Showing the single result

History, Other, සංග්‍රාම - War, සත්‍ය සිදුවීම් - True Events

1981 යාපනය ගිනිලෑම | 1981 Yapanaya Ginilama

රු720.00
or 3 X රු240.00 with

දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි. අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත.

නන්දන වීරරත්න, පුරෝගාමි ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. යුද පුවත් වාර්තාකරුවෙකි. වාර්තා චිත්‍රපටකරුවෙකි. ඔහු සතිඅග අරුණ, මව්බිම, රාවය, නියමුවා, සීනුව හා කම්කරු මාවත ඇතුළු පුවත්පත් ගණනාවකට ගවේෂණාත්මක වාර්තා හා විශේෂාංග රචනා කළේය. ලෝක පුවත් සේවයක් වන බිබිසී හි සංදේශය ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකයෙකු ද විය.