Price
Average rating
යොවුන් නවකතා - Young Novels
105

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.
Adaraneeya Victoria – ආදරණිය වික්ටෝරියා

1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාවට පසුබිම් වෙයි.
රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි ආගම්වාදියෙකු සහ දේවවාදියෙකු යැයි ගැරහුමට ලක්වන විට ලෙනින් පැවසුවේ ‘ඔහු රුසියාවේ කැඩපත‘ යන්න ය. ඒ, අදාළ සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික වාස්තවිකත්වය නිසි අයුරින් ග්‍රහණය කර ගැනීමට තෝල්ස්තෝයි සමත්ව තිබූ බැවිනි. එහෙත් අපේ ලේඛක ලේඛිකාවන්ගෙන් කීයෙන් කී දෙනෙක් මේ අදාළ සමාජීය කරුණු කාරණා නිසියාකාරයෙන් වටහාගෙන තිබේ ද? වටහා ගත්තද එය සිය නිර්මාණ සඳහා උපස්ථම්භක කොට ගෙන තිබේද? මොහාන්ගේ ‘ආදරණීය වික්ටෝරියා‘ එබඳු උත්සාහයක ප්‍රතිඵලයකි.
Adarayaka Abhiman / Pride & Prejudice

ජේන් ඔස්ටින්ගේ Pride and Prejudice බුහුටි බව හා නුවණක්කාරකම් ඉහවහ ගිය නැවුම් රොමාන්තික ප‍්‍රහසනයකි. වංශවත්, මාන්නාධික ඩාර්සි, එළිසබෙක් බෙනට් සමග රැඟුමක් පෑම ප‍්‍රතික්ෂේප කළ විට, ඔහුගේ කීර්තිය, ධනය හා කඩවසම් අවිවාහකයෙකු යන්න මායිම් නොකර, ඇය තමා තුළ ඇතිවූ අප‍්‍රසාදය ක්ෂණිකවම ප‍්‍රකාශ කළාය.
America – ඇමෙරිකා

ග්‍රීන්කාඞ් අතැතිව අමෙරිකාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු, සතුට, සැනසුම, තෘප්තිය හඹා යන අතර,ඒ මායාකාරී පැවැත්ම තුළම ප්‍රයෝගකාරී රැවටිලි සහගතව ගිලී ගිය අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය මූර්තිමත් කරන මෙම නවකතාව 2018 ස්වර්ණ පුස්තක අවසාන වටය සඳහා නිර්දේශ විය.
Awasan Katayuthu Dilliyedi – අවසන් කටයුතු දිල්ලියේදී

මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!
Bodilima – බෝදිලිමා

ඒක තමයි හුගක්ම භයානක!
මිනිස්සුන්ට තමන් දැකපු හීන අමතක වෙනවා කියන්නේ,
තමන් ජිවත් වෙනවා කියල තමන්ටම අමතකව වෙලා කියන එක….
Bohemiyan Daruwo / Bohemian Girls

නිර්ව්‍යාජ යෞවනත්වයෙන්, කුලූඳුල් අනුරාගයෙන් හා අසීමිත කුතූහලයෙන් ති‍්‍රමානීය වූ දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත්, මහා ව්‍යසනයක ඇරඹුමත්, එකී විපර්යාසය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ ආධ්‍යාත්ම වෙනස් මඟකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකිි
Colombo – කලම්බො

අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්‍රීසීන්ට සිලෝන් විය. ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය පෘතුගීසීන්ට Colombo විය. ලන්දේසීන්ටද Colombo විය. ඉංග්‍රීසීන්ටද Colombo විය. නවසිය හතලිස් අටෙන් පසුවද Colombo කොළඹ වුයේ නැත. Colombo, ‘Colombo’ ම විය.
Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad

Robert T Kiyosaki Sharon, L Lechter විසින් රචිත Rich Dad, poor Dad ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
Eka Lagata Deka Neweyi | එක ලගට දෙක නෙවෙයි

guha satana – macro lensgathakshudra yuddaya | ගුහා සටන -මැක්රෝ ලේන්ස්ගත ක්ෂුද්‍ර යුද්දය

Japan Pemwatha-ජපන් පෙම්වතා

Isabel Allende විසින් රචිත The Japanese Lover ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
Lavender – ලැවෙන්ඩර්

මේක පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…
හේස්ලි ලැවෙන්ඩර් ස්කයිලර්… සරලවම, මගේ නමේ තේරුම “හේසල් දුබුරු පාට ඇස් තියෙන, ලැවෙන්ඩර් පුසුබැති පුංචි දැරිවිය කියන එක…
මේක ඔයාලා කවදාවත්ම අත්විදලා නැති විදිහේ හරිම ලස්සන, හුදෙකලා කදුකර නිම්නයක් පුරාවටම දග කරපු චුටි ගෑනු ළමයෙකුගේ පටන් බෘනට් පාට කොන්ඩ කැරලි තිබුනු ලස්සන චෙරි රෝසපාට තරුණ ගෑනු ළමයෙක් වෙනකල් එයා අත්විදපු සුන්දරම මතකයන් ගැන අපුරු කතාවක්..
Love – Faculty of Sex 03

Intro
හැම කෙනෙකුටම තියෙනවා එයාගෙම ශෘංගාර කතාවක්. ඒක කාටවත් නොකියන එකක් වෙන්න පුළුවන්. කවුරු හරි එක් කෙනෙක් එක්ක විතරක් බෙදා ගන්න එකක් වෙන්න පුළුවන්. යාලුවො විතරක් දන්න එකක් වෙන්න පුළුවන්. කොහොම වුනත් අපි හැමෝගෙම ශෘංගාරය අපිටම අනන්‍යයි. ශෘංගාරයේ සුන්දරත්වයත් ඒකමයි.
ඔය කවුරු වුනත් ඇඳුම් ගැලෙව්ව්වම එකයි වගේ කතා කියන්නෙ ශෘංගාරය ගැන කිසි දැනීමක් නැති මිනිස්සු. ශෘංගාරය තියෙන්නේ ශරීර අඟපසඟ වල නෙමෙයි. ඒක තියෙන්නෙ සංවේදනා වල. ඒක අපි විඳින්නෙ අපේ අතිශය පුද්ගලික තැන් වලින්.
හැම ශෘංගාර කතාවක්ම අපි කියන අනිත් හැම කතාවකටම වඩා ලස්සනයි. අපිට පුළුවන් නම් අපේ ශෘංගාර කතා විවෘතව බෙදා ගන්න අපේ ජීවිතේ ශෘංගාර කලාපයන් විශාල වෙනවා. ඒ වගේම එහෙම බෙදාහදා ගැනීමක් කරන්න අපි අතර විශ්වාසය ගෞරවය වගේම ආදරයත් විශාල වෙන්න ඕන.
මේ පොතේ පිටු අතර කියවන්න ලැබෙන්නේ ඒ වගේ එක එක මිනිස් ජීවිතවල ශෘංගාර සංවේදන. අපි හිතන නොහිතන, විඳින නොවිඳින, පිලිගන්න නොපිලිගන්න, ගොඩක් තැන් ඒ අතර තියෙන්න පුළුවන්. ඒත් ඒ තව කෙනෙකුගේ ආස්වාද විශ්වයක් හැටියෙන් බාරගන්න පරිණතකමක් අපිට තියෙන්න ඕන.
නිරුවත් පහසක් විඳිනවා කියන්නෙම ආර්ට් එකක් අපිට බඩගින්නට මොනවා හරි බඩට දාගන්න පුළුවන්. ඒ වගේම විවිධ රස භාවයන් විඳිමින් කෑමක් වරුවක් විතර විඳින්නත් අපිට පුළුවන්. සෙ ස් කියන්නෙත් එහෙම දෙයක්. අවශ්‍යතාව පිරිමසා ගැනීමේ සෙක්ස් කියන්නෙ දුප්පත්කමක්. හුස්මෙන් හුස්ම කියවන, රෝමයෙන් රෝමය දනවන, සුවඳ, නර්තනය විඳින සෙක්ස් කියන්නෙ සුඛෝපභෝගීත්වයක්.
ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්නෙ එහෙම නිදහසක්, බාර ගැනීමක් වගේම දියුණු විඳීමක් ජීවිතය ඇතුලෙ නිර්මාණය කරගත්ත පොහොසත් වැඩිහිටියන් වෙනුවෙන්. ඒ කතා තියෙන්නෙ ඒවා අහන්න තරමට සංස්කෘතික වුනු කන්වලට විතරයි.
Chinthana Dharmadasa
Loveena – ලොවීනා

අතීතය කල්පාග්නියේ ගිනියම්ව දැවී ගොස්ය. එබැවින් අතීතය හුදු අතීතයක්ව හමාරය. අනාගතය තවම උදා වී නොමැත. හෙට වෙන දෙයෙහි අයිතිය හෙටට වේ. අදට අයිතිවන්නේ අද වෙන දේ පමණකි. මෙවන් දාර්ශනික චින්තනයකින් සමන්විතව අතීතයෙනුත් අනාගතයෙනුත් වෙන්ව වර්තමානයේ ජීවත් වූ ඇයව අපට හමු වන්නේ ලොවිනා කෘතිය තුළය.
අතීතයේ රජ දවස රාජ උරුමයන් අහිමි වූ රත්නවල්ලි කුමාරිකාවගේ පරම්පරාවෙන් පැවත එන රොඩී කුලයේ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම තවත් එක් මනුෂ්‍යයන් පිරිසක් ලෙස සමාජය නොසැලකීම හේතුවෙන් සිදු වූ අසාධාරණ සමාජ පීඩා එක් පසෙකින්ද පෘතුග්‍රීසි උරුමය ජාතක කර ගනිමින් මෙරටේ ජන්ම ලාභය ලැබූ දස්කොන් මහ අධිකාරම හෙවත් ගැස්කොයින් සහ නරේන්ද්‍රසිංහ රජුගේ බිසෝ තනතුරු ලැබූ මධුරාවේ කුමාරිය ප්‍රමිලා බිසව අතර ඇති වූ ආදර වියෝව තවත් පසෙකින්ද බ්‍රිතාන්‍ය කිරීටයේ අනුහසින් මෙරට ආණ්ඩු කරවූ හමුදා නිලධාරි, තෝමස් මේට්ලන්ඩ් නම් ආණ්ඩුකාරවරයා සහ පෘතුගීසි ජාන සහ සිංහලයේ රොඩී ජාන මුසු කර සොබාදම් මාතාවගේ අපූර්වතම නිමැවුම වූ ලොවීනා නම් තරුණිය අතර ඇති වූ ආදර පුරාණය අනෙක්පසින්ද තබා “පුන්නා” නම් ශක්තිමත් හුයෙන් අමුණා කතුවරයාගේ පරිකල්පනීය ඉද්දෙන් ගෙත්තම් කළ දුෂ්කර ව්‍යායාමයේ සුපුෂ්පිත කුසුම ලොවීනාය. ඓතිහාසික සිදුවීම් කිහිපයක් ඔස්සේ සිතුවිලි දැහැන් ගත කරවමින් දිග හැරෙන ලොවීනා ඓතිහාසික කතාවක වර්තමාන ඵලයය.
ජීව විද්‍යාත්මත්මක වහලෙක් ජීවියෙක් වන මිනිසා තම සිත පතුළටම කිඳා බැස ඇති ජාගර සිතුවිලි තුළ වල් වැදුනු ලිංගිකත්වය සන්තර්පනය කිරීමේ ලාලසාව පෙරදැරි කරගනිමින් සිදු වන ගැහැණියගේ ලිංගික සූරා කෑම අතීතයේ සිට වර්තමානය දක්වාම සිදු වූ හා සිදු වෙමින් පවතින්නක් බවට ලොවීනා අපට දෙස් දෙයි. එසේම ස්ත්‍රිය භාණ්ඩිත තත්වයෙන් ලඝු කර දැක්විය නොහැකි බවත් ඇය මානුෂීය හැඟිම් මඩනාලද්දික් නොවන බවත් ආදරය යනු රතියම නොවන වගත් රතිය යනු ආදරය නොවන වගත් කුලය යනු එක් එක් සමාජ වටපිටාව මත විවිධ වටිනාකම් ජනිත කරන්නක් මෙන්ම විටෙක කිසිදු වැදගැම්මක් නොමැති තත්ත්වයක් බවත් පෙන්නුම් කරයි. සර්බලධාරිත්වය පෙන්නුම් කරන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් දිගහැරෙන ලොවීනා තුළ අභ්‍යන්තරයේ දිව යන්නේ ගැහැණිය නම් මනුෂ්‍ය දුව අදටත් විවිධ දිශානතිව සිදු කරන පුරුෂ මූලික සමාජයේ ජීවන සංග්‍රාමයයි.
ලොවීනා හි එක් චරිතයක් නිරූපණය කරන සසිරා, උපතින් නොව ජීවත් වීමෙන් කළු සමකට උරුමකම් කීම තම කුලයේ පහත්කමින් ජීවිත කාලයේදී අත්විදි අනේක විද සමාජ දුක් ගැහැට ලෙස ලොවීනාහි සංකල්ප රූප නංවයි නම් සසිරාගේ මරණයෙන් මොහොතකට පෙර ඔහුව පිරිසුදු කර එකී කලුපාට සෝදා හැර උපතෙන් ලද සමේ වර්ණය ඉස්මතු කිරීමෙන් කතුවරයා දක්වන්නේ තමන් ශිෂ්ටාචාර ගත වී ඇතැයි වහසි බස් දොඩවන ඊනියා ශිෂ්ටාචාරගත මිනිසා ගොඩ නගා ගත් කුලය තවත් එක් සංස්කෘතික සහ සමාජ සීමා මායිම් නිර්ණය කිරීමේ සළකුණක් පමණක් වන බවත් මරණය අභියස දී සියලු මිනිසුන් එකම කුලකයක අවයවයන් බවත් නොවේද… එනයින් සිදු විය යුතු පුළුල් සමාජ කතිතාවතක අවශ්‍යතාවත් නොවේද…..
එසේම ජාතියේ අළු මතින් උපත ලැබූ ලොවීනා තම වර්ගයාට නිදහස් සමාජ දිවිපෙවෙතක් උරුම කර දීම දක්වා වූ සිද්ධි සමුදාය ඉදිරිපත් කිරීමේදී කතාකරු උපයෝගී කර ගත් සංකේතාත්මක භාෂාවත් මායා යථාර්ථවාදයත් කතා කලාවේ කතුවරයා සතු බුහුටිබව සහ ප්‍රතිභාව පෙන්වන ජීවමාන සාධකයෝ වෙත්.
එහෙත් ලොවීනා තුළින්, පණ පෙවෙන රොඩී කුලයේ හරස්කඩ ඔස්සේ ගවේෂණාත්මකව සිදු කරන සමාජ විවරණයේදී රොඩී භාෂාවේ යෙදුම් සහිත දෙබස් ඉතා අවම මට්ටමක භාවිතය කතාව පුරාම දැකිය හැකි භාෂාමය දුබලතාවක් ලෙස ගැනිය හැකි වුවත් සමහර විට එකී භාෂා ව්‍යවහාරය යොදා ගැනීමෙන් කතාව පාඨකයා තුළට කිදා බැස්සවීමේ ගැටලු සහගත තත්ත්වයක් කතුවරයා දුටුවේදැයි සැක සිතේ. එසේම අවස්ථා අතලොස්සකදී කුතුවරයා පාඨකයා ඉදිරියේ පෙනී සිට කතාව තුළ තම ආධිපත්‍ය පෙන්වීමක්ද දැකිය හැක.
කෙසේ වෙතත් දස්කොන් හට සිංහලයේ මනා වූ පද සංයෝගයන් සහිතව කවි නිර්මාණය කිරීමට තරම් වෙනත් රටකින් පැමිණි කාන්තාවක් වූ ප්‍රමිලා බිසව සිංහලයේ අවුරුදු කිහිපයක් ජීවත් වී ඉතා කෙටි කලක් ඇතුළත සිංහලය ප්‍රගුණ කරන ලද්දීද…… නැතහොත් වෙනත් අන්තඃපුර ලලනාවක් එකී සාහිත්යික නිර්මාණ සඳහා සහය වන ලද්දීද……
තෝමස් මේට්ලන්ඩ් හට ලොවීනා තම සැලමුතු පෙම පුද කළේද….
මේට්ලන්ඩ් ලංකාව හැර ගිය පසු එකී දුක්ඛප්‍රප්තිය අවසන ලොවීනා තම ජීවිතය මහ සයුරේ රළ අතර සැඟෙවුවාද නැතහොත් ඈ කිසිදු සළකුණක් ඉතිරි නොකර පළා යන ලද්දීද……
වැනි ඉතිහාසගත කතා පුවතේ සැඟවී ගිය අහුකොන් තම පරිකල්පනීය චිත්‍රය තුළ සීමා මායිම් රහිතව විදාරණය කිරීම සඳහා වූ කතුවරයා සතුව ඇති අග්‍රගන්‍ය සාහිත්යික කෞෂල්‍යය ලොවීනා තුළින් පිළිබිඹු වේ.
Magam Sooliya – මාගම් සෝලිය

‘මාගම් සෝලිය’ නවකතාව මූලික වශයෙන් කේන්ද්‍රගත වන්නේ අපේ සිංහල ගම්මානවල කේන්ද්‍රස්ථානය වුණු පන්සල වටාය. නමුත් එය සම්ප‍්‍රදායික පන්සලක් නොවේ. නුවර යුගයේ බෙහෙවින් පරිහානියට ගිය මේ පන්සල්වල බොහෝ විට සිටියේ භික්ෂූන් වහන්සේලා වෙනුවට ගණින්නාසේලා යි. ඔවුහු පවුල් රක්‍ෂා කළහ. බිරින්දෑවරු, දරුවන් රැකබලා ගත්හ. ඉස්සර මෙවැනි පන්සල් නම් කළේ ‘ගනේ වලව්ව’ නැත්නම් ‘ගනේ ගෙදර’ වැනි නම් වලිනි. නවකතාව මැද භාගයේ පන්සලට එන ඇබිත්ත උන්නාන්සේ එවැනි චරිතයක් වුනත් මුල් භාගයේ පන්සලේ සිටින ලොකු හාමුදුරුවෝ එවැනි චරිතයක් නොවේ. උන්නාන්සේ විදර්ශනා වඩන ධ්‍යානලාභී උත්තමයෙකි. ඇතැම් විට මෙතුමන් සෝවාන් ඵලයට ලඟා වූ අයෙක් වන්නට පුළුවන. මෙසේ සෝවාන් නැතිනම් සෝතාපණ්න පුද්ගලයෙක් අතින් වුවත් පව් (වැරදි) සිදු වීමට ඉඩකඩ ඇතිවිය හැකියි. සංයුක්ත නිකායේ සරකාණි වග්ගයේ සරකාණි සූත‍්‍රයේ සඳහන් පරිදි සරකාණි නම් බමුණා මධ්‍යසාරයට ඇබ්බැහි වූවෙකි. සෝවාන් වූ පසුවත් ඔහුට මේ මත්ලෝලී බව අත්හැර ගත හැකි වන්නේ නැත. ඒ අනුව සෝතාපණ්න පුද්ගලයා පෘථග්ජන ජීවිතයත් සමඟ කිට්ටු සබඳතාවයක් ඇති බව අපට පැහැදිලි වේ. ධ්‍යානලාභියෙක් වුණත් මේ ලොකු හාමුදුරුවෝ ඉවකින් වගේ අනාගතය හඳුනා ගනී. උන්නාන්සේ තම ශිෂ්‍ය නමක් වූ පල්ලේගම හාමුදුරුවන්ට ගමේ පන්සල අතහැර ජනඅරගලයට නායකත්වය දෙන ඉහගම හාමුදුරුවන් මුණ ගැසීමට මල්වතු විහාරයට යන්නට අණ කරන්නේ එබැවිනි. විදර්ශනා වඩන සෝතාපණ්න පුද්ගලයෙක් වුණත් සමාජය හා ජනතාව වෙනුවෙන් වූ තම වගකීම ඉටු කරන්නේ ඒ අයුරිනි.
Nil Katrol – නිල් කට්රොල්

මින් වසර එක දහස් පන්සියයකට පෙර කලෙක සිදුවූවා යැයි ඉතිහාසයේ සඳහන් පුවතක අප නො ඇසූ මානයක්. අප දන්නා, නොදන්නා සිත්තරෙකුගේ ගුප්ත ආදර අන්දරයක්. කට්රොල් මල් කෙමියක ඇළුණු රසයෙන් මැවෙන නොතිත් කුතුහලයක්.