Showing all 3 results
Price
Educational, Fiction
Guilt – Faculty Of Sex 02

පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන ගෑනියෙකුට සිද්ද වෙනවා එයාගෙ අත්තටු අකුලගන්න. ඒ ආදරේ ඇතුලෙ බෑ ගෑනු ආත්මයක උපරිම නිදහස විඳින්න. කේ කොයිතරම් නිදහස් පිරිමියෙක් වුනත් මට සිද්ද වෙනවා එයා හින්ද මගේ වනාන්තර ආත්මය යම් තරමකට හෝ පාලනය කරන්න. ඉගිල්ලෙනවා වෙනුවට එයා එක්ක පයින් යන්න. ඒක අපිව ඩිප්රෙස් කරනවා. එහෙම ඇකිලිලා ජීවත් වෙන්න ගෑනියෙකුට අමාරුයි. ඒත් හැම ගෑනියෙක්ම පිරිමියෙක් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පුංචි කරගන්නවා. ඒ පිරිමියාගෙ ලෝකෙ ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්න තෝරා ගන්නවා. ඒත් අපි විලංගු දාලා තියෙන අපේ අත්තටු හැමතිස්සෙම ඒවායේ උරුමය ඉල්ලාගෙන විහිදෙන්න කැරලි ගහනවා. අපි හැමදවසකම ඒ තටු කපා දමමින් අපිව දුර්වල කරගන්නවා. ගෑනියෙකුගේ උපරිමය දරාගන්න කිසිම පිරිමියෙකුට බෑ. බුදුවරයෙක් වුනත් එතනදි අසමත්. ඒත් කේ කියන්නෙ මගේ ඒ ජීවිතේ අවසානය. කේ ගියාට පස්සෙ මං මගේ අත්තටු දිගට වැඩෙන්න ඉඩ දෙනවා. මං පොලොව අත්ඇරලා මට අයිති අහසේ ජීවිතය තෝරගන්නවා. ටියුලිප් මල් යායවල් ලැවෙන්ඩර් යායවල් උඩින් මං ඉගිල්ලෙනවා. සීත හිම උඩින් කාන්තාර උඩින් මුහුදු උඩින් පියාඹනවා. මං ගොඩක් පිරිමි ගැහැණු එක්ක ආදරෙන් බැඳෙනවා. ගොඩක් සෙක්ස් කරනවා. ඒ හැමෝගෙම හදවත් මං දරුණු විදිහට තුවාල කරනවා. තුවාල වුනු හිතකට විතරයි ජීවිතේ විඳින්න පුළුවන්. මං ඒ හැමෝමව අත්ඇරලා යනවා. කවදාවත්ම ඒ ආදරවන්තයින්ට ඒ ගොල්ලොන්ගෙ පරණ ජීවිතය තරම් ආයිමත් පුංචි වෙන්න බැරි පැල්ම මම වේවි. මං වළාකුල් වෙනවා. වැස්ස වෙලා වැටෙනවා. දියපාර වෙලා ගලනවා. ග`ගක් වගේ වැඩෙනවා. මුහුදක් තරම් ලොකු වෙනවා.
අපේ පවුල ප්‍රීතිමත් / Family Wisdom / Ape pawula raththaran

ඇත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්.
ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැඳී සිටින්න පුළුවන්.
හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි.
පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ.
ඒ වගේම ජිවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා.
ඔබ අප සමඟ මේ සුන්දර කඳු වැටියේ ජිවත් වෙන්න සුදානම් නම් ජිවිතයේ සැබෑ වූ නායකත්වය ඔබ හඳුනාගත යුතුයි.
ඔබ ගවේෂණය කළ යුතුයි.
කෝටිපතියෙකු වීමට නම් / Secrets of the millionaire mind

එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය. ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි. ඩොලරයක් ණයට ගෙන. ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි. මුදල් වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය.