Showing 1–24 of 182 results

සිංහල-Sinhala

Aragalam | අරගලම්

රු1,125.00
or 3 X රු375.00 with

අරගලම් දෙමල බසටද නව වචනයක් එකතු කරන කතාවකි. හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන දෙමල තරුණියකගේ කතාවකි. ජාති – කුල – ආගම් බේද අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්‍රභන්දයකට ගොනුවිමකි.

Ayale Yana Jana Madya | අයාලේ යන ජනමාධ්‍ය

රු280.00
or 3 X රු93.33 with

රටේ මාධ්‍ය වල ඉතිහාසය ආශ්‍රයෙන් මාධ්‍ය වල පසුගාමිත්වය කෙරෙහි බලපා තිබෙන හේතු මේ කෘතියෙන් සලකා බලා තිබේ. ආණ්ඩුවෙත්, හිමිකරුවන් ගෙත් දැන්වීම් කරුවන්ගෙත් හෝ වෙනත් ආකාර වලින් එල්ල වන බලපෑම්වලට යට නොවී ස්වාධීන ලෙසත් නිර්භීත ලෙසත් ආචාර ධර්මානුකූලව හා වෘත්තීය පරිචයකින් ක්‍රියා කරන ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන්නේ යැ’ යි කිව හැකිය

තිබෙන අයහපත් හා අවලස්සන තත්ත්වයට බලපා තිබෙන හේතු තේරුම් ගැනීමෙන් තොරව යහපත් වෙනසකට මුල පිරිය නොහැකිය. මෙම කෘතියේ අරමුණ ලංකාවේ ජනමාධ්‍ය ඇද වැටී තිබෙන අයහපත් තත්ත්වය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන අතර යහපත් වෙනසකට අවශ්‍ය දෘෂ්ටිමය වටාපිටාවක් ඇති කිරීමය.

Balalai Meeyai | බළලයි මීයයි

රු212.50
or 3 X රු70.83 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව    

BALLO BATH KATHI – බල්ලෝ බත් කති

රු495.00
or 3 X රු165.00 with

සීඝ‍්‍ර ලෙස වෙනස් වන්නා වූ සදාචාර සම්මතයන් හා පුරුෂාර්ථයන් විසින් කලබැගෑනියට පත් සමාජයක බල ලෝභයෙන් බිහිසුණු වූ දේශපාලන සත්වයන් පිළිබඳ කියන බල්ලෝ බත් කති සමාජ විවරණයක් ද වෙයි.  මිනිසා දේශපාලන සත්වයකු ලෙස හඳුන්වා දෙන ලද්දේ ශිෂ්ටාචාරයේ ඈත අතීතයේ දී ම ය. එහෙත් මේ සත්වයන් තිරිසනුන් බවට පත් කරන්නේ ක්ෂාදක අභිලාෂයන් විසිනි. කුමන්ත‍්‍රණ, ද්‍රෝහි ක‍්‍රියා, බෙලි කැපීම්, දුක්ගන්නාරාල කම් සහ පාවාදීම් මේ අභිලාෂයන් සාධනයේ ලා අවශ්‍ය අංගෝපාංගයන් බවට පත් ව ඇත. මේ අංගෝපාංගයන් නිසා ම දේශපාලන ලෝකය කෙනකුට මතක් කරන්නේ ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍යයේ එන යක්දෙස්සියන්ගේ ගොජ දමමින් පැසවන කටාහයයි. පංති අරගලයේ එක් පරමාර්ථයක් විය යුත්තේ මේ පැසවන ස්වභාවය හඳුනාගෙන එය දේශපාලන භූමියෙන් ඉවත් කිරීම ය. මෙවැනි අංගෝපාංගයන්ගෙන් ලක්ෂිත පසුබිමක ජීවත්වන ගැහැනුන් සහ පිරිමින්ගේ මාර්ගයෙන් පංති අරගලයේ සැබෑව දෙස බලන කතුවරයා මිනිසාත් එහෙයින් ම සමාජයත් විග‍්‍රහ කිරීමෙන් නොනැවතී එය වෙනස් කළ යුතු බව ද කියයි.

Bindunu Thal Ruka | බිදුණු තල් රුක

රු810.00
or 3 X රු270.00 with

ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ජනවාර්ගික ගැටුම එකියනකට පටහැණි සිංහල සහ දෙමළ මතවාදී බලවේගයන් විසින් උසිගන්වනු ලැබුවකි. මුස්ලිම් ජනයා ඔවුනගේ කැමැත්තක් නැතිවම ඊට ඈඳාගෙන තිබේ. මේ ඛේදවාචකයට අවසානයක් දකින්නට නම් පළමුවෙන් අප කළ යූත්තේ මේ අධිපති මතවාද බුද්ධිමත් හා විචක්ෂණ ඒවා වශයෙන් පෙණුන ද එවා ඉදිරිපත් කරන්නවුන් උගත් යැයි පිළිගත්ත ද ඒ හා සම්බන්ධ වංචක ධර්මය තේරුම් ගැනීමයි.

Translation of ‘The Broken Palmyra’ by Rajan Hoole

bodinkarayo | බෝඩින්කාරයෝ

රු337.50
or 3 X රු112.50 with
ජීවිතේ හතර විදියක අත්දැකීම් තියෙන, හතර විදියක රස්සාවල් තියෙන, හතර විදියක බලාපොරොත්තු ඕනෑ එපාකම් ජීවිත දර්ශන තියෙන බෝඩිංකාරයන් හතර දෙනෙක් බෝඩිමක එක වහලක් යට දී එක් වෙනවා. ඒ හැටි වයසක් නැති බෝඩිම අයිතිකාර වැන්දඹුවට තරුණ දුවකුත් ඉන්නවා. ගෙදර දොරේ වැඩපලට බෝයියෙකුත් කුස්සි අම්මෙකුත් ඉන්නවා. මේ අටදෙනාගේ ජීවිත එකට ගැටීමෙන් ජීවිත නාට්‍යයක් මැවෙනවා.
මැද පන්තියේ කොළඹ බෝඩිංකාරයා රුවල් සිඳුණු ඔරුවක් නැත්නම් නැංගුරම් ගැලවිලා ගිය නැවක් වගේ ඔහේ පාවෙලා යන කෙනෙක්. ඒ ජීවිතේ හරියටම ඒකාකාරයි. ඒ ඒකාකාර ජීවිතෙන් පැනලා යන්න හදන එක ම තමා උන්ගේ වැඩේ . ඒක තමා මේ නාට්‍යයේ පසුබිම.

Bonikka | බෝනික්කා

රු170.00
or 3 X රු56.67 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව      

Chakra Saha Wishwa Shakthiya | චක්‍ර සහ විශ්ව ශක්තිය

රු540.00
or 3 X රු180.00 with
මිනිස් සිරුරෙහි ඇසට නොපෙනන ඉන්ධන මාධ්‍යයන් (Energy Center) හතක් වෙයි. මේවා චක්‍ර යනුවෙන් නම් වෙයි. චක්‍ර යනුවෙන් පෙන්නුම් කරන්නේ රවුම් රෝද හැඩයක් නොවේ. මැද රවුමට කැරකෙන චක්‍රයෙන් විහිදෙන පුනීල හැඩ දෙකක් එයින් දෙපසට විහිදෙයි. ශක්තිය විහිදී යන්නේ මේ ආකාරයෙනි.
චක්‍ර වලට ශක්තිය එන්නේ කොහෙන්ද ? එය විශ්වයේ හැම තැනම ඇති ශක්තියයි. එක තුලනයක (Balance) ඇති ශක්තියකි. යිං, යෑන්ග් යනුවෙන්ද, ස්ත්‍රීමය, පුරුෂමය ශක්ති යනුවෙන්ද මේ ශක්තිය හැඳින්වෙයි. ඒ සියළු ශක්තිය රදන්නේ තුලනයකය. තුලනය නොවේ නම් මේ විශ්වයේ ග්‍රහ තරු, හිරු, සඳු දැන් තිබෙනා ආකාරයට භ්‍රමණය වෙමින් පවතින්නේ නැත.
මේ විශ්ව ශක්තියම දෙවියන් වහන්සේ යැයි ඇතැමෙක් කියයි. සර්වබලධාරි යනුවෙන් හැඳින් වෙන්නේ මේ ශක්තියයි. අප දුවන්නේ, හුස්ම ගන්නේ, ක්‍රියා කරන්නේ, සිතන්නේ ඒ ශක්තියෙනි. මන්දයත් අප සියළු දෙනාම එහි අංශු, එහි කොටස්කරුවන් වන බැවිනි. එයින් මිදී යාමට අපට නොහැකිය. බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ මහම්මද්තුමා, සාන්තුවරයින්, රහතන් වහන්සේලා ඇතුළු කුරා කුහුඹි හැම සත්වයෙක්මත් පියවි ඇසට නොපෙනෙන සියළු භූත ශක්තීන්ද යන සියල්ලම මේ සර්ව ශක්තියේ කොටස් කරුවන්ය.

Chokkar Bali | චෝකර් බාලි

රු1,170.00
or 3 X රු390.00 with

නොබෙල් සම්මානලාභී රබින්ඳුනාත් තාගෝර් ගේ Chokker Bali  ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් ප්‍රේම සබඳතාවක් දිග හැරෙන සම්භාවිත නවකතාවකි.

බිහාරිගේ හිතෛෂීවන්ත මිතුරු බව ලබන විනෝදකාමී මහේන්ද්‍රගේත්, ලැජ්ජාශීලී සුරූපිනියක වන ආශාගේ වෛවාහික දිවිය බිනොදිනී නම් වැන්දඹු රූමතියකගේ සම්ප්‍රාප්තියෙන් කැලඹෙයි. විටෙක මිතුරු වන ඔවුහු විටෙක සතුරු වෙති. සුඛ – දුක්ඛ සංවේදනාවන් මැදින්, ඔවුන්ගේ ජීවිතය ගලා යන්නේ මනුෂ්‍යත්වයේ සොඳුරු මෙන්ම අඳුරු තැන්ද ආලෝකවත් කර අපට පෙන්වාලමිනි.

අදින් සියවසකටත් පෙර රචිත මෙම කෘතිය වත්මනටත් වලංගුය. ඒ එහි කියැවෙන්නේ සනාතන මනුෂ්‍යත්වය පිළිබඳවම වන බැවිනි.

Demala Abhiyogaya | දෙමළ අභියෝගය

රු400.00
or 3 X රු133.33 with

දෙමළ අභියෝගය’ (ප්‍රභාකරන්ගේ අවසානයෙන් පෙර හා පසු) නමින් පළවන මේ පොත පැරණි පොතේ සංස්කරණයක් නොව අලුත් පොතකි. ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ අන්තර් සම්බන්ධය ලේ හැලෙන ලොකු ගැටුමක් බවට පත්වීම කෙරෙහි බලපා තිබෙන හේතු සියුම් හා ගැඹුරිනුත් නවමු ආකාරයකිනුත් මෙහිදී සලකා බලා ඇතැ’යි කිව හැකිය. මීට පෙර මෙම විෂය ගැන කරුණු හදාරා ඇති අයගේ අවධානයට ලක්වී නැති වැදගත් කරුණු ද ඊට ඇතුළත්ය. අර්බුදයේ ප්‍රධාන පාර්ශ්වයන් දෙකේම හැසිරිම් විවේචනාත්මකව සලකා බලා තිබේ.

Deva Thapaya | දේව තාපය

රු722.50
or 3 X රු240.83 with
ඉංගිරිසියෙන් සිංහලයට නැගුණු උත්කෘෂ්ට සාහිත්ය කෘතීන් විරල වූ 1950 ගණන් වලදී සිංහලයට පරිවර්තනය වූ පොතකි.
ක්රි. ව. 80 දශකයෙහිදී පමණ පැවති රෝම ග්රීක සභ්යත්ව යුගයෙහිදී විසුවියස් ගිනි කඳු පිපුරුමෙන් විනාශයට පත් වූ ඉතාලියෙහි පොම්පෙයි නගරය පසුබිම් කොටගත් ප්රේම වෘත්තාන්තයක් දේවතාපයට පසුබිම් වෙයි. මුල් කෘතියේ ලේඛකයාගේ විශිෂ්ටත්වයත් පරිවර්තකයාගේ සිංහල, ඉංගිරිසි භාෂා චතුරතාවත් එක්ව ගෙන නිමැවුණු අපූර්ව නිර්මාණයක් ලෙස දේවතාපය හැඳින්විය හැකිය.

Diya Rakusa | දිය රකුසා

රු127.50
or 3 X රු42.50 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව 

Dumbara Kadu Matha Peradiga Sulaga | දුම්බර කදු මත පෙරදිග සුළග

රු540.00
or 3 X රු180.00 with

1971 කැරැල්ල වකවානුවේ එයට සමගාමී ව ලංකා සමාජය තුළ විප්ලවීය බලවේගයන් ලෙස ක්‍රියාත්මක වූ දේශපාලන සංවිධාන රාශියකි. 71 කැරැල්ල සමඟ මේ සියලු දේශපාලන බලවේග මර්දනයේ හස්තයට හසු ව සුනු විසුනු විය. එම කැරළිකරුවන් හිර ගෙවල කැලෑවල සහ මෙන්ම අත්අඩංගුවේ දී රහස් පොලිස් මර්දනයට මුහුණ දුන් ආකාරය මේ පොතේ ජීවමාන ව ඉදිරිපත් වෙයි.

Dustakame Saundarya Saha Rathmalane Thawath Katha | දුස්ටකමේ සෞන්දර්ය සහ රත්මලානේ තවත් කතා

රු297.50
or 3 X රු99.17 with
අනූව දශකය මූලාරම්භයේ සිට සාහිත්‍යකරණයේ නියැලෙන මංජුල වෙඩිවර්ධන මුද්‍රිත ග්‍රන්ථකරණයට පිවිසියේ 1997 දී ෂේන් මැකෙල්වි සමඟ කළ නිරුත්තර සමාධිය’ කාව්‍ය සංග්‍රහය සමඟයි. ඉන් පසු ඔහු කාව්‍ය සංග්‍රහ හතක් පළ කර ඇත. ඔහු වසර 2000දී පළ කළ ‘මේරි නම් වූ මරියා’ කෙටිකතා කෘතිය කතෝලික සභාවේ සහ රජයේ ඍජු මැදිහත්වීමෙන් වසර ගණනාවක් පුරා දික්ගැස්සුණු අපරාධ හා සිවිල් නඩු ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස තහනමට ලක්වුයෙන් ඔහුගේ ගද්‍ය සාහිත්‍යය, සහෘදයා අතට පත්වීම පමාවිණ. ඒත් 2007 වසරේදී ඔහු ‘බත්තලංගුණ්ඩුව ‘ නවකතාව පළකරමින් සහෘද විචාරක අවධානය යළිත් තමන් වෙත නතු කර ගත්තේය. වෘත්තීය මාධ්‍යවේදීයකු ලෙස කටයුතු කරන වෙඩිවර්ධන ෆ්‍රන්සයේ විප්‍රවාසීවැ වෙසෙමින් වුව ස්වකීය භාෂාවත් සාහිත්‍යයත් පෝෂණය කිරීම වෙනුවෙන් බරපතල නිර්මාණාත්මක මැදිහත් වීමක නිරත වෙයි.
මෙම කෘතිය, වෙඩිවර්ධන තමන් දිවි ගෙවූ රත්මලාන නගරය පදනම් කරමින් ලියන්නට සැළසුම් කර ඇති කෙටි කතා නිර්මාණාවලියක පළමුවැන්නයි.

Eka Lagata Deka Neweyi | එක ලගට දෙක නෙවෙයි

රු342.00
or 3 X රු114.00 with
‘එක ළඟට දෙක නෙවෙයි ‘ නමැති යොවුන් නවකතාව කරුණු කිහිපයක් මත මේ ගණයේ අවශේෂ බොහොමයක් කාතීන් අතරේ කැපී පෙනෙයි. ඒ සඳහා තුඩු දෙන හේතු කිහිපයකි.
පළමුකොට මෙය නව යොවුන් තරුණ තරුණියන්ගේ ව්‍යාජ වීරත්වය හුවා දක්වන කෘතියක් හෝ රොමැන්තික් ගණයේ හුදු අහ්ලාදජනක කෘතියක් හෝ නොවේ. මෙහි පීඩිත පාන්තික දැරියකගේ දිවි පෙවෙත යථාර්ථරූපීව නිරූපණය වේ.
දෙවෙනුව මෙහි නිරූපිත පොලිස් නිලධාරියාගේ චරිතය මගින් නීතිය වල්වැදුණු මෙරට වත්මන් සමාජයේ පැතිකඩක් තථ්‍යාකාරයෙන් අනාවරණය කෙරෙයි.
තෙවනුව මෙම සියලු අංග මනා ඒකමතිකත්වයකින් යුතුව ප්‍රතිනිර්මාණය කෙරෙන කතා කලාවක්, මෙහි කතුවරයා විසින් උපයෝගි කර ගනු ලැබ ඇත.
මහාචාර්ය ජිනදාස දනන්සූරිය

Garhawa | ගරහාව

රු425.00
or 3 X රු141.67 with
ජේ. එම්. කොඑට්ලි සිය රටේ පැවැති වර්ණභේදවාදී ප්‍රතිපත්තිය සේ ම එහි පශ්චාද් වර්ණභේදවාදී සංක්‍රාන්තිය ද, මනුෂ්‍ය ස්වභාවයේ නිරුවත නිර්දය ලෙස පිළිබිඹු කිරීමට නිරන්තරයෙන් යොදාගන්නා ලේඛකයෙකි. Disgrace එහි උච්චතම අවස්ථාවකි.
පශ්චාද් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ තීරණාත්මක ලෙස වෙනස් වූ බල සංරචක විසින් ඇති කරනු ලැබ තිබෙන නව දේශපාලනික හා ආචාර ධාර්මික අභියෝගයන් නොබියව වේදිකාවට කැඳවමින්, කොඑටිසි ඒ ඔස්සේ යෙදෙන්නේ අන්ධකාර මනුෂ්‍ය සත්තාව පිළිබඳ ගැඹුරු හා නිර්දය ගවේශනයකය.
සිය කුසලතාව තමා අවට සමාජයට කැඩපතක් ඇල්ලීමට පමණක් සීමා නො වන බව ඔහු Disgrace හරහා ප්‍රකට කරවයි. එතැනින් ඔබ්බට යමින් ඔහු කළු මිනිසා සහ සුදු මිනිසා අතර මෙන් ම ස්ත්‍රිය හා පුරුෂයා අතරත් ඇති ආතතිගත සබඳතාව පිළිබඳ කරදරකාරි  තැතිගන්වනසුලු ප්‍රශ්න කිරීමක නියැලේ.