Showing all 2 results

Archaeology

යක්ෂි | Yakshi

රු5,000.00
or 3 X රු1,666.67 with
යක්ෂි – ඉතිහාසයේ ක්ෂිතිජ යා කිරීම
කුවේනියගේ සිට ලංකා ඉතිහාසය පුරාවිද්යා ඇසින්…
මෙම රචනය කුවේණියගේ සිට වළවාමුඛී, පශ්චිමරාජිණී, විහාරමහාදේවී, අනුලා, සීවලී, සුගලා, ලීලාවතී සහ කල්යාණවතී හරහා මහියංගණයේ වැඩ වෙසෙන මහලොකු අම්මා ඇතුලුව භූමිය සහ උරුමය ආරක්ෂා කර ගැනීමට දරුවන් තැනූ ඈත පිටිසර පැල්පත් වල වෙසෙන මව්වරුන් දක්වා වූ මෙරට ඉතිහාසයට ප්රාණය දුන් සියලු ස්ත්රීන්ගේ මාතෘ මූලික මෙහෙවර සිහිගන්වනු පිණිස යක්ෂී යන උද්ධෘතයෙන් නම් කර ඇත.
පිටු 536ක වර්ණ සිතියම් 22ක්, වර්ණ ජායාරූප 105 ක් ඇතුලත් 

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය | Sri Lankawe Ithihasika jala kalamanakaranaya

රු2,040.00
or 3 X රු680.00 with

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය – භූගෝලීය පසුබිම සහ සුරක්ෂිතතාව ග්‍රන්ථය දිවයිනේ වාරි ක්‍ෂෙත්‍රයේ ආරම්භයේ සිට වර්තමානය දක්වා ඓතිහාසික භූගෝලවිද්‍යාත්මක ප්‍රවේශයකින් කරනු ලබන ගවේෂණයකි. දිවයිනට බලපාන නිවර්තන දේශගුණික රටාවේ උච්චාවචනයන්ට මුහුණදෙමින් දෙදහස් වසරකට වැඩි කාලයක් තිස්සේ මානව මැදිහත්වීම්වලට නතුව පැවතිය ද, වර්තමානයේ ද වියළි කලාපයේ කෘෂිකාර්මික ජල කළමනාකරණයේ පදනම වන්නේ ඓතිහාසික වාරි පද්ධතීන් ම බව මෙම අධ්‍යනයේ දී අවධානය කර ඇත. ඓතිහාසික යුගය තුළ රාජ්‍ය බලය පවත්වා ගෙනයාමත්, ආර්ථික ස්ථාවරත්වය උදෙසාත්, වාරිමාර්ග ස්ථාපනය කිරීම හා නඩත්තු කිරීම රජුට අයත් අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සළකන ලදී. මෙම සංකල්පය 13 වන ශත වර්ෂයේ අග භාගය දක්වා රීතියක් හෝ සම්ප්‍රදායයක් හෝ වශයෙන් පවත්වා ගෙන යන ලද බව ඓතිහාසික මූලාශ්‍ර මෙන් ම ශ්‍රී ලංකේය රාජාවලිය අධ්‍යයනයෙන් ද සනාථ වන්නකි. දිවයිනේ භූවිද්‍යාත්මක හා භූගෝලීය අනුකූල වූ, වෙනස්වන සාධකවලට ගැළපෙන සේ, තාක්ෂණය හසුරුවා ගැනීමෙන් පරිසරය සමග මනා සබඳතාවක් ඇති ජල කළමනාකරණ ක්‍රමවේද බිහි විණි. ශත- වර්ෂ ගණනාවක් තිස්සේ නො කඩවා භාවිතයේ පැවතීමෙන් එම අංගයන් ස්වාභාවික පරීසරයේ ම කොටසක් ලෙස එකිනෙකට බද්ධ වී ක්‍රියාත්මක විය. වැවට සමගාමී ව බිහි වූ සියලු අංගෝපාංගයන්හි පිහිටීමේ නිශ්චිත පොදු රටාවක් හඳුනාගත හැකි අතර එම පොදු රටාව අහඹු ලෙස ගොඩනැගුණක් නොව පරිසරය පිළිබඳ ව ක්‍රමක්‍රමයෙන් අත්පත් කර ගත් ආනුභාවික දැනුම මත පදනම් වූවකි. මේ නිසා ම මිනිසා සහ වැව ද, ඒ වටා වූ පරිසරය ද එම ජන සමාජය ද අන්‍යොන්‍ය වශයෙන් දැඩි ලෙස බද්ධ වී පැවතිණ. මෙම සහසම්බන්ධතාව යළි ගොඩනැංවීමේ අවශ්‍යතාව සහ වියළි කලාපයේ ඓතිහාසික ගම්වැව් ප්‍රතිසංස්කරණය කර පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ද, ඒ සඳහා ගත හැකි ප්‍රවේශයන් ද මෙම කෘතියේ දී සාකච්ඡා කර ඇත. එමෙන් ම, පශ්චාත් ඓතිහාසික යුගය තුළ වාරි ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ ප්‍රතිසංස්කරණයන් සහ සමකාලීන සංවර්ධන ව්‍යාපෘතින්හි බලපෑම පිළිබඳව ද අවධානය යොමු වේ. ඉඩම් හා ජල සම්පත් පදනම් කරගත් වියළි කලාපයේ ‘ග්‍රාමීය සංවර්ධනය’ සඳහා ඓතිහාසික ජන සමාජයෙන් උරුම වූ ‘ග්‍රාමීයවැව’ ඒ සඳහා ඍජු ව ම පාදක කරගත හැකි මහඟු සම්පතක් බව මෙම ග්‍රන්ථයේ දී අවධාරණය කර ඇත.