Showing all 2 results
Price
Other, කෙටි කතා - Short Stories, නවකතා - Novel, සිංහල-Sinhala
ධවල මෝහිනී | Dhawala Mohini

දෛනික ජීවිතයේ ප්‍රායෝගික දොර කවුළු තුළින්ම අද්භූතත්වය පැන නගින බව ප්‍රංශ ජාතික හේනර් ලෆබ්රා කීවේය. අවිදග්ධ, හා ආවේගකාරී. මුග්ධ දේශපාලනයේ රෞදු හිංසන සඳහා කිසිදු කර්ම ණයක් නැතිවන ලෙස දේශපාලකයා ඊනියා ආගමේ පුද පිළිවෙත් හි ගැළෙයි. ගුප්තත්වය, අඳුර තුළින් පැන නගින නිසා කළ දේ පල දෙන්නේද අඳුරේදී විය හැකි යයි, බලවත්තු සිතති. ඒ නිසා ඔවුහු රාත්‍රිය ද ඒකාලෝක කරති. එවිට ඒ ගුප්ත කර්ම විපාකය, ඔවුන්ගේ ආලෝකය තුළම මතුවෙයි. ධවල මෝහිනී ඒ, ලොමු දැහැ ගන්වන වෘත්තාන්තයයි.
වැපිරීම සහ අස්වැන්න / Wapireema saha aswanna

අසූව දශකයේ ඇරඹුමත් සමග දවස පුවත්පතට උප කර්තෘවරයෙකු වශයෙන් එක්වන චන්න බණ්ඩාර දොලපිහිල්ල එම ආයතනය වසා දමන තුරු එහි සේවය කළ අතර ඉන් අනතුරුව දිනපතා ලංකාදීප ‘ පුවත්පතේ උප කර්තෘවරයෙකු වශයෙන් සේවයට එක් වන්නේ 90 දශකයේ මුල් භාගයේදීය.
ඉන්පසු දිනමිණ පුවත්පතට එක්වෙන ඔහු එහි ප්‍රධාන උප කර්තෘවරයා තෙක්ම ඉදිරියට පැමිණි අතර එම සේවා කාලයෙන් අනතුරුව යළි දිනපතා ලංකාදිපයට එක්විය. ඔහු ‘ශ්‍රී’ සඟරාවට ද ප්‍රියාවි පුවත්පතට ද දිනමිණ පුවත්පතට ද දිනපතා ලංකාදීපයට ද කෙටිකතා, කවි සහ විවිධ පරිවර්තන ද සැපයීය. ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමින් මාධ්‍ය ශිරෝමණී ගෞරව සම්මානය ද සිප් සතර හැදෑරූ මහනුවර ධර්මරාජ විදුහලෙන් ධර්මරාජ ප්‍රසාද සම්මානය ද මහනුවර මාධ්‍ය සංසදයෙන් උපහාර ද හිමිකර ගත්තේය.
කොත්මලේ සිරිසේන
ලංකාදීප හිටපු ප්‍රධාන උප කර්තෘ