Showing all 4 results

පරිවර්තන

අඳ වාදකයා / ada wadakaya

රු720.00
or 3 X රු240.00 with

ව්ලදිමීර් කරලෙන්න්කොගේ ‘අඳ වාදකයා නම් මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට රුද්රිගු විසිනි 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් ක්‍රියාධරයෙක් විය.
1960 දී මොස් කව්හි ලුමුම්බා’ මිත්‍රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය. අනතුරුව මොස්තහිම වෛද්‍ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතු වල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියෝය.
රුසියානු හා සෝවියට සාහිත්‍ය කෘතින් සමම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මගින් එකී සාහිත්‍ය මෙහි ප්‍රචලිත කිරීමෙහි ලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර් 27 දා කොළඹ දී ඔහුගේ නමට ‘ලියෝ කොල්ස්ටෝයි’ සම්මානය පුදනු ලැබීය.

පිරිමින් බිරිඳට කියන බොරු / Twelve Lies Husbands Tell Their wives

රු855.00
or 3 X රු285.00 with

සෑම සැමියෙකුම පාහේ තම රැකියාව, කාර්ය බහුලත්වය, හැසිරීම සහ පුරුදු සම්බන්ධයෙන් පවසන සියල්ල තුළ වූ ව්‍යාජ සහගත බව මෙම ග්‍රන්ථයෙන් ඔබට හෙළි කෙරේ. ඒවා ගැන සිතද්දී අඹු සැමියන් වූ ඔබ, පුදුම සිතනු නොඅනුමානය. මන්ද මෙහි එන සෑම මාතෘකාවක්ම ඔබේ ජීවිතය තුළදී සිදුවේ

වැපිරීම සහ අස්වැන්න / Wapireema saha aswanna

රු315.00
or 3 X රු105.00 with

අසූව දශකයේ ඇරඹුමත් සමග දවස පුවත්පතට උප කර්තෘවරයෙකු වශයෙන් එක්වන චන්න බණ්ඩාර දොලපිහිල්ල එම ආයතනය වසා දමන තුරු එහි සේවය කළ අතර ඉන් අනතුරුව දිනපතා ලංකාදීප ‘ පුවත්පතේ උප කර්තෘවරයෙකු වශයෙන් සේවයට එක් වන්නේ 90 දශකයේ මුල් භාගයේදීය.
ඉන්පසු දිනමිණ පුවත්පතට එක්වෙන ඔහු එහි ප්‍රධාන උප කර්තෘවරයා තෙක්ම ඉදිරියට පැමිණි අතර එම සේවා කාලයෙන් අනතුරුව යළි දිනපතා ලංකාදිපයට එක්විය. ඔහු ‘ශ්‍රී’ සඟරාවට ද ප්‍රියාවි පුවත්පතට ද දිනමිණ පුවත්පතට ද දිනපතා ලංකාදීපයට ද කෙටිකතා, කවි සහ විවිධ පරිවර්තන ද සැපයීය. ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමින් මාධ්‍ය ශිරෝමණී ගෞරව සම්මානය ද සිප් සතර හැදෑරූ මහනුවර ධර්මරාජ විදුහලෙන් ධර්මරාජ ප්‍රසාද සම්මානය ද මහනුවර මාධ්‍ය සංසදයෙන් උපහාර ද හිමිකර ගත්තේය.

කොත්මලේ සිරිසේන

ලංකාදීප හිටපු ප්‍රධාන උප කර්තෘ