Showing all 4 results

Cinema

Amma Mata Kiya dun Gee | අම්මා මට කියා දුන් ගී

රු950.00
or 3 X රු316.67 with

මෙය මාලන් බ්‍රැන්ඩෝගේ කථාවයි. එය ප්‍රකාශයට පත් කිරීමට හේතුව ඔහුගේම වචන වලින් කියැවෙන්නේ මෙසේයි.

”මගේ ජීවිතය යනු පෞද්ගලික කාරණාවක් බවත්, ඒ ගැන දැන ගැනීම මගේ පවුලේ හා මා ආදරය කළ අය හැරුණු විට අන් කිසිවකුගේත් රාජකාරියක් නොවන බවත් මම සැමවිටම සිතුවෙමි. යම් දේශපාලන හෝ සදාචාරාත්මක ගැටලු පිළිබඳව මා කථා කළ ද, මගේ මෙන්ම මගේ දරුවන්ගේ ද සුබසිද්ධිය තකා නිහඬව සිටීමට මම සැම විටම උත්සාහ කළෙමි. එහෙත් 70 වන වියේ දී මගේ කථාව. මට හැකි පමණ හොඳින් කීමට මම තීරණය කළෙමි. ඒ අනුව මෙතෙක් මා පිළිබඳව පතුරුවා ඇති සියලු මිථ්‍යාවන් අතරින් සත්‍යය තෝරාගැනීමට මගේ දූ දරුවනට හැකියාව ලැඛෙනු ඇත.

අද වන විට මාලන් බ්‍රන්ඩෝ පිළිබඳව දුසිමකටත් වඩා පොත් ප්‍රමාණයක් ලියැවී ඇත. ඒ සියල්ල අසත්‍ය තොරතුරුවලින් ගහණය. ඒවා හුදු ආන්දෝලනයක් ඇතිකිරීම අරබයා ගොතනු ලැබූ අශ්ශීල ගණයේ ප්‍රවාද සේ සැලකිය හැකියි.”

අද, එනම්; සිය ප්‍රථම වේදිකා රංගනය ඉදිරිපත් කොට වසර 50කට පමණ පසු, අපේ යුගයේ විශිෂ්ටතම නළුවා සිය ජීවිත කථාව රොබට් ලින්ඩ්සේගේද සහාය ඇතිව ප්‍රකාශයට පත්කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අසාමාන්‍ය ග්‍රන්ථයක් බිහි වී ඇත. ඇතැම් විට හාස්‍ය ජනක, ඇතැම්විට සංවේදී එමෙන්ම සිත් ඇඳබැද ගන්නාසුලු ආකාරයකින් හා විවෘතව හා අවංකව හෙතෙම සිය වෘත්තීය හා පෞද්ගලික ජීවිතය හෙළි කරයි. ඔහුගේ පැහැදිලි කිර්ම ඇතැම් විට කෝපාවිෂ්ට වූත්, අපහාසාත්මක වූත් එමෙන්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නා වූත් ස්වරූපයක් පිළිබිඹු කරයි.

කවර දාක හෝ බ්‍රැන්ඩෝගේ චිත්‍රපටයක් නරඹා රස විඳ ඇති ඕනෑම අයෙකුට මෙම පොත ඉමහත් වූ ආස්වාදයක් ගෙන එනු නොඅනුමානය.

Magic Lantharuma | මැජික් ලන්තෑරුම | Magic Lantern

රු450.00
or 3 X රු150.00 with

කැලිඩස්කෝපයක බහුරූප වැනි මතකයන් සමුහයක් චිත්‍රපටයකදී මෙන් අතුරු ඡේදනය කරමින්, තියුණු හා සංක්ෂිප්ත ආකාරයකින් රචනා කළ ග්‍රන්ථයකි.

සිය ළමාවියේ තොරතුරු, අතිශය සියුම් ආකාරයකින් විවර කරමින් ඒවා වැඩිහිටි වියේ මතකයන් සමඟ අතුරුඡේදනය කෙරෙන්නේ විශ්මයජනක ආකාරයකිනි.

සිය විවාහයන්, පුද්ගල සබඳතාත් මෙන්ම වෘත්තීය ජයග්‍රහණ, අසමත්කම් හෙතෙම හෙළි පෙහෙළි කරන්නේ විවෘතවයි. විශිෂ්ට ගණයේ මිනිසකුගේ අසාමාන්‍යය හා සංකීර්ණ මනෝභාවයනමනබඳිනාකාරයෙන් රචනා කළ කෘතියකි.

මයිකල් මේයර් – සන්ඩේ ටයිම්ස්

මෙම ස්වයං චරිතාපදානය හරියටම චිත්‍රපටයක් මෙනි. බග්මාන් සිය කථාපුවත රසවත් අතීතාවර්ජන මාලාවක් සේ ඉදිරිපත් කරයි. ඒ සියල්ල ඔහු ඉදිරිපත් කරන්නේ සිත් කළඹවන රූප මාලාවක් විලසිනි.

ගේබ්රියල් අන්නන් – ස්වෙස්කා ඩැග්බි ලාඩෙට් – ස්වීඩනය

කදිර දිව්‍යරාජ | Kadira Divyaraja

රු855.00
or 3 X රු285.00 with

ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට මාලාවෙහි ධාරා දෙකකට අයත් නිර්මාණ දකින්නට ලැබේ. පළමු ධාරාවට අයත් වන්නේ පොඩි මල්ලි’ ‘සිරිබෝ අයියා සරුංගලේ සුදු සෙවණැලි ක්ෂීර සාගරය කැලඹිණ වැනි විචාරක පැසසුමට පාත්‍ර වූ චිත්‍රපටය. සිරිබෝ අයියා 1981 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද සුදු සෙවණැලි. 2002 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද ජනාධිපති සම්මාන දිනා ගත්තේය.

දෙවන ධාරාව වනාහි blockbuster චිත්‍රපට හෙවත් මහාකෘතිය. ඔහු ඒ චිත්‍රපට නිර්මාණය කළේ යම් අරමුණක් උදෙසා ද ඒ අරමුණ තුළ ඔහු උපරිම මට්ටමෙන් සාර්ථකත්වය ලැබී ය. ‘කුස පබා’ (2012), ‘පත්තිනි’ (2016), යශෝධරා (2018), විජයබා කොල්ලය (2019). ඒ ඒ වර්ෂ වල වැඩිම ආදායම් ලබමින් box office වාර්තා බිඳ හෙළීය. ඒ අතුරින් යශෝධරා’ හැර සෙසු චිත්‍රපට සම්භාව්‍ය සිනමාව වෙනුවෙන් පෙනී සිටි විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ නිර්දය ගර්හාවට සහ අවමානයට පාත්‍ර විය.

කදිර දිව්‍ය රාජ ද යථෝක්ත දෙවන ධාරාව නියෝජනය කළ චිත්‍රපටයකි. එය 2023 වර්ෂයෙහි වැඩීම house full දර්ශන වාර සංඛ්‍යාව සහිත ව දින 100 ක් ප්‍රදර්ශනය වූ එකම චිත්‍රපටය වූ අතර සිංහල සිනමා ඉතිහාසයෙහි වැඩීම ආදායම් වාර්තා සහිත චිත්‍රපට කිහිපය අතරට ද එක් විය.

ධර්මසිරි සිනමාවලෝකනය | Dharmasiri Sinamawalokanaya

රු850.00
or 3 X රු283.33 with

වම් ඉවුරේ සිනමා ත්‍රිතත්වයෙන් අද්‍යතනයේ ජිවත්ව සිටින එකම සිනමාකරුවා ධර්ම සිරි බණ්ඩාරනායකයි.

හංස විලක් (1980) තුන්වෙනි යාමය (1985) සුද්දිලාගේ කතාව (1985) බව දුක සහ බව කර්මය (1997) යනු සංඛ්‍යාත්මකව සිනමාකෘති

පහක් පමණක් වුවත්, එම සිනමාකෘති විසින් ශ්‍රී ලාංකික සිනමාව තුළ

ඇති කළ බලපෑම සහ කතිකාව සුළු පටු නොවේ.

එහෙත් ඔහුගේ එම සිනමාත්මක මැදිහත් වීම තරම් සිනමා සාහිත්‍යයක් ඔහුගේ සිනමාව වෙනුවෙන් නොලියවුණු නිසාම මෙම කෘතිය එම අඩුව පිරවීම ආරම්භ කරනු ඇත.