Showing all 3 results

Ariticle, History, දේශපාලන - Political, සංග්‍රාම - War

ගර්භාෂ යුද්ධය | Garbasha Yuddaya

රු630.00
or 3 X රු210.00 with

ලංකාව දිගු කාලයක් තිස්සේ සංස්කෘතික දේශපාලනයක් ඉල්ලා සිටියත් ලංකාවට සෑම විටම අභ්‍යාස කරන්නට සිදු වූයේ සහ ශේෂ වූයේ අසංස්කෘතික දේශපාලනයකි. වෛද්‍ය සාෆි පිළිබද සිද්ධියේදී ද අසංස්කෘතික දේශපාලනය බල දේශපාලන උවමනාවක් වෙනුවෙන් තිරස්චීන ලෙස පරිහරණය වූයේය.

ප්‍රවීණ මාධ්‍යවේදී සහ මානව හිමිකම් ක්‍රියාධර නිමල් අබේසිංහ විසින් රචිත “ජාතිවාදය ඇවිස්සු ගර්හාස යුද්ධය” කෘතිය උක්ත කරුණ සාක්ෂි සහිතව ඔප්පු කරන අතර ලේඛකයා වෛද්‍ය සාෆි හරහා මතු වූ සමාජ කතිකාවත ප්‍රධාන සංරචක දෙකක් ඔස්සේ වර්ණිත කරනු දිසේ. පළමු වැන්න වන්නේ ඕනෑම කෘතියකට අවශ්‍ය කතාංග (anecdotal approach) ප්‍රවේශයයි. දෙවැන්න ලේඛකයා වෘත්තීයමය වශයෙන් නිමග්න ගවේෂණාත්මක ජනමාධ්‍ය (investigative journalism) ප්‍රවේශයයි.

කතාංග ප්‍රවේශය සඳහා ඔහු මෙම සිද්ධියේ අතීතය සහ වර්තමාන යථාර්ථය පිළිබඳව ලිවීමේදී ජාතක කතා සාහිත්‍යයේ න්‍යායික පරිකල්පන ලකුණ භාවිතා කරන අතර ගර්භාෂ යුද්ධයේ දේශපාලන දිශානතිය පිළිබඳ විමසීමේදී ජනමාධ්‍යයේ ගවේෂණශීලි ලකුණ අභ්‍යාස කරයි. සාෆි වෛදවරයා උධෘත කරගෙන සිංහල ජාතිවාදය විසින් ඇති කළ ගින්නෙන් සමස්ත සමාජයම පිළිස්සී යෑම මෙන්ම ඊට අනුබද්ධිත අගතිගාමී දේශපාලන රැල්ලට එ’ ගිණි ඉවහල් වූවා මිස තම අනෙකා පිළිබඳ එකී ප්‍රතිවිරෝධයෙන් සමාජ යහපතක් හෝ යුක්තියක් උදා වූයේ නැත.පුමාද වී හෝ එ’ ගිණි තුනී කළ යුතු බව තේරුම් ගත් සමාජයක් හැටියට සිංහල මහ ජාතිය මේ පිළිබඳව භාව විරේචනයක් කළ යුතුව ඇත. “ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය ” කෘතිය මඟින් නිමල් අබේසිංහ එම වේදිකාව සිංහල සමාජයට තනා දී ඇති බවත් අවධාරණය කරයි.

ගාසා තීරයේ ජන ඝාතනය | Gasa theeraye jana gathanaya

රු816.00
or 3 X රු272.00 with

ඊශ්‍රායෙල පලස්තීන ප්‍රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ්‍රායෙලයේ ප්‍රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ්‍යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පලිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝකය පමණක් නොව මහ බලවතුන් වන එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ද ඇද බැඳ ගන්නා, අවසානයේ දී අප සියල්ලන්ම දවාලන මහා චණ්ඩ මාරුතයක් විය හැකිය.

ඉලාන් පෙපේ

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය | Sri Lanka’s Easter Sunday Massacre

රු1,170.00
or 3 X රු390.00 with

ලොව පුරා ඇතැම් ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙමින් පවතී. මෙම අන්තවාදී කණ්ඩායම් ආගමික හා සමාජ වෛරය පතුරවන ප්‍රකාශ කරමින් හා දේශන පවත්වමින් ඒ තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා සිය සාමාජිකයන් පොළඹවමින් සමාජ හා දේශපාලන අස්ථාවරභාවයක් ජනිත කරවීමට ක්‍රියා කරයි.

ඔවුනගේ මෙම රැඩිකල් මතවාදයන් හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් ඇතැම් ආගමික සංස්ථා වලට ද සමහර අධ්‍යාපන ආයතන තුළට ද ඩිජිටල් ක්‍රියාකාරකම් තුළට ද පිවිස ඇත.

2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරයේ පසුබිම මෙම කෘතිය තුළින් ගැඹුරු සාකච්ඡාවකට බඳුන් කරයි.

අයි.එස්. ත්‍රස්තවාදයේ ආරම්භය නැඟීම හා පැතිරයාම ද එහි බලපෑම තුළින් ලෝකයේ සහ අප රටෙහි ද ඇතැම් කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතිවීම ද එම කණ්ඩායම් වල්ල කරන මිනීමරු ප්‍රහාර වලට අනාගතයේ දී අප මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද ගැඹුරු කතිකාවකට මහාචාර්ය රොහාන් ගුණරත්න මෙම කෘතිය තුළින් වැදගත් ආරම්භයක් ලබා දී ඇත.

Sri Lanka’s Easter Sunday Massacre

Prof. Rohan Gunaratna