Showing 1–24 of 30 results

Biography

Alibaba Jack Ma – අලිබාබා ජැක් මා

රු680.00
or 3 X රු226.67 with

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලි බාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මෙිානවා ද? “අලි බාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.

Barack Obama | BARIGE SIHINAYA – බැරිගේ සිහිනය

රු697.50
or 3 X රු232.50 with

‘බැරීගේ සිහිනය’ සකස් වී ඇත්තේ ඇමෙරිකාවේ පාලනය කළ 44 වැනි ජනාධිපති වන බරක් ඔබාමාගේ ජීවිත තොරතුරු සමඟය. ඔහුගේ පරමාදර්ශී චරිතයක් වූ මාටින් ලූතර් කිං ‘මට සිහිනයක් ඇත’ යයි වරෙක පවසා ඇත. එලෙසම බරක් ඔබාමාට ද සිහිනයක් තිබිණි. ඒ සිහිනය ඉතාමත් සරල විය. යහපත් පාලකයෙකු ලෙස, තම රටේ ජීවත් වන ජනතාවට යහපත් අවංක සේවයක් කිරීමට ඔහුට අවශ්‍ය විය. ඒ ඔහුගේ සිහිනයයි.

Che Guvera Boliviyanu dina potha | අර්නස්ටෝ චේ ගුවේරා බොලිවියානු දිනපොත

රු361.25
or 3 X රු120.42 with

අර්නස්ටෝ චේ ගුවේරාගේ ‘බොලිවියානු දිනපොත 1968 සිට 2009 දක්වා වූ වසර 41 ක් තුළ ලොව විවිධ භාෂාවන්ගෙන් සංස්කරණයන් 330ක් ඉක්මවා ප්‍රකාශයට පත් වූ චිරප්‍රසිද්ධ කෘතියකි. 1967 ඔක්තෝබරයේ බොලිවියානු හමුදාවේ ග්‍රහණයට පත්ව, අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ අනුදැනුම මත ඝාතනයට ලක් වූ මෙම අභීත විප්ලවවාදියාගේ උර මල්ලේ තිබී හමු වූ මෙය චේගේ අවසන් දිනපොත ලෙස ඉතිහාසයට එක්වේ.

මුල් සංස්කරණවලට ඇතුළත් නොවූ පිටු කිහිපයක්ද ඇතුළත්කොට ඔහුගේ බිරිඳ වු අලෙයිදා මාර්ච් විසින් සකස් කරන ලද වේව්ගේ බොලිවියානු දිනපොත ඇමෙරිකානු ආක්‍රමණික යුද්ධයෙන් හෙම්බත් වූ වියට්නාමයට අතහිත දීම සඳහා සමස්ත දකුණු අමෙරිකානු මහද්වීපය පුරා විප්ලවයක් දියත් කිරීමට වේ ගත් පරමාදර්ශී උත්සාහයේ අත්‍යන්ත උරුමය ලෙස කීර්තියට පාත්‍ර වී ඇත.

Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad

රු810.00
or 3 X රු270.00 with

Robert T Kiyosaki Sharon, L Lechter විසින් රචිත Rich Dad, poor Dad ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

Horowpothane Palaweni Diyaro | හොරොව්පතානේ පලවෙනි ඩීයාරෝ

රු3,150.00
or 3 X රු1,050.00 with

වවුනියාව කච්චේරියත් , නගරයත් කඩිගුලක් සේ කැළඹී ඇත. සිංහල ප්‍රදේශ වලින් පහර කා පැමිණි තුවාල කරුවන්ගෙන් හා අනෙකුත් අයගෙන් ප්‍රදේශය පිරී ඉතිරී ගොසිනි. ඔවුන් ගේ දර්ශනය නැරඹීමට අසීරුය. මේ මිනිසුන්ගේ හිත් තුළ පිළිසිඳගන්නා වෛරය කෙසේ නම් පිස දමන්නද..?” මෙම පාප කර්මයේ පල විපාක නුදුරු අනාගතයේ දී ම සියලු ම සිංහල මිනිසුන්ටත් මුළු රටටත් විදීමට සිදුවනු ඇතැයි” යන අදහස් මගේ සිතට නැගෙයි.
“බලන්න යාල්දේවි කෝච්චියෙ බු‍ෆේ එකේ වැඩ කරන සිංහලයෙකුයි, කෝච්චියෙ ගමන් කළ දෙමළ මගියෙකු යි අතරෙ ඇති වුණ පෞද්ගලික රන්ඩුවක් ගියපු දුර. මේ පටං ගත්තා විතරයි. අවසානය කොහොම වෙයිද කියලා කියන්ඩ බැහැ ”
දෙමළ ජාතික මිතුරන් පිරිස රැගෙන අපි වවුනියාව කච්චේරියෙන්, බස් නැවතුම්පොළට පැමිණෙමු. එහි යාපනය බලා යන බස් රථ කිපයක් නවතා ඇත. මමත්, සරතුත් අපගේ පිරිසට ආයුබෝවන් කියමින් ඔවුන් එකිනෙකා බසටය නංවමු.ඒ සියල්ලෝම වැලපෙති. ඔවුන්ගේ දෑත්වලින් අපගේ දෑත් තරයේ වැළඳ ගනිති. ඔවුන්ගේ දෙකම්මුල් ඔස්සේ රූරා ගලනා කඳුළු අප දෙදෙනා ගේ දෑත් මතට වැටේ. ඒවායින් දැනෙනුයේ මිනිස්කමේ උණුසුමයි.

Kalu Ranjith Sudu Miniseki – කළු රංජිත් සුදු මිනිසෙකි

රු765.00
or 3 X රු255.00 with

” මම මේ අත්දැකීම් ඹබට පැවසීමට අදහස් කළේ මා පිළිබඳ ආඩම්බරවීමේ අදහසකින් නොවෙමි. මාගේ විශ්වාසය වන්නේ ඹබ මෙය කියවීාමන් ඉක්බිති එයට ඹබගේ ජීවිතයට කුමන හෝ සාධනීය යමක් උකහා ගැනීමය යන්නය”
– රංජිත් දිසානායක

Kantharaye Kandulu – කාන්තාරයේ කඳුළු

රු595.00
or 3 X රු198.33 with

සූඩානයේ දාෆූර්හි උපත ලද හලීමා බෂීර් ඇගේ ගෝත්‍රයේ පළමු බටහිර වෛද්‍යවරියයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමත් ආණ්ඩුවේ හමුදාවන්හි මිලෙච්ඡ ක්‍රියා යහමින් විවේචනය කිරීමත් නිසා හමුදා සෙබළුන්ගේ සමූහ දූෂණයට ඇය ලක්වේ. රජයේ හමුදා දාෆූර්හී ගම් බිම් විනාශ කරයි. ජනයා මරා දමයි.කුඩා දැරියන් පවා දූෂණය කරයි. ඇගේ පියාගේ ජීවිතයද අහිමි වෙයි. තමා නසන්නට එන ආණ්ඩුවේ හමුදාවෙන් ගැලවී ඇය බ්‍රිතාන්‍යයට පැමිණේ. එහිදී ද ඇයට සිදු වන්නේ අකටයුත්තකි.

Koti Diyaniyakage Papochcharanaya

රු765.00
or 3 X රු255.00 with

ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණයි.මධ්‍යම පාන්තික පවුලකට අයත් දාහත් හැවිරිදි දැරියක වූ නිරෝමි එදින සිටියේ අතිශය බිහිසුණු වූ යුද්ධ භූමියකයි.ඇගේ දෑතෙහි ගිනි අවියකි.ගෙලෙහි සයිනයිඩ් කරලකි.ඇයගේ සමීපතම යෙහෙළිය වූ අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී සිටියාය.

මරණය නිරෝමි සොයා ආවේ නැත.එහෙත් හාමත,පිපාසය,රෝග පිඩා ,මානසික ආතතිය සමග යුද්ධයේ අනේක වූ ව්‍යසනයන් ද සංවිධානයෙහි අකටයුතුකම් ද ඇයට දරාගත නොහැකි තරම් බරැති විය.

අද විශ්ව විද්‍යාල ආචාර්යවරියක වන නිරෝමි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තම සැමියා සහ දරුවන් සමග සතුටින් වෙසෙන්නිය.මෙම ග්‍රන්ථයෙන් ඇය අපට පවසනේ ඇගේ ඒ අසාමාන්‍ය අතීත කතාවයි.

MATA MATHAKA MAMA – මට මතක මම

රු1,080.00
or 3 X රු360.00 with

මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු.

MICHELLE OBAMA – මිෂෙල් ඔබමා

රු855.00
or 3 X රු285.00 with

ඇමරිකානු කළු රැජින හෙවත් මිෂෙල් ඔබාමා හුදෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ බිරිඳගේ කතාව නොවේ. ඇය නිතීඥවරියකි. ආදරණිය දියණියකි, මවකි, ධෛර්ය සහ ශක්තිය දුන් බිරිඳකි.

ඇය කියවීමෙන් ගැහැණියකට අභියෝගයන්ට, වි‌‌වේචනයන්ට මුහුණ දෙන ආකාරයත්, තම වෘත්තීය ජීවිතය සමගම පවුල් ජීවිතය ද පවුල් ජීවිතය සමග දේශපාලනය කටයුතු ද සමබර කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳ කදිම ආදර්ශක් ලබා ගත හැක.

My Journey with the Commando Regiment

රු1,350.00
or 3 X රු450.00 with

By writing this book, Sunil has recorder an important piece of Army history.The commando regiment provides powerfull insight in to the theories,strategies,and tactics that were fundamental to the role, formation and operation of the commandos, a distinct group whose performance on the battle field would prove to be a turning point for the Sri Lanka Army’s battle strategy.

nokiyu prawruththi chethana liyanage | නොකියූ ප්‍රවෘත්ති චේතනා ලියනගේ

රු450.00
or 3 X රු150.00 with

සිංහල ගම සරුසාර වූයේ පන්සලත්, ගුරු ගෙදරත්, වෙද ගෙදරත්. ලියන ගෙදරත් හිසාය. රයිගම් කෝරළයේ දිවලකඩ ගමේ උපන් ශ්‍රී ලංකාවේ සුප්‍රකට ලේඛකයෙකු හා ව්ශිෂ්ට ජනමාධ්‍යවේදියෙකු වූ ගුණදාස ලියනගේ මහතාගේ සහ පර්ණිත අධ්‍යාපනඥවරියක මෙන්ම ලේඛිකාවක වූ චන්ද්‍රලතා ලියනගේ මහත්මියගේ කාර්යබහුල නිවහන වූයේ “ලියන ගෙදර” යි. එහි උපන් චේතනාද, දෙමාපියන්ගෙන් උරුම කොටගත් නැණ නුවණට ස්වකීය බුද්ධි ප්‍රභාවද මුසු කර ගනිමින් දැන් සිංහල පාඨක ලෝකයටද පිවිසෙන්නීය.

“ගුලි” යන අපරනාමයෙන්ද හැඳින්වුනු ලියනගේ මහතා තමාටම උරුම වූ චින්තන ධාරාවක්ද, ලේඛන ශෛලියක්ද තිබූ අභිමානවත් ලේඛකයෙකි. සිය පියාණන් රුපියල් සත සොයා සිය ආත්මය කැප නොකළාසේම, චේතනාද වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන මුදල්වලට සිය රූප කාය හෝ හඬ පෞරුෂය හෝ නොවික්කාය. ඇය සිය ළමා කාලය මෙන්ම නව යොවුන්වියද සිය දෙමාපියන් සහ සහෝදර සහෝදර්යන් සමග ගත කළ හැටි, මනා කෙටි කතා ශෛලියකින් මෙහි විස්තර කොට ඇත්තේ ඉතාමත් රසවත් ලෙසය. මේ කතා එක හුස්මට කියව්ය හැකි තරම් ආස්වාදජනක වෙයි.ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස දශක දෙකක් ප්‍රේක්ෂකයන් අතරට ගිය චේතනා. ඉන් වසර දහයක් සතියේ දින පහේම ප්‍රවෘත්ති ඉදිරිපත් කර ඇත්තේ,මෙරට එසේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ප්‍රථමයා වෙමින් ය. මෙහි සඳහන් ප්‍රවෘත්ති නිවේදනය සම්බන්ධ චේතනාගේ අත්දැකීම් එම වෘත්තියට පිවිසෙන ආධුනිකයන්ට වටිනා අත්වැලක් සපයයි. චේතනාගේ ලේඛන කුසලතාවද අනාගතයේදී තවදුරටත් මල්පල ගැන්වෙනු ඇතැයි සිතම්.

මහාචාර්ය ජේ. බී. දිසානායක

Shree Wikara | ශ්‍රී විකාර

රු425.00
or 3 X රු141.67 with

අපේ අප්පොච්චි කළා නං ඒක අපිත් කරන්න ඕනේ. අපේ දාර්සනික අහවල් උත්තමයා කියපු හින්දා ඒක අපිත් කරන්න ඕනෙ. අම්මෝ අවුරුදු දෙදාහක් තිස්සේ අපේ ආච්චිලා හාල් ගැරුවේ ඔය තැඹිලියෙන්, ඒක හින්දා ගල් වැලි නැති සබා ගේන්න බෑ. අපේ අහවල් ශුද්ධ වූ මෙව්වා එකට අගෞරවක් වෙන හින්දා අපිට ඔය සින්දුව කියන්න බෑ. අපේ අහවල් මෙව්වා එක කෙලෙසෙන හින්දා බෑ. අපි අවුරුදු දහඅට කෝටියක ඉඳන් ගොටුකොළ වැව්වා. මේක ගොටුකොළ පොළොව. දැන් අපිට කොම්පියුටර් හදන්න බෑ. අපේ අහවල් පූර්වප් ආදි මානවයගෙ ඉදන් එක්සත් මීහරකා පෙරමුණට ඡන්දෙ දුන්නෙ. ඒක හින්දා දැන් තොපිට දෙන්න බෑ. අපේ දේසපාලන ව්යාපාර අහවල් උත්තමයා අවුරුදු පන්දහකට කලිම් ලියපු පොතේ තියෙන්නෙ එහෙම, ඒක හින්දා උඹලා වැරදියි. ඌ තමයි හරි. එක හින්දා අපි හැමදාම මෙහෙම තමයි.

අපි අවුරුදු අහවල් ගාණක ඉඳන් රජතුමා එක්ක හිටියෙ. එයාගෙ අන්තඃපුරේට ගැනු ළමයි දුන්නට වංගෙඩියෙ දාලා කෙටුවත් අපිට ඕනෙ මහරජතුමා. ප්‍රජාතන්ත්‍රවාදය නිදහස අපිට එපා. බිලා බලා

Thiyunu Asipathaka Sewana Yata / Mage Aragalaya

රු476.00
or 3 X රු158.67 with

ඇය උපන්නේ සාමාන්‍ය ගැහැනු දරුවෙකුට හිමි සියලු සිහින උරුම කරගෙනය. එහෙත් ඇගේ තරුණ වියේදී උතුරේ ඇති වෙමින් තිබූ සමාජ දේශපාලනික වාතාවරණය විසින් ඇය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය කරා තල්ලු කරනු ලැබූ අතර ඇය එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන්නේ ඒ අනුවය.

Vishishtathvayata Maga – විශිෂ්ටත්වයට මග

රු510.00
or 3 X රු170.00 with

අප තුල සිටින මහා යෝධයා අවදිකර ගැනීමට උපදෙස් දීම සදහා ඉදිරිපත් කරන ලදී

Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න

රු1,343.00
or 3 X රු447.67 with

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහණදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ එදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මඟ ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.එහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතය වෙනස් මඟකට යොමු කරවන්නකි.

කමාන්ඩෝ පියසටහන් | Commando Piyasatahan

රු1,080.00
or 3 X රු360.00 with

ලුතිනන කර්නල් සුනිල් පීරිස් ගේ කමාන්ඩෝ අත්දැකීම් තුළින් ලියැවී ඇති මෙම කෘතිය කොමාන්ඩෝ බලකාය පිළිබඳ ලේඛනයක් පමණක් නොව යුධ හමුදා ඉතිහාසයට එක් වූ නව දැනුම් සම්භාරයකි. මෙය යුධ කලාව අධ්‍යයනය කරන්නෙකුට මෙන්ම හමුදා ඉතිහාසඥයෙකුට ද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන් හට ද එක සේ වටිනා කියවුමකි. සමාජයේ ඕනෑම අයෙකු පරිශීලනය කළ යුතු නිර්මාණයකි.

නෙල්සන් මැන්ඩෙලා | Nelson Mandela

රු711.00
or 3 X රු237.00 with

නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා ය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්වීතිය මානවවාදියෙකු ලෙසය. වාර්ගික, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චර්තාපදානය කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ.