Showing all 17 results

Law

Niyatha Wiwaranaya | නියත විවරණය

රු320.00
or 3 X රු106.67 with
රජයක් සිය රට වැසියන්ට සලකන ආකාරය ඒ ඒ රටවල ස්වෛරි කාර්යභාරයක් බවත් ඒ සම්බන්ධයෙන් අන් රටවලට ඇගිලි ගැසිය නොහැකි බවත් හිට්ලර්ගේ මානව විරෝධී අමානුෂික අපරාධ හෙළිදරව් වන තෙක් ම අන්තර්ජාතික දේශපාලනයේ මුල් බැසගත් මතයක් විය. ආයෝන්තම සමාජයක් ගොඩ නැගීම සඳහා හිට්ලර් සහ ඔහුගේ සහචරයෝ යුදෙව් ගැහැනුන්, ළමෙයින් හා මිනිසුන් හයලක්ෂයක් මරා දැමුහ. මේ සා සහාසික ජනඝාතයක් වැළැක්වීමට ලෝකයා අසමත් වුයේ ඇයි? රජයක් සිය රටවැසියන් සම්බන්ධයෙන් ගනු ලබන කිනම් ක්‍රියාමාර්ගයක් වුවද රටක අත්තනෝමතික ස්වෛර්යත්වය තෙ තීරණය කළ හැකිද? අවසාන විග්‍රහයේදී ඇත්ත වශයෙන්ම ස්වෛරී විය යුත්තේ රටද? නැතහොත් මනුෂ්‍යාත්මභාවයද?
දේශ දේශාන්තරයන්ගෙන් පැමිණි විශිෂ්ට පුද්ගලයන් කණ්ඩායමක්මිනිසා මනුෂ්‍යයෙකු  වන්නේ කවර අනුල්ලංඝනීය අයිතිවාසිකම් නිසාදැයි නිර්ණය කිරීම සඳහා දෙවැනි ලෝක මහා යුද්ධය අවසානයේ දෙවසරක් පුරා කතිකාවක් පැවැත්වූහ. ඔවුන්ගේ තර්ක විතර්ක, කේවල් කිරීම් පිළිබඳ අපූරු තොරතුරු පමණක් නොව ඔවුන් විසින් අනුදත් ඒ අයිතිවාසිකම් පිළිබඳව ගත වූ දශක හය තුළ ලෝක මතය හැඩගැස්වී ඇති අයුරු ගැනත් කළ දැනුවත් විමසුමකින්ද මේ පොත පොහොසත්ය. 

Sri Lankawe Aparadha Nithiya | ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය | තැත්කිරීම අනුබල දීම හා පොදු චේතනාව

රු855.00
or 3 X රු285.00 with
ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ සාපරාධී වගකීම පිළිබඳ මූලධර්ම අළලා මහාචාර්ය පී. එල්. පීරිස් විසින් ලියන ලද General Principles of Criminal Liability in Ceylon – A Comparative Analysis නම් කෘතියේ තැත් කිරීම, අනුබල දීම, පොදු චේතනාව හා අවසානය යන අවසාන පරිච්ඡේද හතරේ සිංහල පරිවර්තනයයි මේ.

Yali Mawena Aparadayak – Hard cover | යලි මැවෙන අපරාධයක් – ඝන කවරය

රු5,850.00
or 3 X රු1,950.00 with

සරත් ජයමාන්න (President Counsel) මහතා විසින් රචිත “යලි මැවෙන අපරාධයක්” කෘතිය. නීති විෂය හදාරන හා වුරතිමය නීතිවේදීන් සදහා මාහැගී ග්රන්ථයක් ලෙස හැදින්විය හැකිය. අපරාධ නීති සම්බන්ධයෙන් උගත හැකි වටිනා කෘතියකි. (මෙය සංස්කරණය කල දෙවන මුද්රණයයි)

Yali Mawena Aparadayak / Normal Cover | යලි මැවෙන අපරාධයක්/සාමාන්‍ය කවරය

රු4,050.00
or 3 X රු1,350.00 with

සරත් ජයමාන්න (President Counsel) මහතා විසින් රචිත “යලි මැවෙන අපරාධයක්” කෘතිය. නීති විෂය හදාරන හා වුරතිමය නීතිවේදීන් සදහා මාහැගී ග්රන්ථයක් ලෙස හැදින්විය හැකිය. අපරාධ නීති සම්බන්ධයෙන් උගත හැකි වටිනා කෘතියකි. (මෙය සංස්කරණය කල දෙවන මුද්රණයයි)

නිතිය යුක්තිය සහ අදිකරණය | Nithiya Yukthiya saha Adhikaranaya

රු212.50
or 3 X රු70.83 with
සිවිල් කඩු තටයුතු, සාක්‍ෂිකරුවන් සම්බන්ධ විධිවිධාන, නඩු විභාගය, න්ඩු අස් කර ගැනීම් , විවාහ න්ඩු, සුවිශේෂී න්ඩු කටයුතු, ඉඩම් සම්බන්ධ  ඉඩම් නඩු, අධි යුක්තිය, පොලිස් පරීක්ෂණ, ඇප නීතිය. සුළු අපරාධ නඩු, මහාදිකරනයේ න ඩු කටයුතු, අභියාචනය
අප විසින් මිහි පෙර එළි දැක් වූ නීති පොත් පෙළ තුළින් සාමාන්‍ය ජනතාව දැනගත යුතු නීතිමය කරුණු රැසක් හෙළිදරව් විය. නඩු කටයුතු අරඹන ආකාරය ගැන ද නඩු කටයුතු වල දී මතු වන ගැටලූ ගැන ද නඩු පහසුවෙන් ජය ගන්නා ආකාරය ගැන ද දැන ගැනීමට කවුරුත් කැමැති වෙති. නඩුහබවල දී සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රාශියකට මේ කෘතිය තුළින් සෘජු විසඳුම් යෝජනා කර ඇති බැවින් විෂය කරුණු හා නීති උපදෙස් ඒ සෑම දෙනෙකුටම නැවුම් අත්දැකීම් ලබා දෙනු නිසැකය.

බෞද්ධ පැවිදිසි නීතිය | Baudda Pawidisi Nithiya

රු1,260.00
or 3 X රු420.00 with

සංඝයා වහන්සේලාගේ විනය සහ හැසිරීමට අදාළව ක්‍රියාත්මක වන නීතිය ගැන වැඩිදුර කථාකෙරෙන පොතකි. භික්ෂූන් වහන්සේලාගේත්, පන්සල්, පිරිවෙන්, විහාර හෝ ආරාම යන බෞද්ධාගමික ස්ථානවලත් අයිතීන්, යුතුකම්, වරප්‍රසාද, සුරක්ෂතා සහ දුබලතා පාලනය කරන නීතිය බෞද්ධ පැවිදිසි නීතියයි. මෙම නීති සමස්තයක් වශයෙන් බෞද්ධාගමික ස්ථානයක කළමනාකරණය සහ නඩත්තුව, හිමිකාරිත්වය සහ නායක හිමි පත්කිරීම. විහාරස්ථානයේ සංවිධානය සහ සංඝයා වහන්සේලාගේ විනය සහ හැසිරීමට අදාළව ක්‍රියාත්මක වේ.

 

බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය සහ පැවිදි ප්‍රජාවගේ වැඩි වීමත් සමඟ, බෞද්ධාගමික ආයතන තුළට ක්‍රම ක්‍රමයෙන් සාරාත්මක සහ ව්‍යුහාත්මක අංග ඇතුළු විය. අනෙකුත් සියලු ම ප්‍රජාවන්ගේ මෙන් සම්ප්‍රදායන් සහ වතාවත් වර්ධනය කෙරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ශාසනික දේපළ පිළිබඳව නීති සම්පාදනය කර හඳුන්වා දෙනු ලැබිණි. එමෙන් ම යම් යම් ආගමික තනතුරුවලට පත් කිරීම ඇතුළු එවැනි දේපළ වලට අදාළ කටයුතු බොහෝමයක්ම නිරාකරණය කර ගැනීමට සිවිල් උසාවි චේත ගෙන එන ලදුව, දැන් පුර්ව ගමනයන් නිර්මාණය වී තිබේ. එලෙස, ඒ සියල්ලෙහි එකතුව අද බෞද්ධ පැවිදිසි නීතිය ලෙස හඳුන්වනු ලැබේ.මෙම ග්‍රන්ථය ඒ සියල්ල ගැන සවිස්තර විස්තර කිරීම් අඩංගු ග්‍රන්ථයකි.

විවාහ නීති අත්පොත | Vivaha Nithi Athpotha

රු170.00
or 3 X රු56.67 with

විවාහය , දික්කසාදය ,නඩත්තුව, ගෘහස්ථ හිංසනය, දරුකමට හදා වඩා ගැනීම සම්බන්ධ නවතම නීති රීති ඇතුළත් කර ඇත.

මෙය පොදු ජනතාවගේ විවාහ නීති අත්පොතයි. මේ කෘතිය වරක් හෝ දෙවරක් සම්පූර්ණයෙන් කියවා ඔබ වෙත සුරැකිව තබා ගන්න. කෙදිනක හෝ මේ කෘතිය ඔබ වෙත වැදගත් වනු ඇත.