Showing all 14 results

Leadership

A Apuru Maga – ඒ අපූරු මග

රු720.00
or 3 X රු240.00 with

ජීවිතයේ විශාලම දුක් ගැහැටවලට මුහුණ දෙන්නේ ද, සෙසු අයට විශාලම හානියක් සිදු කරන්නේ ද, තම සහෝදර ජනයා ගැන සැලකිල්ලක් නොදක්වන මිනිසුන්ය. සියලූ මානව පරාජයන් පැන නැෙඟන්නේ එබඳු පුද්ගලයන් තුළිනි.
– ඇල්ෆ‍්‍රඞ් ඇඞ්ලර්

ෙරාබින් ෂර්මාෙග් ෙපාත් ෙලාව පුරා මිලියන 6 ක් අෙලවි වී ඇත.

Alibaba Jack Ma – අලිබාබා ජැක් මා

රු680.00
or 3 X රු226.67 with

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලි බාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මෙිානවා ද? “අලි බාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.

Awalassana Amerikanuwa අවලස්සන ඇමරිකානුවා – The Ugly American Sinhala Translation

රු1,260.00
or 3 X රු420.00 with
” කෙසේවුවද සිය ජාත්යන්තර ප්රතිපත්තිය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් එදා මෙදා තුර නොයෙකුත් ප්රතිසංස්කරණ ගෙන ආවද, 2019දී මයිකල් මේයර් විසින් ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට “Still ‘Ugly’ After All These Years- වසර ගණනාවකට පසුවත් අප තාමත් අවලස්සනයි” මැයෙන් ලියු ලිපියකින් පෙන්වා දී තිබුණේ ඇමරිකානු විදෙස් සේවය තවත් ලෙඩෙරර් සහ බර්ඩික් පැවසූ තැනින් ඔබ්බට විත් නොමැති බවයි. ප්රකාශයට පත්වී වසර හැට පහකට ආසන්න කාලයක් ගෙවී ගියද අදටත් මේ කෘතිය වලංගු වන්නේ එබැවිනි.
ඇමෙරිකානු ආධාර වූ ව්යාප්තීන්හි අරමුණු ද මෙම කෘතිය තුල දැඩිව විවේචනයට ලක් වී තිබේ. දශක 6-7 තිස්සේ ඇමෙරිකානු ආධාර ලැබූ බොහෝ රටවල් තාමත් පසුවනුයේ දරිද්රතාවයේ පහලම අඩියේ ය . (එයට හොඳම උදාහරණය ශ්රී ලංකාවයි) ජාතීන්ට ස්වාධීනත්වය සහ ආර්ථික සෞභාග්ය ඇතිකරගැනීමට ආධාර දීම වෙනුවට ඔවුන් තමන්ට අවනතභාවයේ රඳවා ගැනීම උදෙසා ඔවුන්ගේ පාලකයන්ට ලබාදුන් දොළපිදේනි වෙනුවෙන් අදටත් පීඩා වෙන ජාතීන් කොපමණද?”
“සර්කාන්හි වැසි සහිත කඳුකර පෙදෙස් වැසී ඇත්තේ සීඝ්රයෙන් වැඩෙන් සහ ඉතා ඝන තණකොළවලිනි. මෙම තණකොළ කෙතරම් රළු සහ එහි මූල ව්යුහය කෙතරම් සංකීර්ණ වීදියත්, වෙනත් යම් භෝග වගාවක් සඳහා භාවිතා කරනු පිණිස බිම සකස් කිරීමට ඒවා උගුල්ලා ඉවත් කිරීම ඉතා අසීරුය. කොල්වින් මෙම තණකොළ සාම්පලයක් පරීක්ෂණ සඳහා යවන ලදුව, එය ටෙක්සාස් හි සංවර්ධනය කරන ලද කෙටි පාද සහිත, කඩිසර ඉක්මනින් වර්ධනය වන ගව වර්ගයකගේ ආහාරය සඳහා යෝග්ය බව සොයා ගත්තේය.
සර්කාන් වැසියන්ට කිරි සහ එහි අතුරු නිෂ්පාදනය භාවිතාකිරීමට ඉගැන්විය හැකිනම් ,කිසි ලෙසකින් ප්රයෝජනයට ගත නොහැකි මෙකී භුමියේ ගව පාලනය සාර්ථක නොවන්නේ මන්ද?එසේම කිරි ආශ්රිත අතුරු නිෂ්පාදන සඳහා ආසියාවේ හොඳ වෙළඳ පොළක් ඇත.බටර් වලින් ගිතෙල් නිෂ්පාදනය කර ඉන්දියාවට අලෙවි කළ හැකි අතර,සර්කාන්හි ශිල්පින් සම් පදම් කර නිමි භාණ්ඩ බවට පත් කරනු ලබනු ඇත.
නමුත් මුලින්ම සර්කානුවන් කිරි වලට හුරු කළ යුතුව ඇත.
කොල්වින් මෙම කොටස තමා වෙතම පවරා ගත්තේය.ඔහු සර්කාන්හි පිටි කරන ලද කිරි විකුණුවේ ය. වසරකට පසු ටෙක්සාස් එළදෙනුන් පැමිණීමට පටන් ගත් විට, එය නැවුම් කිරි වෙළඳාමත් බවට හරවනු ලැබේ. ව්යාපාරය තහවුරු වී දුවන්නට ගත් පසු කොල්වින්, තම කොටස් විකුණා පිටව යාමට අදහස් කළේය.”

Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad

රු810.00
or 3 X රු270.00 with

Robert T Kiyosaki Sharon, L Lechter විසින් රචිත Rich Dad, poor Dad ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

MICHELLE OBAMA – මිෂෙල් ඔබමා

රු855.00
or 3 X රු285.00 with

ඇමරිකානු කළු රැජින හෙවත් මිෂෙල් ඔබාමා හුදෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ බිරිඳගේ කතාව නොවේ. ඇය නිතීඥවරියකි. ආදරණිය දියණියකි, මවකි, ධෛර්ය සහ ශක්තිය දුන් බිරිඳකි.

ඇය කියවීමෙන් ගැහැණියකට අභියෝගයන්ට, වි‌‌වේචනයන්ට මුහුණ දෙන ආකාරයත්, තම වෘත්තීය ජීවිතය සමගම පවුල් ජීවිතය ද පවුල් ජීවිතය සමග දේශපාලනය කටයුතු ද සමබර කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳ කදිම ආදර්ශක් ලබා ගත හැක.

Piyen Piyawara Nagen Mudunata – පියෙන් පියවර නැගෙන් මුදුනට

රු935.00
or 3 X රු311.67 with

සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.

SINGAPPURU KATHAWA – සිංගප්පුරු කතාව

රු1,080.00
or 3 X රු360.00 with

ශ‍්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.

මහාචාර්ය වෝල්ටර් මාරසිංහ

Thama Depayin Nagee Sitinnee Keseda – තම දෙපයින් නැගී සිටින්නේ කෙසේද

රු323.00
or 3 X රු107.67 with

වෙළද පලේ දී ඔබ පසුකොට ඉදිරියට ගොස් බඩු මිලට ගැනීම සදහා පොර වැදීමට ඔබ ඉඩ දෙන්නෙහිද ? ඔබට නොදෙන ඔබ නොකැමැති බඩු මිලට ගන්නයි පොලබවන වෙළද සේවකයාට ඔබ යට වන්නෙහිද එසේනම් ඔබ දෙපයින් නැගී සිටිය යුතු කාලය දැන් එලබ තිබේ

Vishishtathvayata Maga – විශිෂ්ටත්වයට මග

රු510.00
or 3 X රු170.00 with

අප තුල සිටින මහා යෝධයා අවදිකර ගැනීමට උපදෙස් දීම සදහා ඉදිරිපත් කරන ලදී

Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න

රු1,343.00
or 3 X රු447.67 with

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහණදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ එදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මඟ ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.එහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතය වෙනස් මඟකට යොමු කරවන්නකි.