Showing 1–24 of 54 results
Price
නවකතා - Novel, සිංහල-Sinhala
Kasthuri Suwada | කස්තුරි සුවඳ

පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.
“මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”
– රුෂිර මාණික්‍ය දේවප්‍රිය –
කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…
“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”
– සුවහස් මනරු හැඩපත්විල –
*මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.
Romance, LGBTQIA+, New Adult
Love Sex & Jealousy | ආදරය ලිංගිකත්වය සහ ඊර්ෂ්‍යාව

ආකර්ෂණය ඇලීම ආදරය කියන අවශ්‍යතාවෙ එක උවමනාවක්.
ආකර්ෂණය කියන්නෙ ආදරය කියන වචනෙ උවමනාවක්. අම්ම තාත්ත හෝ නෑදෑයෙක් රිප්ලේස් වීමක් වෙන්නෑ. ඒ එපා වීම නැති කරගන්න තියෙන උවමනාවලට මනුස්සයෙක් මාරු වෙනව. මනුස්සයෙක් විරුද්ධ ලිංගිකයකු සමඟ සෙක්ස් කිරීම හෝ සමලිංගිකයකු සමඟ සෙක්ස් කිරීම ආදරයේ එක උවමනාවක්. සෙක්ස් කියන්නෙ ආදරයෙ උවමනාවක්. එක් පුද්ගලයකු සමඟ විවිධ ලිංගික අත්හදා බැලීම් කාලයත් සමඟ එපා වීම සාමාන්‍යයි.
සම්බන්ධයකින් වෙනත් සම්බන්ධයකට මාරු වීම හෝ අනියම් සම්බන්ධයක ඇසුර හෝ සෙක්ස් කිරීම හෝ දුරකථනයෙන් කතා කිරීම උවමනාවෙ තියන එපා වීම නැති කරනව. උවමනා සියල්ල මනුස්සයාගේ ඩිසයර් එක මත තීරණය වෙනව.
මේ මොහොතෙ මට උවමනා මගෙ හැඟීමක් තව කෙනෙක් එක්ක ෂෙයාර් කරගන්න නම් ඒ හැඟීම ෂෙයාර් කරගන්න පුළුවන් හෝ ඒ හැඟීම කියන පුද්ගලයා ගැන ඒ මොහොතේ තියෙන්නෙ ආදරයක්. මේ මොහොතේ මට ඕනෙ සෙක්ස් කරන්න නම් මට ඕනෙ මගෙ සෙක්ස් ඩිසයර් එක ඉෂ්ට කරගැනීමක්. ඒක ෆෝන් සෙක්ස් වෙන්න පුළුවන්. පෝන් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ලිංගික සහකරු හෝ ගණිකාවක් වෙන්න පුළුවන්. ඒ හැම උවමනාවක්ම ලීඩ් වෙන්නෙ ආදරය කියන අවශ්‍යතාව ඉෂ්ට කරන්න.
THE SECRET

උන ගෑණියෙක් කියන්නේ තමුසෙලා වගෙ මානසික අසහනකාරයින්ගෙ අතේ නැටවෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. ගෑණු කියන්නේ රෝස මල් කියලා කියන පිරිමින්ටම අමතක වෙනවා රෝස මලෙන් කටු නියනවා කියලා. කටු මග ඇරලා පරිස්සමට මල නෙලාගන්න හැමෝටම බෑ. නමුසෙලා වගෙ උන්ට කොහොමත් බෑ මල තලන්න චීන තමුන් වගෙ උන්ට වෙන්නේ මේ වගෙ කටු ඇනගන්න විතරයි. එකක් මතක තියාගන්නවා නෙහාන් තහි උනත් සිංහ ධේනුවගෙ රැස් බහින්නේ නෑ. සිංහයෝ කවදාවත් සුනඛයෝ එක්ක නිදි වැදුනේ නෑ.
TOXIC | ගර්භ විස

සැප්තැම්බර් 15 නිකුත් වෙයි.
වර්ණ පිටු 08
කහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්‍රශ්න කළා.
‘ ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ…?’
ගැනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි.
පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක…. දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක….
කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.
දරා ගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..
අක්කර පහ | Akkara Paha

ලාංකේය නවකතා සාහිත්‍යය තුළ දේශජ ගුණ සුවඳින් යුතු නවකතාවක් ලෙස අක්කර පහට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අඩසියවසක් පුරා පාඨක විචාරක අවධානය මැනවින් ග්‍රහණය කරගත් මෙම නවකතාව විවිධ විභාග පරීක්ෂණ සඳහා නිර්දේශ වී ඇති අතර, සිනමා සිත්තමට ද නැඟුණු අපූරු ගද්‍ය කාව්‍යයකි.
අගත අනගත | Agatha Anagatha

සෙයිතාන් විසින් පාපයට පොලඹවනු ලදුව
ස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත්
ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළ
පාසටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන්
නැව් නැගී ඔහු සෙරන්ඩිබයට ආවේය.
අඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබ
අවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහු
බිලිගත් සර්පයාත් සෙයිතාන්මද? සෙරන්ඩිබයේ
මිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර්ද
සියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගිය
බිමෙන් උපුටා හළ කදීර්ගේ මතකයද අගත
අනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්ව
පිපුණේය.
ඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමයේ සිට
ගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය.
අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවද
එසේමය.
අබාසත්ති | Abasaththi

“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි
මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී
නොමරා!”
“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…
” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…
කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?
අමාවක හස | Amawaka hasa

ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…
මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.
ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා
මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර?
ඒ දෙකම එපා
එහෙනම්?
මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…
අමුතු දීගේ | Amuthu Dige

මට විකුම් ගැන ඇත්තේ දුකකි. ඔව්.. මම විකුම්ට සමාව දෙනවා…
ඒ මම ඔහුට මෙතරම් කාලයක් කර ඇති බොරුව නිසයි… මම දැන් ඉන්න තත්ත්වයට වඩා, වෙනස් විදිහෙ පිරිසුදු ගැනු කෙනෙක් උනානම්.. කිසිදා මම විකුම්ට මේ විදිහට සමාව නොදෙනු ඇත.
මගේ අතින් උන වැරැද්දට මට කරන්න පුළුවන් හොඳම දේ මෙයයි. මේ බව දැනගත්තාට පසු මගේ හිතේ කියා ගත නොහැකි පුංචි සැනසිලි ගතියක් දැනෙන්නට පටන් ගෙන ඇත.
මගේ අතින් වගේම විකුම් අතින්ද විවාහයෙන් පසු, අපි ඈත්වී සිටි කාලයේ වැරදි සිදුවී ඇත. මට දැන් හිතෙන දෙයක් තමයි, අලුත විවා පත් වූවන්, මොනතරම් අගහිඟකම්, බාධක කම්කටොලු තිබුණත්… ඒවා විඳ දරාගෙන එක තැනක, එක කුලී කාමරයකු හෝ එකට වැටි එක විදිහට පවුල් කෑ යුතු බවයි… තරුණ කාලේ හිත්, එහේ මෙහේ යන කාලවල දෙදෙනා දෙතැනක සිටියොත් ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට පසු කාලයක සිදුවන්නේ ඔවුන්ගේ දරුවන්ට බවද මට දැන් පසක් වී ඇත.
අවපසට ආවඩම් | Awapasata Awadam

ජනවාරි 20 වෙනිදා නිකුත් වේ.
“අපි උසාවි දාන සේරම වාසිත නිදහස් කර ගත්තා. ඒ වෙද්දි වාසිතට හොඳ ජූනියර් ලෝයලා ටීම් එකක් හැදිලා තිබුණා. මාලිම්බඩ සුභාෂ්වාද, දකුණේ අමිල්ගෙ සෙට් එකද, මරදානේ කැඳ ඉම්රාන්ද මේ හැමෝම නඩුවලට ආවේ වාසිත ළඟට තමයි. එතන තිබුණේ හරීයට ද්වන්ද යුද්ධයක් වගේ. මගේ ප්‍රධාන එදිරිවාදියා වුණේ වාසිත.”
නිසල් ජයවර්ධන
“ගාඩ් එක දීපු තරමට මම නම් හිතුවෙම කර ගහයි කියල.. නාකොටික් මාරයා මගේ අඹුදරුවො රකිනවා කියලා රටම දැනගෙනනෙ හිටියෙ..”
වාසිත වර්ණකුලසූරීය
සෑම දරුවෙකුටම තාත්තා කෙනෙකුගේ අයිතියක් හිමිවිය යුතුය. විශේෂයෙන් දියණියකට තාත්තා කෙනෙක් උරුම විය යුතුමය. ඉදින් මම මගේ තාත්තා තෝරා ගනිමි.
ඉරැස්මා වර්ණකුලසූරිය
අවුරුදු පහළොවකට පස්සෙ | Awurudu Pahalowakata Passe

“දවස් පහක් තිස්සෙ අපි උත්සාහ කළා… ඒත් වැඩක් වුණේ නෑ.. දැන් එයාගෙ මොළේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මොළය මිය ගිහින්.. ඒ නිසා තව දුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක තේරුමක් නෑ…. ඒක දැන් අයින් කරන්න ඕනැ… මොකද ඔයගොල්ලො කියන්නෙ ”
ඔහු ඉතා සන්සුන්ව පැවසුවේ ය.
“අනේ එපා ඩොක්ටර්… තව එක දවසක් බලමු.. හෙට උදේ අන්තිම බෝධි පූජාව.. එතකොට වරු හත සම්පූර්ණයි… මට විශ්වාසයි එයා සනීප වෙනවා.. අනේ මැෂින් එක ගලවන්න නම් එපා… වඳින්නම් ඩොක්ටර් තව එක දවසක් ඉවසන්න…’
කළු ගැහැනිය මහ හඬින් කෑ ගසා කීවාය.
“ඔයා ලෙඩාගෙ කව්ද?..”
වෛද්‍යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවේ ය. ඒ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ ඇය ඉකිගසා හඬන්නට වූවාය. එවිටම සුදු ගැහැනිය ඉදිරියට ආවා ය.
“මමයි ඩොක්ටර් එයාගෙ වයිෆ්… මට ඩොක්ටර් කියන දේ තේරෙනවා.. කමක් නෑ.. මෙෂින් එක ගලවන්න…”
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushshyoya

ඉලංගංතිලක යනු ඇටවූ එකාට අමතක වී ගිය ක්ලේමෝ බෝම්බයක් වැනි එකෙකැයි විශ්වාසයක් මුදලාලි ඇල්බට් තුළ කාලයක පටන් පැලපදියම් වී තිබිණි. ඔහු ලේසියකින් කඩයට ආවේ නැත. ඒ වෙනුවට බඩු ගෙනයන්නට ආවේ, ඔහුගේ නිවසේ වැඩ කළ කමලා නම් දෙමළ ගැහැනිය හෝ එහි අලුත්වැඩියා හා නඩත්තු කටයුතුවලට ආ ගිය, කාගේත් හිත දිනාගත්, කොයි වැඩේටත් වැඩ්ඩෙකු ඌ උපුල් පමණි. මුදලාලි ඇල්බට් වරෙන් වර වහෙන් ඔරෝ ඉලංගංතිලකගේ අභ්‍යන්තර තොරතුරු පාදාගන්නට හැදූ අවස්ථාවලදී කමලා සිංහල හරියට බැරි බව අඟවා මඟහැර ගිය අතර, උපුල් තමන් අනුන්ගේ වටලප්පම්වලට තේ හැඳි නොගහන බව ඍජුවම හෙළි කළේය. ඒ නිසා මුදලාලි ඇල්බට් තුළ ඉලංගංතිලක සම්බන්ධයෙන් තිබුණේ මැරිච්ච ආච්චි සම්බන්ධයෙන් තිබෙන්නාක් බඳු ගෞරවය මුසු බියකි.
ඉටි කුටිය විනිවිදිමි | Iti Kutiya Winiwidimi

සිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටුවලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි.
ඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති.
ගැටෙති. පොරකති. මියෙති. වැළලුණ රහස්වල පීඩනයට හසුව මිරිකෙති. හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු, සිය සිත පතුල කැණ ආලෝක පුංජ්යක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි.
ස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි.
නොවෑවෙන ළසෝ සිත් ගල් වී අවසඟව ගොස් ගොළු වෙයි. ඒ මැදින් ගලා යන ජීවිතේ ගංගාව, නිවෙන සැනහෙන මුව දොරක් කොහිද විමසයි.
එකෝමත් එක දවසක | Ekomath Eka Dawasaka

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.
ඒක අමුතු කතාවක් | Eka Amuthu Kathawak

ලංකාවෙ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?
“ඔහ්… කමෝන්! මේක සාමාන්‍ය පැහැරගැනීමක් නෙමෙයි…” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්…”
“ඔව්..?”
“ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!”
“මොකක්?”
මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැඟිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්.
“තෑන්ක්ස්…” එයාගෙ ආචාරශීලී ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තුති නොකර බැරිවුණා.
“මේක ටිකක් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ… සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”
කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට…
එයා හදිස්සියෙම මගේ දිහාට හැරුණා. ඒ ළඟින්ම ගමන් කරපු මම එයාගේ උරහිසේ හැප්පිලයි නතරවුණේ.
“අපි දෙයක් කරන්න යන්නෙ…”
එයාගේ ඇස් දෙකේ මෙතෙක්වෙලා තිබුණු මලානික ගතිය වෙනුවට අමුතු දීප්තියක් එකතුවෙලා තිබුණා.
“ම්ම්?”
“අපි එයාව උස්සනව!” අදිති කිව්වා.
ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්
කඳුළු කුණාටුව | Kandulu Kunatuwa

ඉරගිනි මද්දහන ටෙලි වෘතාන්තයට පාදක වූ නවකතාව..
කාවා | Kaawaa

එහේ රෑට ඇවිදින එක මාර ආතල් වැඩක්.
රෑ එහෙම යද්දී කීප තැනකින් චූටි කොට කලිසම් ඇඳ ගනිපු, එහෙමත් නැත්නම් ඇඟෙන් හතරෙන් එකක් විතරක් මොකක් හරි පොඩි රෙදි කෑල්ලකින් වහගත්තු ලස්සන ගෑනු ලමයි අපිට කතා කරනවා, අපි කාලෙක ඉඳන් දන්නවා වගේ. වැරදිලා හරි ඒ කෙනෙක් දිහා බැලු වොත් දුවගෙන ඇවිල්ලා අතේ එල්ලෙනවා අපිත් එක්ක අවුරුදු ගනනක ප්‍රේම සම්බන්ධයක් තිබිලා අද ගෙදරින් කැමැත්ත දුන්නා වගේ. එකෙන් අමුතුම ලල් එකක් තියෙන්නේ. එච්චර සුදු කෙල්ලෙක් මගේ අතින් ඇල්ලු වමද කොහෙද?
ගජගා | Gajaga

“උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද”
“ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”
“උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”
“ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ
පිරිමියෙක් නෙවෙයි බං…හොඳ හයිය හිතක්…
ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ
මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිත් හයිය හින්දා…
මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්…
මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක
ජීවිතේ ගොඩ දාගන්න.”
“ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා
පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක
ටිකක් අමාරුයි.”
“මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”
“කවුද බං කසාද මඟුලක් ගැන කිව්වෙ.”
“එහෙනං.?”
“උඹ ඒක හිතා ගනින්.”
ගිමන් හරින දියඹ දිගේ | Giman Harina Diyamba Dige

“හොඳට මතක තිය ගනින් මචං.. ආය කවමදාවත් උඹට මේ මාතෘකාව මගේ එක්ක කතා කරන්න බැහැ… කතා කළොත් අර පරණ විදිහටම අපි තරහා වෙයි… හැබැයි අර කැම්පස් කාලේ වගේ නෙවෙයි ආය යාළුකම් නැහැ” ආකේත් පැවසුවේ තදිනි.
කොල්ලා අරන් මම යන කොට… කොල්ලට අවුරුදු දෙකක්වත් වෙලා නැහැ… මම්මි ඇහුවා මගෙන් දෙව්ව බලාගන්න මට තනියම පුළුවන්ද කියලා… මම පුළුවන් කිවා… ඇත්තටම නම් මට එයාව බලාගන්න බැහැ… පොඩි එකෙක් මම බලාගන්න දන්නේ නැහැ… එත් මම මම්මි ළඟ එයාව දාලා ගියේ නැහැ… ඇයි දන්නවද” පෘතුවි ඔහු දෙස බැලුවේය.
ඔය කතාව කියලා දවසක මට කසාදයක් කතා කරයි කියලා… දැත් මගේ කොල්ලට අවුරුදු හතරයි. කිරිසප්පයෙක් බලා ගත්ත මට මේකා කජ්ජක්ද… ඒකාට අම්මෙක් ඕන නැහැ… දෙන්නාටම හරියන්න මම ඉත්තවා
“උඹට කවුද ඉන්නේ”
“මට උඹලා ඉන්නේ… පවුලේ අය ඉන්නවා… මට ගෑනු ඕන නැහැ බං… මට ඕන ගෑනි මේ ලෝකේ නැත්නම්… මට වෙන ගෑනු මොකටද”
“එහෙම කෙනෙක් හිටියොත්… උඹට ඕන වෙයි කියලා දවසක සිතෙන කෙනෙක්” ඔහුට පිළිතුරු දීමට මත්තෙන් ආකේත්ගේ දුරකථනය හැඩ වුණේය.
අෂිකා… සෙබෙස්තියන් අංකල්ස් ඩෝර්ටර්’ එහි හැඳින්වීම ලෙස සටහන්ව තිබිණි.
මේ මගුලී මොකද මේ වෙලාවේ කතා කරන්නේ…” මිමිණූ ඔහු දුරකථනයට සම්බන්ධ වූවේය.
ගෙම්බරී | Gembari

ඒක ටක්කෙටම කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පොඩි විශ්වාසයක් තියෙනව. එහෙම වුණොත් සඳුනි එක්ක එතන ඉඳන් සතුටින් ජීවත් වෙනව. එහෙම නූනොත් ඒත් සතුටින් ඉන්නව. ගෙම්බෙක් වෙච්ච එක සතුටු නොවෙන්න තරං නරක හේතුවක් නෙමේනෙ බං.”
“එතකොට බැරි වෙලාවත් ඒ හාද්දෙන් පස්සෙ සඳුනිත් ගෙම්බියෙක් වුණොත්?
ඔයා කියන වනමලී අක්ක වගෙම මහත, හමේ කොරළ තියෙන…”
“අව කැපෙන කතා කියන්න එපා මොට්ටයො!”
“එතකොට කවදා හරි එයා ඔයාව බැන්දොත් ඔයා එයාට මොකක් කියලද කතා කරන්නෙ?”
“අන්න ඒක නම් මෙච්චර දවසක් මට නිකමටවත් මතක් නොවෙච්ච කාරණාවක්. ඇත්තටම මං කොහොමද එයාට කතා කරන්නෙ? ‘සඳුනි’ම කියල කියනවද? ‘සුදු නෝනා…?’
‘සුදු අම්මියා…?’ ‘මැණිකා…?’ එහෙමත් නැත්නම් ‘පෙම්බරී…?’ ආ… මෙහෙම කරමු.
මං එයාට ‘ගෙම්බරී’ කියන්නම්. ඒක මරුවට ගැළපෙනව ගෙම්බෙක්ගේ බිරිඳකට.”
චන්ද්‍රාග්නි | Chandragni

“බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජීවිත අවුල් නොකරති. සියල්ල දැනගෙන නොදන්නා සේ අනිකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතින තුරු, මඳ නල හා මුසු වී විශ්වයම සුවඳවත් කරයි.”