Showing 25–48 of 65 results

නවකතා - Novel, සිංහල-Sinhala

ගෙම්බරී | Gembari

රු935.00
or 3 X රු311.67 with

ඒක ටක්කෙටම කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පොඩි විශ්වාසයක් තියෙනව. එහෙම වුණොත් සඳුනි එක්ක එතන ඉඳන් සතුටින් ජීවත් වෙනව. එහෙම නූනොත් ඒත් සතුටින් ඉන්නව. ගෙම්බෙක් වෙච්ච එක සතුටු නොවෙන්න තරං නරක හේතුවක් නෙමේනෙ බං.”

“එතකොට බැරි වෙලාවත් ඒ හාද්දෙන් පස්සෙ සඳුනිත් ගෙම්බියෙක් වුණොත්?
ඔයා කියන වනමලී අක්ක වගෙම මහත, හමේ කොරළ තියෙන…”

“අව කැපෙන කතා කියන්න එපා මොට්ටයො!”

“එතකොට කවදා හරි එයා ඔයාව බැන්දොත් ඔයා එයාට මොකක් කියලද කතා කරන්නෙ?”

“අන්න ඒක නම් මෙච්චර දවසක් මට නිකමටවත් මතක් නොවෙච්ච කාරණාවක්. ඇත්තටම මං කොහොමද එයාට කතා කරන්නෙ? ‘සඳුනි’ම කියල කියනවද? ‘සුදු නෝනා…?’
‘සුදු අම්මියා…?’ ‘මැණිකා…?’ එහෙමත් නැත්නම් ‘පෙම්බරී…?’ ආ… මෙහෙම කරමු.
මං එයාට ‘ගෙම්බරී’ කියන්නම්. ඒක මරුවට ගැළපෙනව ගෙම්බෙක්ගේ බිරිඳකට.”

චන්ද්‍රාග්නි | Chandragni

රු1,020.00
or 3 X රු340.00 with

“බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජීවිත අවුල් නොකරති. සියල්ල දැනගෙන නොදන්නා සේ අනිකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතින තුරු, මඳ නල හා මුසු වී විශ්වයම සුවඳවත් කරයි.”

චිත්‍රාල් | Chithral

රු1,020.00
or 3 X රු340.00 with

හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා

ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.

 

ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්

හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.

 

ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ

හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව

ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.

චොකොහොලික් හීන | Chocoholic Heena

රු935.00
or 3 X රු311.67 with

ජීවිතේට හමුවෙන්න ඔනේ චොක්ලට් වලට ඇබබැහි වුණු, චොක්ලට් වගේ මිනිස්සු…

වයිට් චොක්ලට වගේ බෙදාගන්න පුළුවන් මිල්ක් චොක්ලට් වගේ රස විඳින්න පුළුවන් ඩාර්ක් චොක්ලට වගේ නැවුම් හොට් චොක්ලට් වගේ උණුසුම්

දුක සතුට දෙකේදී ම ළගින් ඉන්න, චොකොහොලික් මිනිස්සු…

ටීචර් | Teacher

රු720.00
or 3 X රු240.00 with

තුමුල ප්‍රේමය | Thumula Premaya

රු855.00
or 3 X රු285.00 with

“මට ඔයාලව තම්බුණේ ෆස්ට් ඉයර් එකේ. එදා ඉඳන් විටින් විට මම ඔයාලව දැක්කා. ඔයාලා හැදෙන විදිහ අපි බලාගෙන හිටියා. ඔය ළමයින්ට දවසක කියන්න කතාවක් තියෙන්න ඕනි කියලා මම මේ පන්තියට ආව මුල්ම දවසෙම මම ඔයාලට කිව්වා. ඒ වගේම ඔයාලා හැමෝම ඒ කතාව අඩු වැඩි විදිහට තමන්ගේ ක්‍රමයකට හදාගත්තා.

හැබැයි… අදින් පස්සේ මම කියන ඒ කතාව මම වෙනස් කරනවා. නෙත්මි කියලා ළමයෙක් මේ කැම්පස් එකේ 2021/2022 බැච් එකේ හිටියා. අන්න ඒ ළමයා මේ කැම්පස් එකේ කළමනාකරණ පීඨයේ ඉතිහාසය අලුතින් ලියන්න උත්සාහ කළා. අන්න ඒ වගේ කතාවක් දවසක ඔයාලටත් තියෙන්න ඕන.

අදින් පස්සෙ මම අලුත් ළමයින්ට කියන කතාව ඔය විදිහට වෙනස් වෙයි. ඒක එහෙම වෙන්නම ඕන. මොකද, නෙත්මි කරපු කැප කිරීම සාමාන්‍ය එකක් නෙවෙයි. එයා මෙතනට ආවෙ අයිලන්ඞ් රෑන්ක් ෆස්ට් වෙලා නෙවෙයි. ඒත් එයා මෙතනින් යන්නෙ අයිලන්ඩ් රෑන්ක් ෆස්ට් වුණ කෙනෙකුටවත් කරන්න බැරි වුණ වැඩක් කරලා.”

දුවකගේ කඳුළු | Duwakage Kandulu

රු900.00
or 3 X රු300.00 with

සුරංගී ට දුක හිතුණා. අකුරු පේළියක් පත් ඉරු මතට කඩා වැටුණා. අකුරු පේළි මත ඇහැ යවනා අපටත් ඒ දුක දැනුණා. ජීවිතය නම් මේ යැයි සිතුණා.

දොරකඩ දෙවොල | Dorakada Dewola

රු1,395.00
or 3 X රු465.00 with

අනිත්තෙක නාමලියො.. මේ එක තත්පරේකටවත් ජීවිතේ අංග සම්පූර්ණයි කියලා හිතන්ඩ එපා.මේ මනුස්ස ජීවිතේ වැරදෙන එවුවා අනන්තයි. කෙණෙහෙලිකම් මදිපුංචිකම්, සතුරු පීඩා අනන්තයි අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්… හින්දා අපහාස, කරදර තිබිබ්බ එකේ.. උඹල අපි කව්ද බං?

* නැන්දම්මට නම් කියන්ඩ බැරියැ… විදවලානෙ බලන්ඩ ඕනෙ..

” උඹ ඔය තාම තරුණ හින්දා ඔහොම කියන්නෙ තාම උඹේ තණ්හාව තියෙනවා ඩාවිතාට. ඔය පැටලෙන්නෙ අන්න ඒක හින්දා.. ඒත්.. මේ අපි වාගේ වයසට ගිහාම උඹටම තේරෙයි. ඔය පොර අල්ලලා තියෙන්නෙ කිසිම වැදගැම්මකට නැති කාර්යකට කියලා..

නැන්දම්මාගේ ඩයරිය | Nendammage Diariya

රු900.00
or 3 X රු300.00 with

”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”

නුවරක සෙනෙහස | Nuwaraka Senehasa

රු807.50
or 3 X රු269.17 with

චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවට අවසරත් දීල තියනවා.”

කිරිඅම්මා කියවාගෙන යයි.

”ඔය මී මල් පිපෙන කාලෙටයි ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩිහරියක් ඉන්නෙත් ඔය මිගස්වලනෙ”

”……ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන් චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”

”නෑනෙ කිරිඅම්මේ”

”ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්‍යාලවල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ”

පියාසර සමය | Piyasara Samaya

රු1,575.00
or 3 X රු525.00 with

තොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය.

පරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි.

එයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වී ද?

පුරප්පට්ටුව | Purappattuwa

රු1,350.00
or 3 X රු450.00 with

ප්‍රවීණ මාධ්‍යවේදිණියක, සමාජ ක්‍රියාකාරීණියක හා සාහිත්‍යවේදිණියක වන මනෝහාරී හේවාවසම් විරචින ඇගේ තෙවන නව ප්‍රබන්ධය පුරප්පට්ටුව නමින් පාඨක සහෘද අතට පත්වී ඇත.

නිර්මාණ කලාවේ මනෝහාරීගේ දීර්ඝකාලීන පරිචය මොනවට විදහා දැක්වෙන මෙම ප්‍රබන්ධය. කියවීමේ රසයෙන් පරිපූර්ණ නව්‍ය වූ ජීවිතානුභූතියක් කරා අප රැගෙන යන කෘතියකි.

පුරප්පට්ටුව ගැමි ගැහැනියකට, ජීවිතයේ මුහුණ පෑමට සිදුවන ඛේදවාචකයක විවිධ පැතිකඩ කරා පාඨකයා රැගෙන යන කෘතියකින් ඔබ්බට ගිය, සමාජ දේශපාලන, සංස්කෘතික හා ආර්තික පසුබිමක චරිත සමූහයක් හැසිරීම් විශද කෙරෙන ප්‍රබන්ධ කතාවකි. ඓතිහාසික චරිත ද්වයක් ලෙස නිරූපිත සූර්ය දේවිය, වීදිය බණ්ඩාර පුරප්පට්ටුව නව ප්‍රබන්ධයෙහි කතානායිකා කුමාරිගේ ජීවිතාන්දරයේ සෙවනැලි සේ දිසෙයි. එහෙත් වරින් වර ඓතිහාසික පුවතින් ව්‍යුක්තව, කතානායිකා කුමාරි, ඇගේ සැමියා විමලසිරි මුල්කර ගනිමින් විකාශය වන මූලික ප්‍රබන්ධය ඔස්සේ නූගත් ගැමි ගැහැනියක වන කුමාරිගේ විවාහ ජීවිතයේ දෙදෙරා යාමේ සිට, ඈ නගරයට සංක්‍රමණය වීම, ඉන්පසු ඇගේ ජීවිතය වෙනස්වන සිද්ධි දාමය නිර්මාණකාරිය විසින් පෙළ ගස්වා ඇත්තේ කාලය හා අවකාශය පිළිබඳව අවබෝධයකින් යුතුව, නවකතාවේ මූලික රීතින් නොබිඳෙන අයුරිනි.අන්තර්ගතය, කතා වින්‍යාසය චරිත නිරූපණය,විශ්වාසනීයත්වය යන කරුණු පිළිබඳ කනාකාරීය සතු ප්‍රවීණත්වය පුරප්පට්ටුව ඔස්සේ විද්‍යාමානවනු පෙනේ.

සිංහරාජ මායිමේ වූ පොලින්ද නුවර නූගත් ගැමි ස්ත්‍රියක වූ කුමාරී, සෙයිලමට පැමිණ,පාතාල නායකයෙක් වූ පද්මි හමු වීම දක්වා දිගු කාල පරාසයක් තුළ ඈ විසින් මුහුණ දෙනු ලබන විවධාකාරයේ ජීවන ප්‍රශ්න, අභියෝග, ශමුවේ නොසැලී සිටින අධිෂ්ටානශීලී, නිර්භීන ගැහැනියක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරීය දස්කම් පාන්නීය.නවකතාව අග බාගයේදී කුමාරිගේ ඇවතුම් පැවතුම්, භාරනයේ විසූ පුලාන්දේවියගේ ක්‍රියාකාරකම් හා සමපාත වන ලක්ෂණ ද පළ කෙරෙයි.මනෝහාරී හේවාවසම් කතාකාරියගේ දෘෂ්ටිය හා පර්යාලෝකය තුළ සමාජීය හා ඓතිහාසික රචනා සුන්දරත්වය ඉස්මතු වී පෙනේ. මතට ඇබ්බැහිවෙකුගේ චරිතයක් හේතුකොටගෙන, ආගාධයකට ඇද වැටෙන ස්ත්‍රී භූමිකාවක විශ්ලේෂනාත්මක ජීවිත විවරණයක් කරා අප රෑගෙන යාමට කතුවරිය සමත්වන්නීය.

පුරප්පට්ටුප නව ප්‍රබන්ධයෙහි හමුවන චරිත, සිදුවීම් එකිනෙක හූයක් සේ බැඳී ඉදිරිපත්වෙයි.ඈත ගැමි පරිසරයක තතු ද නාගරික ජීවන පසුබිමක අඳුරු, බියකරු අහුමුලු ද කරා ආලෝක ධාරාවක් එල්ල කරමින්, ජීවිතය මේ යැයි දකින්නට කතාකාරිය ඇරයුම් කරන්නීය.

සුමට බසකින් කතාවෙන් අපේක්‍ෂිත ඉසව් කරා පාඨකයා සහභාගි කරගැනීමට සමත් වන්නට ද පාඨක ග්‍රහණය සුරැකිව රඳවා ගැනීමට හැකිවන අයුරින් චරිත හා සිදුවීම් නිර්මාණය කිරීමට කතාකාරීය පෙන්වන ප්‍රතිභාන්විත ආමන්ත්‍රණය ද පුරප්පට්ටුවෙහි වටිනාකම ලෙස දකිමි.

පොසිටිව් | Positive

රු935.00
or 3 X රු311.67 with

එම තිරයෙන් දිස්වෙමින් තිබුණේ ට්‍රක් රථයේ පසුපස කොටස

ඇතුළත කැමරාවකින් සටහන් කෙරෙන සජීවී දර්ශනයි.

ඇතුළත සම්පූර්ණයෙන්ම කොළ පාට නියෝන් ආලෝකයෙන්

පිරී තිබුණි. එතුළ තිබුණේ එකම එක දෙයකි.

 

එය නිශ්චලව පවතී. ඇය එදෙස මඳ වේලාවක් බලා සිටියාය.

එතුළින් ඇයට මරණය පෙනෙන්නට විය. මිනිසුන්ගේ විලාප

එතුළ විය. මිනිසුන්ගේ සියලු නොසන්සුන්තාවයන් එතුළ විය.

සියලුම මිනිසුන්ගේ සැනසීම අහිමි කිරීම් එ තුළ විය.

කොටින්ම, මිහිපිට නිරය ඒ තුළ විය!

 

තිරයේ දිස් වන ආකාරයට තවමත් ඔහු යකඩ දම්වැල්වලින්

බැඳ ට්‍රක් රථයේ කෙළවරකට වන්නට ගැට ගසා සිටියේය.

ඔහු නින්දත් නොනින්දත් අතර සිටින බව ඇය දන්නීය.

නමුත් මේ නිදා ගැනීම තවත් සුළු කාලයකට පමණි.

ඔහුට නැවත පියවි සිහිය පැමිණෙන විට තමන් සුදානම්

වී සිටිය යුතුය! එසේ නොවුණහොත් ඉතා ඉක්මනින්

ශීත කාලය පැමිණේවි යැයි ඇය තදින්ම විශ්වාස කළාය.

ප්‍රාණ | Praana

රු1,125.00
or 3 X රු375.00 with

මේ තරුණ තරුණියන් දහස් ගණනක් ටයර් සෑයවල ට බිලි වූ 80-90 දශකයේ පවුල් දෙක තුනක කතාවකි. ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනය හරහා යුක්රේනයට ද සම්බන්ධවන මානව හිමිකම් ප්‍රශ්න ගොන්නක හරස්කඩකි. එහෙත් සුනේත්‍රා සුපුරුදු ලෙසම විචිත්‍ර කතා උපක්‍රම අතරින් පාඨක ප්‍රජාව නුවර, කොළඹ හා ලන්ඩනය හරහා චිත්‍රපටයක් රූගත කිරීමට ද සහභාගී කරවන්නීය. ප්‍රේමයේ ස්පන්දනය හා පවුලක බැඳීම් ටයර් සෑයකින් පිළිස්සී යන්නේ නැත. අප හැර ගිය වගට භෞතික සාක්ෂියක් නැතත්, නීතිය අසරණ වෙතත්, මතු කවර කාලයක හෝ එම වැරදි නැවත සිදුවීමේ සියලු අවකාශ අවුරා දැමිය යුතු වගට මෙය විශ්වීය යාඥාවකි.

බිසෝ උරුමය | Biso Urumaya

රු1,062.50
or 3 X රු354.17 with

වජ්‍රය නම් වූ සුන්දර ගිරි රාජධානියේ මහ රජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නා වූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ්‍රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහ රජු සුරූපී කුමරී වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?

ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?

මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?

බිසෝ උරුමය වජ්‍රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත්‍රී පුරුෂයින්ගේ ජීවන චරිත අත‌රේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි.

මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

රු960.00
or 3 X රු320.00 with

සැප්තැම්බර් 27 නිකුත් වේ.

මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.

මේ මගේ ආදර අවනඩුව !

මගේ පෙම්වතුන් එකොළහ | Mage Pemwathun ekolaha

රු882.00
or 3 X රු294.00 with

මට ඉතිරිය සම්පුර්ණ කරන්න නොදී ඔහු මා සිප ගත්තේය.

එය බලහත්කාරකමත්, පිරිමිකමේ දඩබ්බර බවත් මුසුවූ සිප ගැනීමකි. මෘදු බවත්, දැඩි බවත් මුසු වූ සිපගැනීමකි. ආධිපත්‍යයත්, යටත් වීමත් මිශ්‍ර වූ සිපගැනීමකි. අනුමැතියත්, ප්‍රතික්ෂේපයත් හිමි වූ සිප ගැනීමකි. මාගේ මුහුණ දෙපසින් පිහිටුවා තිබූ ඔහුගේ ශක්තිමත් දෑත් යම්කිසි පාලනයක රළු බවකුත්, ආරක්ෂාවක හැගීමකුත් ගෙන ආවේය. ඔහුගේ හොඳින් වැඩුණු ශරීරය ඉදිරියේ මා පරඬැලක් මෙන් දියවී යනු මට දැණුනි. ඔහුගේ දැස්වලින් නිකුත් වූ සල්ලාල දීප්තිය ප්‍රථමයෙන් වැඩිවන ආකාරයත්, ඔහුගේ දෙතොල්වල තෙරපුම ක්‍රමයෙන් තීව්‍ර වන ආකාරයත් මට දැණුනි. මුලින් ඇති වූ මාගේ ප්‍රතික්ෂේපය පසුව අනුමැතියක් බවට පත්වන ආකාරය අත්විදමින් සිටි මම, එකී අනුමැතිය බලෙන් ඉවත් කරගෙන වහා පසකට වුණෙමි.

ඉන්පසු ඔහුට වේගවත් කම්බුල් පහරක්…

” තමුසෙට ලැජ්ජ නැද්ද?” මම කෝපයෙන් පැවසුවෙමි. ඒ පවසනා ගමන්ම මා කෝප ගත්තේ ඇයිදැයි සිතාගත නොහැකිව නන්නත්තාර වූවෙමි.

මන්දෝදරී | Mandodari

රු1,485.00
or 3 X රු495.00 with

ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ගැනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නැ.. ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය.

ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය. ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!”

මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත | Mama ledek mata ledak

රු855.00
or 3 X රු285.00 with

මම ලෙඩෙක් මට ලෙඩක්

ආලෝකය වේවා! එවිට ආලෝකය විය – මහා බලධාරි

ආධිපත්‍යයක් විඳීමේ ආතල් එක – සිද්ධි ෆිල්ඩ් න්‍යාය –

දුටුගැමුණුගේ තාත්තා එළාර වෙන්න බැරිද? –

කලිසමේ වූ ගියාට එව්වරම ගඳ නෑ –

අපි මේ ඉන්නෙ ජීවත් වෙමින් නෙමෙයි මැරෙමින් –

පැවැත්මෙහි ද්විත්ව ස්වරූපයක් ඇත –

චිත්‍රපටයක් වාචිකව බැලීම – ශේක්ස්පියර් මිනීමරුවෙක් නම් –

දේවාලයක් කියන්නේ කඩයක්ම තමයි –

ජීවිතය කියන්නේ ක්ෂුද්‍ර ක්ෂණයක් විතරයි

මාණික්කාවත | Manikkawatha

රු765.00
or 3 X රු255.00 with

“උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…

මිෂන් සරා | Mission Saraa

රු1,395.00
or 3 X රු465.00 with

මම අනුරාධ්‍යා පැහැසරණි. යාලුවන්ට මම සරා. එක විශේෂ කෙනෙක්ට මම…

වහ්!

ඒක හරියන මගුලක් නෙමේ. කවුරුත් නොදන්න අන්ධකාර ලෝකෙට මම..

ම්ම්ම්… ඒක මෙහෙම කියල වැඩක් නෑ. කියවලම ඕන දැනගන්න.

ආදරේ? මම??? පිස්සු හැදෙයි. විස්වාස කරන්න අනේ ආදරේ වේදනාවක් කියල පුරාණ පඬිවරු කොස්කොළ වල පවා ලියල තිබ්බෙ බොරු නෙමේ. කවුරු කාට කොහොම කරත් ආදරේ එන්නෙම විරහව, අහිමිවීම් අතේ තියන්. අනික මට ඔය සියුමැලිව හැසිරෙන එක පොඩ්ඩක් මුල සිට සරලව ඉගෙනගන්නැතුව අමාරුයි. හැබැයි මෙහෙමයි… මගේ අනාගත බලාපොරොත්තුව?

හරකෙක් උනානම් ඔය මොකුත් නෑනෙ අනේ පාඩුවෙ තණකොල ටිකක් උලාකාගෙන හිටියා. ඒත් තණකොල එච්චර රහ නැහැ, චැහ්!

ම්ම්ම්… මාශල් ආට්ස්? ඔව් ඒකත් නවත්තන්න බෑ. ඒ ගමන් ප්‍රේමයෙන් පැරදිච්ච පෙම්වතු – වතියන්ට ජීවිතේ ජයගන්න මෝටීන් කරන බිස්නස් එකක් පටන් ගන්නවා. ඊට පස්සෙ සල්ලි ගොඩක් හොයලා ඇමරිකාවටත් ණයට සල්ලි දෙනවා.

ඔව් එහෙම තමා මං හිතන් හිටියේ…

හැමදේම මටත් නොදැනී වෙනස් වෙනකම්.

“සරා!”

“ෆෝකස් සරා ෆෝකස්!!!”

මීදුම් දුමාරේ | Meedum Dumare

රු900.00
or 3 X රු300.00 with

නොවැම්බර් වැස්ස

දිගට ම වැස්සේ ය. සීතලට

යටවෙමින් තිබි නුවරඑළිය

මල් වරන්නට වූයේ ය. නමුත්

අපේ කඳු බෑවුමේ හුදෙකලා වූ

ලිලී, ඩැෆඩිල්, ඩේසි හෝ

ජර්බෙරා මලක් සොයාගත

නො හැකි වූයේ නැත. මම

එවන් මලක්, කොළයක්,

ගෙඩියක් හෝ දඬු

කැබැල්ලක් සොයා දෙදිනකට

වරක් අවිනාශ් ගේ මේසය

මතට ඉකෙබානා සැරසිල්ලක්

කළෙමි. මගේ ජීවිතයෙහි මා

ආශාවෙන් කළ සියල්ලට වඩා,

මේ මල් සැරසිලි කිරීම

තුළින් මා තෘප්තියක්

ලබන්නට ඇත.