Showing 1–24 of 79 results
Price
Educational
Chess Muladarma Ha Thakshanaya | චෙස් මූලධර්ම හා තාක්ෂනය

Civil Samajaya Kumakda? Kageda?Kumatada? සිවිල් සමාජය කුමක්ද? කාගේද? කුමටද?

Daily Inspiration / සාර්තකත්වයේ මං සලකුණු / Sarthakathwaye man salakunu

ජීවිතය යනු නියමාකාරයෙන්, විචිත්‍ර අන්දමින් එකට වියන ලද තිරයකි. අප ආශා කරන දේවල් අපට හැමවිටම ලැබෙන්නේ නැත. එනමුත් අපේ අවශ්‍යතා හැමවිටම ලැබෙනු ඇත. අප වඩාත් උනන්දු වන දේවල් අපට හැම විටම ලැබෙනු ඇත. එය ජීවිතයට බෙහෙවින් වැදගත් පාඩම්වලින් එකක් වෙයි.
Deshapalanaya saha Deshapalana Vidyawa – දේශපාලනය සහ දේශපාලන විද්‍යාව

Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad

Robert T Kiyosaki Sharon, L Lechter විසින් රචිත Rich Dad, poor Dad ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය
Ganitha Vinodaya | ගණිත විනෝදය

මෙම පොත කියවීම සදහා අංක ගණිතය හා මුලික ජ්‍යාමිතිය ඇතුළුව ගණිතය පිලිබඳ සුළු අවබෝධයක් පමණක් පාටකයට තිබිම සෑහේ. මෙහි එන ගැටළු සුළු සංඛ්‍යාවක් පමණක් විසදීමේ දී මුලික ගණිතමය සමීකරණ පිළියෙල කිරීමට හා ඒවා විසදීමට සිදු වේ. ඒ කෙසේ වෙතත් මෙම පොත මිශ්‍ර ප්‍රෙහේලිකා හා ගණිතමය ක්‍රීඩාවේ පැටළිලි සහගත සුත්‍රවල සිට,ගැනීමේ හා මිනීමේ ව්‍යවහාරික එමෙන්ම ප්‍රයෝජනවත් ක්‍රම දක්වා වූ විවිධ ආකාරයේ ගැටලුවලින් සමන්විතය
Gatum, Gatum Samathanaya, Madyayanaya, saha Samaya Godanagima – ගැටුම්, ගැටුම් සමථනය, මාධ්‍යයනය, සහ සාමය ගොඩනැගීම

Horowpothane Palaweni Diyaro | හොරොව්පතානේ පලවෙනි ඩීයාරෝ

වවුනියාව කච්චේරියත් , නගරයත් කඩිගුලක් සේ කැළඹී ඇත. සිංහල ප්‍රදේශ වලින් පහර කා පැමිණි තුවාල කරුවන්ගෙන් හා අනෙකුත් අයගෙන් ප්‍රදේශය පිරී ඉතිරී ගොසිනි. ඔවුන් ගේ දර්ශනය නැරඹීමට අසීරුය. මේ මිනිසුන්ගේ හිත් තුළ පිළිසිඳගන්නා වෛරය කෙසේ නම් පිස දමන්නද..?” මෙම පාප කර්මයේ පල විපාක නුදුරු අනාගතයේ දී ම සියලු ම සිංහල මිනිසුන්ටත් මුළු රටටත් විදීමට සිදුවනු ඇතැයි” යන අදහස් මගේ සිතට නැගෙයි.
“බලන්න යාල්දේවි කෝච්චියෙ බුෆේ එකේ වැඩ කරන සිංහලයෙකුයි, කෝච්චියෙ ගමන් කළ දෙමළ මගියෙකු යි අතරෙ ඇති වුණ පෞද්ගලික රන්ඩුවක් ගියපු දුර. මේ පටං ගත්තා විතරයි. අවසානය කොහොම වෙයිද කියලා කියන්ඩ බැහැ ”
දෙමළ ජාතික මිතුරන් පිරිස රැගෙන අපි වවුනියාව කච්චේරියෙන්, බස් නැවතුම්පොළට පැමිණෙමු. එහි යාපනය බලා යන බස් රථ කිපයක් නවතා ඇත. මමත්, සරතුත් අපගේ පිරිසට ආයුබෝවන් කියමින් ඔවුන් එකිනෙකා බසටය නංවමු.ඒ සියල්ලෝම වැලපෙති. ඔවුන්ගේ දෑත්වලින් අපගේ දෑත් තරයේ වැළඳ ගනිති. ඔවුන්ගේ දෙකම්මුල් ඔස්සේ රූරා ගලනා කඳුළු අප දෙදෙනා ගේ දෑත් මතට වැටේ. ඒවායින් දැනෙනුයේ මිනිස්කමේ උණුසුමයි.
Ingrisi Sinhala Maha Shabda Koshaya I & II | ඉංග්‍රීසි සිංහල මහා ශබ්දකෝෂය I , II
රු15,000.00
Kids Promotional Book Pack

Lankawe Janawargika Gatuma, Samaya saha Evaye Venasvana Gathikathwa – ලංකාවේ ජනවාර්ගික ගැටුම, සාමය සහ ඒවායේ වෙනස්වන ගතිකත්ව

Local Government and Local Democracy in Sri Lanka

Mata Kiyanu Mana | මට කියනු මැන

කුතුහලයෙන් යුතු ළමා මනස නිර්මාණ ශීලී මිනිසෙකු බිහිකිරීමට සමත් වේ. එහෙත් ළමා මනස නිර්මාණශීලී ලෙස වැඩීමට නම් කුතුහලයෙන් යුතු ළමයා අසන ප්‍රශ්න වලට සත්‍ය පිළිතුරු සැපයිය යුතුයි. බොහෝ දෙමාපියන්ට මෙන්ම ගුරුවරුන්ට ද මෙය ගැටලුවක් වී ඇත. ඒ එකකින් එකකට බැඳී තිබෙන ලෝකයත්, එහි ස්වභාවයන් හඳුනා ගැනීමට ළමයා දක්වන උනන්දුව නිසා ප්‍රශ්න සහ කුතුහලය වැඩිවන බැවිනි. මට කියනු මැන කෘතියේ අරමුණ ද එලෙස ලෝකය කුතුහලයෙන් ප්‍රශ්න කරන දූ දරුවන්ට සත්‍යය වටහා දීමයි. අනෙක් අතට එය දෙමාපියන්ට හා ගුරුවරුන්ට ද අස්වැසිල්ලක් වනු ඇත.
Minisa sadata giya kathawa | මිනිසා සදට ගිය කතාව

මිනිසා ප්‍රථම වරට සඳ මත පා තැබීමට වසර 50 සපිරීම සැමරෙන මේ පොත, මිනිසා සඳට ගිය කතාව යනුවෙන් නම් කරනු ලැබුවද, මෙය චන්ද්‍රයා වටා නූතනයෙහි ගොඩනැගුණු සංස්කෘතිය පිළිබඳ විශ්ව කෝෂයක් බඳු නිර්මාණයක් වෙයි. සඳ පිළිබඳවත්, එහි යැවූ විවිධ යානා හා අභ්‍යාවකාශගාමීන පිලිබඳවත්, ඇපලෝ යානාවල විසිතුරු ගමන් පිළිබඳවත්, සිංහල පාඨකයාට දැනගන්නට නොලැබෙන තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ. රමණීය බසකින් රචිත හෙයින් පාඨකයින්ට විද්‍යාත්මක කරුණු පිළිබඳව වුවද හොඳ අවබෝධයක් නිරායාසයෙන් ලබාගත හැකි වේ. දිගටම කියවාගෙන යාමට පොළඹවන ආකර්ෂණීය වස්තු වින්‍යාසයකින් පොහොසත් වීම මෙහි තවත් විශේෂත්වයකි. අප්‍රකට ඡායාරූප සිය ගණනකින් අලංකෘත වන හෙයින් මෙම විෂය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීමට මේ පොත සමත් වෙයි. මේ විෂය පිළිබඳව සිංහලෙන් ලියැවුණු අනර්ඝම කෘතිය මෙය බව විශේෂයෙන් සඳහන් කළ හැකිය.
මිනිසා සඳට ගිය කතාව පොතේ කතුවරයා උපාලි ජයසිංහ, කොළඔ විශ්ව විද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියද, භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, එංගලන්තයේ මෙට්රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව ඉංජිනේරු උපාධියක්ද හිමිකරගෙන ඇති විද්‍යාර්ථියෙකි. තවද ඔහු විද්‍යා අධ්‍යාපනයට අමතරව කලා ක්ෂේත්‍ර කීපයකම උපාධි ලබා ඇති විද්වතෙකි. නව දැනුම සෙවීමට සිය ජීවිත කාලයම කැපකරන උපාලි ජයසිංහ එම දැනුම අන්‍යයන් වෙත බෙදාදීමටද නොමසුරුව කටයුතු කරයි. ඔහු පාසල් ගුරුවරයකු වශයෙන්ද, විදුහල්පතිවරයෙකු වශයෙන්ද විශ්ව විද්‍යාල බාහිර උපාලි ජයසිංහ කථිකාචාර්ය වරයෙකු වශයෙන්ද, ගුරු පුහුණු උපදේශක වරයෙකු වශයෙන්ද, විෂය මාලා ප්‍රවර්ධකයෙකු වශයෙන්ද ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල් කීපයකම සේවය කොට ඇත. ඊට අමතරව පරිගණක ඉංජිනේරුවෙකු වශයෙන් විවිධ ක්ෂේත්‍ර වලට ඔහුගේ දායකත්වය ලබා දී ඇත. ශ්‍රී ලංකාවට පරිගණක අධ්‍යාපනය හඳුන්වා දුන් මුල් යුගයේ, පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේ නියමුවෙකු ලෙස කටයුතු කළ, ඇබකස් පරිගණක තාක්ෂණ පීඨයේ සභාපතිවරයා වශයෙන්ද ඔහු කටයුතු කළේය. තාරකා භෞතික විද්‍යාව හා අභ්‍යවකාශ තාක්ෂණය කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයයි. ඔහු එම ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතුවල නිරතව පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත්කොට ඇත. තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ඔහු විසින් පවත්වන ලද දීර්ඝකාලීන ගුවන් විදුලි කතා මාලාව, අසන්නන් අතර ඉමහත් ප්‍රසාදයට පත්විය. කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයෙන් ලියැවුණු ඔහුගේ මෙම ප්‍රථම ග්‍රන්ථය, පාඨකයා වෙත ගෞරවාදරයෙන් පිරිනමනු ලබන වගයි.
Journey to the Moon
– මහාචාර්ය අනුර වික්‍රමසිංහ
Obe Daru Sihinaya Malpala Ganwimata | ඔබේ දරු සිහිනය මල්පල ගැන්වීමට

මවක වීමට පෙරුම් පුරන කාත්තාවන්ට මෙන්ම, මවක වීමට නොහැකිව ඒ හා සම්බන්ධ ගැටලු වලට මුහුණ පා සිටින කාන්තාවන්ටද, තම සිහිනය සැබෑකර ගැනීමට මෙම ග්‍රන්ථය පිටිවහලක් වන බව නොඅනුමානය. සඳහන් කරුණු සරලව විග්‍රහ කළ ඇති මෙම ග්‍රන්ථය පහසුවෙන් පරිශීලනය කළ හැකි වීමද මෙහි විශේෂත්වයකි.
Okkoma Rajawaru? Okkoma Wesiyo? – ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ

මෙම කෘතිය රාජ්‍යය යන දේශපාලන සංකල්පය පිළිබදව ගැඹුරින් හැදින්වීමක් ලබා දීම පිණිස ය. උසස් අධ්‍යාපනය ලබන සිසුන්ටත් වෘත්තීය දේශපාලනඥයන්ටත් දේශපාලන වශයෙන් සවිඥානක පුරවැසියන්ටත් එකසේ ප්‍රයෝජනවත් කෘතියක් ලෙස මෙය හැදින්විය හැකිය.
Pasubata Weemata Kalak Nomatha | පසුබට විමට කලක් නොමැත

Politics, Debates and Discourses of State Reform in Sri Lanka

Prajathanthrawadaya Kumakda? Kageda? Ka sadahada? Kumatada? ප්රජාතන්ත්රවාදය කුමක්ද? කාගේද? කා සදහාද? කුමටද?
