Showing 25–45 of 45 results

ප්‍රේම වෘත්තාන්ත - Romance

Noori | නූරි

රු1,062.00
or 3 X රු354.00 with

නූරි, රොමේෂ් සහ චාපක මහිල් මතින් මා කරපින්නාගෙන පැමිණියේ,

‘ස්ත්‍රිය වනාහි මෙසේය, පුරුෂයා වනාහි එසේය,”

කියමින්,

යම් කලක සමාජය විසින්ම මවාගන්නා ලද භාවයන් මත, රාමු කළ ව්‍යුහයන් පසු කාලීනව, පුරුෂ ලක්ෂණ, ස්ත්‍රී ලක්ෂණ ලෙස සපථ කර භාරගැනීම තුල,දිනක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයන්ටම ඇතිවන අනෙක විද බාධා සහ සීමාවන්ගේ පීඩනය,තවත් වටයකින් සමාජයට, රිදුම් පමණක්ම ඉතුරු කරමින් නිදහස් මිනිස් හැඟීම් දැනීම් වලට බැඳීම් එකතු කරවා, සම්මතය යැයි පිහිටුවීමට සමාජය විසින් සමාජය වෙත කරවන වක්‍රානුකූල බලකරවීම කෙරෙහි පුද්ගලිකව මා තුල ඇති අප්‍රසාදයෙහි වම් පස කොටසයි.

Rajina – රැජිණ

රු1,485.00
or 3 X රු495.00 with

ඈ බොල නාකිච්චියේ…මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!’
හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුසලානයද දරාගෙන දොරෙන් කුටිය ඇතුලට එන ගමන් ඇගේ නිදිමත බේරෙන මූන දෙස බලා ඔහු මේ සෙල්ලම ආරම්භ කරන්නේ එසේය.
ඒ ආරම්භක දෙබසින් ඉක්බිතිව ඇය වැද නමස්කාර කර ඔහු පිලිගත යුතුය.ඔහු වෙනුවෙන් තම කුටියේ විශේශයෙන් සකස්කල ආසනය වෙත ඔහු කැදවාගෙන එහි ආසන පැනවිය යුතුය.ඊලගට,’දැන් ගලවපන් ඇදුම්’ යැයි ඔහු මුරගාන විට සියලු සලුපිලි ආභරන මුදාහැර නිරුවත් විය යුතුය.

Sulanga Nuba Saha Mama | සුළඟ නුඹ සහ මම

රු900.00
or 3 X රු300.00 with

දැන්නම් ඉතිං පණ දෙන්න තමයි කතාව.. ඒකට ඉස්සර…”

ඇය තොල් උල්කර ඇද පැද කීවාය. ශෘංගාරාත්මක පැසුණු ගැහැනු බැල්මක්ද හෙළුවාය. ඉලන්දාරියා අන්ද මන්ද විය.

“ඉස්සර මොකද…?”
“මතකම නෑ… ආපු දවසේ ඉඳලා මට දුන්න වදයක්…”
“තාම හරියට වද දෙන්න පටන් ගත්තෙ නෑ…”
“ඇයි…?˜

ඔහු ඇගේ කන්පෙති මත අප කාටත් හොරාට අනේකවාරයක් මෙසේ
රහස් තැබුවේය. ගහකොළ සුළඟ පවා නොඇසූ ඒ රහස් දැන් කොහෙ
කොහේ ඇත්දැයි අපි නොදනිමු….

Sulanga Numba Saha Mama 2 – සුළඟ නුඹ සහ මම 2

රු900.00
or 3 X රු300.00 with

උඩවලව කර්කශ අව් රශ්මියට යටින් බොරලු පාරේ නිරුවත් දෙපයින් ඇවිද ගිය මට අගනුවර කාපට් පාරවල් වෙල්වට් තරම් සිනිඳු වූ බව කිව යුතුය. ලෝකය අසුන්දර තැනක් යයි බොහෝ දෙනා මැසිවිලි නගද්දී මම එහි සුන්දරත්වය සොයා ගියේ ආදරයෙනි. සීතලෙන් ගල් ගැහෙන සුඛෝපභෝගී කාර්යාල පරිශ්රවලත්, ගිනි ගහන බොරළු පාරවල්වලත්, මට හැමදාම තිබුනේ වෙනසක් නොව ජීවිතය පිළිබඳ පාඩමකි. අව්වට යටින් නළල රැලි කරන් සෙමින් ඇවිද ගිය මම කිසිදාක වැස්සෙන් නොතෙමෙන්නට දිව ගියේද නැති බව මගේ ආදරණීයයන් දනියි.මිනිසුන් ගැන අවංකව ලිවීමෙන් මා ලබන ආනන්දය, කොතරම් සුන්දරද යත්,මියෙන්නට පෙර මියැදෙන මිනිසකුගේ හැඟීම ලියන්නට මම පතමි.
මා ලියන දෙය ලෝකයේ කොහේ හෝ සිට කියවන්නට කෙනෙක් ඇතැයි මම විශ්වාස කරමි. ඒ හිත ආදරයෙන් සිහිපත් කරමි. ඉතින් මේ අකුරු ඔබටය.රැගෙන යන්න..මේ පයට පෑගුණු බොරළු කැට මුතු පබලු වන කාලයයි.මා ලියූ අකුරක දිග මකනය නොදනියි..එහෙත් නුඹ හොඳින් දනියි…ආදරෙයි…
සමන් එදිරිමුණි

THEE HA THAA – තී හා තා

රු1,215.00
or 3 X රු405.00 with

Wassana Sihinaya | වස්සාන සිහිනය

රු1,020.00
or 3 X රු340.00 with

ප්‍රේමයේ නිදහස හෙවත්

ස්වයංවරයට එරෙහි ව

පවතින ආර්ථික කොන්දේසි

ප්‍රශ්න කිරීමක් මෙන් ම

ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා

මිනිසා තුළ වන

මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද

‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.

කොලපාට ඇස් – kola paata as – May December Romance

රු1,360.00
or 3 X රු453.33 with

ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

ජමිලා/ jamila

රු315.00
or 3 X රු105.00 with