Showing 1–24 of 111 results
Price
නවකතා - Novel, සිංහල-Sinhala
08:45

“ හිතට දැනුණ අසීමාන්තික වූ වේදනාවන් විදවීමක් ලෙස නොව විඳීමක් ලෙස නුඹ නිසා ම තෝරාගනිමි.
නමුදු ජීවිනේ එක් කාර්තුවකදී, අවාරයේ හමු වී හදවතින් ම වැළඳ ගත් නුඹව අන්හැරීමට සිදු වුවහොත් එය මාගේ උපරිමය බව සිහිපත් කරමි. ඉතින් පෙර සේම මා නැති වුවද නුඹ යන ගමන් මගෙහි කහකෝනා මල් ඉහිරේවා. එය මාගේ අවසන් පැතුමයි. ’’
96 පෙම් පුවතක් | 96 Pem Puwathak

නින්ද යන්නෙ නැති එක දවසක මම කාමරේට වෙලා රේඩියෝ එක ටියුන් කර කර ඉද්දි හරිම ලස්සන කටහඬකින් ඇහුණා කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ,, වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා කියලා. ඇත්තමයි ඒක මිල්ටන් කියනවටත් වඩා ලස්සනට මට ඇහුණේ. මේ වෙලාවෙත් කොහේ හරි කඳු පාරක ගෙදරක හඳ පායපු මෙහෙම රෑක මාව අහගෙන නේද ඔයා ඉන්නෙ කියල එයා ඇහුවා. මම හිටියෙ හැමවෙලේම වාහන හෝන් ඇහෙන කලබල නගරෙක උනාට ඒ රාත්‍රිය හරිම නිශ්ශබ්දයි. මට දැනුණා එයා කතා කරන්නෙ මට කියල. එයා තමා නාත් ඇහැළේපොළ.
It’s you, No It’s me | ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

නමක් දෙන්න බැරි මේ අමුතු හැඟීමටද ආදරේ කියන්නේ. ඒත් දැක්ක ගමන් ඇතිවෙන ආකර්ෂණයකට වඩා දැනෙන්නේ කල්ප ගණනක් තිස්සේ අඳුනගෙන හිටියා වගේ අමුතුම හුරුවක්. සමහර විට ආත්මගත බැඳීම් කියන්නෙ මේ වගේ දේවල්වලට වෙන්න ඇති, ඉතින් ඒ හැඟීමට ඔහේ පණ ගහන්න ඉඩ දෙනවද, මුකුත් නොදැනුණ ගණනට ඉන්නවද නැත්නම් මේ නමක් නැති හැඟීමට ආදරේ කියන නම දෙනවද?
Kasthuri Suwada | කස්තුරි සුවඳ

පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.
“මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”
– රුෂිර මාණික්‍ය දේවප්‍රිය –
කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…
“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”
– සුවහස් මනරු හැඩපත්විල –
*මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.
Romance, LGBTQIA+, New Adult
Love Sex & Jealousy | ආදරය ලිංගිකත්වය සහ ඊර්ෂ්‍යාව

ආකර්ෂණය ඇලීම ආදරය කියන අවශ්‍යතාවෙ එක උවමනාවක්.
ආකර්ෂණය කියන්නෙ ආදරය කියන වචනෙ උවමනාවක්. අම්ම තාත්ත හෝ නෑදෑයෙක් රිප්ලේස් වීමක් වෙන්නෑ. ඒ එපා වීම නැති කරගන්න තියෙන උවමනාවලට මනුස්සයෙක් මාරු වෙනව. මනුස්සයෙක් විරුද්ධ ලිංගිකයකු සමඟ සෙක්ස් කිරීම හෝ සමලිංගිකයකු සමඟ සෙක්ස් කිරීම ආදරයේ එක උවමනාවක්. සෙක්ස් කියන්නෙ ආදරයෙ උවමනාවක්. එක් පුද්ගලයකු සමඟ විවිධ ලිංගික අත්හදා බැලීම් කාලයත් සමඟ එපා වීම සාමාන්‍යයි.
සම්බන්ධයකින් වෙනත් සම්බන්ධයකට මාරු වීම හෝ අනියම් සම්බන්ධයක ඇසුර හෝ සෙක්ස් කිරීම හෝ දුරකථනයෙන් කතා කිරීම උවමනාවෙ තියන එපා වීම නැති කරනව. උවමනා සියල්ල මනුස්සයාගේ ඩිසයර් එක මත තීරණය වෙනව.
මේ මොහොතෙ මට උවමනා මගෙ හැඟීමක් තව කෙනෙක් එක්ක ෂෙයාර් කරගන්න නම් ඒ හැඟීම ෂෙයාර් කරගන්න පුළුවන් හෝ ඒ හැඟීම කියන පුද්ගලයා ගැන ඒ මොහොතේ තියෙන්නෙ ආදරයක්. මේ මොහොතේ මට ඕනෙ සෙක්ස් කරන්න නම් මට ඕනෙ මගෙ සෙක්ස් ඩිසයර් එක ඉෂ්ට කරගැනීමක්. ඒක ෆෝන් සෙක්ස් වෙන්න පුළුවන්. පෝන් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ලිංගික සහකරු හෝ ගණිකාවක් වෙන්න පුළුවන්. ඒ හැම උවමනාවක්ම ලීඩ් වෙන්නෙ ආදරය කියන අවශ්‍යතාව ඉෂ්ට කරන්න.
My Bully My Love

“පපු කැවුතු අස්සට ලෝදිය ගලනකොට, වියරු වැටෙන මේ ඇස්වත් නවත්තගන්න බැරි මට සමාව දීපන් මල. ඒත් හිරෝශිමාවට බෝම්බ නොවැටෙන්න දුන්න පොරොන්දුව අදටත් වලංගුකොට, ඔලියන්ඩර් මල තැලෙනවා බලන් මේ හිත කොහේ ඉවසන්නද..
ඉතින් බලන් ඉන්න අමාරුයි මේ හිතට තව.. නත්තල වෙනකන් කල් දුන්න මේ හිත නපුරුයි කියලා නොදන්නවා නෙවේ මම.. ඒත් කලු පාටට හැරීමක් නෑ තව.. පාර කැපිලා තියෙන්නේ තව්තිසාවට නෙවේනේ මල මට..”
─────────────
චක්‍රාවාට පොකුරු මිලියන ගණන්! ක්ෂීරපථය එක වැලි තුඩක්!
‘ජීවය නැති බව අනුමානය- ‘
ම්හ්ම් ! ජීවය ඇති කප්පරක් !
ඒ මන්දාකිණියක් හොරාට ඇවිදින් චුට්ටන් ඇස් අස්සක හැංගිලා කාටත් හොරෙන්!
වහ වැටිලනේ ඒ ඇස්වලට සඳවතක්!
කොහොම අමතක කරන්නද අලු ගොඩෙන් පිපුණ ඔලියන්ඩර් මලත්!
ඒත් ඒ හිත..
කෙනෙක්ට මලක්, කෙනෙක්ට හඳක්, කෙනෙක්ට..
යකෙක්..!
─────────────
ඉතින්, හැල්මේ දුවන ලෝකයේ විඩාබර වෙන ඔයාට, හිතුණා නම් වෙනස් කතාවක නැවතිලා හුස්ම ගන්න, මනාප නම් රහස් ගොඩක් අස්සේ හැංගිලා විටින් විට පුදුම වෙන්න, ලෝභ නම් අසීමාන්තික බැඳීම් අස්සේ හිත රිදෙන ගමන් නිවෙන්න, මේ කතාව ඔයාට..
MY DEAR Crush | A Flower Without A Name

“අයිම් බිසී නව්…”
“යර්ස් අයි (ක්)නෝ… බට් අයි වොන්ටු ටෙල් යූ නව්, අයි ලව් යු…
එයා ඒ වචන ටික කියලා අතෑරියා. මම හිනාවෙලා ආපහු කැම් එකට ඇහැ තිබ්බා. ඔව් හරියටම දහයයි දහයයි
වෙලාව. හිරෝශිමාවටයි නාගසාකියටයි බෝම්බ දැම්ම වෙලාව. ඒකනේ හැම ඔරොලෝසු කඬේකම හැම ඔරලෝසුවක කටු දහයයි දහයට පටන් ගන්න නතර කරලා තියෙන්නේ.
එදා ඒ මහා අපරාදේ වෙලාවේ නතර වුණු හිත වගේ මගේ හිතත් නතර වුණා.
Nostalgia | නොස්ටැල්ජියා

ඇඳක් උඩ ගුලි වෙච්ච අවුරුදු විස්සක – විසි එකක තරුණ කෙල්ලෙක්ට බැරි වුණාම තනිකම උහුලගන්න… ඇයගේ හීන ලෝකේ, එහෙම නැත්තම් ෆැන්ටසියේ අවකාශය ආදරේ විදියට පේන එක, දකින එක යථාර්ථයේ ඉඳන් බලද්දී තාර්කික නොවුණත්…ෆැන්ටසියට අඩිය තිව්ව දාක සර්වසාධාරණයි… ඒකත් හරියට කුමාරයෙක් නැති සුරංගනා කතාවක් වගේ…
ආදරය සමානයි අවකාශය බව සහතිකයි… ඒත් අවකාශය සමානයි හිස් බව යන්න සම්පූර්ණයෙන් ව්‍යාජයි… හේතුව ආදරය ගිලගන්නේ අවකාශයම නම් මුහුදයි, අහසයි කියන්නේත් අවකාශයේ කොටස් නේද…
මොකද තනි වුණු මිනිස්සු හැමදාම හුස්ම පිට කළේ මුහුද දිහා බලන්… කඳුළු පිහදැම්මේ අහස දිහා බලන්… නොපෙනෙන ආදරේ හොයන එක නතර කරන්න. මොකද අවකාශයට පාටක් නෑ… එක්කෝ ඒ පාටට නමක් මම දන්නේ නෑ… ඒත් පේන ආදරේ දිහා බලන්න… ඒ කිව්වෙ අහසයි මුහුදයි දිහා බලන්න…
ආදරේ ලස්සනයි… ආදරේට කැමති පාටක් දෙන්න පුළුවන්…
හරියට ඔයා නිල් පාට දුන්නා වගේම…
The Red Note | අවසන් රතු නිවේදනය

මහ හයියෙන් කෑගසා හඬන්නට තරම් වේදනා දෙන සිරුර දියෙන් ගොඩට ගත් මාළුවෙකු සේ වේගයෙන් ගැහුණි. ලේ වගුරකින් පාළු නිවස තෙමි යද්දී ඝාතකයා ඇයගේ දෑත් වැලමිටට පහළින් කපා වෙන්කර බිම දැමුවේ ය. අධික වේදනාවෙන් ගැහෙන ඇයගේ සිරුර දෙස බලා පා පහරක් එල්ල කළ ඝාතකයා තමා ගෙන ආ මන්න පිහිය ගෙන වැන්දඹු ගැහැනියගේ ගෙල කපා, හිස වෙන්කර තම අතට ගත්තේ කුරිරු ලෙස ය.
කඳෙන් වෙන් කළ හිස ගෙන එයට විදුලි පන්දම ඇල්ලූ ඔහු ඇයගේ දෑස් දෙස බැලුවේ ය. කඳෙන් හිස වෙන් කරන විට තරමක් පිටතට පැමිණ ඇති දැස් තුළට නම් දබරැකිල්ල ඔබ්බවා දැස් උගුල්ලා එළියට ඇද දැමූ ඝාතකයා බිම වැටුණු ඇයගේ දැස් යුගල සපත්තු අඩියෙන් පාගා පොඩිකර දැමුවේ ය. ලේ විලක් වූ පාළු නිවස තුළ අවසන් හුස්ම හෙලූ වැන්දඹු ගැහැනියගේ හිස ගෙනවිත් වැට කඩුල්ලෙහි එල්ලු ඝාතකයා තම ආයුධ බෑගය ද ගෙන රහසේම කැලයට පිටව ගියේය.
THE SECRET

උන ගෑණියෙක් කියන්නේ තමුසෙලා වගෙ මානසික අසහනකාරයින්ගෙ අතේ නැටවෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. ගෑණු කියන්නේ රෝස මල් කියලා කියන පිරිමින්ටම අමතක වෙනවා රෝස මලෙන් කටු නියනවා කියලා. කටු මග ඇරලා පරිස්සමට මල නෙලාගන්න හැමෝටම බෑ. නමුසෙලා වගෙ උන්ට කොහොමත් බෑ මල තලන්න චීන තමුන් වගෙ උන්ට වෙන්නේ මේ වගෙ කටු ඇනගන්න විතරයි. එකක් මතක තියාගන්නවා නෙහාන් තහි උනත් සිංහ ධේනුවගෙ රැස් බහින්නේ නෑ. සිංහයෝ කවදාවත් සුනඛයෝ එක්ක නිදි වැදුනේ නෑ.
TOXIC | ගර්භ විස

සැප්තැම්බර් 15 නිකුත් වෙයි.
වර්ණ පිටු 08
කහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්‍රශ්න කළා.
‘ ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ…?’
ගැනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි.
පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක…. දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක….
කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.
දරා ගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..
අක්කර පහ | Akkara Paha

ලාංකේය නවකතා සාහිත්‍යය තුළ දේශජ ගුණ සුවඳින් යුතු නවකතාවක් ලෙස අක්කර පහට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අඩසියවසක් පුරා පාඨක විචාරක අවධානය මැනවින් ග්‍රහණය කරගත් මෙම නවකතාව විවිධ විභාග පරීක්ෂණ සඳහා නිර්දේශ වී ඇති අතර, සිනමා සිත්තමට ද නැඟුණු අපූරු ගද්‍ය කාව්‍යයකි.
අගත අනගත | Agatha Anagatha

සෙයිතාන් විසින් පාපයට පොලඹවනු ලදුව
ස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත්
ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළ
පාසටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන්
නැව් නැගී ඔහු සෙරන්ඩිබයට ආවේය.
අඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබ
අවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහු
බිලිගත් සර්පයාත් සෙයිතාන්මද? සෙරන්ඩිබයේ
මිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර්ද
සියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගිය
බිමෙන් උපුටා හළ කදීර්ගේ මතකයද අගත
අනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්ව
පිපුණේය.
ඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමයේ සිට
ගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය.
අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවද
එසේමය.
අපෙයක්කා | Apeyakka

අපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත. ඒ බැන වැඩක් නැති නිසා ය.අක්කා අප පවුලට ලැබුනේ වරක් තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දු වු බාරයක් ඔප්පු නොකිරීම නිසා බව, අම්මා හැම තිස්සේම පැවසුවා ය. අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරි ය. වරක්, ඇය හැදු කේක් එකක් කා අපේ බල්ලාට ඌගේ දත් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි විය. අදටත් අම්මා ඌට මස් දෙන්නේ අඹරා ය. එදා සිට ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම පමණ ය. අක්කා කෑම රැගෙන එන විට ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේ ය.
අබාසත්ති | Abasaththi

“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි
මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී
නොමරා!”
“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…
” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…
කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?
අමාවක හස | Amawaka hasa

ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…
මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.
ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා
මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර?
ඒ දෙකම එපා
එහෙනම්?
මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…
අමුතු දීගේ | Amuthu Dige

මට විකුම් ගැන ඇත්තේ දුකකි. ඔව්.. මම විකුම්ට සමාව දෙනවා…
ඒ මම ඔහුට මෙතරම් කාලයක් කර ඇති බොරුව නිසයි… මම දැන් ඉන්න තත්ත්වයට වඩා, වෙනස් විදිහෙ පිරිසුදු ගැනු කෙනෙක් උනානම්.. කිසිදා මම විකුම්ට මේ විදිහට සමාව නොදෙනු ඇත.
මගේ අතින් උන වැරැද්දට මට කරන්න පුළුවන් හොඳම දේ මෙයයි. මේ බව දැනගත්තාට පසු මගේ හිතේ කියා ගත නොහැකි පුංචි සැනසිලි ගතියක් දැනෙන්නට පටන් ගෙන ඇත.
මගේ අතින් වගේම විකුම් අතින්ද විවාහයෙන් පසු, අපි ඈත්වී සිටි කාලයේ වැරදි සිදුවී ඇත. මට දැන් හිතෙන දෙයක් තමයි, අලුත විවා පත් වූවන්, මොනතරම් අගහිඟකම්, බාධක කම්කටොලු තිබුණත්… ඒවා විඳ දරාගෙන එක තැනක, එක කුලී කාමරයකු හෝ එකට වැටි එක විදිහට පවුල් කෑ යුතු බවයි… තරුණ කාලේ හිත්, එහේ මෙහේ යන කාලවල දෙදෙනා දෙතැනක සිටියොත් ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පසු කාලයක සිදුවන්නේ ඔවුන්ගේ දරුවන්ට බවද මට දැන් පසක් වී ඇත.
අවපසට ආවඩම් | Awapasata Awadam

ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක් ද? එයට සීමා මායිම්, වයස අදාලම නැත. මිනිසුන්ට ඔවුන්ගේ සැබෑ ආදරය මැදි වියේ වුවද මුණ ගැසිය හැක. කුඩා කල ඔහු අතින් අල්ලාගත්, ආරක්ෂා කළ දියණිය කෙරෙහි තිබූ දාරක සෙනෙහස ඇය තරුණියක් වූ පසු ප්‍රේමයකට පරිවර්තනය විය නොහැකි ද? ඔවුන්ගේ හදවත් මේ ප්‍රේමය අභියස කෙසේ ප්‍රතිචාර දක්වයි ද?
මැදිවිය ඉක්මවූ පිරිමියෙකුගේ ප්‍රේමයේ අපූර්වත්වය තරුණියකට කෙසේ දැනිය හැකිද?
ඉමාට වඩා අවුරුදු විස්සකින් වැඩිමල් නිසල්ට ඉමාව දැනෙන්නේ අතීතයේ දුටු පුංචි දැරිවිය හැටියටමද?
ප්‍රේමයත් , ගෞරවයත් , සීමාවන් අතික්‍රමනය කිරීමට ඉවසීමෙන් නිසිකල් බලාඋන් ආදර අන්දරය…
අවපසට ආවඩම්
අවුරුදු පහළොවකට පස්සෙ | Awurudu Pahalowakata Passe

“දවස් පහක් තිස්සෙ අපි උත්සාහ කළා… ඒත් වැඩක් වුණේ නෑ.. දැන් එයාගෙ මොළේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මොළය මිය ගිහින්.. ඒ නිසා තව දුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක තේරුමක් නෑ…. ඒක දැන් අයින් කරන්න ඕනැ… මොකද ඔයගොල්ලො කියන්නෙ ”
ඔහු ඉතා සන්සුන්ව පැවසුවේ ය.
“අනේ එපා ඩොක්ටර්… තව එක දවසක් බලමු.. හෙට උදේ අන්තිම බෝධි පූජාව.. එතකොට වරු හත සම්පූර්ණයි… මට විශ්වාසයි එයා සනීප වෙනවා.. අනේ මැෂින් එක ගලවන්න නම් එපා… වඳින්නම් ඩොක්ටර් තව එක දවසක් ඉවසන්න…’
කළු ගැහැනිය මහ හඬින් කෑ ගසා කීවාය.
“ඔයා ලෙඩාගෙ කව්ද?..”
වෛද්‍යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවේ ය. ඒ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ ඇය ඉකිගසා හඬන්නට වූවාය. එවිටම සුදු ගැහැනිය ඉදිරියට ආවා ය.
“මමයි ඩොක්ටර් එයාගෙ වයිෆ්… මට ඩොක්ටර් කියන දේ තේරෙනවා.. කමක් නෑ.. මෙෂින් එක ගලවන්න…”
අසම්මතයේ පාපොච්චාරණය | Asammathaye Papochcharanaya

අසම්මතය ඇතුළේ අතරමන් වෙන හුඟක් මිනිස්සුන්ට ඇති කවුරුත් නොදන්න. කවුරුත් අහන්නේ නැති. කාටවත් කියා ගන්න බැරි මහ නපුරු කතාවක්… බැඳීමකට ඕන නීතීයක් නෙවේ රිතීයක්.. මිනිස්සු නවතින්න ඕන දැනුන තැන නෙවේ නමන්ව දැනෙන තැන. ආදරේ ගනුදෙනුවක් හැබැයි ඒ හැඟීම කවදාවත් ගෙවලා ඉවර කර ගන්න බැරි ණයක් කර ගන්න එපා…
අළු ඇස් | Alu as

එක් දෙයක් හොදින්ම තහවුරුය. එනම් ඇගේ ඇස් අළු පාටින් පේන්නෙ මටම පමණක් වගය. එය විස්වාස කළ හැකිද? මා මේ සිහිනයක් දකිනවා විය හැකිද? මෙය වෙනත් පුද්ගලයෙකුට පැවසිය හැකිද? එසේ පැවසුවොත් ලැබෙන ප්‍රතිචාරය කුමක් විය හැකිද?
වර්ණ හදුනා ගැනීම පිළිබඳව ගැටලුවක් මට නොමැති බව හොදින්ම විස්වාසය. මෙය සාමාන්‍ය ලෝකයේ සිදුවිය හැකියැයි විස්වාස කිරීමට අපහසු බව සැබෑය. නමුත් මා මේ වන විට එවැනි අසාමාන්‍ය සිදුවීමකට මුහුණ දෙමින් සිටින බව දන්නා එකම පුද්ගලයා මා පමණි…
ප්‍රබන්ධ චිත්‍රපටයක් තුළ අතරමංව සිටින්නාක් බඳු හැඟීමක් මට දැනෙයි. ඇය කුමක් හෝ දෙයක් සඟවාගෙන ජීවත් වන ගුප්ත චරිතයක් වග මෙහි පැමිණි දිනම මා වටහා ගතිමි.
අශ්වින්ගේ අභිරහස් මරණය.. මටම පමණක් පෙනෙන අළු පාට ඇස්.. පාරම්පරික වෙද හෙදකම් ගුරුකම් වලට ප්‍රසිද්ධ පවුලක්.. යශෝරාගේ ගුප්ත හැසිරීම… එකිනෙකට සම්භන්ධ හෝඩුවාවල් විය හැකිද? “අළු යට හැංගුනු ගින්දරක් තියෙන්නම ඕනිනේ.. ඔය අළුපාට ඇස් අස්සේ හැංඟුන ගින්දර එලියට අරගෙනමයි මං මෙහෙන් යන්නෙ…..” මා ජනේලයෙන් පිටත බලමින් මටම පොරොන්දු වුණෙමි.