Price
Leadership, Motivational, Translations, Translations
ROAD TO SUCCESS | දියුණුවේ මාවත

මනුෂ්‍යයෙකුගේ සාර්ථකත්වය යනු කුමක්ද? එය අත්කර ගත හැක්කේ කෙසේද? සතුට සාර්ථකත්වයේ ලකුණක් නොවන්නේ ද ? යන කාරණා ගැන මෙම ග්‍රන්ථය කරුණු විග්රහ කරයි.
ජීවිතයේ අරමුණු, ආත්ම විශ්වාසය, ආරම්භක ක්‍රියාකාරීත්වය, පරිකල්පනය, උනන්දුව, ආත්ම සංයමය, පෞරුෂය හා තවත් බොහෝ කාරණා පිළිබඳව මෙම ග්‍රන්ථය කරුණු කාරණා ඉදිරිපත් කරයි.
මෙහි ඇති විශේෂ ලක්ෂණය වනුයේ මෙහි විග්රහයට භාජනය වන සෑම මාතෘකාවක්ම පැහැදිලි කිරීම සඳහා කතුවරයාගේ ජීවිතයේ අත්දැකීම් ඉදිරිපත් කිරීම හා ඔහු තම රටේ විශේෂ පුද්ගලයන් හමුවී ලබාගත් සත්‍ය තොරතුරු ඇතුළත් කිරීමය.
මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වී ඇත්තේ කම්කරුවෙකු වශයෙන් වැඩ කල ගල් අඟුරු පතලේ වැඩිහිටි කම්කරුවෙකු මොහු ගැන කී අනාවැකියකි.
The 5 am Club / ස්වර්ණමය හෝරාව / Swarnamaya horawa

ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.
ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණ ශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.
The Law of Attraction / Akarshana nithiya / ආකර්ෂණ නීතිය

ධනාත්මක සිතුවිලි ආදිය පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනි අදහස් ඇති අයය.එවිට එවැන්නෝ සාරථක වෙයි.
සිතුවිලි ආදිය යන්නෙන් අදහස් කරනු ලබන්නේ හැඟීම්,විශ්වාස හා ක්‍රියාකාරකම් ද ඇතුලත් බවය.
මෙය සිදුවන්නේ අදාළ පුද්ගලයාගේ ශක්තියට අදාළ සංඛ්‍යාතය කම්පනය වීම සමග ඊට සමාන අය ආකර්ෂණය වන විටය. ආකර්ෂණය ඕනෑම ස්ථානයක දී සිදුවිය හැක. සිහින සැබෑ කර ගැනීමට සහ ජීවිතය ඉහළට ඔසවා තැබීමට ඔබට අවශ්‍ය නම්, මෙම කෘතිය එයට පිළිතුරයි.
The Miracle Morning / ආශ්චර්යවත් හිමිදිරිය

මෙම පොතේ කතුවරයා අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකි. මගේ ජිවිතයටද මෙම අගනා කෘතිය මහත් පිටිවහලක් විය. ඔබේ ජීවිතයටත් වෙනසක් අවශ්‍ය නම් මෙම කෘතිය පරිශීලනය කරන්න. – ROBERT KIYOSAKI New York Times bestselling author
මෙය පොතකට වඩා වැඩි යමක් ඔබට සපයයි. ඔබේ ජීවිතය ප්‍රීතියෙන් පුරවා තබන්නට මෙම කෘතිය සමත්ය. – MEL ROBBINS New York Times bestselling author
අපරාධය සහ දඬුවම 2 / Aparadaya ha daduwama 2

ජයෝදර් දොස්තයෙව්ස්කිගේ ‘ අපරාධය සහ දඬුවම නම් කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට රුද්‍රිගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගීමත් ක්‍රියාධරයෙකු විය. 1960 දී මොස් කව්හි ‘ලුමුම්බා ‘ මිත්‍රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය. අනතුරුව මොස් කව්හි ම රැඳී වෛද්‍ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතු වල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියේය. රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘතීන් සම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මඟින් එකී සාහිත්‍ය මෙහි ප්‍රචලිත කිරීමෙහිලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර 27 දා කොළඹ දී ඔහුගේ නමට ලියෝ කොල්ස්ටෝයි ‘ සම්මානය පුදනු ලැබිය.
අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි / The Power of Positive Thinking

මෙම කෘතිය මගින් තමන්ගේ පෞද්ගලික ගැටළු විසඳා ගන්නා ආකාරය, පරාජයට පත් වන්නන්ට එයින් මිදීමේ මාර්ගය, නොසන්සුන් බව දුරලීම, ආත්ම විශ්වාසය බිඳ වැටීමේදී එය වළක්වා ගැනීම ආදී මිනිසාගේ නොයෙකුත් දුර්වල අවස්ථා මග හරවා ගනිමින් නව සිතුවිලි වලින් යුක්තව තම චිත්ත බලය ගොඩනගා ගන්නා ආකාරයත්, දිරියෙන් ජිවිතයට මුහුණ දී, ධනාත්මක චින්තනයෙන් යුක්තව ජිවිතය සාර්ථක කර ගන්නා ආකාරයත් මනාව පැහැදිලි කර ඇත.
ඉකිගායි / Ikigai

ආතතිය අවම කර, යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුක්තව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ජපන් ඉකිගායි ක්‍රමය මග සළසයි. – The Times
ජිවිතයට නව ප්‍රවේශයක් සපයන කෘතියකි. – Sunday Times
ජීවිතය නව මාර්ගයකට පරිවර්තනය කිරීමට සහ එමගින් සතුටින් දිගු කල් ජීවත් වීමට ඉකිගායි ක්‍රමය ඉවහල් වේ. – ELLE
ඔබේ ඉරණම කුමක් විය හැකිද? / Discover your Destiny /Obe iranama kumak wiya hakida

ඔබේ දැක්ම අත්දකින්න, ඔබේ උත්කෘෂ්ඨ අදහස් ක්‍රියාවට නංවන්න, ඔබේ හදවතේ නලියන සංගීතය අත්විඳින්න. ඔබේ සිතේ ජනිත වන ලස්සන ඔබේ සිතුවිලි සරසන අලංකාරය ආදී සෑම දෙයක්ම ඔබේ ලෝකය ගොඩනගනු ඇත.
කැමූ සිතුවිලි | Camu Sithuwili

මැයි 27 වෙනිදා නිකුත් වේ.
මගේ මුළු සිරුරින්ම ජීවත් වීමත් මගේ මුළු හදවතින්ම සාක්ෂි දරන්නට හැකිවිමත් මට ඇති.”
ඇල්බෙයා කැමූ ඇල්ජීරියාවේදී දිළිඳු බවේත් හිරු එළියේත් ලෝකයක් තුළ ඉපදුණේය. එය ඔහුගේ සියලු නිර්මාණ පුරා පැතිරි පවතී. මේ නව එකතුව තුළ කැමුගේ අතිශය පුද්ගලික ස්වයංචරිතාපදාන රචනා වෙළුම් තුනක් වෙයි. ඔහුගේ පළමු පොත කණපිට සහ හොඳ පිට ඔහුගේ පවුලත්,කම්කරු පෙදෙසක ගෙවුණු ඔහුගේ බාල වියත් විස්තර කරයි. සරණ මංගල්‍යය හිරුගේ, භූමියේ සහ මුහුදේ සරාගී බව ප්‍රීතියෙන් සමරයි. ගිම්හානය ඇල්පියර්ස් සහ ඔරාන් නගරත් ස්වභාව ධර්මය සහ අනන්‍යතාවයත් පුරා පැතිරෙයි. කාව්‍යමය සහ භාවයමය මේ රචනා කැමූ පිළිබඳවත් පිවිතය කෙරෙහි ඔහුගේ වන ආදරය පිළිබඳවන් අපේ අවබෝධය පොහොසත් කරයි
තීරකයා ඔබයි | Don’t Say Yes When you want to say No

ඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද?
ඒ ගැටළු වලට ඇති විසඳුම් මොනවාද ?
පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ?
අභියෝග ජයගන්නේ කෙසේද ?
කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ?
මේ සියල්ල හුදු න්‍යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.
පොහොසතුන් නොකී කතා | Pohosathun Noki Katha

මේ විශ්වයේ බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජිවත් වෙයි. ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා කාර්ය බහුල වූ විට සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජිවිතය සමබර වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපළ නැතැයි සිතමින් කම්පාවට පත් වන්නන්. මේ අගහිඟ මානසිකත්වය “නුසුදුසු තරම් දුක් විඳිම” ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමන් සාර්ථක නැතැයි කියා පසුවෙනවා. ඒ වගේම අන්‍යයන්ගේ ජිවිත හා සංසන්දනය කොට පසුතැවෙනවා. ඒත් එය සත්‍ය නොවේ. ඔබ සැබවින්ම අද්විතීයයි.
මෙම පොත ඔබව සැබෑ මනුෂත්වය කරා රැගෙන යන බව මාගේ විශ්වාසයයි. එසේම මෙය ඔබට ප්‍රීතිය සහ මායාව අත්විදීමට මග පෙන්වනු ඇත. මම මගේ මතය, හදවත සහ ශරීරය මෙම කෘතිය උදෙසා කැප කළෙමි. සැබවින්ම එය ඔබේ ජයග්‍රහණයේ සෙවනැල්ල වී නම් එය මාගේ අසීමිත සතුටයි.
විශ්ව ආකර්ෂනණ නීතීය / Key to living the law of attraction

එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය. ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි. ඩොලරයක් ණයට ගෙන. ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි. මුදල් වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය.
සාර්ථකත්වය අත්දැකීමට නම් / Your Right to Be Rich

යමක් ආරම්භ කරන විට ඉදිරියේ පවත්නා සියල්ලක්ම දක්නට නොහැකි බව තේරුම් ගත යුතුය. අර්ධ කවාකාර මාවතක රිය පදවන්නෙකුට ඒ මාවතේ පෙනෙන්නේ ඉතා සුළු කොටසක් පමණි. ඒ නිසා ඔහු රිය පැදවීම නතර කරන්නේද….? ගමන අත් නොහැර රීය පදවන විට අවශ්‍ය ප්‍රමාණයට ඉදිරිය පෙනේ.
සාර්ථකත්වයේ විශිෂ්ට පියවර | mindset

සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා මනස සොයා ගන්න.
ව්‍යාපාර • මාපිය වගකීම් • අධ්‍යාපනය • අන්තර් සම්බන්ධතා
මෙම පොතෙහි වටිනාකම අධ්‍යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිම් ආශාවෙන් පෙළෙන ව්‍යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිභවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි.
– බිල් ගේට්ස් –
අපගේ හැකියාවන් සහ දක්ෂතාවන් දියුණු කර ගැනීම සඳහා වර්ධනීය මනස යොදාගත යුතු අන්දම කැරොල් S. ඩ්වෙක් ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙහිදී පෙන්වා දෙයි. සහජ දක්ෂතා යන්නට අභියෝග කරන ඇය සහජ දක්ෂතා යනු ස්ථාවර මනසේ සීමාවක් බවත්, එය අභිභවා වර්ධන මනස ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කරගත හැකි ආකාරයත් විස්තර කරයි.