Showing 97–120 of 374 results

නවකතා - Novel

Pera Bhawayedi da Pem Kalemi | පෙර භවයේදී ද පෙම් කළෙමි

රු1,062.50
or 3 X රු354.17 with

The Black Panther

Barbara Cartland

පෙර භවයේදී ද පෙම් කළෙමි

පරිවර්තනය එල් එස් එස් පතිරත්න

ග්වෙන්ඩොලින් ෂයක් ආර්යාව සර් ෆිලිප් චැලේ ප්‍රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිදු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි.

යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කීපයක් ඇතුළත සිදු වූ සර් ෆිලිප්ගේ එකම ආදරවන්තියගේ මරණය ග්වෙන්ඩොට්‍රින්ගේ උපත සමඟ කිසියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් එය ග්වෙන්ඩොලීන්ගේ කිසියම් පරිකල්පනයක් පමණක්ද?

මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප්‍රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්තරය තුළින් සොයාගත හැකිය.

Peralu Nawum Pasa I – පෙරළූ නැවුම් පස I

රු540.00
or 3 X රු180.00 with

”සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.”

”මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?” යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය.

”මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?”

”මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?”

”ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ …”

”සහෝදරයා කසාද බැඳලද?”

”නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.”

” තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?”

Peralu Nawum Pasa II – පෙරළූ නැවුම් පස II

රු540.00
or 3 X රු180.00 with

නින්ද යනවාත් සමගම ඔහුගේ ගති ගුණවලට එකඟව ඔහු තෘප්තියෙන් සිනාසුණේය.සොම්නසින් ඇස් කරකවා බලා නින්ද නමැති මීදුම්පටලය තුළින් කල්පණා කරන්නට විය.අද දුබ්ත්සොව්ගේ වාඩියේ කෑමට අළුත් බැටළු මස් තියෙන්න ඕනෑ. ඒ බව මගේ ඇටවලට දැනෙනවා.මට එකපාර මස් රාත්තල් හතරක් කන්න බැහැ. වැඩියි. රාත්තල් හතරක් කන්න පුළුවන් කිව්වෙ කල්පණා කරල නොවෙයි.අදහස් ප්‍රකාශ කරන්න ඉක්මන් උනා වැඩියි.රාත්තල් තුන හමාරක් නම් වැඩි නැහැ. ඇස් පිය ගහන්නෙ නැතිව කන්න පුළුවනි.මස් මේසයට ඇරල තිබුණොත් වරදින්නෙ නැහැ.ඒක කොහොම හරි සීයගෙ කටට යනව. ඒ ගැන සැක කරන්න දෙයක් නැහැ.

Piyasi Kawuluva – පියැසි කවුළුව

රු637.50
or 3 X රු212.50 with

“මම මේ විදිහට ජීවත් වෙන්නෙ මම ඒකට කැමති නිසා. මම මෙහෙම ජීවත් වෙන්නෙ වෙනත් විදිහකට මම ජීවත් වෙන්න අකමැති නිසා. අනිත් මිනිස්සු ජීවිතය කියලා තේරුම් ගන්න දේ ගැන මට කිසිම වටිනාකමක් දැනෙන්නෙ නැහැ. මට උගුලකට අහුවෙන්න ඕන නැහැ. ජීවිතය කියන්නේ අඬුබඬු මහ ගොන්නක් තියෙන බූවල්ලෙක්. ඌට මිනිහෙක්ව හිර කර ගන්න ඕනෑ වෙන්නේ ඒ අඬුබඬුවලින් එකක් විතරයි. මාව හිර වෙන්නයි හදන්නෙ කියලා දැනුණ මුල් අවස්ථාවෙම මම ඒ අඬු කපලා දානවා. සමහර වෙලාවට ඒක හරිම වේදනාකාරියි. ඒත් වෙන කරන්න දෙයක් නැහැ. ඔබට මම කියන දේ තේරෙනවද?”
පියැසි කවුළුව- Skylight ( පිටුව113)
ජොසේ සරමාගෝ
පරිවර්තනය – සුභාෂිනී චතුරිකා

Piyasi kawuluwa – පියැසි කවුළුව

රු340.00
or 3 X රු113.33 with

2011 ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත වූ 2011 වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන්පිදුම් ලැබූ නවකතාවකි. ශෝකාකූල වූ ද, හාස්‍යජනක වූ ද, උත්ප්‍රාසාත්මක වූ ද, විකාරරූපී වූ ද පරිකල්පනාත්මක යුගයක්වෙත අති සංවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති අපූර්ව පුද්ගලයකුගේ අසම්පූර්ණ චරිතාපදානයයි.

Rahasinwath love nokala seka | රහසින්වත් Love නොකළ සේක

රු1,350.00
or 3 X රු450.00 with

අනේ මන්දා දැන් මට හිතෙනවා ‘ඔයාව මට මදියි’ කියලා. මට තේරෙන්නෙ නැත්තෙ මට ඔයාව මදියි කියලා දැනෙන්නෙ ඇයි කියලා. වෙලාවකට මට ඔහොම හිතුණම, මම කරන්නේ ඔයාව සීමාවක් නැතුව කිස් කරන එක. මම ආසයි එහෙම අසීමිතව ඔයාව කිස් කරන්න. එහෙම වෙලාවට මට හිතෙනවා ‘මට ඔයාව මදි නෑ’ කියලා. ආපහු කිස් කරලා ඉවර වුණාම ආයෙත් ‘මට ඔයාව මදි’ වෙනවා.

මම දන්නවා ඔයානම් කැමති, මට හැමවෙලාවකම ‘ඔයාව මදි’ කියලා හිතෙනවට කියලා. මොනා කරන්නද.. අපි බලමු ඔයාව මට ඇතිවෙන්නෙ කවදද කියලා. ඇත්තමයි මම නම් ආස ඔයාව මට තව තව මදි වෙනවනම්.

රහසින්වත් Love නොකළ සේක | දේශාන් සේනාරත්න©

Rajina – රැජිණ

රු1,485.00
or 3 X රු495.00 with

ඈ බොල නාකිච්චියේ…මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!’
හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුසලානයද දරාගෙන දොරෙන් කුටිය ඇතුලට එන ගමන් ඇගේ නිදිමත බේරෙන මූන දෙස බලා ඔහු මේ සෙල්ලම ආරම්භ කරන්නේ එසේය.
ඒ ආරම්භක දෙබසින් ඉක්බිතිව ඇය වැද නමස්කාර කර ඔහු පිලිගත යුතුය.ඔහු වෙනුවෙන් තම කුටියේ විශේශයෙන් සකස්කල ආසනය වෙත ඔහු කැදවාගෙන එහි ආසන පැනවිය යුතුය.ඊලගට,’දැන් ගලවපන් ඇදුම්’ යැයි ඔහු මුරගාන විට සියලු සලුපිලි ආභරන මුදාහැර නිරුවත් විය යුතුය.

Ran Rosa – රන් රෝස

රු467.50
or 3 X රු155.83 with

ප්‍රවීණ සෝවියට් ලේඛක කොන්සතන්තීන් පවුස්තොව්ස්කි ‘රන් රෝස’ නම් වූ මේ කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මූලික අංක ප්‍රත්‍යංගයක් ගැනම පාහේ සාකච්ඡා කරයි. අත්දැකීම් ලබා ගන්නා ආකාරය, නිර්මාණාවේශය, චරිත ගොඩනැංවීම, නිර්මාණකරණයෙනහිලා භාෂාව හැසිරවීම, පරිකල්පනය හා අන්තර්ගතයට අනුරූපීව ආකෘතිය හැඩගැස්වීම ආදී හැම වැදගත් ලක්ෂණයක්ම මේ විස්තර වෙයි. පවුස්තොව්ස්කි මේ සියලු ගුණාංග විස්තර කරනුයේ පාඨකයා වෙත ඉතා රමණීය කතා පුවතක් ඉදිරිපත් කරන ආකාරයෙනි. කතුවරයා පාඨක අත සුහදව ගෙන, මග දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින්, එකේ සුන්දරත්වයත්වයෙන් ඔහු වශී කරවමින්, පාඨක බුද්ධිය නොපාරා ඔහු හදවත අමතමින්, නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මං පෙත් ඔස්සේ ආශ්වාදජනක වූ ද දීර්ඝ වූ ද ගමනක යෙදෙයි.

Sadam samaga ma parisula | සදාම් සමඟ මා පාරිසුලා

රු467.50
or 3 X රු155.83 with

ජිනාගේ නිවසට මා කැඳවූයේ හරුට්ගේ පෙලඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්‍රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජිවිතය ප්‍රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරු බුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්‍රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරිමෙන් ලෝකයේ සියලු ප්‍රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්‍රියේ හරුට්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මා ය.

Sansakkari | සංසක්කාරී

රු1,080.00
or 3 X රු360.00 with
2022 ගොඩ⁣ගේ සාහිත්ය සම්මාන උළෙලේ විශිෂ්ටතම පළමු ප්රබන්ධ කෘතිය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනාගත්
2022 ස්වර්ණ පුස්තක දීර්ඝ වටයටද තේරී පත්වූ නවකතාව

__________________________________________
“…කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.
හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”
__________________________________________

Sathkarika – සත්කාරිකා

රු595.00
or 3 X රු198.33 with

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගත්, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා රචිත සත්කාරිකා තුළින් ශ්‍රී ලංකේය සමාජ ව්‍යුහයේ එක් අදුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදෙයි. එමගින් පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් කෙරෙයි. රසවත් කියැවීමක් හරහා ඔහු ලබන ගැඹුරු අත්දැකීම ජීවිත කාලය පුරාම මනසෙහි රැඳී නිනද වෙයි.

Sathwa Saha Shaka Wisheshayange Sambhawaya – සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය

රු807.50
or 3 X රු269.17 with

මෙය ”සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය” යන ප්‍රකට ග්‍රන්ථය මානව සංහතියේ ප්‍රගමනය කෙරෙහි කෙබදු අති විශාල බලපෑමක් ඇති කලේද යන්න මෙම පොත පරිශීලනය කිරීම මගින් ලබා ගත හැකිය

selavi | සේලවී

රු720.00
or 3 X රු240.00 with

තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටි හැටියේ හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා

නුරා ඒ හුළඟ ඇගේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට කපිල් හුළගේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා

SEX – Faculty Of Sex 01

රු720.00
or 3 X රු240.00 with

ආදරය පදනම් වෙන්න ඔ්න සෙක්ස් මත. ආදරයකට වඩා ප‍්‍රැක්ටිස් කරන්න ඔ්න ආශාව. සෙක්ස් කියන එක ඔය හිතන තරම් ලේසි කාරණාවක් නෙමෙයි. පිරිමි මේ කතාව එලියට කියන්නෙ නෑ. එහෙම කියනවා මං අහලා නෑ. පිරිමියෙකුට ගෑනියෙක් එක්ක සෙක්ස් කරලා විතරක් කායිකව ගන්න පුළුවන් තෘප්තියක් නෑ. එහෙම තියෙනවා නම් ඒ කෙනා සෑහෙන අසහනයකින් ඉන්න කෙනෙක් වෙන්න ඔ්න. සෙක්ස් කරලා ධාතු පහවෙලා ඉවර වෙද්දි සියදිවි නහගන්න තරමෙ හිස්කමක් එනවා. මේ හිස්කමට මූනදෙන්න අමාරුයි. එතනදි ඔ්න වෙනවා අනිත් මනුස්සයා එක්ක කතා කරලා හුවමාරු කරගන්න දෙයක්. ඒක ජීවිතෙන් කෑල්ලක් වෙන්න ඔ්න. ඒ මනුස්සයා කතා කරන්න දන්න, අපේ හැගීම් එහාට මෙහාට ෂෙයාර් කරගන්න දන්න කෙනෙක් නොවුනොත් සෙක්ස්වල තෘප්තියක් නෑ. ශරීරයක් බෙදාගන්නවා, කෙටි කාලීන අත්දැකීමක් බෙදාගන්නවා කියන කාරණාවට එහා පැවැත්මක් බෙදා ගන්නවා කියන තැනට යන්න පුළුවන් වෙන්නෙ ඔය ක‍්‍රියාවලියෙන්. ගෑනියෙක් එක්ක ලිවින්ග් ටුගෙදර් හරි කසාද ජීවිතේකදි හරි හම්බුවෙන වටිනාම දේ මේක. පේ‍්‍රමයත් එක්ක ෂෙයාර් කරගන්න තියෙන දේවල් අසීමිතයි. ඒ හැමදෙයක්ම සෙක්ස් මත පදනම් වෙන්නෙ නැති වුනාට සෙක්ස් හොඳට කරන මිනිහෙක් තමන්ගෙ පාට්නර් එක්ක හොඳට සුවපහසු වෙන්න දන්නවා.

-චින්තන ධර්මදාස-

SINGAPPURU KATHAWA – සිංගප්පුරු කතාව

රු1,080.00
or 3 X රු360.00 with

ශ‍්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.

මහාචාර්ය වෝල්ටර් මාරසිංහ

Sinhala Pamanai : Volume 1 | සිංහල පමණයි : 1 වෙළුම

රු520.00
or 3 X රු173.33 with
සිංහල පමණයි වූ කලි, ලංකාවේ භූ දර්ශය තුළ ජනතාවගේ ද ඔවුන් පිළිබඳ කතාන්දර වල ද ඔවුන්ගේ හුරු පුරුදු, චාරිත්‍ර වාරිත්‍ර හා මනෝ වෘත්තීන්හි ද පමුදු වසා දැමීමේ තාවකාලික ප්‍රතිකර්මයකි. එය අනේකත්වයේ අධ්‍යාත්මය යි. ඇසගේ කෘතිය යුගයේ ආකල්පවලින් වෙළා ගැනීමට නියමිත ව තිබූ සෙයක් පෙනෙන්ට තිබෙන පටුබුද්ධිකත්වයේ අතිමහත් තර්ජනය මධ්‍යයේ මේ අනේකත්වය ආරක්ෂා කිරීමට දරන ලද නිර්භීත ප්‍රයත්නයකි. සිංහල පමණයි වූ කලි, ජාතියේ තරුණයන් මුහුණ දී සිටින කනගාටුදායක ඉරණම පිළිබඳ මෙන්
ම දෙමළ හා සිංහල ත්‍රස්තවාදයේ උපත පිළිබඳ කතාන්දරය යි.

Sinhala Pamanai : Volume 2 | සිංහල පමණයි : 2 වෙළුම

රු520.00
or 3 X රු173.33 with
සිංහල පමණයි වූ කලි, ලංකාවේ භූ දර්ශය තුළ ජනතාවගේ ද ඔවුන් පිළිබඳ කතාන්දර වල ද ඔවුන්ගේ හුරු පුරුදු, චාරිත්‍ර වාරිත්‍ර හා මනෝ වෘත්තීන්හි ද පමුදු වසා දැමීමේ තාවකාලික ප්‍රතිකර්මයකි. එය අනේකත්වයේ අධ්‍යාත්මය යි. ඇසගේ කෘතිය යුගයේ ආකල්පවලින් වෙළා ගැනීමට නියමිත ව තිබූ සෙයක් පෙනෙන්ට තිබෙන පටුබුද්ධිකත්වයේ අතිමහත් තර්ජනය මධ්‍යයේ මේ අනේකත්වය ආරක්ෂා කිරීමට දරන ලද නිර්භීත ප්‍රයත්නයකි. සිංහල පමණයි වූ කලි, ජාතියේ තරුණයන් මුහුණ දී සිටින කනගාටුදායක ඉරණම පිළිබඳ මෙන්
ම දෙමළ හා සිංහල ත්‍රස්තවාදයේ උපත පිළිබඳ කතාන්දරය යි.

Sisiraye Mada – සිසිරයේ මැද

රු637.50
or 3 X රු212.50 with

Isabel Allende විසින් රචිත In The Midst of Winter ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.

කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැඳෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගුණි. එමෙන්ම තම ජීවිතය අතනිකඩව නිහඬව ගෙනගිය හැටවන වියේ පසුවූ මානව හිමිකම් පිළිබඳ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු වූ රිචඩ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසු වූ චිලී ජාතික විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් වූ ලුසියා මාරාස් සහ ඒවන විට ඇමරිකාවේ විසූ නීතිවිරෝධී සංක්‍රමණික චිලී ජාතික තරුණ කාන්තාවක් වූ එව්ලින් ඔටෙගා ඇති කරගත් මිතුදම ය. ඒ සමග ජීවිතයේ පසු භාගයේ දිවි ගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර සදාතනික ආදරයක් ගොඩ නැගිණි.

Sulanga Nuba Saha Mama | සුළඟ නුඹ සහ මම

රු900.00
or 3 X රු300.00 with

දැන්නම් ඉතිං පණ දෙන්න තමයි කතාව.. ඒකට ඉස්සර…”

ඇය තොල් උල්කර ඇද පැද කීවාය. ශෘංගාරාත්මක පැසුණු ගැහැනු බැල්මක්ද හෙළුවාය. ඉලන්දාරියා අන්ද මන්ද විය.

“ඉස්සර මොකද…?”
“මතකම නෑ… ආපු දවසේ ඉඳලා මට දුන්න වදයක්…”
“තාම හරියට වද දෙන්න පටන් ගත්තෙ නෑ…”
“ඇයි…?˜

ඔහු ඇගේ කන්පෙති මත අප කාටත් හොරාට අනේකවාරයක් මෙසේ
රහස් තැබුවේය. ගහකොළ සුළඟ පවා නොඇසූ ඒ රහස් දැන් කොහෙ
කොහේ ඇත්දැයි අපි නොදනිමු….

Sulanga Numba Saha Mama 2 – සුළඟ නුඹ සහ මම 2

රු900.00
or 3 X රු300.00 with

උඩවලව කර්කශ අව් රශ්මියට යටින් බොරලු පාරේ නිරුවත් දෙපයින් ඇවිද ගිය මට අගනුවර කාපට් පාරවල් වෙල්වට් තරම් සිනිඳු වූ බව කිව යුතුය. ලෝකය අසුන්දර තැනක් යයි බොහෝ දෙනා මැසිවිලි නගද්දී මම එහි සුන්දරත්වය සොයා ගියේ ආදරයෙනි. සීතලෙන් ගල් ගැහෙන සුඛෝපභෝගී කාර්යාල පරිශ්රවලත්, ගිනි ගහන බොරළු පාරවල්වලත්, මට හැමදාම තිබුනේ වෙනසක් නොව ජීවිතය පිළිබඳ පාඩමකි. අව්වට යටින් නළල රැලි කරන් සෙමින් ඇවිද ගිය මම කිසිදාක වැස්සෙන් නොතෙමෙන්නට දිව ගියේද නැති බව මගේ ආදරණීයයන් දනියි.මිනිසුන් ගැන අවංකව ලිවීමෙන් මා ලබන ආනන්දය, කොතරම් සුන්දරද යත්,මියෙන්නට පෙර මියැදෙන මිනිසකුගේ හැඟීම ලියන්නට මම පතමි.
මා ලියන දෙය ලෝකයේ කොහේ හෝ සිට කියවන්නට කෙනෙක් ඇතැයි මම විශ්වාස කරමි. ඒ හිත ආදරයෙන් සිහිපත් කරමි. ඉතින් මේ අකුරු ඔබටය.රැගෙන යන්න..මේ පයට පෑගුණු බොරළු කැට මුතු පබලු වන කාලයයි.මා ලියූ අකුරක දිග මකනය නොදනියි..එහෙත් නුඹ හොඳින් දනියි…ආදරෙයි…
සමන් එදිරිමුණි