Showing all 2 results
Price
Biography, History, දේශපාලන - Political, Translations
අපේ පවුල ප්‍රීතිමත් / Family Wisdom / Ape pawula raththaran

ඇත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්.
ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැඳී සිටින්න පුළුවන්.
හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි.
පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ.
ඒ වගේම ජිවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා.
ඔබ අප සමඟ මේ සුන්දර කඳු වැටියේ ජිවත් වෙන්න සුදානම් නම් ජිවිතයේ සැබෑ වූ නායකත්වය ඔබ හඳුනාගත යුතුයි.
ඔබ ගවේෂණය කළ යුතුයි.
මකියාවෙලි කුමාරයා | Makiyaweli Kumaraya

නිකොලොයි ඩී බර්-නොර් – ඩෝ මකියාවෙලි විසින් රචිත THE PRINCE (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරළියෙහි පමණක් නොව ලෝක දේශපාලන ක්සේත්‍රයෙහි ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ග්‍රන්ථයකි. නිකොලොයි මකියාවෙලි කුමාරයා ලියූ කාලයේ ඉතාලියෙහි පැවැති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් “කුමාරයා දේශපානලන විචාරකයෝ ප්‍රකාශ කරති. ඉතාලිය ආක්‍රමණය කළ ” ම්ලේච්ඡයන්ගෙන්” රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද වී විචාරකයෝ
කියති.
එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් “කුමාරයා දෙස බැල විචාරකයෝ එය නිර්දය විවේචනයට ලක් කළහ. දෝෂාරෝපණයට භාජනය කළහ. ඊට දිගට හරහට පහර දෙන්නට පටන් ගතත්හ. තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කෙනකු අනුගමනය කරන ක්‍රියා මාර්ගය වනා සදාචාරය එහිලා වැදගත් සාධකයක් නොවේ යැයි මකියාවෙලී “කුමාරයා” මඟින් එළි දක්වා ඇති මතය එකී විවේචන වලටත් දෝෂාරෝපණ වලටත් පදනම් වූවාට සැකයක් නැත. මකියාවෙලීගේ “කුමාරයා” දුෂ්ට පාලකයනට පමණක් ගැළපෙන නරුම සිද්ධාන්ත සංග්‍රහයකැයි ඒ විවේචකයෝ කීහ.
එසේ වුවද ” කුමාරයා ” ප්‍රකාශයට පත් වුණු දහ සය වැනි සිය වසේ මුල් භාගයේ පටන්ම ඒ පිළිබඳ විවාදාත්මක කරුණු සාකච්ජාවට භාජන වූ බවද විචාරකයෝ ප්‍රකාශ කරති. එපමණක් නොව සමකාලීන සමාජ චින්තනය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට මෙන්ම වෙනත් ශ්‍රේෂ්ට කෘති වලටත් දේශපාලන න්‍යායකට හා පුනරුද සංස්කෘතියටත් සාධකයක් බවටද * කුමාරයා ” පත් විය යන්න තවත් විචාරකයන්ගේ මතයයි.
එසේ පක්ෂ හා විපක්‍ෂ විවිධ මතිමතාන්තර වලට පාදක වූ “කුමාරයා” කෘතියෙහි අන්තර්ගත දෘෂ්ටිය අදත් ලෝක දේශපාලන කරළියෙන් බැහැර නොවී පවත්නේ එහි යම් සදාතනික වටිනාකමක් ඇති නිසා ම බව නිසැකය.