Showing 1–24 of 36 results
Price
Average rating
සත්‍ය සිදුවීම් - True Events
Awalassana Amerikanuwa අවලස්සන ඇමරිකානුවා – The Ugly American Sinhala Translation

Bindunu Bilinda – බිඳුණු බිලින්දා

ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
Demala Eelam Aragalayata Wisaduma Kumakda|දෙමළ ඊළාම අරගලයට විසඳුම කුමක්ද රෝහණ විජේවීර
රු500.00
මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් පිළිබඳ සමාජය තුළ මතුව ඇති කතිකාව ප්‍රබල වී තිබේ. සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම්, ජාතික සමගිය මූලික කරගත් පුළුල් බහුන ව්‍යාපාරයක්, ජනතා ව්‍යාපාරයක් සඳහාද කතිකාවක් විවිධ වමේ හා ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ සහ සංවිධාන අතර පවතී.
සිංහල දෙමළ ජනතාවන් අතර තිබූ විරසකය ඇත්තේ ක්‍රමිකව අඩු වී යමිනි. මෙම තත්වය ජාතික ගැටලුවට ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ විසඳුමක් ලබාදීමටත් රට බෙදීමේ අනතුර තුරන් කිරීමටන් හැකි වාසිදායක තත්වයක් බිහිකර තිබේ. එම වගකීම පැවරි තිබෙන්නේ වමේ හා ප්‍රගතිශීලී බලවේගයන් මතය.
එබැවින් ලංකාවේ පැවති හා තවමත් පවතින ජාතික ගැටලුවේ නන්‍යායික පසුබිමත් එය පසුකර ආ එක් එක් ඓතිහාසික තත්වය තුළ එය සමාජයට කළ බලපෑමත් පිළිබඳ මෙම කෘතියේ අඩංගු දැනුම හා උගැන්වීම් ජාතික ගැටලුව නිවැරදිව විසඳා ගැනීම සඳහාන් නව ගැටලු ඇතිවීම වළක්වා ගැනීම සඳහාන් තවමත් වැදගත් වේ.
Kalu Ranjith Sudu Miniseki – කළු රංජිත් සුදු මිනිසෙකි

” මම මේ අත්දැකීම් ඹබට පැවසීමට අදහස් කළේ මා පිළිබඳ ආඩම්බරවීමේ අදහසකින් නොවෙමි. මාගේ විශ්වාසය වන්නේ ඹබ මෙය කියවීාමන් ඉක්බිති එයට ඹබගේ ජීවිතයට කුමන හෝ සාධනීය යමක් උකහා ගැනීමය යන්නය”
– රංජිත් දිසානායක
Kantharaye Daruwo – කාන්තාරයේ දරුවෝ

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ අසීමිත ප්‍රසාදය දිනාගත් “කාන්තාරයේ කුසුම” සත්‍ය කතාවේ දෙවැනි කොටස.
Koggala Nilame 1 | කොග්ගල නිලමේ 1

Koggala Nilame 2 | කොග්ගල නිලමේ 2

MICHELLE OBAMA – මිෂෙල් ඔබමා

ඇමරිකානු කළු රැජින හෙවත් මිෂෙල් ඔබාමා හුදෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ බිරිඳගේ කතාව නොවේ. ඇය නිතීඥවරියකි. ආදරණිය දියණියකි, මවකි, ධෛර්ය සහ ශක්තිය දුන් බිරිඳකි.
ඇය කියවීමෙන් ගැහැණියකට අභියෝගයන්ට, විවේචනයන්ට මුහුණ දෙන ආකාරයත්, තම වෘත්තීය ජීවිතය සමගම පවුල් ජීවිතය ද පවුල් ජීවිතය සමග දේශපාලනය කටයුතු ද සමබර කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳ කදිම ආදර්ශක් ලබා ගත හැක.
Minisa sadata giya kathawa | මිනිසා සදට ගිය කතාව

මිනිසා ප්‍රථම වරට සඳ මත පා තැබීමට වසර 50 සපිරීම සැමරෙන මේ පොත, මිනිසා සඳට ගිය කතාව යනුවෙන් නම් කරනු ලැබුවද, මෙය චන්ද්‍රයා වටා නූතනයෙහි ගොඩනැගුණු සංස්කෘතිය පිළිබඳ විශ්ව කෝෂයක් බඳු නිර්මාණයක් වෙයි. සඳ පිළිබඳවත්, එහි යැවූ විවිධ යානා හා අභ්‍යාවකාශගාමීන පිලිබඳවත්, ඇපලෝ යානාවල විසිතුරු ගමන් පිළිබඳවත්, සිංහල පාඨකයාට දැනගන්නට නොලැබෙන තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ. රමණීය බසකින් රචිත හෙයින් පාඨකයින්ට විද්‍යාත්මක කරුණු පිළිබඳව වුවද හොඳ අවබෝධයක් නිරායාසයෙන් ලබාගත හැකි වේ. දිගටම කියවාගෙන යාමට පොළඹවන ආකර්ෂණීය වස්තු වින්‍යාසයකින් පොහොසත් වීම මෙහි තවත් විශේෂත්වයකි. අප්‍රකට ඡායාරූප සිය ගණනකින් අලංකෘත වන හෙයින් මෙම විෂය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීමට මේ පොත සමත් වෙයි. මේ විෂය පිළිබඳව සිංහලෙන් ලියැවුණු අනර්ඝම කෘතිය මෙය බව විශේෂයෙන් සඳහන් කළ හැකිය.
මිනිසා සඳට ගිය කතාව පොතේ කතුවරයා උපාලි ජයසිංහ, කොළඔ විශ්ව විද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියද, භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, එංගලන්තයේ මෙට්රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව ඉංජිනේරු උපාධියක්ද හිමිකරගෙන ඇති විද්‍යාර්ථියෙකි. තවද ඔහු විද්‍යා අධ්‍යාපනයට අමතරව කලා ක්ෂේත්‍ර කීපයකම උපාධි ලබා ඇති විද්වතෙකි. නව දැනුම සෙවීමට සිය ජීවිත කාලයම කැපකරන උපාලි ජයසිංහ එම දැනුම අන්‍යයන් වෙත බෙදාදීමටද නොමසුරුව කටයුතු කරයි. ඔහු පාසල් ගුරුවරයකු වශයෙන්ද, විදුහල්පතිවරයෙකු වශයෙන්ද විශ්ව විද්‍යාල බාහිර උපාලි ජයසිංහ කථිකාචාර්ය වරයෙකු වශයෙන්ද, ගුරු පුහුණු උපදේශක වරයෙකු වශයෙන්ද, විෂය මාලා ප්‍රවර්ධකයෙකු වශයෙන්ද ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල් කීපයකම සේවය කොට ඇත. ඊට අමතරව පරිගණක ඉංජිනේරුවෙකු වශයෙන් විවිධ ක්ෂේත්‍ර වලට ඔහුගේ දායකත්වය ලබා දී ඇත. ශ්‍රී ලංකාවට පරිගණක අධ්‍යාපනය හඳුන්වා දුන් මුල් යුගයේ, පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේ නියමුවෙකු ලෙස කටයුතු කළ, ඇබකස් පරිගණක තාක්ෂණ පීඨයේ සභාපතිවරයා වශයෙන්ද ඔහු කටයුතු කළේය. තාරකා භෞතික විද්‍යාව හා අභ්‍යවකාශ තාක්ෂණය කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයයි. ඔහු එම ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතුවල නිරතව පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත්කොට ඇත. තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ඔහු විසින් පවත්වන ලද දීර්ඝකාලීන ගුවන් විදුලි කතා මාලාව, අසන්නන් අතර ඉමහත් ප්‍රසාදයට පත්විය. කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයෙන් ලියැවුණු ඔහුගේ මෙම ප්‍රථම ග්‍රන්ථය, පාඨකයා වෙත ගෞරවාදරයෙන් පිරිනමනු ලබන වගයි.
Journey to the Moon
– මහාචාර්ය අනුර වික්‍රමසිංහ
Nawaya Sagawunu Kathawa | නවය සැගවුණු කතාව

මේ ඔබ අතට පත්වන සුවිශේෂ කෘතියෙන් අද්‍යතන ලෝකයෙහි ක්‍රියාත්මක වන දේශපාලන සහ ආර්ථික තර්කනය පමණක් නොව 20 වන සියවස මැද භාගයේදී ආරම්භ වූ මානව සමාජ පරිණාමය පිළිබඳ තර්කනය තුළ ශ්‍රී ලංකාව ඇතුළු අලුත නිදහස ලද රටවල වර්තමානය අවබෝධකර ගැනීම සඳහාත් අනාගත ඉරණම් කෙරෙහි පර්යාලෝකනයක් ඇති කර ගැනීම සඳහාත් මාහැඟි ප්‍රවේශයක් සපයයි. මීට වසරකට පෙර ශ්‍රී ලංකාව තුළ දිග හැරුණ සිද්ධිය පාදකව සහ මූලාශ්‍රව එය සමාජ පරිණාමීය සහ ව්‍යූහාත්මක සන්දර්භයක තබමින් සිදු කොට ඇති විග්‍රහය ශ්‍රී ලංකේය මෑත කාලීන දේශපාලන චින්තනය තුළ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව අපගේ හැඟීමයි. සමාජ, දේශපාලන සංසිද්ධීන් සහ ක්‍රියාවන් පිළිබඳ ලිවීමේදී, විචාරයේදී බොහෝ විට සිද්ධිමය සහ ප්‍රපංචමය රාමුවෙන් ඔබ්බට නොයාම් සාමාන්‍ය තත්ත්වයක් වුවත් එම සුපුරුදු තත්ත්වය මෙහිදී අතික්‍රමණය කර තිබීම විමල් වීරවංශ පර්යේෂකයාගේ දේශපාලන භාවිතයේ සහ පරිචයේ පමණක් නොව ඔහුගේ සංකල්පීය න්‍යායික නැඹුරුවේ විශේෂත්වයකි. පර්යේෂකයාට සාමාන්‍ය සමාජ දේශපාලන චින්තනය තුළ ආධිපත්‍යය දරන්නාවූ සාධකවේදී සහ ප්‍රපංචවේදී සීමාවලින් ඉදිරියට ගොස් මානව සමාජ පරිණාම ක්‍රියාවලියෙහි ගැඹුරෙහි නිලීන ගනික සහ ප්‍රවණතා, විද්‍යාත්මක ප්‍රවේශයකින් ගෙනහැර දැක්වීම සඳහා 20 වන සහ 21 වන සියවස්වල කීර්තිමත් දේශපාලන චින්තකයින් වන ඇලෙක්සැන්ඩර් සෙනෙව්යෙව්, දිමිත්‍රී ට්‍රෙනින්, ඇලෙක්සැන්ඩර් ඩුගින් යන අයගේ න්‍යායික සහ ක්‍රමවේදී අභාසය ලැබී ඇති බව පැහැදිලි වෙයි.
මහාචාර්ය ටියුඩර් වීරසිංහ ශ්‍රී පාලී මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලය
Roshan Mahanama – Mage inima රොෂාන් මහානාම මගේ ඉනිම

SINGAPPURU KATHAWA – සිංගප්පුරු කතාව

ශ්රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Wawniya Aragalaya | වව්නියා අරගලය

1971 අප්‍රේල් 5 වැනි දා සිට අගෝස්තු 19 වැනි දා දක්වා සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම රාජ්‍ය විරෝධී නැඟිටීම පිළිබඳ මතක සටහන්
Yudabimaka Weda Mahima | යුදබිමක වෙද මහිම

මේ පොත මා යුද හමුදාවේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ කාලය හා සම්බන්ධ, මා විසින් අත්දකින ලද සත්‍ය තොරතුරු ඇතුළත් කර ලියා ඇත්තේ ය.
ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය – ARTHIKA KULI GATHAKAYEKUGE PAPOCHCHARANAYA

ඉතුරු බිතුරු මතක සමග මා ලියු ගී | Ithuru Bithuru mathaka samaga ma liyu gee

ගිනි අවි සහ ගිනි කෙලි – පාතාල ලෝකයෙන් බිදක් | GINI AWI SAHA GINI KELI- PATHALA LOKAYEN BIDAK

භීශනයට පෙම් බැදි උතුරේ චණ්ඩි | Bhishanayata pembadi Uthure Chandi

මිනිසුන් මෙහෙයවීමේ කලාව | Minisun Meheyaweeme Kalawa

සංවිචාරණිය සමාජයක් Sanvicharaneeya Samajayak | A deliberative Society
