Showing all 24 results
Price
සම්මානලාභී කෘති - Award Winning Books
Adisi Nadiya – අදිසි නදිය

මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
Bhana Kusum – බාණ කුසුම්

සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්‍රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි.
රාමුගත ජීවිතයට ඔබ්බෙන් පිහිටි මිනිස් ආශාවන් සහ පුද්ගල නිදහස පිළිබඳ කතිකාවකට දොරගුළු විවර කරන මෙම වියමන හරහා රාජ්‍යය සහ ආගම අතර ඇති අවියෝජනීය සම්බන්ධය හරහා ඓතිහාසිකව ගොඩනැගෙන සමාජ සංස්කෘතික බලපෑම සංවාදයට බඳුන් කරයි. කලාව, ජීවිතය, ලිංගික නිදහස, සදාචාර මිනුම් දඬු සහ ස්ත්‍රීත්වය වැනි තේමාවන් ඔස්සේ යුග දෙකක් හරහා ගලා යන නවකතාව විසින් යෝජනා කරනු ලබන්නේ සමාජයේ දකින්නට ලැබෙන අනේක විධ විවිධත්වය පිළිගැනීමේ විචිත්‍රත්වයයි.
Garhawa | ගරහාව

Hot Chocolate | හොට් චොකලට්

ගෑනි ගියේ බල්ලා පස්සෙ. මං ගියේ ගෑනි පස්සෙ. මං හිතන්නෙ අපි එකා පස්සෙ එකා රවුං තුනක් විතර ඇවිද්දා. හතරවැනි රවුම පටන්ගන්න හදනකොට තමයි ‘බල්ලා’ පිස්සු නැටුවෙ. ඌ එක පාරටම යාබද ට්‍රැක් එකේ තවත් ගෑනියෙක් එක්ක ඇවිදිමින් හිටිය බැල්ලියෙක් පස්සෙ වැටුණා. ඒත් එක්කම පිරිමි බල්ලා ගෑනිගෙ කන්ට්‍රෝල් එකෙන් ම්දුණා. ගෑනිගෙ ඉංග්‍රීසි කමාන්ඩ්ස් එක්කටවත් බල්ලා නෙවෙයි නැවතුණේ. ඒ වෙලාවෙ දී මට අහන්න සිද්දවුණා, ‘මේ අයි හෙල්ප් යූ මෑම්’ කියල.
NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව

එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල මතු කෙරෙන කෙටිකතා එකතුව.
Sansakkari | සංසක්කාරී

Sinhala Pamanai : Volume 1 | සිංහල පමණයි : 1 වෙළුම

Sinhala Pamanai : Volume 2 | සිංහල පමණයි : 2 වෙළුම
