Showing the single result
Fiction, Literray, සිංහල-Sinhala
ආකාස සූත්‍රය | Akasa Suthraya
or 3 X රු330.00 with 

මේක දූවිලි අංශුවක කතාවක්.
දූවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහ පොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ.
ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ. මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා.
කඳු, හෙල්, නිම්න පසුකරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහ පොළොවේ ජීවිතය ගැන දූවිලි අංශුව දන්නවා.
ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා.
මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහපොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා.
ළඟින් ඉන්න කොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා.
“ආකාස සූත්‍රය ” කියන්නේ අහසේ සැරිසරන දූවිලි අංශුවකට පෙනෙන මහපොළොවේ ජීවිතයේ කතාවයි.