Showing all 3 results
Price
Science Fiction
Minisa sadata giya kathawa | මිනිසා සදට ගිය කතාව

මිනිසා ප්‍රථම වරට සඳ මත පා තැබීමට වසර 50 සපිරීම සැමරෙන මේ පොත, මිනිසා සඳට ගිය කතාව යනුවෙන් නම් කරනු ලැබුවද, මෙය චන්ද්‍රයා වටා නූතනයෙහි ගොඩනැගුණු සංස්කෘතිය පිළිබඳ විශ්ව කෝෂයක් බඳු නිර්මාණයක් වෙයි. සඳ පිළිබඳවත්, එහි යැවූ විවිධ යානා හා අභ්‍යාවකාශගාමීන පිලිබඳවත්, ඇපලෝ යානාවල විසිතුරු ගමන් පිළිබඳවත්, සිංහල පාඨකයාට දැනගන්නට නොලැබෙන තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ. රමණීය බසකින් රචිත හෙයින් පාඨකයින්ට විද්‍යාත්මක කරුණු පිළිබඳව වුවද හොඳ අවබෝධයක් නිරායාසයෙන් ලබාගත හැකි වේ. දිගටම කියවාගෙන යාමට පොළඹවන ආකර්ෂණීය වස්තු වින්‍යාසයකින් පොහොසත් වීම මෙහි තවත් විශේෂත්වයකි. අප්‍රකට ඡායාරූප සිය ගණනකින් අලංකෘත වන හෙයින් මෙම විෂය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීමට මේ පොත සමත් වෙයි. මේ විෂය පිළිබඳව සිංහලෙන් ලියැවුණු අනර්ඝම කෘතිය මෙය බව විශේෂයෙන් සඳහන් කළ හැකිය.
මිනිසා සඳට ගිය කතාව පොතේ කතුවරයා උපාලි ජයසිංහ, කොළඔ විශ්ව විද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියද, භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, එංගලන්තයේ මෙට්රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව ඉංජිනේරු උපාධියක්ද හිමිකරගෙන ඇති විද්‍යාර්ථියෙකි. තවද ඔහු විද්‍යා අධ්‍යාපනයට අමතරව කලා ක්ෂේත්‍ර කීපයකම උපාධි ලබා ඇති විද්වතෙකි. නව දැනුම සෙවීමට සිය ජීවිත කාලයම කැපකරන උපාලි ජයසිංහ එම දැනුම අන්‍යයන් වෙත බෙදාදීමටද නොමසුරුව කටයුතු කරයි. ඔහු පාසල් ගුරුවරයකු වශයෙන්ද, විදුහල්පතිවරයෙකු වශයෙන්ද විශ්ව විද්‍යාල බාහිර උපාලි ජයසිංහ කථිකාචාර්ය වරයෙකු වශයෙන්ද, ගුරු පුහුණු උපදේශක වරයෙකු වශයෙන්ද, විෂය මාලා ප්‍රවර්ධකයෙකු වශයෙන්ද ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල් කීපයකම සේවය කොට ඇත. ඊට අමතරව පරිගණක ඉංජිනේරුවෙකු වශයෙන් විවිධ ක්ෂේත්‍ර වලට ඔහුගේ දායකත්වය ලබා දී ඇත. ශ්‍රී ලංකාවට පරිගණක අධ්‍යාපනය හඳුන්වා දුන් මුල් යුගයේ, පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේ නියමුවෙකු ලෙස කටයුතු කළ, ඇබකස් පරිගණක තාක්ෂණ පීඨයේ සභාපතිවරයා වශයෙන්ද ඔහු කටයුතු කළේය. තාරකා භෞතික විද්‍යාව හා අභ්‍යවකාශ තාක්ෂණය කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයයි. ඔහු එම ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතුවල නිරතව පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත්කොට ඇත. තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ඔහු විසින් පවත්වන ලද දීර්ඝකාලීන ගුවන් විදුලි කතා මාලාව, අසන්නන් අතර ඉමහත් ප්‍රසාදයට පත්විය. කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයෙන් ලියැවුණු ඔහුගේ මෙම ප්‍රථම ග්‍රන්ථය, පාඨකයා වෙත ගෞරවාදරයෙන් පිරිනමනු ලබන වගයි.
Journey to the Moon
– මහාචාර්ය අනුර වික්‍රමසිංහ
Sherlock Holmes Wikramanwitha Athdakeem | වික්‍රමාන්විත අත්දැකීම්

එක්ස් | X

මේ අතරවාරයේ.. …
විල්කින්ස් චීන්නුන්ට ශාප කළේය. එවිටම මොකක් දෝ මහා වෙනසක් ඔහුගේ ගතට දැනුණි. සියල්ල සිදු වූයේ එක්වරම බැවින්, ඔහුට සිය දර්ශණ පථය සෙමෙන් ධාවනය වන සිනමා පටයක් මෙන් මැවී පෙනුණි.
යානය තුළ දැනුණු බර ගැන හැඟීම පහව ගොස් සැණෙකින් ඔහුට ශූන්‍ය ගුරුත්වය දැනෙන්නට විය. ඉන්පසු, එවිටම, ඔහුට සිය යානය මෙන්ම, ඔහුගේ හිස හරවමින් බැලූ බැලූ අත ගමන් කරමින් තිබුණු සියලුම යානා ද, වැහි පොද සේ පහළට ඇද හැළෙන අයුරු දිස් වූයේය… පෙනෙනෙ පෙනෙන අත සියලුම ගොඩනැගිලි, වැලි මාලිගාමෙන් දුහුවිලි නංවමින් පහළට කඩා හැළෙන අයුරු, සිය ඇස් අදහාගත නොහැකිව හේ බලා
සිටියේය.
ඉක්බිතිව ඔහුගේ ලෝකය එකවරම කළුවර විය.