Showing 1–24 of 58 results

History

71 Karalla Yapanaya | 71 කැරැල්ල යාපනය

රු1,600.00
or 3 X රු533.33 with

71 කැරැල්ලේදී එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවීර මුදා ගැනීම උදෙසා ප්‍රහාර මාලාවක් දියත් කෙරෙයි.

ඒ සඳහා සක්‍රීය ව දායක වූ දස දෙනක් සිය අත්දැකීම් මෙම ග්‍රන්ථයට අකුරු කරති.

අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද හැමන්හීල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරිමේ දී ද අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවීම් සමුදාය එමගින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි.

නූතන පාඨකයාට එදා පසුබිම සමීප කරවනු වස් විවිධ මුලාශ්‍ර ඇසුරින් සැකසූ ලේඛන සංඛ්‍යා දත්ත හා ඡායාරූප ඇතුළත් මාහැඟි පරිශිෂ්ටයකින් කෘතිය විස්තාරණය වෙයි.

එනයින් කුතුහලාත්මක පාඨකයා ද ප්‍රබන්ධ සාහිත්‍ය රසිකයා ද
සමාජ දේශපාලන ක්‍රියාකාරිකයා ද, ශාස්ත්‍ර ගවේෂී පරිශීලකයා ද එක සේ කෘතිය වෙත ඇද බැඳ ගනියි.

Doily Dutu Udarata – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

රු382.50
or 3 X රු127.50 with

ජෝන් ඩොයිලි ලියන ලද උඩරට සමාජ සංස්ථාවේ ඉතිහාසය, සිරිත්-විරිත්, නීති-රීති, අභිචාර විධි ගැඹුරු නිරීක්ෂනයට ලක්කෙරෙන ග්‍රන්ථයකි.

Eliyakanda Wada Kandawura(K.Point)|එළියකන්ද වධ කඳවුර (කේ.පොයින්ට්)

රු765.00
or 3 X රු255.00 with

රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුදහමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය. බුස්ස රැඳවුම් කඳවුර කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය.

හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වූ සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහාම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) ද සියල්ල හෙළිදරව් කළේය.

එළියකන්ද වධ කඳවුර නම් වූ ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භීෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ඡේදයේ දී හමුදා කඳවුර තුළ ද වධකාගාර තුළ ද සිදු වූ අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වූ දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්‍රහයකි.

ප්‍රසන්න ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්‍යාත්මය, මේ ග්‍රන්ථය වෙතින් ද දැකිය හැකිය.

Minisa sadata giya kathawa | මිනිසා සදට ගිය කතාව

රු1,620.00
or 3 X රු540.00 with

මිනිසා ප්‍රථම වරට සඳ මත පා තැබීමට වසර 50 සපිරීම සැමරෙන මේ පොත, මිනිසා සඳට ගිය කතාව යනුවෙන් නම් කරනු ලැබුවද, මෙය චන්ද්‍රයා වටා නූතනයෙහි ගොඩනැගුණු සංස්කෘතිය පිළිබඳ විශ්ව කෝෂයක් බඳු නිර්මාණයක් වෙයි. සඳ පිළිබඳවත්, එහි යැවූ විවිධ යානා හා අභ්‍යාවකාශගාමීන පිලිබඳවත්, ඇපලෝ යානාවල විසිතුරු ගමන් පිළිබඳවත්, සිංහල පාඨකයාට දැනගන්නට නොලැබෙන තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ. රමණීය බසකින් රචිත හෙයින් පාඨකයින්ට විද්‍යාත්මක කරුණු පිළිබඳව වුවද හොඳ අවබෝධයක් නිරායාසයෙන් ලබාගත හැකි වේ. දිගටම කියවාගෙන යාමට පොළඹවන ආකර්ෂණීය වස්තු වින්‍යාසයකින් පොහොසත් වීම මෙහි තවත් විශේෂත්වයකි. අප්‍රකට ඡායාරූප සිය ගණනකින් අලංකෘත වන හෙයින් මෙම විෂය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීමට මේ පොත සමත් වෙයි. මේ විෂය පිළිබඳව සිංහලෙන් ලියැවුණු අනර්ඝම කෘතිය මෙය බව විශේෂයෙන් සඳහන් කළ හැකිය.

මිනිසා සඳට ගිය කතාව පොතේ කතුවරයා උපාලි ජයසිංහ, කොළඔ විශ්ව විද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියද, භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියද, එංගලන්තයේ මෙට්රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව ඉංජිනේරු උපාධියක්ද හිමිකරගෙන ඇති විද්‍යාර්ථියෙකි. තවද ඔහු විද්‍යා අධ්‍යාපනයට අමතරව කලා ක්ෂේත්‍ර කීපයකම උපාධි ලබා ඇති විද්වතෙකි. නව දැනුම සෙවීමට සිය ජීවිත කාලයම කැපකරන උපාලි ජයසිංහ එම දැනුම අන්‍යයන් වෙත බෙදාදීමටද නොමසුරුව කටයුතු කරයි. ඔහු පාසල් ගුරුවරයකු වශයෙන්ද, විදුහල්පතිවරයෙකු වශයෙන්ද විශ්ව විද්‍යාල බාහිර උපාලි ජයසිංහ කථිකාචාර්ය වරයෙකු වශයෙන්ද, ගුරු පුහුණු උපදේශක වරයෙකු වශයෙන්ද, විෂය මාලා ප්‍රවර්ධකයෙකු වශයෙන්ද ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල් කීපයකම සේවය කොට ඇත. ඊට අමතරව පරිගණක ඉංජිනේරුවෙකු වශයෙන් විවිධ ක්ෂේත්‍ර වලට ඔහුගේ දායකත්වය ලබා දී ඇත. ශ්‍රී ලංකාවට පරිගණක අධ්‍යාපනය හඳුන්වා දුන් මුල් යුගයේ, පරිගණක අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේ නියමුවෙකු ලෙස කටයුතු කළ, ඇබකස් පරිගණක තාක්ෂණ පීඨයේ සභාපතිවරයා වශයෙන්ද ඔහු කටයුතු කළේය. තාරකා භෞතික විද්‍යාව හා අභ්‍යවකාශ තාක්ෂණය කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයයි. ඔහු එම ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතුවල නිරතව පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත්කොට ඇත. තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ඔහු විසින් පවත්වන ලද දීර්ඝකාලීන ගුවන් විදුලි කතා මාලාව, අසන්නන් අතර ඉමහත් ප්‍රසාදයට පත්විය. කතුවරයාගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍රයෙන් ලියැවුණු ඔහුගේ මෙම ප්‍රථම ග්‍රන්ථය, පාඨකයා වෙත ගෞරවාදරයෙන් පිරිනමනු ලබන වගයි.

Journey to the Moon

– මහාචාර්ය අනුර වික්‍රමසිංහ

 

My Journey with the Commando Regiment

රු1,350.00
or 3 X රු450.00 with

By writing this book, Sunil has recorder an important piece of Army history.The commando regiment provides powerfull insight in to the theories,strategies,and tactics that were fundamental to the role, formation and operation of the commandos, a distinct group whose performance on the battle field would prove to be a turning point for the Sri Lanka Army’s battle strategy.

Padu Aba | පඩු අබා

රු378.00
or 3 X රු126.00 with

පෙරවදන

ඉතිහාසය කියන්නේ මානව ශිෂ්ටාචාරයේ උරුමය. ඒක අතීත උරුමයක් නෙමෙයි අනාගත උරුමයක්.

නමුත් සනීභූත මේ ඉතිහාසය ලියැවී ඇති තැන්වලින් පෙළින් පෙළ කණින්න වෙනවා. ඒ වගේම නටඹුන්ව ඇති බිම් පෙදෙස් සළකුණු හොයමින් තව තවත් කණින්න වෙනවා. පාවිච්චි වෙන බස ඇතුළෙන් වදනින් වදන කණින්න වෙනවා චර්යා ජනශ්‍රැති ඇතුළෙන් තේරුම් හොයමින් තණින්න වෙනවා. ඉතිහාසය සැබවින් දිගහැරෙන්නේ මේ සියලු මංපෙත් එකට කණින කල පමණයි.

ඒ වගේම ඒ කැණීමේදී අපේ දෘදෘෂ්ඨිවාදයන් ඇතුළෙනුත් කණින්න

සිද්ධ වෙනවා. අපි දරණ මතිමතාන්තර අතර ගැටෙමින් කණින්න

සිද්ධ වෙනවා. අපේ වර්තමානය ඇතුළෙන් ගැඹුරට කණින්න සිද්ධ

වෙනවා.

ඉතිහාසය කියන්නෙ අතීතය නෙමෙයි. අනාගතයෙ ඉඳන් අතීතය කියවන ආකාරයයි.

අවාසනාවට ලංකාවේ අපිට මුණ ගැහෙන්නේ අතීතකාමීව අතීතය මතම වැළලෙන ඉතිහාස කියවීමක්. ඒ වෙනුවට අපි වර්තමානයේ දරණ අදහස්වල ඉතිහාසය සොයාගෙන ගියොත් අපිට මුණගැහෙනවා අනාගතය දක්වා වැටෙන ඉතිහාසයේ මාවතක්.

අපිට කියා දුන් රේඛීය ඉතිහාසයේ බොහෝ මංපෙත් වහලා දාලා තියෙනවා. සමහර විට මහාවංශයේ ලියවුණු තැන් පවා වසන් කරමින් ඉතිහාස කියවීම කරනවා. ඒ හැම වසන් කිරීමක් පිටුපසම දේශපාලනයක් තියෙනවා.

අපි අපේ පැරණි ඉතිහාසය කියවීමේදී ඒ රජවරුන්, බිසෝවරුන්, යක්ෂ, නාග, රාක්ෂ ආදී මිනිසුන් ආලය කළ හැටි, ශෘංගාරය විඳි හැටි, හැගීම් මත මෙහෙයවුණු හැටි අමතක කරනවා. ප්‍රකට ඉතිහාස සියවීමේදී අපිට මුණගැහෙන්නේ සෙ රණය කළ අතීතයක කාඩ්බෝඩ් මිනිස්සු.

නමුත් ශෘංගාර වංශයක කතාවක් වූ අපේ ඉතිහාසයෙන් සෙක්ස් ඉවත් වෙන්නේ අහම්බ මග හැරීමක් නිසා නෙමෙයි. ඒ වික්ටෝරියානු සහ ඉනුත් ඔබ්බට බ්‍රාහ්මණ දෘෂ්ටිවාදයන් කරන බලපෑමේ තරම කිසයි. අපි ඒ අභීත මිනිස්සුන්ගේ ජීවිත අපේ සදාචාරයෙන් කප්පාදු කරනවා.

සුජිත් අක්කරවත්ත එක ඉතිහාසයේ පරිච්ඡේද අතර ඇවිදින්න.

බුද්ධ ඉඩක් ලැබෙන්නෙ චරිත දිසානායක පටන් ගත්ත ව්‍යාපෘතියක්

හින්ද, ඒ ව්‍යාපෘතිය අතරමග නතර වෙනවා. ඒත් සුජිත් ඒ කියපු

ඉතිහාස කථා දිගින් දිගටම මට මතක් වෙනවා, ඒ ඉතිහාසයේ ඇතැම් පරිච්ඡේද සුජිත් එයාගෙ පොත්වල ලියනවා,

අපේ ජාන වංශයේ ඉතිහාසය පිළිවෙලින් සටහන් තැබූ ග්‍රන්ථයක් ගැටියෙන් අපිට උරුම වෙලා තියෙන මනා වංශය සුජින්ගේ අපූර්ව ඒක ශාස්ත්‍රීය, සාහිත්‍යමය හෝ විධිමත් එකක් කරනවා වෙනුවට කයිවාරුවක නිදහස ඇතුව, සීමා බැමි නැතුව, දිගින් දිගට කරගෙන යන වීඩියෝ පච්ජේද විදිහට සටහන් තැබීම ආරම්භ වෙන්නේ ඒ ආශාව නිසයි.

මේ පරිච්ඡේද අතර අපිට විවිධ රජවරුන් මුණගැහෙනවා. ද රජවරුන් විසින් කළ සුවිශේෂ දේ ඇසුරින් ඔවුන්ගේ සුවිශේෂ සිතීම මුණගැහෙනවා. ඒ දේවල් වර්තමානයේ අපි අත්විඳින තත්ව සමග අපූර්ව විදිහට සමපාත වෙනවා. මේ නිසා අපි තීරණය කළා මේ රජවරුන්ගේ පරිච්ඡේදයන් වෙන වෙනම් පොත් හැටියෙනුත් පළ කරන්න, වීඩියෝවක් නොබැලෙන අය අතරත් කතාබහ ඇති කරන්න.

මෙහි පළමු වෑයම විදිහට පණ්ඩුකාභය නොහොත් පඬුඅබා සිද්ධ වෙන්නෙ එහෙමයි. පණ්ඩුකාභය විසින් නිර්මාණය කළ අනුරාධපුර රාජ්‍යය අපි නැවත නැවත හැදෑරිය යුතු එකක්. විවිධත්වයට ඒ රාජයේ ඇතුලෙ දුන් ඉඩ විශ්මිතයි. කිසිවෙක් පිටමං නොවන රාජ්‍යයක් සියල්ලන් ඇතුළත් වෙන රාජ්‍යයක් පණ්ඩුකාභයට නිර්මාණය කරත්ත

අවශ්‍ය වෙනවා. එයා කාමයේ හැසිරෙනු පිණිස රාග දොවොලක් තනනවා. එහි විවෘතව එළි මහනේ රති කෙළියේ යෙදෙනවා. ලිංගයන් සහ යෝනි වන්දනාමාන කරනවා.

සියලු තොටමුන හරහා ලෝකයට විවෘත වෙළඳ පොලක් නිර්මාණය කරනවා බටහිර ග්‍රීසියෙන් පවා අපේ නගර සභාවලට නියෝජිතයන් පත් වෙනවා. අනුරාධපුරය ලෝක නගරයක් ලෙස නිර්මාණය කරනවා.

සිංහ. ශාක්‍ය, යක්ෂ සියලු ජාන මුහුව තැනෙන පඬු අබා ලංකා ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් වෙනවා.

අපි අද අනුරාධපුරය කියලා දකින්නෙ පණ්ඩුකාභය විසින් නිර්මාණය කළ සියලු මිනිසුන්, සංස්කෘතීන් එකට මුහුවුණු. මේ මහා ගෝලීය නගරය නෙමෙයි. ඒ ලොතික නගරය යටපත් කරමින් ඉදිවුණු, ඒ මහා මිනිස් සංස්කෘතිය පූජා නගරයක් දක්වා පටු කළ වියළි නගරයක්. ඉතින් සුජිත් අක්කරවත්ත එක්ක අපි ඇත්තටම් කරන්නේ අනුරාධපුරයේ මේ ලෞකික නගරය යළි කැණීමක්.

චින්තන ධර්මදාස

Sabhyathwa Rajya | සභ්‍යත්ව රාජ්‍ය

රු1,080.00
or 3 X රු360.00 with

නූතන විද්වතුන් අතර ගැඹුරු හා පුළුල් සංවාදයට ලක්වූ මාතෘකාවක් වන ‘ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය පිළිබඳ නවතම විවරණයක් මෙම කෘතියේ අඩංගු වේ.

සහාත්ව රාජ්‍ය ආදී බෞද්ධ ආණ්ඩුක්‍රම සංකල්පයක්ය යන වඩාත්ම නවත මතයක් මෙම කෘතිය තුළින් එහි කතුවර බන්දුපාල ගුරුගේ මහතා ඉදිරිපත් කරයි.

ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව තුළදී සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය කරළියට රැගෙන ආවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසිනි. ඉන් අනතුරුව මෙම සංකල්පය සඳහා බිහි වූ වඩාත්ම විචාරාත්මක කෘතිය මෙය වේ.

මනුෂ්‍යයාගේ මනස කෙළවරක් නැති ධන තෘෂ්ණාවෙන් අවුල්කර අහේතුකව ඔවුනොවුන් මරා ගන්නා ශෝකාන්තය කෙළවර කර ගැනීමේ මග පැදි ඇත්තේ, සිය සභ්‍යත්ව රාජ්‍යය තුළිනැයි යන මතය කතුවරයා විසින් වඩාත් විද්‍යාත්මක හා දාර්ශනික පසු බිමක් සහිතව පුළුල් විමසුමකට හසු කරයි.

Sapiens – සේපියන්ලා

රු1,620.00
or 3 X රු540.00 with

Sri Lankawa : Ithihasaye Sabyathwaya | ශ්‍රී ලංකාව : ඉතිහාසයේ සභ්‍යත්වය

රු400.00
or 3 X රු133.33 with
මෙම කෘතිය ලංකාව ජනාවාස වීම ආරම්භ වීමේ සිට 1948 නිදහස ලැබීම දක්වා වන දර්ඝ කාලපරිච්ඡේදය තුළ ලංකාවේ සමාජ දේශපාලනයේ සිදුවූ පරිණාමය අළලා ලියන ලද්දකි. ඒ අනුව එය පූර්ව නූතන යුගය හා නූතන යුගයේ සියවසක් තරම් කාල පරිච්ඡේදයක් අළලා සමාජ දේශපාලනයේ ඇති වූ පරිණාමය හා එහි ගතික ලක්ෂණ අළලා ලියවුණු පොතක් වශයෙන් සැලකිය හැකිය.