Showing 49–58 of 58 results
Price
History
රුසියානු විප්ලවයේ ඉතිහාසය 1 වෙළුම | Rusiyanu viplawaye Ithihasaya Volume 1

තුසයිදිදෙස්, දාන්නේ, මකියාවෙල්ලි, හයින, මාක්ස්, හර්සන් සහ අනෙකුත් චින්තකයන් සහ කිවියන් මෙන් ම ට්‍රොට්ස්කි ද ලේඛකයකු ලෙස සිය පූර්ණ විශිෂ්ටත්වය අත් කර ගත්තේ පිටුවහලේ සිටිය දී ය: ප්‍රින්කිපෝහි ගත කළ වසර කීපය තුළ දී ය: ඔක්තෝබර් විප්ලවයේ නායකයකු ලෙස මෙන් එහි ඉතිහාසඥයා ලෙස ද අනාගතය ඔහු ව සිහිපත් කරනු ඇත. 1917 සිද්ධීන් පිළිබඳ ව ඒ සා ශ්‍රේෂ්ඨ වූ සහ විශිෂ්ට වූ විස්තරයක් අන් කිසිදු බොල්ෂෙවික් නායකයෙක් නිපැයූවේ නැත. නිපැයීමේ හැකියාවක් අන් කිසිදු නායකයකුට තිබුණේ ද නැත…
ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක් | Leonard Wolf samaga gamanak

වැපිරීම සහ අස්වැන්න / Wapireema saha aswanna

අසූව දශකයේ ඇරඹුමත් සමග දවස පුවත්පතට උප කර්තෘවරයෙකු වශයෙන් එක්වන චන්න බණ්ඩාර දොලපිහිල්ල එම ආයතනය වසා දමන තුරු එහි සේවය කළ අතර ඉන් අනතුරුව දිනපතා ලංකාදීප ‘ පුවත්පතේ උප කර්තෘවරයෙකු වශයෙන් සේවයට එක් වන්නේ 90 දශකයේ මුල් භාගයේදීය.
ඉන්පසු දිනමිණ පුවත්පතට එක්වෙන ඔහු එහි ප්‍රධාන උප කර්තෘවරයා තෙක්ම ඉදිරියට පැමිණි අතර එම සේවා කාලයෙන් අනතුරුව යළි දිනපතා ලංකාදිපයට එක්විය. ඔහු ‘ශ්‍රී’ සඟරාවට ද ප්‍රියාවි පුවත්පතට ද දිනමිණ පුවත්පතට ද දිනපතා ලංකාදීපයට ද කෙටිකතා, කවි සහ විවිධ පරිවර්තන ද සැපයීය. ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමින් මාධ්‍ය ශිරෝමණී ගෞරව සම්මානය ද සිප් සතර හැදෑරූ මහනුවර ධර්මරාජ විදුහලෙන් ධර්මරාජ ප්‍රසාද සම්මානය ද මහනුවර මාධ්‍ය සංසදයෙන් උපහාර ද හිමිකර ගත්තේය.
කොත්මලේ සිරිසේන
ලංකාදීප හිටපු ප්‍රධාන උප කර්තෘ
වී.අයි.ලෙනින් – අමරණීය මිනිසෙකුගේ අසිරිමත් ජීවිත කතාව | V.I.Lenin

මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා ලොව ගමන් මඟ වෙනස් කළ මිනිසුන් පහළ වන්නේ කලාතුරකිනි. න්‍යාය පුස්තකයනට සීමාව තිබූ කොමියුනිස්ට් ධර්මය, සමාජවාදය භාවිතාවක් බවටත් එහි විපුල පලත් ලොවට පසක් කළ පෙරටුගාමියා ලෙස වී. අයි. ලෙනින් ඉතිහාසයට එක් වී හමාර ය. එහෙයින් ලෙනින් අමරණීය චරිතයක් වෙයි. අමරණීය මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තිය ද අසිරිමත් එකකි. පුද්ගල ස්වාර්ථය මුළුමණින් ම බැහැර කොට හුදු මානව සමාජීය පීඩිතයින්ගේ අවශ්‍යයතාවය වෙනුවෙන් පමණක් ජීවත් වූ උදාර මිනිසෙකි ව්ලැඩ්මීර් අයිලිච් ලෙනින්. ඔහු ශ්‍රේෂ්ඨ ලෙනින් වන්නේ ද එහෙයිනි.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය | Sri Lankawe Ithihasika jala kalamanakaranaya

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය – භූගෝලීය පසුබිම සහ සුරක්ෂිතතාව ග්‍රන්ථය දිවයිනේ වාරි ක්‍ෂෙත්‍රයේ ආරම්භයේ සිට වර්තමානය දක්වා ඓතිහාසික භූගෝලවිද්‍යාත්මක ප්‍රවේශයකින් කරනු ලබන ගවේෂණයකි. දිවයිනට බලපාන නිවර්තන දේශගුණික රටාවේ උච්චාවචනයන්ට මුහුණදෙමින් දෙදහස් වසරකට වැඩි කාලයක් තිස්සේ මානව මැදිහත්වීම්වලට නතුව පැවතිය ද, වර්තමානයේ ද වියළි කලාපයේ කෘෂිකාර්මික ජල කළමනාකරණයේ පදනම වන්නේ ඓතිහාසික වාරි පද්ධතීන් ම බව මෙම අධ්‍යනයේ දී අවධානය කර ඇත. ඓතිහාසික යුගය තුළ රාජ්‍ය බලය පවත්වා ගෙනයාමත්, ආර්ථික ස්ථාවරත්වය උදෙසාත්, වාරිමාර්ග ස්ථාපනය කිරීම හා නඩත්තු කිරීම රජුට අයත් අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සළකන ලදී. මෙම සංකල්පය 13 වන ශත වර්ෂයේ අග භාගය දක්වා රීතියක් හෝ සම්ප්‍රදායයක් හෝ වශයෙන් පවත්වා ගෙන යන ලද බව ඓතිහාසික මූලාශ්‍ර මෙන් ම ශ්‍රී ලංකේය රාජාවලිය අධ්‍යයනයෙන් ද සනාථ වන්නකි. දිවයිනේ භූවිද්‍යාත්මක හා භූගෝලීය අනුකූල වූ, වෙනස්වන සාධකවලට ගැළපෙන සේ, තාක්ෂණය හසුරුවා ගැනීමෙන් පරිසරය සමග මනා සබඳතාවක් ඇති ජල කළමනාකරණ ක්‍රමවේද බිහි විණි. ශත- වර්ෂ ගණනාවක් තිස්සේ නො කඩවා භාවිතයේ පැවතීමෙන් එම අංගයන් ස්වාභාවික පරීසරයේ ම කොටසක් ලෙස එකිනෙකට බද්ධ වී ක්‍රියාත්මක විය. වැවට සමගාමී ව බිහි වූ සියලු අංගෝපාංගයන්හි පිහිටීමේ නිශ්චිත පොදු රටාවක් හඳුනාගත හැකි අතර එම පොදු රටාව අහඹු ලෙස ගොඩනැගුණක් නොව පරිසරය පිළිබඳ ව ක්‍රමක්‍රමයෙන් අත්පත් කර ගත් ආනුභාවික දැනුම මත පදනම් වූවකි. මේ නිසා ම මිනිසා සහ වැව ද, ඒ වටා වූ පරිසරය ද එම ජන සමාජය ද අන්‍යොන්‍ය වශයෙන් දැඩි ලෙස බද්ධ වී පැවතිණ. මෙම සහසම්බන්ධතාව යළි ගොඩනැංවීමේ අවශ්‍යතාව සහ වියළි කලාපයේ ඓතිහාසික ගම්වැව් ප්‍රතිසංස්කරණය කර පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ද, ඒ සඳහා ගත හැකි ප්‍රවේශයන් ද මෙම කෘතියේ දී සාකච්ඡා කර ඇත. එමෙන් ම, පශ්චාත් ඓතිහාසික යුගය තුළ වාරි ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ ප්‍රතිසංස්කරණයන් සහ සමකාලීන සංවර්ධන ව්‍යාපෘතින්හි බලපෑම පිළිබඳව ද අවධානය යොමු වේ. ඉඩම් හා ජල සම්පත් පදනම් කරගත් වියළි කලාපයේ ‘ග්‍රාමීය සංවර්ධනය’ සඳහා ඓතිහාසික ජන සමාජයෙන් උරුම වූ ‘ග්‍රාමීයවැව’ ඒ සඳහා ඍජු ව ම පාදක කරගත හැකි මහඟු සම්පතක් බව මෙම ග්‍රන්ථයේ දී අවධාරණය කර ඇත.
හෙන්රි පාකර්ගේ පුරාතන ලංකාව / henri pakarge purathana lankawa
