Showing all 4 results

Action and Adventure, ත්‍රාසජනක

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 2 | Adamayage Athmarakshaka Padhathiya 2

රු1,620.00
or 3 X රු540.00 with

මේ වනවිට ශෙන් චිංච්‍යු, ලුඔ බිංහට ද්‍රෝහී වී තෙවසරකි. එසේම, ඔහුගේ එම ‘නැසීගිය’ ශිෂ්‍යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොඑසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි.

කෙසේ නමුත්, ශෙන් චිංච්‍යු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක්‍රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඔ බිංහ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් චිංච්‍යුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් චිංච්‍යුට තවදුරටත්, සිය ශිෂ්‍යයාගේ ක්‍රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි.

නොවෙනස්ව පැවැති එකම දේ වූයේ, ලුඔ බිංහගේ කෝපය තවමත්, ශෙන් චිංච්‍යු වෙතම යොමුව පැවැතීම පමණි. නමුත්, එය පෙනෙනවාටත් වඩා දරුණු කෝපයක් වන සේය. කෙසේ වුවද, ශෙන් චිංච්‍යුට මෙම වියවුල නිවී සැනසිල්ලේ බේරුමක් කරගැනීමට තරම් කාලයක් ඇතිවාද නොවේ. හෙතෙම විගසින්ම ක්‍රියාත්මක නොවූයේ නම්, ඔහුගේ ඉරණම මරණයටත් වඩා දරුණු වනු ඇත.

අසහාරා | Asahara

රු1,800.00
or 3 X රු600.00 with

හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැදවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂකවරයා, ඔහුට නව මෙහෙයුමක් බොර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමකි.

එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමග, ඔහු කිසියක් ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසු පස හඹා යන රංග ප්‍රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇති වේ. තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම, දැඩි අභියෝග හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.

න්‍යෂ්ටික සහ රසායනික ත්‍රස්තවාදය මානව වර්ගයාට එරෙහිව යොදා ගැනීමට පිඹුරුපත් සකස් කරන කුරීරු, අශුද්ධ ආගමික කල්ලියක් හා බැඳුනු, ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කළ එක් බිහිසුණු අතීත සිදුවීමක පසු ක්‍රියාදාමයක් පිටුපස හඹායන හිටපු යුධ විරුවා සහ ඔහුගේ සගයින් පිරිස, බිහිසුණු ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡ අරමුණු ව්‍යර්ථ කර දැමීමට සමත් වනු ඇත්ද?

නැතහොත් අවසානයේදී අධර්මය ජය ගනීද?

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 2 | Asura Dyanawedaye Maha nimawumkaru 2

රු2,115.00
or 3 X රු705.00 with

විච්ඡේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිදුමෙන් වැසීගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට‘ පිවිසෙති. ක්‍රෑරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන්‍යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ්‍යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වූෂියැන්ට සිදු වේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබාගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි අන් කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.

දිව්‍යාශිංසන 2 | Diwyashinsana 2

රු1,890.00
or 3 X රු630.00 with

සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු‍ ස්වර්ගීය දෙවිවරුන්ගේ අමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාමලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොටගත්තේය.

එහෙත් තවමත් කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත් තමාට හමුවූ රක්ෂක ගුණයෙන් හෙබි සුහුරු, ආකර්ෂණීය යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි.

මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු‍ භයංකාරයන් සහ ආශ්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අභියස නිරාවරණය වන්නේය.

එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වූවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළි කරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ශතවර්ෂ ගණනාවක් පැරැණි, ෂිඑ ලියාන්ගේ අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.