමයි. සමාජ, දේශපාලන සංසිද්ධීන් සහ ක්‍රියාවන් පිළිබඳ ලිවීමේදී, විචාරයේදී බොහෝ විට සිද්ධිමය සහ ප්‍රපංචමය රාමුවෙන් ඔබ්බට නොයාම් සාමාන්‍ය තත්ත්වයක් වුවත් එම සුපුරුදු තත්ත්වය මෙහිදී අතික්‍රමණය කර තිබීම විමල් වීරවංශ පර්යේෂකයාගේ දේශපාලන භාවිතයේ සහ පරිචයේ පමණක් නොව ඔහුගේ සංකල්පීය න්‍යායික නැඹුරුවේ විශේෂත්වයකි. පර්යේෂකයාට සාමාන්‍ය සමාජ දේශපාලන චින්තනය තුළ ආධිපත්‍යය දරන්නාවූ සාධකවේදී සහ ප්‍රපංචවේදී සීමාවලින් ඉදිරියට ගොස් මානව සමාජ පරිණාම ක්‍රියාවලියෙහි ගැඹුරෙහි නිලීන ගනික සහ ප්‍රවණතා, විද්‍යාත්මක ප්‍රවේශයකින් ගෙනහැර දැක්වීම සඳහා 20 වන සහ 21 වන සියවස්වල කීර්තිමත් දේශපාලන චින්තකයින් වන ඇලෙක්සැන්ඩර් සෙනෙව්යෙව්, දිමිත්‍රී ට්‍රෙනින්, ඇලෙක්සැන්ඩර් ඩුගින් යන අයගේ න්‍යායික සහ ක්‍රමවේදී අභාසය ලැබී ඇති බව පැහැදිලි වෙයි.
මහාචාර්ය ටියුඩර් වීරසිංහ ශ්‍රී පාලී මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලය
Newton Gunasinghe – Lipi Ekathuwa 1 – නිව්ටන් ගුණසිංහ ලිපි එකතුව 1

Niyatha Wiwaranaya | නියත විවරණය

Nonimi Aragalayaka Mathaka Gini Pupuru | නොනිමි අරගලයක මතක ගිනි පුපුරු

අපි තෙවැනි බිම්බෝම්බයේ පිහිට සෙව්වෙමු. එය මහ හඬින් පුපුරා ගියේය. නමුත් පිපිරීමෙන් තැනුනේ කෙනෙකුට පහත් වී රිංගා යාමට හැකි ප්‍රමාණයේ කුහරයකි. හිරගෙදර හා අවට වෙඩි හඬවලින් ගිගුම් දෙද්දී අපි කරුවලේම තාප්පය අසලට රොක් වෙමින් සිටියෙමු. ස්වයංක්‍රීය ගිනි අවිවලින් වෙඩි උණ්ඩ එක පිට එක මුළු හිරගෙදර පුරා ගිනියම් වූ ආලෝක ධාරාවන් මැද එල්ල වෙමින් තිබුණි. පිටත සිටි කණ්ඩායම් දෙක විටින් විට කරන වෙඩි තැබීමට ගුවන් භටයෝ වෙඩි සිය දහස් ගණකින් පිළිතුරු දෙති. අපට තිබුණු එකම වාසිය බේස්ලයින් පාරේ තිබූ සන්නද්ධ රථය ක්‍රියාත්මක නොවීමය. ඒ වෙනුවෙන්ම අපේ හොඳම වෙඩික්කරුවෙකු යොදවා තිබිණ. ඔහු වෙස්ලි විදුහල ඇතුලේ සිට නොකඩවාම වෙඩි තබමින් ප්‍රහාරක ගුවන් භටයා සන්නද්ධ රථයට ඇතුළුවීම වළක්වමින් සිටියේය. ඒ වගකීම හරියටම ඉටු කළේ ලයනල් රණසිංහය.
බෝම්බයෙන් පුපුරා ගිය කුහරය අසලම අට්ටාලයේ සිටි භටයා වෙඩි තබද්දීම ඉණිමඟ දිගේ උඩට ගමන් කළ උපාලි දිවි නොතකා පෙට්‍රල් බෝම්බයක් රැගෙන අට්ටාලයට කිට්ටු වෙද්දී සෝමෙ ඉතා හැඟුම් බර ලෙස “උපාලි බලාගෙන මූ වෙඩි තියාවි උඩටම යන්න එපා” යි කීවේය. ඒ අතර තාප්පය අසල උන් අපි සැවොම ගිනි අවිය බිමට දා යටත් වෙන ලෙස ගුවන් භටයාට කෑගසමින් සිටියෙමු. ඉණිමග දිගේ උඩට ගිය උපාලි පැටුල් බෝම්බය විසිකිරීමට පෙර ගුවන් භටයා අවියත් සමගම අට්ටාලයෙන් බිමට පැන පලා ගියේය. ඈතින් පිහිටි අට්ටාලවල සිටි ගුවන් භටයන් වෙඩි තබා ගනිමින් සිටින්නේ පිටත සිටි අපේ කණ්ඩායම් දෙක සමඟය. එහෙත් දැන් ආසන්න අනතුරු අවසානය. අපි ආසියාවේ විශාලතම හිරගෙය බිඳ වාර්තාවක් තැබීමට සුදානම් වෙමින් සිටියෙමු.
Okkoma Rajawaru? Okkoma Wesiyo? – ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ

මෙම කෘතිය රාජ්‍යය යන දේශපාලන සංකල්පය පිළිබදව ගැඹුරින් හැදින්වීමක් ලබා දීම පිණිස ය. උසස් අධ්‍යාපනය ලබන සිසුන්ටත් වෘත්තීය දේශපාලනඥයන්ටත් දේශපාලන වශයෙන් සවිඥානක පුරවැසියන්ටත් එකසේ ප්‍රයෝජනවත් කෘතියක් ලෙස මෙය හැදින්විය හැකිය.
Pannaraya | පන්නරය

Pasubata Weemata Kalak Nomatha | පසුබට විමට කලක් නොමැත

Politics, Debates and Discourses of State Reform in Sri Lanka

Prabhakaran Parajaya Kirima | ප්රභාකරන් පරාජය කිරීම

Prajathanthrawadaya Kumakda? Kageda? Ka sadahada? Kumatada? ප්රජාතන්ත්රවාදය කුමක්ද? කාගේද? කා සදහාද? කුමටද?

Raajya Prathisanskarana Monawada? Kumatada? Katada? – රාජ්‍යය ප්‍රතිසංස්කරණ මොනවාද? කුමටද? කාටද?

Sabhyathwa Rajya | සභ්‍යත්ව රාජ්ය

නූතන විද්වතුන් අතර ගැඹුරු හා පුළුල් සංවාදයට ලක්වූ මාතෘකාවක් වන ‘ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය පිළිබඳ නවතම විවරණයක් මෙම කෘතියේ අඩංගු වේ.
සහාත්ව රාජ්‍ය ආදී බෞද්ධ ආණ්ඩුක්‍රම සංකල්පයක්ය යන වඩාත්ම නවත මතයක් මෙම කෘතිය තුළින් එහි කතුවර බන්දුපාල ගුරුගේ මහතා ඉදිරිපත් කරයි.
ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව තුළදී සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය කරළියට රැගෙන ආවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසිනි. ඉන් අනතුරුව මෙම සංකල්පය සඳහා බිහි වූ වඩාත්ම විචාරාත්මක කෘතිය මෙය වේ.
මනුෂ්‍යයාගේ මනස කෙළවරක් නැති ධන තෘෂ්ණාවෙන් අවුල්කර අහේතුකව ඔවුනොවුන් මරා ගන්නා ශෝකාන්තය කෙළවර කර ගැනීමේ මග පැදි ඇත්තේ, සිය සභ්‍යත්ව රාජ්‍යය තුළිනැයි යන මතය කතුවරයා විසින් වඩාත් විද්‍යාත්මක හා දාර්ශනික පසු බිමක් සහිතව පුළුල් විමසුමකට හසු කරයි.
Samaja Dathiroda Thanana Mahajana Wyaparaya | සමාජ දැතිරෝද තනන මහජන ව්යාපාරය

Samaja Nayaya saha Bhavithaya – Jathika Chinthanaye Ganadura – සමාජ න්‍යාය සහ භාවිතය – ජාතික චින්තනයේ ගණදුර

Samajaye Api Okkoma Samanai – සමාජයේ අපි ඔක්කොම සමානයි

Samajeeya manaveeya vidya paryeshana – සමාජීය මානවීය විද්‍යා පර්යෂණ
