Price
Average rating
නවකතා - Novel
𝓓 / D

එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අධිරහසකට පදනම දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි
Denna Depaththe – දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.
Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad

Robert T Kiyosaki Sharon, L Lechter විසින් රචිත Rich Dad, poor Dad ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
Dhon Nadhiya Gala Basee – 1 දොන් නදිය නිසලව ගලා බසී – 1

Dhon Nadhiya Gala Basee – 2 දොන් නදිය නිසලව ගලා බසී – 2

Diknaka asala govipalaka sandhyawan – ඩිකන්කා අසල ගොවිපළක සන්ධ්‍යාවන්

Dreamz Unlimited | සිහින සිහින සහ සිහින

ඒක තමයි හුඟක්ම භයානක මිනිස්සුන්ට තමන් දැකපු හීන අමතක වෙනව කියන්නෙ, තමන් ජීවත් වෙනව කියල තමන්ටම අමතක වෙලා කියන එක…
Dumbara Kadu Matha Peradiga Sulaga | දුම්බර කදු මත පෙරදිග සුළග

1971 කැරැල්ල වකවානුවේ එයට සමගාමී ව ලංකා සමාජය තුළ විප්ලවීය බලවේගයන් ලෙස ක්‍රියාත්මක වූ දේශපාලන සංවිධාන රාශියකි. 71 කැරැල්ල සමඟ මේ සියලු දේශපාලන බලවේග මර්දනයේ හස්තයට හසු ව සුනු විසුනු විය. එම කැරළිකරුවන් හිර ගෙවල කැලෑවල සහ මෙන්ම අත්අඩංගුවේ දී රහස් පොලිස් මර්දනයට මුහුණ දුන් ආකාරය මේ පොතේ ජීවමාන ව ඉදිරිපත් වෙයි.
Duo | ඩූඕ

උමා සහ සාරා කාලවකවානු දෙකක දෙරටක ජීවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.
උණ සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනක සෙව්වාය, සාරා අරුමැසි ජීවිතයේ ප්‍රහර්ෂය හඹා යන්නී. දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය.
නීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවගන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භූතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ.
ඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද්‍රීයව, එකිනෙකායේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පරිධිය නිර්ණය කෙරුමෙහිලා බලපානු නොවෙද?
පිරිමි ලෝකයක් තුළ විමුක්තිය සොයන තරුණියන්ගේ කතාන්දරයකි මෙය.
Eka Lagata Deka Neweyi | එක ලගට දෙක නෙවෙයි

Faculty Of SEX – Book Collection Special Offer for All 3 Books

Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය

බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.
——————————
ඕල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන වෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ. කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට. ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – වෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවී!
Forget Me Not Book Pack – Special Offer
රු7,057.00
- Forget Me නොට් – මල් කිනිත්තක පුරාවුර්තය 10%
2. ලැවෙන්ඩර් 20%
3. ලිලැක් 20%
4. ලයිලැක් 15%
5. මැයි මාර ප්‍රසංගය 15%
6. හදවත් වරක් 15%
7. අහම්බයකින් මිස 15%
8.කොලපාට ඇස් 15%
Garhawa | ගරහාව

guha satana – macro lensgathakshudra yuddaya | ගුහා සටන -මැක්රෝ ලේන්ස්ගත ක්ෂුද්‍ර යුද්දය

Guilt – Faculty Of Sex 02

පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්මයක උපරිම නිදහස විඳින්න. කේ කොයිතරම් නිදහස් පිරිමියෙක් වුනත් මට සිද්ද වෙනවා එයා හින්ද මගේ වනාන්තර ආත්මය යම් තරමකට හෝ පාලනය කරන්න. ඉගිල්ලෙනවා වෙනුවට එයා එක්ක පයින් යන්න. ඒක අපිව ඩිප්රෙස් කරනවා. එහෙම ඇකිලිලා ජීවත් වෙන්න ගෑනියෙකුට අමාරුයි. ඒත් හැම ගෑනියෙක්ම පිරිමියෙක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පුංචි කරගන්නවා. ඒ පිරිමියාගෙ ලෝකෙ ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්න තෝරා ගන්නවා. ඒත් අපි විලංගු දාලා තියෙන අපේ අත්තටු හැමතිස්සෙම ඒවායේ උරුමය ඉල්ලාගෙන විහිදෙන්න කැරලි ගහනවා. අපි හැමදවසකම ඒ තටු කපා දමමින් අපිව දුර්වල කරගන්නවා. ගෑනියෙකුගේ උපරිමය දරාගන්න කිසිම පිරිමියෙකුට බෑ. බුදුවරයෙක් වුනත් එතනදි අසමත්. ඒත් කේ කියන්නෙ මගේ ඒ ජීවිතේ අවසානය. කේ ගියාට පස්සෙ මං මගේ අත්තටු දිගට වැඩෙන්න ඉඩ දෙනවා. මං පොලොව අත්ඇරලා මට අයිති අහසේ ජීවිතය තෝරගන්නවා. ටියුලිප් මල් යායවල් ලැවෙන්ඩර් යායවල් උඩින් මං ඉගිල්ලෙනවා. සීත හිම උඩින් කාන්තාර උඩින් මුහුදු උඩින් පියාඹනවා. මං ගොඩක් පිරිමි ගැහැණු එක්ක ආදරෙන් බැඳෙනවා. ගොඩක් සෙක්ස් කරනවා. ඒ හැමෝගෙම හදවත් මං දරුණු විදිහට තුවාල කරනවා. තුවාල වුනු හිතකට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. මං ඒ හැමෝමව අත්ඇරලා යනවා. කවදාවත්ම ඒ ආදරවන්තයින්ට ඒ ගොල්ලොන්ගෙ පරණ ජීවිතය තරම් ආයිමත් පුංචි වෙන්න බැරි පැල්ම මම වේවි. මං වළාකුල් වෙනවා. වැස්ස වෙලා වැටෙනවා. දියපාර වෙලා ගලනවා. ග`ගක් වගේ වැඩෙනවා. මුහුදක් තරම් ලොකු වෙනවා.
Gulsari | ගුල්සාරි
