Showing all 2 results
Price
Ariticle, දේශපාලන - Political, සිංහල-Sinhala
චේ ගේ පෙම්වතියෝ – අරගලයක ප්‍රේම රිද්ම | Rhythm of love in a revolution

අනස්ටෝ චේ ගුවේරා, විමුක්තිවාදී දේශපාලන ඉතිහාසයේ සදානුස්මරණීය පරිච්ඡේදයකි. අසහාය විප්ලවවාදියෙකු සහ වික්‍රමාන්විත ගරිල්ලා නායකයෙකු ලෙස ඔහුගේ ජීවන ප්‍රවෘත්තිය ඉතා ප්‍රකටය. එහෙත්…. ඔහු සම්බන්ධයෙන් මෙතෙක් හරි හැටි හෙළි නොවූ කුහුල දනවන තවත් තොරතුරු බොහෝමයකි. මාධ්‍යවේදී සාගරිකා දිසානායක, ‘චේ ගේ පෙම්වතියෝ නම් මෙම කෘතියෙන් චේ ගුවේරා ගේ අප්‍රකට ජීවිතයේ අතිශයින් ම සංවේදී සහ අනුවේදනීය දොර කවුළුවක් විවර කර ඇත. චේ ගුවේරා සමග ප්‍රේමයෙන් බැඳුණු කාන්තා චරිත හතරක් ඇසුරුකොට ගනිමින් අරගලයක ප්‍රේම රිද්මය සිංහල පාඨක ලෝකයට හඳුන්වා දීමට කතුවරිය ගෙන ඇති උත්සාහය ප්‍රශස්තය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය / Parlimenthu manthriwarunge karyabaraya

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිම තුළ කතුවරයා විසින් මෙම කෘතිය සම්පාදනයට යොමුවීම ප්‍රශංසනීය වේ. මැතිවරණයට ඉදිරි පත් වීමේ දී මන්ත්‍රීධුර අපේක්ෂකයෙකුට තිබිය යුතු සුදුසුකම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යභාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පිළිබඳව කෘතිය තුළ සඳහන් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය පිළිබඳ උනන්දුවක් දක්වන දේශපාලන විද්‍යාව හදාරන සිසු සිසුවියන්ගේ දැනුම, අවබෝධය පුළුල් කිරීමට මෙම කෘතිය ඉවහල් වේ. එසේම දේශ පාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පුරවැසියන්ට ද ප්‍රයෝජනවත් වන කෘතියකි. මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සහ කාර්යභාරය සෝදා පාළු වන අවධියක මෙම කෘතියෙන් ඉදිරිපත් කරන කරුණු පිළිබඳ දැනගැනීම ප්‍රයෝජනවත්ය.
මෙහි කතුවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති අතුල ප්‍රේමරත්න කෘතීන් කිහිපයක කතුවරයෙකි