Showing the single result

Biography, Translations, නවකතා - Novel, Translations

Made in India / මේඩ් ඉන් ඉන්ඩියා

රු441.00
or 3 X රු147.00 with

ඒ විෂ්ණු ගැන අපි මුලින්ම අහන්නෙ හින්දු වේදයේදී, තථ්‍ය ලෝකයේ නැතිර පවත්නා ශක්ති ප්‍රවාහයක් හැටියට. විශ්වයම ප්‍රභාස්වර කළ දෙවියකු හැටියට. මේ විෂ්ණු ගැන අපි අහන්නේ, සිංහල කතා කලාව වෙනස් ඉසව්වකට ඇදගෙන යන චුම්බක ශක්ති ප්‍රවානයක් හැටියට. තමන්ගෙ ජීව්තයේ අඳුරු කලාප වලට විලක්කු අවුලලා එබෙන එක, එසේ මෙසේ පුතෙකුට කරන්න පුළුවන් රාජකාරියක් නෙවෙයි. ඒ එබිකම ඒ සා අතිශය පෞද්ගලිකයි. කොදෙව්වේ සංස්කෘතික සීමා, සාහිත්‍ය කිලි තහංචි ගැන. ඒ හැටි වද නොවී සරල, සුගම බස් වහරකින් විෂ්ණු මේ වියමන් කරන්නේ සංචාර ආඛ්‍යායනයක් ම නෙවෙයි. ඔහුම කියන විදියට රස්තියාදු මතක සංචිතයක්. විෂ්ණුගේ විචිත්‍රවත් කතා ගඟුල වරෙක තාණ්ඩව වේශයෙනුත් තවත් වරෙක ලාස්‍යයවත් ගලාගෙන යනවා.
ඒ විෂ්ණු නපුර, අනිෂ්ටය, වියවුල, අනර්ථය එළඹෙන යාමයට දස අවතාරයකට රූපාන්තරණය වෙලා, ලෝකයාට සෙන සලසනවා වගේම මේ විෂ්ණු MADE in INDIA හරහා සිංහල කතා කලාවේ දෝස නිවාරණය කරනවා කියල අපි ලියන්නෙ අතිශයෝක්තියකින් නෙවෙයි. ඒ විෂ්ණු දෙවියෙක් වුණා වගේම, මේ ලියන නිර්භය සෝපහාසී ලතාව නිසාම මේ විෂ්ණු කියන්නෙත් එක්තරා ආකාරයක අවතාරයක් ම වෙන්න ඇති කියලයි අපට හිතෙන්නෙ.