Showing all 22 results

රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery

105

රු1,190.00
or 3 X රු396.67 with

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.

Sherlock Holmes | ජල රාක්ෂයා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා

රු212.50
or 3 X රු70.83 with

ඊළඟ මොහොතේ කළුගල අසල දිය කැලඹෙන්නට විය.
එකවරම දිය කඳක් ඉහළට නැගී ගියේය. අපි නොසෙල්වී ඒ දෙස බලා සිටියෙමු. හෝම්ස් මහතා ඔහුගේ විදුලි පන්දුව ඒ දෙසට යොමු කරගෙන සිටියේය.

මිනිත්තු කිහිපයකට පසු ජලය නිසල විය.
ඔරුවේ පැද්දීමේ වේගයද අඩු විය.

Sherlock Holmes | බොහීමියාවේ අපවාදය

රු425.00
or 3 X රු141.67 with

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටිකතා ගණන පහස් හයකි. මෙම කෘතියේ කෙටිකතා අතරින් පහත සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.

* ASCANDAL IN BOHEMIA – බොහීමියාවේ අපවාදය

* THE ADVENTURE OF THE NAVAL TREATY – නාවික ගිවිසුම

* THE ADVENTURE OF THE SILVER BLAZE – සිල්වර් බ්ලේස්

* THE ADVENTURE OF THE FINAL PROBLEM – ශ්‍රේෂ්ඨයෙකුගේ වියෝව

* THE ADVENTURE OF THE EMPTY HOUSE – හිස් නිවසේ වික්‍රමය

ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අභිරහස් විසඳූ ආකාරයන් මෙම කෘතියෙන් විස්තර වෙයි.

 

Sherlock Holmes | බ්‍රික්ස්ටන් වීදියේ අබිරහස

රු425.00
or 3 X රු141.67 with

දොස්තර ජෝන්, එච්. වොට්සන් ලන්ඩනයට පැමිණියේ
ඇෆ්ගනිස්තානයේ සිටය. ඔහුට හමුවූ අපූරු නවාතැන් සහයා ෂර්ලොක් හෝම්ස් ය. හෝම්ස් නමැති අග්‍රගන්‍ය රහස් පරික්ෂකවරයා ගේ වික්‍රමයන් ලොවට අනාවරණය වීම ඇරැඹුණේ උක්ත හමුවීම සමගිනි. පාළු නිවෙසක් ඇතුළත තිබී හමුවූ ඇමෙරිකානුවකුගේ මළ සිරුරකි. ඇත්තෙන්ම එය ස්වභාවික මරණයක්ද? මිනීමැරුමක්ද? මළ සිරුර අසලින් හමුවූ රන් මුදුවේ පසුබිම් කතාව කුමක්ද අත් අඩංගුවට පත්වනු පිණිසම අපරාධකරු හෝම්ස්ගේ නිවෙස ඇතුළට පිවිසියේ කෙසේද?

Sherlock Holmes | ලප සහිත පටියේ අභිරහස සහ තවත් කතා

රු340.00
or 3 X රු113.33 with

අනුමාන කළේ කොයි විදිහට වුණත්, මහත්මයා කීව කරුණු සේරම ඇත්ත” කත කීවා ය. “මම ගෙදරින් ආවේ හයටත් කලින්, දුම්රියපොළට ආවේ හයයි විස්සට, පළවෙනි කෝච්චියෙන් වෝටර්ලූ ආවා, මට මේ පීඩාව තවත් දරා ගන්න බැහැ සර්, මෙහෙම ගියොත් මට වැඩි දවස් නොගිහින් පිස්සු හැදේවි. මට උදව් ඉල්ලන්න කිසි ම කෙනෙක් නැහැ. ඉන්න එකම කෙනා මගේ පෙම්වතා, ඒ අහිංසකයටත් මට උදව් කරන්න පුළුවන්කමක් නෑ. මිසිස් ෆ්‍රින්ටොෂ් කියන්නෙ මගේ යෙහෙළියක්, එයා කරදරේ වැටිච්ච වේලාවක සර් එයාට උදව් කළ හැටි මට කියලා තිබුණා. අනේ සර්, කරුණාකරල මට උදව් කරන්න. සර්ගේ සේවයට ගෙවන්න තරම් මුදලක් මේ වෙලාවේ මගේ අතේ නැහැ, ඒත් මාසෙකින් දෙකකින් මගේ ආර්ථික ප්‍රශ්න කෙළවරක් වේවි. ඊට පස්සේ මම නොවරදවා ගෙවන්නම්.”

Sherlock Homes | ගෝමේද කිරීටයේ අබිරහස

රු340.00
or 3 X රු113.33 with

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටිකතා ගණන පහස් හයකි. මෙම කෘතියේ කෙටිකතා අතරින් පහත සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.

* THE ADVENTURE OF THE BERYL CORONET + ගෝමේද කිරීටයේ අබිරහස

* THE STOCK BROCKER’S CLERK – අපූරු සහෝදරයෝ

* THE YELLOW FACE – කහ පැහැති මුහුණ

* THE GREEK INTERPRETER – ග්‍ර්‍රීක භාෂා පරිවර්තකයා

* THE CROOKED MAN – වක ගැසුණු මිනිසා

ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අභිරහස් විසඳූ ආකාරයන් මෙම කෘතියෙන් විස්තර වෙයි.

නිදන් දූපත | Nidan Duupatha

රු450.00
or 3 X රු150.00 with

මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Treasure Island නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි. නිධානයක් ඇති දූපතක සිතියමක් අතැතිව ඒ දූපතට ගමන් කරන තරුණයකු පිළිබඳ කතාවකි. නමුත් එකම ගැටලුව නම් නැවේ මුහුදු කොල්ලකරුවන් සිටීම සහ ඔවුන්ට නිධානය අවශ්‍ය වීමයි. තරුණයාට ඔහු සොයන නිධානය හමුවෙයිද? ඔහු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවේද?

Maranaye Rala Neguma

රු527.00
or 3 X රු175.67 with