Showing 25–48 of 58 results

History

අර්ධ/ arda

රු360.00
or 3 X රු120.00 with

ඇඩොල්ෆ් හිට්ලර් | Adolf Hitler

රු585.00
or 3 X රු195.00 with

අවසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශ්වයේ යුද ජයග්‍රහණයත් උත්සවාකාරයෙන් වාර්තා කළේය. ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපා විය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු වූ අයද වූහ. සිය දිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය දක්වාම ඔහුගේ සේවය අත් නොහැර ගිය කාර්යාලයීය ලේකම්වරියක් සඳහන් කරයි. කෙසේ වුව ඒ තත්ත්වය ගොඩනැගෙන්නේ සිය සේනාධිනායකයන්ගේ පසුගාමී හැසිරීම් සහ පාවාදීම් හමුවේය යන්න හිට්ලර්ගේම පිළිගැනීම විය. ඉරණම විසින් තමාගේ ගමන තීන්දු කොට ඇතැයි ජර්මානු ආඥාදායකයා සිය කාර්යාලයීය ලේකම්වරිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව | October rusiyanu viplawaye kathawa

රු1,266.50
or 3 X රු422.17 with

1917 යනු වික්‍රමාන්විත ක්‍රියා, අපේක්ෂා, ද්‍රෝහිකම්, ඇදහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග, අභීත භාවය, බියගුලුකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි; එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි; එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවණැලිවල යුගයකි; එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.

රුසියානු විප්ලවය ගැන අප කෙතෙක් නම් පොත් කියවා තිබේ ද? එසේ වුව ද ඒ විවාදාත්මක සිදුවීම් ජාලය පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂී එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුලු ද එළිය කරමින්, ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව විස්තර කරන නිසාම පමණක් නොවේ. ඒ සිදුවීම් මාලාව ශූර නවකථාකරුවකුගෙන් පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයට පාඨක කුතුහලය ද අවුළුවමින් ඔහු ගොනු කරන විලාසය ද නිසාය. කුඩා දිය සීරාවක් ලෙස ඇරඹි ඔක්තෝබර් විප්ලවය නමැති මහෝඝය ඇළ, දොළ, දියකඳුරු, අතු ගංගා එකතු කර ගනිමින්, වන වදුලු, තුරු වදුලු, තැනි බිම් මැදින්, ගල් පර මතින් ගලා යන රඟ, අප හමුවේ නාටකීය ලෙසින් ඉදිරිපත් කරන ප්‍රබුද්ධ ශෛලිය ද නිසාය.

කන්නකී හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත් වීරමුණ්ඩ | Kannaki hewath paththini saha kowalan hewath weeramunda

රු1,800.00
or 3 X රු600.00 with

මුද්‍රා නාට්‍ය ශිල්පියෙකු, ජනකලා පර්යේෂකයෙකු, සාහිත්‍ය සම්මාන ලාභී ලේඛකයෙකු, නළුවෙකු, ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු ද වන සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායකයන්ගේ අඩසියවසන වේදිනා සත්‍රප්තිය වෙනුවෙන් ජනගත කෙරෙන “කන්නකි හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත් වීරමුණ්ඩ ” කෘතිය වූ කලි නූතන ව්‍යවහාරයේ පත්තිනි දේවිය සහ වීරමුණ්ඩ දෙවියන් යනු දෙමළ මහා කාව්‍යයක් වූ සීලප්පදිකාරම් ග්‍රන්ථයේ සඳහන් කන්නකී සහ කෝවලන් යුවළ බව සාහිත්‍යමය මූලාශ්‍රය මගින් සහේතුකව සනාථ කෙරෙන පර්යේෂණ ග්‍රන්ථයකි.

ග්‍රන්ථයේ කතුවර සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක වූ කලී ශ්‍රී ලංකාවේ සකලවිධ ලලිත කලාවේදී (BFA) උපාධිධරයන් අතර ප්‍රථම පන්ති සාමථ්‍යයක් ලබාගත් ලලිත කලාවේදී උපාධිධරයා වීමත් ලංකාවේ හෝ විදේශයක දී පර්යේෂණ නිබන්ධයක් සඳහා ශාස්ත්‍රපති (MA) උපාධියක් ලබා ගත් ප්‍රථම ලලිත කලාවේදී උපාධිධරයා වීමත්, දර්ශනසූරි (Ph.D) උපාධිය ලත් ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තන ශිල්පියා වීමත්, උඩරට නර්තන කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරය ලත් ලංකාවේ ප්‍රථම හා එකම වෘත්තීය නර්තන ශිල්පියා වීමත් නර්තන කලාව හා තදනුබද්ධ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ කෘති විශාල සංඛ්‍යාවක් රචනා කර ඇති සුවිශේෂ ආචාර්යවරයෙකි. ඔහුගේ නවතම පර්යේෂණ ග්‍රන්ථය මෙය යි.

කමාන්ඩෝ පියසටහන් | Commando Piyasatahan

රු1,080.00
or 3 X රු360.00 with

ලුතිනන කර්නල් සුනිල් පීරිස් ගේ කමාන්ඩෝ අත්දැකීම් තුළින් ලියැවී ඇති මෙම කෘතිය කොමාන්ඩෝ බලකාය පිළිබඳ ලේඛනයක් පමණක් නොව යුධ හමුදා ඉතිහාසයට එක් වූ නව දැනුම් සම්භාරයකි. මෙය යුධ කලාව අධ්‍යයනය කරන්නෙකුට මෙන්ම හමුදා ඉතිහාසඥයෙකුට ද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන් හට ද එක සේ වටිනා කියවුමකි. සමාජයේ ඕනෑම අයෙකු පරිශීලනය කළ යුතු නිර්මාණයකි.

තිස් වසරක දේශපාලනයෙන් බිදක් ( වෙළුම 1 ) | This Wasaraka Deshapalanayen Bindak Vol 1

රු360.00
or 3 X රු120.00 with

ටී අන්ද්‍රාදි මහතාගේ 1964 සිට 1994 දක්වා වූ දේශපාලන ජිවිතයේ අත්දැකීම් ඇසුරින් ලියවී ඇත. මෙය පෞද්ගලික අත්දැකීම් පෙළක් වුවත් ලංකා දේශපාලන ඉතිහාසය මතින් ඇවිද යාමක් බදුය. 

නෙල්සන් මැන්ඩෙලා | Nelson Mandela

රු711.00
or 3 X රු237.00 with

නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා ය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්වීතිය මානවවාදියෙකු ලෙසය. වාර්ගික, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චර්තාපදානය කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ.

ප්‍රභාකරන්ගේ සිහින රාජ්‍යය | Prabhakarange Sihina Rajyaya

රු855.00
or 3 X රු285.00 with
ශ්‍රී ලංකාවේ හිටපු පොලිස්පති, ආචාර්ය මහින්ද බාලසූරිය එල්.ටී.ටී.ඊ. යේ ආරම්භය, ප්‍රවර්ධනය සහ විනාශය පිළිබඳව මේ දක්වා කළ අධ්‍යයනයක්, පොතක් වශයෙන් රචනා කර ඇත. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දීර්ඝ සේවා කාලයක් ඇති රාජ්‍ය සේවකයෙක් වශයෙන් ඔහු එල්.ටී.ටී.ඊ. ය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට හොඳින් සුදුසුකම් ලද්දෙකි. යුද්ධාවතීර්ණ සංවිධානයක් සහ රජය අතර පවත්වනු ලැබූ අසාර්ථක සාකච්ඡා පිළිබඳව ඔහුගේ විග්‍රහයන් තුළින් වැදගත් තොරතුරු සැපයේ. ඔහු විසින් කරනු ලබන විස්තරයට මෙම රහස් කණ්ඩායමේ සංවිධානාත්මක ව්‍යුහය සහ අභ්‍යන්තර ක්‍රියාකාරකම් පිළිබඳව මෙතෙක් හෙළිදරවු නොවූ තොරතුරු ඇතුළත් වෙයි. ඒ අයුරින්, ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අනනුකරණ විස්තරයක් එයින් සැපයේ. ඒ ආකාරයට පර්යේෂණය පිළිබඳව වැදගත් ඉදිරි ගමනක් එයින් ස්ථාපිත වෙයි. එල්.ටී.ටී.ඊ. ය පිළිබඳව තීරණාත්මක අධ්‍යයනයක් ලෙස එම ග්‍රන්ථය දීර්ඝ කාලයක් පවතිනු ඇත.

බෞද්ධ සංස්කෘතික කොල්ලය | Baudda sanskruthika kollaya

රු810.00
or 3 X රු270.00 with

ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණා පථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති.

මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්යයකි. ගජබා රජුගේ මිතුරකු වූ කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ ‘කන්නම්’, අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදි තෙරේ. ‘තාරා’ (අම්මා) වන්දනාව ලෙස ලංකාවේ ප්‍රචලිත වූ කන්නගි පිදීම, සින්දු බමුණන් විසින් ‘පත්තිනි’ වන්දනාවට පර්වර්තනය කළ ආකාරය මෙහි පැහැදිව කෙරේ.

අතීතයේ පටන් රජුන් සැදූ ආගම් බෞද්ධ උරුමයන් කොල්ල අනුරු පැහැදිලි කරන කෘතිය, යුරෝපා උගතුන් විසින් පෙරදිග මතු නොව ලෝක ඉතිහාසය පිළිබඳව ද සාවද්‍ය මතවාද ‘සත්‍ය’ ඉතිහාසය නමින් ස්ථාපිත කළ අසුරු පෙන්වා දෙයි.

යුරෝපීය ආක්‍රමණ වලින් පසු, කේරළය ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිස්තියාවේ පුන්නය වූයේ ය. ඒ ඉන්දියාවෙන් වෙන් වූ ස්වාධීන රටක් කිරීමට යම් පිරිසකට වුව වූ නමුදු ඉන්දීය මධ්‍ය ආණ්ඩුව විසින් වී උපාය වළක්වන ලදි. කේරළයේ පරිදි ආ යොදාගනිමින් ලංකාව ක්‍රිස්තියානි රටක් බවට පත් කිරීමට උත්සාහයක් සීමේ වර්තමානයේ තමල්නාඩුව ලංකාව ගිල ගැනීමට උත්සාහ දරන්නේ චෝලයන් විසින් කොල්ල කන ලද දකුණු ඉන්දියානු බෞද්ධයන්ගේ ප්‍රධාන භාෂාවක් වූ දෙමළ භාෂාවේ ආධිපත්‍යය භාවිත කරමිනි. කේරළය හරහා ලංකාවට රිංගූ විමුක්ති දේවධර්මය’ පදනම් කරගෙන බිහි වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතන උත්සාහයන් යට සැඟව තිබුණු ආගමික දේශපාලන අරමුණු පැහැදිලි කරන මේ කෘතිය, වර්තමාන ලංකාවේ සිදු වන බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ද පාඨකයා දැනුවත් කරයි.

භීශනයට පෙම් බැදි උතුරේ චණ්ඩි | Bhishanayata pembadi Uthure Chandi

රු675.00
or 3 X රු225.00 with
සෑම සංග්‍රාමයකින්ම වීරයින් මෙන්ම පරාජිතයින්ද බිහිවන අතර, ඔවුන් ගැන මතවාදයන් ඇති කිරීම ජනමාධ්‍ය තුළ නිබඳව සිදු වේ. දීර්ඝකාලීන යුද්ධය හරහා මතුවෙන ප්‍රවාදයක් මත වීරයින් හෝ පරාජිතයින්ගේ ප්‍රතිරූප ගොඩනැගීමේ කාර්යය නොකර සිටීමට ලේඛකයින් ප්‍රවේශම් විය යුතුය.
මෙම පොතෙන් දශක තුනක් තිස්සේ පැවති යුද්ධයේ මුල් යුගයේ සිදුවීම් හා වර්තමාන සිදුවීම් එකිනෙක ගලපා ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි.

මහාවංශය / mahawanshaya

රු3,375.00
or 3 X රු1,125.00 with

යක්ෂි | Yakshi

රු5,000.00
or 3 X රු1,666.67 with
යක්ෂි – ඉතිහාසයේ ක්ෂිතිජ යා කිරීම
කුවේනියගේ සිට ලංකා ඉතිහාසය පුරාවිද්යා ඇසින්…
මෙම රචනය කුවේණියගේ සිට වළවාමුඛී, පශ්චිමරාජිණී, විහාරමහාදේවී, අනුලා, සීවලී, සුගලා, ලීලාවතී සහ කල්යාණවතී හරහා මහියංගණයේ වැඩ වෙසෙන මහලොකු අම්මා ඇතුලුව භූමිය සහ උරුමය ආරක්ෂා කර ගැනීමට දරුවන් තැනූ ඈත පිටිසර පැල්පත් වල වෙසෙන මව්වරුන් දක්වා වූ මෙරට ඉතිහාසයට ප්රාණය දුන් සියලු ස්ත්රීන්ගේ මාතෘ මූලික මෙහෙවර සිහිගන්වනු පිණිස යක්ෂී යන උද්ධෘතයෙන් නම් කර ඇත.
පිටු 536ක වර්ණ සිතියම් 22ක්, වර්ණ ජායාරූප 105 ක් ඇතුලත්