Showing all 4 results
Fiction, Fiction
No regrets, Let’s Love!

සත්‍ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් අර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය. අපට ජීවත් වෙනවා යැයි හැඟෙන්නේ ද එවිට ය. කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.
ගඟ අද්දර | Ganga Addara

මේ ඔරුව හයිය නෑ නංගිවත් අරන් යන්න. මම ලොකු වෙලා හදන්නම්කෝ ඔරුවක්. එතකොට නංගිවත් අරන් එගොඩටම යන්න පුළුවන්……
ජයතිස්ස සහ රොස්ලින් | Jayathissa Saha Roslin

ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.
මොරියෝ ගීතය | Moriyo Geethaya

ඩෝරා කෙතරම් අනුකම්පාවෙන් ඔහු දෙස බලා සිටියද ඇගේ ඇස්වල ඇති සරාගී බව දැඩිව ඉස්මතු වේ. ලියෝ ඇයගේ ඇස් දෙසත්, කැරලි කොන්ඩය දෙසත් වේදනාව මැදින් මඳ වේලාවක් බලා සිටියේය. මොහොතකින් ඔවුනොවුන් කොටු පවුර මත ගෙවුණු ඒ සොඳුරු මොහොතට දෙදෙනාගේම මතකයන් ගෙන ගියේය.
මොරියෝව සිසාරා හමා ආ ඒ සීතල සුළඟේ ලෙළදුණු කෙහෙරැලි ඇගේ මුව මත දඟ කළ ආකාරය ලියෝට සිහි විය. සිදුවන්නට යන දේ සිතාගත නොහැකිව සිටි ලියෝ සියලු භීතිය මඳකට අතහැර දමා සිසිල් සුළඟට ඒ මේ අත දඟ කළ ඩෝරාගේ කෙහෙරැලි හිසේ පිටුපසට සිටින සේ ඇඟිලි තුඩුවලින් ගොනුකර තැබුවේය. ඉන්පසු දෑතින්ම ඇගේ දෙකම්මුල් අල්ලා ඔහු වෙතට ළං කරගත් ඒ උණුසුම ඩෝරාටද සිහි විය. රජ බිසවකගේ දෙතොල් කුළුඳුලේ සිප ගැනීමට තරම් ඈත කූනීස් දේශයේ වෙළද පවුලක කඩවසම් පුතෙකුට හැකි වීම පුදුමයකි. කෙසේ වෙතත් ඩෝරා ඔහුව විශේෂ කර සැලකීමට හේතුව ලියෝටද තවමත් අබිරහසකි.